මුදල් හම්බ කළ හැකි ගූගල් Helpouts
සුප්‍රකට ගූගල් සමාගම විසින් ව්‍යාපාරිකයින්ට සහ පාරිභෝගිකයින්ට වීඩියෝ ඇමතුම් පහසුකම් මගින් සම්බන්ධ වී තම ගැටලු නිරාකරණය කර ගැනීමට හා උපදෙස් ලබාගැනීමට හැකි නව අන්තර් ජාල සේවාවක් Helpouts නමින් හඳුන්වා දෙයි.
මෙයට ඇතුළත් වී සේවාවන් ලබාදීම මගින් මුදල් උපයාගත හැකි අතර ගූගල් පවසා තිබෙන්නේ තමන් අයකරන ගාස්තුව තමන්ටම තීරණය කළ හැකි බවයි. කෙසේවෙතත්, සේවාව ලබාදෙන මිනිත්තු ගණනට අනුව මුදල් අයකිරීම වඩාත් උචිත බව ගූගල් පවසා තිබේ.
තමන්ට කෑමක් හදා ගැනීමට අවශ්‍ය විට, සංගීතය ඉගෙන ගැනීමට අවශ්‍ය විට, පරිගණකයේ වෛරසයක් ඉවත් කිරීමට අවශ්‍ය වූ විට මෙම සේවාව තුළ සිටින අයෙකුගෙන් වීඩියෝ ඇමතුමක් මගින් එයට විසඳුම් ලබාගත හැකි අතර බොහෝ අවස්ථා වලදී අදාළ සේවා සම්පාදකයා වෙත මුදල් ගෙවීමට සිදුවේ.
මෙම සේවාව හඳුන්වාදීමේ මුල් අවස්ථාවේදී music, computers, cooking, education and careers, fashion and beauty, fitness and nutrition, health සහ home and garden යන අංශ යටතේ උපදෙස් ලබාගත හැකි අතර පසුව මෙයට තවත් අංශ එක් කරන බව ගූගල් පවසා තිබේ.
Source :vimasuma