මුණුපුරා බක් පොහෝදා ආච්චි - සීයා කපා කොටා ඝාතනය කරලා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    Hela scene!
    පුත්තලම දිස්ත්‍රික්කයේ සාලියවැව පොලිස් බල ප්‍රදේශයේ දුනුමඩලාව ප්‍රදේශයේ දී සිය ආච්චී (76 අවුරුදු) සහ සීයා (80අවුරුදු)නිවස තුලදීම සිය මුණුපුරා(24 අවුරුදු) විසින් කපා කොටා ඝාතනය කර තිබේ. අද දහවල් 12 ට පමණ සීයා සහ ආච්චි කපාකොටා ඝාතනය කිරීමට හේතුව බවට පොලීසිය සැක පලකරන්නේ කිසියම් මුදලක් ඉල්ලා එය නොදුන් නිසාවෙන් මෙම අපරාධය කරන්නට ඇති බවයි.

    සැකකරු මෙලෙස සීයා සහ ආච්චී තියුනු ආයුධයකින් කපා කොටා යාබද වෙලද සැලකට ගොස් තිබෙනවා. ඉන් පසු සාලියවැව පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව සැකකරු අල්ලාගෙන ඇත.

    සැකකරු සහ මියගිය ආච්චි සීයා යන තිදෙනා එකම නිවසේ වාසය කර ඇති අතර මෙලෙස මියගියේ ටී එම් මැනික් රාල සහ ටී එම් සුමනාවතී යන දෙදෙනායි.

    සැකකරු සාලියවැව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන හෙට දින පුත්තලම මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දේහය පිලිබද ස්ථානීය පරීක්ෂණය පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත්වරයා සිදුකල අතර පස්චාත් මරණ පරීක්ෂණය පුත්තලම මූලික රෝහලේ දී සිදු කිරීමට නියමිතයි.
    1000045330.jpg
     
    • Sad
    Reactions: buddikagayan