මුත්‍රාවල වර්ණයෙන් සොයාගත හැකි රෝග

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    මුත්‍රාවල වර්ණයෙන් සොයාගත හැකි රෝග

    විටින් විට වැස්සත් මුවට දැනෙන පිපාසයේ නම් කෙළවරක් නැත. එහෙත් පිපාසයට අවශ්‍ය තරම් ජලය පානය කරන්නේ කී දෙනාද? පිපාසය දැනෙන විටත් විජලනය ඇති වී අවසන් බව බොහෝදෙනා නොදනිති. ජලය පානය ගැන මෙන්ම මේ කාලයේ පිට කරන මුත්‍රාවල පැහැය ගැන ද අවධානය යොමු කළ යුතුය. එහෙත් ඒ තමන් ගත් ආහාර, පාන, ඖෂධ ගැන ද කල්පනාවෙනි. ආහාර පාන වර්ණක නිසා මුත්‍රා නිල් හෝ කොළ පැහැ විය හැකියි.

    මුත්‍රාවල ස්වභාවය ද පැහැය වගේම වැදගත්ය. පෙන හෝ බුබුළු සහිතව මුත්‍රා පිට වන්නේ අධික ලෙස කෙනෙකු ප්‍රෝටීන සහිත ආහාර ගත් විටය. එවිට ප්‍රෝටීන් අඩංගු ආහාර ගැනීම අවම කළ යුතුය. අධික ප්‍රෝටීන් ආහාරයක් නිසා වාගේම ආසාදන හේතුවෙන් ද පෙණනගියි. කෙසේ වුවත් මුත්‍රාවලින් පෙන්නුම් කරන සෑම පැහැයකම සැඟවුණු සෞඛ්‍ය රහසක් තිබේ. පැහැදිලි ලෙස මුත්‍රාහොඳින් පිටවන්නේ හොඳින් ජලය පානය කරන විටයි. එහෙත් මුත්‍රා පිට කිරීම උත්තේජනය කරන ඖෂධ ගත් විට ද පැහැදිලි වර්ණයෙන් මුත්‍රා පිටවෙයි. කෝපි, තේ පානය ද මුත්‍රා පිටවීම වැඩි කරයි. මේ ළා ක්‍රීම් පැහැයේ සිට ගඩොල් පැහැය ආදී වූ විවිධ පැහැයන්ගෙන් පිටවන මුත්‍රා ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන කියන රහසයි.

    සුදෝ සුදු පැහැය ඉතා හොඳින් විනිවිද පෙනෙයි

    ඔබ ඉතා හොඳින් ජලය පානය කරන්නකි. ඇතැම්විට පමණටත් වඩා ජලය පානය කරන්නකු විය හැකි නිසා ජලය පානය තරමක් අඩු කළ ද කම් නැත.

    ළා පිදුරු වර්ණය - නිරෝගීයි

    හොඳින් ජලය පානය කරයි.

    විනිවිද පෙනෙන කහ පැහැය - සාමාන්‍යයි

    තද කහ - සාමාන්‍යයි. එහෙත් ඉක්මනින් ජලය පානය කරන්න.

    පැණි හෝ ඇම්බර් වර්ණය - සිරුරට ප්‍රමාණවත් තරම් ජලය නොලැබෙයි.

    සිරප් හෝ දුඹුරු පැහැය

    අක්මා රෝගයක හෝ තදබල විජලනයේ ලකුණකි. මනාලෙස ජලය පානය කරන්න. දිගටම පවතිනවා නම් වෛද්‍යවරයකු හමුවන්න.

    රෝස හෝ රතු පැහැයට හුරු මුත්‍රා

    බීට්රූට්, බ්ලූ බෙරීස් හෝ රුබාබ් මෑතකදී කෑමට ගත්තා ද? එසේත් නැත්නම් මුත්‍රාවලට රුධිරය මිශ්‍ර වී තිබිය හැකියි. වකුගඩු රෝගයක් වීමට ද පුළුවන. වකුගඩු රෝග, ගෙඩි, මුත්‍රා මාර්ගයේ ආසාදන, පුරස්ථි ග්‍රන්ථියේ ගැටලු හෝ වෙනත් හේතු බලපායි. දිගින් දිගටම රසදිය, ඊයම් විසවීම, රතු පැහැයෙන් මුත්‍රා පිටවීමට හේතුවකි.

    නියමිත හේතුව දැන ගැනීමට වෛද්‍ය උපදෙස් පැතීම ඉතා වැදගත් වේ.

    තැඹිලි පැහැය

    ප්‍රමාණවත් තරම් ජලය පානය නොකරයි. අක්මා හෝ පිත් ගැටලුවක් විය හැකියි. ආහාර වර්ණක නිසාද තැඹිලි පැහැයෙන් මුත්‍රා පිට වේ. වෛද්‍ය උපදෙස් පතන්න.

    නිල් හෝ කොළ පැහැය

    මෙය ඉතා දුබලය. කලාතුරකින් කෙනෙකුට සෑදෙන ජානමය රෝගයක් නිසා මුත්‍රා නිල් හෝ කොළ විය හැකියි. මුත්‍රා මාර්ගයේ බැක්ටීරියා ආසාදන ද මීට හේතුවෙයි. ආහාර වර්ණක, ඖෂධ ද වර්ණයට වගකිව යුතුයි. වහාම වෛද්‍ය උපදෙස් පතන්න. අක්මා ගැටලු ඇතිවිට මුත්‍රා කහ පැහැයෙන් පිටවීමට වාගේම සම, ඇස් කහ වීම ද දැකිය හැකියි. කලින් දින රාත්‍රියේ ගත් ආහාරවල වර්ණය පසු දින මුත්‍රාවල පැහැයට බලපායි. තද රතු පැහැයට මුත්‍රා පිටවීම අධික විජලනය නිසාද සිදුවෙයි. අපේ වකුගඩුවලට ප්‍රධාන කාර්යයන් දෙකක් පැවරී තිබේ. එක් කාර්යයක් වන්නේ සිරුරේ විස, අපද්‍රව්‍ය පිට කිරීමයි. අනෙක් කාර්යය වන්නේ සිරුරේ ජල සමතුලිතතාව පවත්වා ගැනීමයි. නීරෝගීව ජීවත් වීමට මේ කාර්්‍යයන් දෙකම වැදගත්ය. ඒ කාර්යයන් සිදුවීමට අප වකුගඩු සුවයෙන් පවත්වා ගත යුතුය. මුත්‍රාවල පැහැය අපට කියන්නේ වකුගඩුවල තත්ත්වයයි

    කලාතුරකින් පිළිකා නිසා ද මුත්‍රා සමඟ රුධිරය පිටවෙයි.

    මුත්‍රාවල වර්ණය මෙන්ම ගන්ධය ද වැදගත්ය. සැර ගන්ධයක් මුත්‍රාවල සාමාන්‍යයෙන් නැත. එහෙත් මුත්‍රා ආසාදන හෝ මුත්‍රා ගල් ඇත්නම් ඇමෝනියා ගන්ධයක් නිකුත් වෙයි.

    දියවැඩියාවෙන් පීඩා විඳින අයට සීනි මුත්‍රා සමඟ පිටවන නිසා ප්‍රණීත පැණි රස සුවඳක් දැනෙයි. අතීතයේදී වෛද්‍යවරුන් මුත්‍රාවල රස බලා දියවැඩියාව ඇත්දැයි තීරණය කර තිබේ.

    සාමාන්‍යයෙන් කෙනෙකු දිනකට හයවරක්, අටවරක් මුත්‍රා පිට කිරිමට යයි. පානය කරන ජල ප්‍රමාණය අනුව එය තීරණය වෙයි. එහෙත් මුත්‍රාශය අධි ක්‍රියාකාරී වූ විට, මුත්‍රා මාර්ගයේ ආසාදන ඇති විට, මුත්‍රාශ බිත්තිය ප්‍රදාහයට, නොරිස්සුම් සහගත තත්ත්වයට පත් වී ඇතිවිට පුරස්ථි ග්‍රන්ථිය විශාල වී ඇති විට, ආඝාතය, පාකින්සන් රෝගය වැනි ස්නායු රෝග ඇති විට, දියවැඩියාවෙන් පෙළෙන විට නිතර මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වේ.

    සමහරුන්ට රෑ මැද මුත්‍රා පිට කිරීමට ඕනෑ වන අතර අලසකම නිසා මුත්‍රා බර තද කරගෙන තවදුරටත් නිදා ගනියි. එය මුත්‍රාශයේ නිරෝගී භාවයට බාධාවකි. මේ තත්ත්වය වළක්වා ගැනීමට නම් නිදා ගැනීමට පැය 3 -4 කට පෙර ජලය පානය නොකර සිටින්න. කෝපි, තේ වැනි කැෆේන් අඩංගු පාන ද නොගන්න.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වැදගත් පොස්ට් එකක් මචන්.රෙප් දුන්නා.
    ඒ වගෙම රතු හො තැඹිලි පාට මුත්‍රා ඇතිවෙන්න පුලුවන් සමහර බෙහෙත් නිසාත්. ඒ වගෙම එක් වරක් හො රතු පාට මුත්‍රා පිටවුනොත් වහාම වෛද්‍යවරයෙක් හමුවිය යුතුයි.
     
    • Like
    Reactions: sbanurada

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    වටිනා පොස්ට් එකක්
    You must spread some Reputation around before giving it to sbanurada again.​