මෙතන දූපත්වාසී බජව් මිනිසුන්ගේ "පෙණහැලි" සාමාන්‍ය අයට වඩා ලොකුයි, ඒක ලැමාක්වාදයෙන් විස්තර කරන්න පුලුවන් කියලා මුතුගල සර් කියනවා. පලවෙනි එක, පෙණහැලි නෙවෙයි ප්ලීහාව ලොකුයි කියලා පර්‍යේෂණයෙන් පෙනවන්නේ. හරි අපි දැන් "පෙණහැලි" කියන වචනෙ වෙනුවට ප්ලීහා කියලා දාලා බලමු. ඒත් මේ ප්‍රකාශෙ සම්පූර්ණයෙන් වැරදියි. පලවෙනියට ලැමාක් කියපු දේ විද්‍යාත්මක "වාදයක්" නෙවෙයි, ජෛව පරිණාමය සඳහා ඉදිරිපත් කර කල්පිතයක්. එයත් දැන් ප්‍රතික්ෂේපිත කල්පිතයක්. Lamarickism වලින් කියන්නේ යම් දෙයක් වැඩිපුර පාවිච්චි කරන්න කරන්න ඒක ප්‍රමුඛ වෙනවා සහ පරම්පරාවෙන් පරම්පරාවටත් මෙය තවත් ප්‍රමුඛ වෙමින් ගමන්කරනවා කියලා. පාවිච්චි නොකරන ඒවට මේකෙ අනෙක් පැත්ත, ක්ෂීන වෙනවා. මේ අවස්තාව සැලකුවොත් lamarickism අනුව ප්ලීහාව වැඩිපුර පාවිච්චි කරන නිසා ලොකු වෙනවා, මේක පරම්පරාවෙන් පරම්පරාවට තව තවත් පාවිච්චි කරද්දි ලොකු වෙනවා. Lamarckism ප්‍රතික්ෂේප වෙන්න ප්‍රධාන හේතුවක් තමා ජීවිත කාලය තුළ වර්ධනය කරගන්න දෙයක් අනගාත පරම්පරාවට යන විදිය පහදන්න බැරි කම. ඒ වගේම ස්වභාවික වරණ වාදය සඳහා අණුක ජීව විද්‍යාවෙ ඉඳන් ෆොසිල විද්‍යාව වෙනකම් සාක්ෂි අනන්තවට්ග් හමු වීම. කෙසේ නමුත් lamarckism ගැන විද්‍යාඥයින් interested. මොකද ලෝකෙ අති බහුතරයක් ස්වභාවික වරණයෙන් විස්තර කරත් හදිසියේවත් lamarckism අනුව සිදුවෙන exception එකක් තිබ්බොත්? 1860 ඉඳන් ඒක නිසා lamarckisn සඳහා විවිධ උදාහරණ ආවා. නමුත් මෙයින් අති බහුතරයක් ස්වභාවික වරණ වාදය ආවාම වඩාත් හොඳර විස්තර වුණා, තවත් ඒවා බොරු පර්‍යෙෂණ බවට තහවුරු වුණා.ඉතින් lamarckism සඳහා ඔප්පු කර හැකි සාධක හම්බුනොත් නොබෙල් ත්‍යාගය පවා ලැබෙන්න පුලුවන් දෙයක් වෙනවා. එතකොට බජව් මිනිසුන්ගේ ප්ලීහාවා ස්වභාවික වරණයේ exception එකක්ද ඇත්තටම?
ප්ලීහාව කිමිදුම්කරුවන්ට උප්කාරී වෙන්නේ ඔක්සිජන් සහිත රතු රුධිර සෛල ගබඩාකරමින්, අවශ්‍ය අවස්ථාවේදී සංකෝචනය වෙලා රුධිර සංසරණ පද්ධතියට ඔක්සිජන් සහිත රුධිරය නිකුත් කිරීමෙන්. (මේක මුලින්ම 1990 දී හොයාගන්නේ ජපානයේ මුතු කිමිදුම්කරුවන් යොදාගෙන කරපු පර්‍යෙෂණ වලින්. ලොකු ප්ලීහාවක් තිබ්බාම ගබඩාකරන් ඉන්න පුලුවන් ඔක්සිජන් සහිත රතු රුධිර සෛල ගාන වැඩි වෙනවා. දැන් මෙහෙම ලොකු ප්ලීහා එන්නේ සර් කියනවා වගේ ලැමාක්වාදයෙන් පැහැදිලි වෙන විදියටද? කොහෙත්ම නෑ. මේක ලෝකෙ පුරා ස්වභාවික වරණයට උදාහරණයක් විදියට ගන්නේ. කොටින්ම මේ පිලිබඳ පර්‍යෙෂණ කරලා පර්‍යෙෂණ පත්‍රිකාව දාපු පර්‍යේෂණකයින් පවා මේක ස්වභාවික වරණයෙන් වුණ දෙයක් විදියට හඳුන්වන්නේ. අවශ්‍ය කෙනෙක්ට පර්‍යේෂණ පත්‍රිකාව බලන්නත් පුලුවන් - link එක පලවෙනි comment එකේ.
මේ පර්‍යේෂකයින් විශාල ප්ලීහාවකට ඕනෙ වෙන ජානය පවා හොයාගෙන තියෙන්නේ. ඒ ජානය පරම්පරා ගානක් තිස්සේ ස්වභාවික වරණයට ලක්වෙලා තමයි දැන් මේ මනුස්ස කොට්ටාශෙ හැමෝටම ඇවිල්ලා තියෙන්නේ. බජව් මිනිස්සු ගොඩබිම්වාසී සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වෙන් වෙන්නේ අවුරුදු 15000කට විතර කලින්. ඒකාලේ මේ ජානය පුද්ගලයින් ඉතා සුලුතරේකට තියෙන්නේ. නමුත් තමන්ගේ ජීවිකාව කිමිදුම් බවට පත්වුණාට පස්සේ මේක සම්පූර්ණයෙන් වෙනස් වුණා. මේ ජානය තියෙන අයට වැඩි වෙලාවක් ජලය යට ඉන්න හැකියාව තියෙන නිසා කිමිදුම් කරන විට මරණයට පත්වීමේ හැකියාව ඉතා අඩු වුණා. ඊට සාපේක්ෂව ජානය නැති අය රස්සාව කරද්දි මැරෙන සම්භාවිතාව වැඩි වුනා. මීට අමතරව ජීවිකාවෙන් වඩාත් සාර්ථක වෙන ජානය සහිත පුද්ගලයින්ට ඉක්මනින් පවුල් ජීවිතයකට යාමේ හැකියාව, කාන්තාවක් ලබා ගැනීමේ හැකියාව වැඩි වුණා. මෙහෙම කාලයක් ගියාට පස්සේ ජානය රහිත අයට වඩා ජානය සහිත අය පරම්පරාවෙන් පරම්පරාව වැඩි වුණා. දැන් වෙද්දී මුලු ගහණයේම පාහේ මේ ජානය තියෙනවා. මුළු ගහණයේම විශාල ප්ලීහාවක් සහ එයට හේතු වන ජානයක් තියෙන එකත් lamarckism වලට විරුද්ධව තියෙන දත්තයක්. මොකද මේ මිනිස්සුන්ගේ කිමිදෙන්නේ නැති පරම්පරාවල අයගෙත් විශාල ප්ලීහාව තියෙනවා. හරිනම් lamarckism අනුව පාවිච්චි නොකරන අයගේ මේක ක්ෂීන වෙන්නෙපැයි මුල් ගානට.
ස්වභාවික වරණයට ලක්වෙන ජානයත් හොයාගෙන, ලෝකෙ පුරා ස්වභාවික වරණයට උදාහරණයක් විදියට ගන්න බජව් මිනිස්සු, ලැමාක්වාදය වගේ ප්‍රතික්ශේපිත දේකින් පැහැදිලි කරන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ. මොකද කිසිම දත්තයක් හරියට නැතුව ලැමාක් එක්දාස් අටසිය ගණන් වල ඉදිරිපත් කරපු එකෙයි, සියළු දත්ත සහිතව මුතුගල සර් ඉදිරිපත් කරන එකෙයි කිසි වෙනසක් නෑ. ලැමාක් දැක්කේ ප්‍රමුඛ ලක්ශණයක් සහ අවශ්‍යතාවය (උදා -දිග බෙල්ල සහිත ජිරාෆයින් සහ බෙල්ල දික්කර කෑමේ අවශ්‍යතාවය). මේ නිරීක්ෂණය පහදන්න එයා කියන්නේ බෙල්ල දික් කරන්න කරන්න තවත් දික් වෙනවා, පරම්පරාවෙන් පරම්පරාවටත් යනවා කියලා. හැබැයි ලැමාක්ගේ කාලේ DNA, RNA හොයාගෙන නෑ. ස්වභාවික වර්ණ වාදය වගේ සාධක වලින් සනාථ වුණ වාදයක් තිබ්බේ නෑ. මුතුගල සර් දකින නිරීක්ෂණය වෙන්නේ ලොකු පෙණහැලි (ඇත්තටම ප්ලීහාව ගැන පර්‍යේෂණය වුනේ) සහ කිමිදීමේ අවශ්‍යතාවය. හැබැයි මුතුගල සර්ට ජාන විද්‍යාව සහ ස්වභාවික වරණ වාදය ගැන දැනුම තියෙනවා ලැමාක්ට නැති වුණත් (කොටින්ම ලොකු ප්ලීහාවට හේතු වෙන ජානය පවා පර්‍යේෂකයින් හොයාගෙන තියෙනවා). ඔබට අවශ්‍යනම් Bajau සහ lamarickism කියන වචන දෙක දාලා google search කරන්න, වචන දෙක තියෙන එක site එකක්වත් එන්නේ නෑ. සරලව කිව්වොත් ලෝකෙ කොහෙවත් මේ බජව් මිනිසුන්ගේ ප්ලීහාව ලොකු වීම lamarckism වලින් පහදන්න ගිහින් නෑ. මෙහේ විතරයි එහෙම කරන්නේ
සටහන - HerpSL


