මුත්‍රා ආසාදනය ගැන යමක් |Urinary Problems|

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    වතුර වැඩිපුර බීමත් ලෙඩක්

    මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගවලින් මිදීමට අවශ්‍ය පමණට ජලය පානය කිරීම ඉතා වැදගත්. වැඩිහිටියකු දිනකට ලීටර් 2 – 2 1/2 අතර ප්‍රමාණයක් ජලය පානය කිරීම වැදගත්ය. ජලය පානය කිරීම පිළිබඳවද විවිධ මත ඇත. ඇතැම් අය දිනකට ලීටර් 4 – 5 පමණ ප්‍රමාණයක් ජලය පානය කිරීමට පෙළඹී සිටිති. එය නුසුදුසුය.


    නව පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත්තේ දිනකට ජලය ලීටර් 3 කට වැඩියෙන් පානය කිරීම වකුගඩු සහ මුත්‍රාශය ආශි‍්‍රතව ගල් නිර්මාණය වීමට හේතුවන බවය. සාමාන්‍යයෙන් මුත්‍රාවල මුත්‍රාගල් නිපදවීම වැළැක්වීමේ හැකියාව ඇති රසායනිකයක් ඇත.



    අවශ්‍ය පමණට වඩා ජලය පානය කළ විට එම රසායනිකය තනුක වී මුත්‍රාශය ආශි‍්‍රත ගල් නිපදවීමේ හැකියාව වැඩි වෙයි. ඒ නිසා වැඩිහිටියකු දිනකට ජලය ලීටර් 3 කට වැඩියෙන් පානය කිරීම සුදුසු නැත. දරුවකු නම් දිනකට ලීටර් 1 – 1 1/2 අතර ප්‍රමාණයක් පානය කිරීම ප්‍රමාණවත්ය.