මුදල් ප්‍රවාහන ආයතනයක රියදුරු කෝටි ගානක මුදල් සමග එම වාහනයෙන්ම පලා යයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    18 වන දින උදෑසන කාලයේදී මිනුවන්ගොඩ පොලිස් වසමේ මිනුවන්ගොඩ නගරයේදී, මුදල් ආරක්ෂිතව ප්‍රවාහනය කරනු ලබන පුද්ගලික ආයතනයක රියදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකු මුදල් රැගෙන යමින් සිටි වාහනයේ ආරක්ෂකයින් බැස ගිය අවස්ථාවේ වාහනය තුල තිබූ රුපියල් කෝටි 07 1/2 ක පමණ මුදලක් සොරකම් කර ගෙන එම වාහනයෙන්ම පලා ගොස් ඇත.

    අදාල වාහනය ගම්පහ පොලිස් වසමේ උග්ගල්බොඩ ප්‍රදේශයේ අත හැර දමා ගොස් තිබියදී සොයා ගෙන ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ කොට්ඨාස අපරාධ විර්මශන අංශය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

    සැකකරුගේ ආයතන හැඳුනුම් පතේ ඡායාරූපයක් මේ සමඟ ඔබ වෙත යොමු කරන අතර, මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    දුරකතන අංක –
    01. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී – ගම්පහ 071-8591608
    02. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී – ගම්පහ දිස්ත්‍රික් 071-8591610

    WhatsApp-Image-2024-11-18-at-20.20.13_192a5da8-179x300.jpg
     
    • Wow
    Reactions: Mr.Robot

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    අඩු කුලේ නූගත් Robbery ... ඔය වගෙ ලොකු සල්ලියක් issue කරන්න කලින් සල්ලි කොල වල ID tracking තියාගන්නව bank වලින් ... දැන් ඉතින් ඔය සල්ලි cease කරල ඇති ... ඕකුන් පට ගාල අහු වෙයි ඉතින් අපරාදෙ නිකන් හිරේ ලගින්න වෙන්නෙ ඕකුන්ට ... ගාන ලොකු නිසා හෙන කල් ඉන්න වෙයි ඇතුලෙ .. අපරාදෙ 😅
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    අඩු කුලේ නූගත් Robbery ... ඔය වගෙ ලොකු සල්ලියක් issue කරන්න කලින් සල්ලි කොල වල ID tracking තියාගන්නව bank වලින් ... දැන් ඉතින් ඔය සල්ලි cease කරල ඇති ... ඕකුන් පට ගාල අහු වෙයි ඉතින් අපරාදෙ නිකන් හිරේ ලගින්න වෙන්නෙ ඕකුන්ට ... ගාන ලොකු නිසා හෙන කල් ඉන්න වෙයි ඇතුලෙ .. අපරාදෙ 😅
    අන්න ඒකයි
    මොලේ නැති උන්
     
    • Like
    Reactions: Mr.Robot

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    අඩු කුලේ නූගත් Robbery ... ඔය වගෙ ලොකු සල්ලියක් issue කරන්න කලින් සල්ලි කොල වල ID tracking තියාගන්නව bank වලින් ... දැන් ඉතින් ඔය සල්ලි cease කරල ඇති ... ඕකුන් පට ගාල අහු වෙයි ඉතින් අපරාදෙ නිකන් හිරේ ලගින්න වෙන්නෙ ඕකුන්ට ... ගාන ලොකු නිසා හෙන කල් ඉන්න වෙයි ඇතුලෙ .. අපරාදෙ 😅
    අවුරුදු 10 යි බන්.... දැන් සක්විති සැපට ඉන්නේ හංගපු සල්ලි එළියට අරන්.... එක ගැනියක් ලන්ඩන් වල... අනෙක් එවුන් ලංකාව පුරාම, මුගේ සල්ලි වලින් සැපට ඉන්නවා. මුගේ නමට මොකුත් නෑ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,992
    13,152
    113
    අඩු කුලේ නූගත් Robbery ... ඔය වගෙ ලොකු සල්ලියක් issue කරන්න කලින් සල්ලි කොල වල ID tracking තියාගන්නව bank වලින් ... දැන් ඉතින් ඔය සල්ලි cease කරල ඇති ... ඕකුන් පට ගාල අහු වෙයි ඉතින් අපරාදෙ නිකන් හිරේ ලගින්න වෙන්නෙ ඕකුන්ට ... ගාන ලොකු නිසා හෙන කල් ඉන්න වෙයි ඇතුලෙ .. අපරාදෙ 😅
    Atm cash collection එකක් නම් සොරි තමයි. ලොවෙත් හොයන්න බෑ
     
    • Like
    • Wow
    Reactions: Smartm and Mr.Robot

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    කොටි 7ක් කියන්නේ බැංකු වල සාමාන්ය ගාණක්.
    නමුත් මෙවැනි වාහනයක එකවිට රැගෙන යා හැකි උපරිම මුදල් සීමාවක් තියෙනවා. නමුත් ඇතැම්විට ව්‍යාපාරික ගැටළු, ආයතනික ගැටලු, ලාභය ආදී කරණා උඩ, ඒ නියමිත සීමාව ඉක්මවා ගෙනියන අවස්ථා තිබිය හැකියි.
    කෙසේ හෝ insured condition සපුරාල නම් පාඩුවක් නැතිවෙයි.
    මෙවැනි සොරකම් පිට කෙනෙක්ට සාමාන්යයෙන් කරන්න අපහසු ඒවා. මොකද ඕවල හොද ආරක්ෂාවක් තිබෙන නිසා.
    සාමාන්යයෙන් වාහනයක හතර දෙනෙක් පමණ ඉන්නවා. රියදුරු, ආයතනයේ කාර්යාලයේ පුද්ගලයෙක් සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක්. Security දෙදෙනා එකවිට එලියට බහින්නේ නැහැ.
    සාමාන්යයෙන් මෙවැනි වාහනවල ඇතුලේ ගැලවිය හැකි safe එකක් නැහැ. ඇතුලේ thickness එක ගොඩක් වැඩි යකඩ තහඩු වලින් කුඩූ ගහල ඊට දොරවල් දෙකක් සමග අගුලු පද්දති තිබෙනවා.
    වාහනේ GPS තිබෙන ස්ථානය රියදුරු දන්නේ නැහැ. ඒ ස්ථානත් ආරක්ෂක හේතුන් මත නිතර නිතර වෙනස් කරනවා.
    මෙයට අමතරව තවත් ආරක්ෂක විධි විධාන තිබෙනවා.
    මෙවැනි කාරණා මත පිට කෙනෙකුට සාමාන්‍යයන් මෙවැනි සොරකම් කිරීම ඉතා අපහසුයි.