මුතු ඇතිවන්නේ කොහොමද ?

saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    මුතු ඇතිවන්නේ කොහොමද ?

    මුතු ඇතිවන්නේ මොලුස්කා වර්ගයේ ජීවීන් තුලයි. මොලුස්කාවන් මෘද්වංශික ජීවීන් හැටියටත් හැදින්වේ. කාවාටි, මට්ටියන් සහ බෙල්ලන් යන ජීවීන්ගේ දේහ තුල මුතු ඇතිවේ. මේ විශේෂ වල ජීවීන්ගේ බාහිර කවච තුලට ආගන්තුක අංශුවක් ඇතුළු වුනු විට ඔවුන්ගේ අභ්‍යන්තර පඨක වලට එමගින් පීඩාවක් ඇතිවේ. ඒ පීඩාව ඉවත් කර ගැනීමට ජීවියාට පුලුවන්කමක් නැත.
    carnelian1.jpg




    මේ නිසා ආරක්ෂාකාරී යාන්ත්‍රණයක් ජීවියා තුලින්ම පැනනැගේ. ආගන්තුක අංශවෙන් තමන්ගේ දේහය ආරක්ෂා කර ගැනීමට දේහය තුලින්ම විශේෂ රසායනික ද්‍රව්‍යයක් නිපදවේ. මේ රසායනිකය තුල අන්තර්ගත වන්නේ ඇරොගොනයිට්(Aragonite) නම ලවනයක් සහ කොන්කිඔලීන් (Conchiolin) නැමති ප්‍රෝටීනයකි. රසායනික ද්‍රව්‍යය ඇතිවන්නේ ජීවියාගේ භාහිර කවචයේ ඇතුල් පැත්තෙනි. ආගන්තුක අංශුව වටා රසායනික ද්‍රව්‍ය ස්ථරයෙන් ස්ථරය තැන්පත් වේ. ආගන්තුක අංශු මේ තුලින් මෘදු තත්වයට පත්වේ. ජීවියාට හානියක් කිරීමට ආගන්තුක අංශුවට ඉඩක් සැලසෙන්නේ නැත. ජීවියා අලංකාර පැහැයකින් පෙනෙන්නටද ගැනේ. ඒ රසායනික ද්‍රව්‍යය ස්ථර රැසැක් තැන්පත් වූ විටදීය. ඒ තුළ අන්වික්ෂය මට්ටමේ ස්ඵටික සෑහෙන ප්‍රමානයක් අඩංගු වේ. තැන්පත් වුනු රසායනික ද්‍රව්‍යයවල ඉහල ස්ථර වලින් සමහරක් ආලෝකය පරිවර්ථනය කරයි. නමුත් ඇතැම් ස්ථර හරහා ආලෝකය ගමන් ගනී. පහල තියන ස්ථර වලින් සමහර ඒවා ද ආලෝකය පරිවර්ථනය කිරීමට පටන්ගනී. මේ ක්‍රියාවලිය හරහා විවිධ වර්ණ ඇතිවේ. මුතුවලට පැහැය ලැබෙන්නේ එවිටයි.

    (Internet)
     
    • Like
    Reactions: A_S_I.T_H_A