මුදල්_ඉතිරිකර_ගැනීම

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මුදල්_ඉතිරිකර_ගැනීම

    money.jpg


    වර්ථමානයේ ලෝකයේ ආර්ථික තත්වය ඉතාම නරක තත්වයකට වැටිලා කියලා අමුතුවෙන් කියන්න ඔනේ නෑ. හැම කෙනාටම සල්ලි අතින් යම් යම් අමාරුකම් තියෙන කාලයක් මේක. ලංකාවට විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ දෙනෙකුට ආර්ථික අර්බුදය නිසා කරදර විඳින්න සිදුවෙලා තියෙනවා. සමහර අය රස්සා වලින් පාරට වැටෙනවා. ලංකාවෙත් බොහෝ රැකියා ආර්ථික අර්බුදය නිසා නැතිවුනා කියලා පහුගිය කාලේ අහන්න ලැබුනා. එක අතකින් බඩුමිල අහස උසට යනවා.

    ආන්ඩුව වගේම පෞද්ගලික අංශයත් විශාල පඩිවැඩිවීමකට ඉඩදෙන්නේ නැති නිසා දවසෙන් දවස ජීවත්වීම අමාරුවෙනවා කියලයි මගේ හැඟීම. මේ කාරණා කොහොම උනත් අරපිරිමැස්මෙන් කටයුතු කලොත් නම් කොච්චර ආර්ථික අපහසුකම් තිබුනත් තමන්ගේ ආදායම, වියදම හොඳන් පවත්වාගන්න පුලුවන් කියන එක නම් කියන්න ඔනේ.සුලු සුලු කාරණා වලින් උනත් මුදල් ඉතිරි කරගන්න පුලුවන්. පහත දැක්වෙන යෝජනා හැම කෙනාටම අදාල වෙන්නේ නැතිවුනත් බහුතරයක් දෙනාට කිසි අපහසුවක් නැතිව ක්රිායාත්මක කරන්න පුලුවන්. ඒ වගේම ඒවා ගොඩක් දෙනෙක් සාර්ථක ලෙස අත්හදා බලලා තියෙනවා. ඔයගොල්ලනුත් මේවා අත්හදා බලන්න. එතකොට ඔයාලගේ ජීවිතය ගොඩක් වෙනස් වේවි.

    මුලින්ම ඔයාලගේ ජීවිතයේ ආශාවන් හා අවශ්යතාවයන් නියමාකාරයෙන් හඳුනාගන්න ඔනේ. ආහාර, ඇඳුම් වගේ දේවල් අනිවාර්යයෙන්ම අවශ්යයි. නමුත් විදේශ සංචාර, මිල අධික වාහන හා විනෝදාත්මක දේවල් නැතිවුනත් අපිට ජීවත් වෙන්න පුලුවන්. එහෙම ජීවත් වෙන එක යම් අපහසුවක් වුනත් දැනට තිබෙන ආර්ථික තත්වය නිසා ඒක වලක්වන්න බෑ. හැඟීම් පාලනය කරගැනීමයි ඉතාම අවශ්ය දෙය. වෙළඳ දැන්වීම වල කියන තාලේ අධිපරිභෝජනවාදී ආර්ථිකයක් කියන එක ෆැන්ටසියක් විතරයි. මිනිස්සුන්ගේ හැඟීම් කුළුගන්නලා කොහොම හරි තමන්ගේ භාන්ඩ විකුණාගන්නයි වෙළඳ ආයතන වලට ඔනේ. එවැනි දේවල් වලට අසු නොවී ඉන්න එක බොහොම වැදගත්.

    සකසුරුවම් ලෙස ජීවත් වෙන්න නම් මුලින්ම ගෙදර අයවැය හදාගන්න ඔනේ. මාසයක කාලයකට ගෙදරට ආදායම ලැබෙන මාර්ගයයි වියදම් වෙන මාර්ගයයි නිස්චිතව දැනගෙන ඉන්න එක බොහෝම ප්ර යෝජනවත්. හැමදාම තමන්ට වියදම් වෙන හැම සතයක්ම (හිඟන්නන්ට දෙන මුදල පවා) පොතක සටහන් කරන්න. මේ ක්රකමය නිසා අපිට මාසයක් ඇතුලට තමන් වියදම් කරපු දේවල් වල වලංගු භාවය බලාගන්න පුලුවන්. මගේ ආච්චි අම්මා ඉස්සර ඉඳන්ම මෙහෙම ආදායම් හා වියදම් ගැන සටහන් තබාගන්නවා. ඇය ගෙන් ඒ පුරුද්ද මගේ අම්මාත් ඉගෙනගත්තා. මේ වගේ හොඳ පුරුදු පරපුරෙන් පරපුරට යන එක ඉතාම වටිනවා. මාසික වියදම් විස්තරයෙන් අපිට හොයාගන්න පුලුවන් අපි කරපු වැදගත් වියදම් මොනවාද, නාස්තිකාර වියදම් මොනවාද කියලා. ඒ වගේ වියදම් ඊලඟ මාසයේ නොකර ඉන්න අධිෂ්ඨාන කරන්න. මේ විදිහට ටික කාලයක් කරනකොට ඉබේටම ඉතාම අවශ්ය දේවල් වලට පමණක් වියදම් කරන්න පුලුවන්.

    ණය කාඩ්පත් (Credit Cards) භාවිතය නතර කරන්න. ඒක කරන්න බැරිනම් තමන් නීතියක් හදාගන්න අත්යාවශ්ය දේවල් පමණක් ණය කාඩ්පතින් ගන්නවා කියලා. ඇත්තටම අපේ රටේ බොහෝදෙනෙක් ණය කාඩ්පත් වලින් තමන්ගේ සීමාව දන්නේ නැතිව වියදම් කරන්න ගිහිල්ලා අමාරුවේ වැටිලා තියෙනවා. මුලින්ම තමන්ගේ වැටුපේ ප්රමාණයට ණය සීමාව බැංකුව විසින් නීර්ණය කරත් කාලයක් යද්දී ණය සීමාව ඉහල දමන්නට ඔවුන් කටයුතු කරනවා. පොලියත් එකතු වෙන නිසා පහුවෙන කොට ලොකු අමාරුවක් වැටෙන්න පුලුවන්.

    සාප්පු සවාරි යන එක නතර කරන්න උත්සාහ කරන්න. ස්වයං පලනයක් නැති අය අතින් සාප්පු සවාරියේදී නිස්කාරනේ මුදල් වියදම් වෙන්න පුලුවන්. ඒ වගේම ගෙදරට එක එක බඩු විකුණන්න එක වෙළඳ නියෝජිතන්ගේන් ගැලවෙන්න ඉගෙනගන්න එක ලොකු දෙයක්. කොහොමත් අලවිකරණය ගැන හොඳ අත්දැකීම තියෙන වෙළඳ නියෝජිතයෙක් ගෙන් ගැලවෙන්න අපහසු වුනත් තමන්ට අවශ්ය දේවල් මොනවාද කියලා මුලින්ම තීරණයක් ගන්න. සෑම විටම වෙළඳ නියෝජිතයන්ව ප්රඑතික්ශේප කරන එකත් යහපත් දෙයක් නෙවෙයි. සමහර වෙලාවට ඔවුන්ගෙන් ඉතාම ලාබෙට අවශ්ය දේවල් ගන්නත් පුලුවන්.

    අනිවාර්යයෙන්ම බඩු ගන්න යනකොට බඩු ලේඛනයක් (List එකක්.) හදාගෙන යන්න. ඊට පිටින් කිසිඳු දෙයක් ගන්න එපා. ගෙදර මුලුතැන්ගෙයට අවශ්ය දෙවල් වල inventory record එකක් තබාගන්න. මාසයටම එකම මොහොතක බඩු ගන්න. තොගයට බඩුගන්නකොට සමහර වෙළඳ ආයතන වල යම් මිල අඩුකිරීමක් කරන බව අමතක කරන්න එපා.

    ජලය, විදුලිය දුරකථන හා අන්තර්ජාල බිල්පත් හැකිතරම් අඩුකරගන්න උත්සාහ කරන්න. විදුලි බුබුලු හැකි සෑම තැනටම යොදන්න. දැන් LED විදුලි බුබුලු වෙළඳපොලට පැමින තිබෙනවා ඒවායින් විදුලිය වැයවීම අඩුයි වගේම වැඩිකාලයක් පවතිනවා. පුලුවන් හැම වෙලාවකම අනවශ්ය දුරකථන ඇමතුම් ගන්න එක සීමාකරන්න. අන්තර්ජාල පහසුකම් තිබෙනවානම් Skype වැනි සේවාවක් භාවිත කර පිටරට ඇමතුම් ගැනීම මගින් මුදල් විශාල ප්රථමානයක් ඉතිරි වෙනවා. අන්තර්ජාල සම්බන්ධය ගැන නම් දෙපාරක් හිතන්න වෙනවා. ලංකාවේ පවතින සම්බන්ධතා ගැන නම් කිසිසේත්ම සතුටු වෙන්න බෑ. තමන්ට අවශ්ය අන්තර්ජාල පැකේජය තෝරගන්න. සමහර වෙලාවට විනෝදාත්මක කටයුතු අමතක කරලා මිල අඩු පැකේජයකට මාරුවීමේ හැකියාව ගැනත් සලකා බලන්න.

    හැම වෙලාවකම කෑම ගෙදරම හදාගන්න බලන්න. පිරිසිදු කම වගේම ඒක පොකට් එකටත් වාසියක්. ක්ෂණික ආහාර වලට කවදාවක් හුරුවෙන්න එපා. ඒවා වලින් සිරුරට වන හානිය බොහොමයි.

    අරපිරිමැස්මෙන් කටයුතු කිරීම හැම අතින්ම හොඳයි. තමන්ගේ පඩියෙන් හැම මාසයකටම කීයක් හරි ඉතුරු කරන්න බලන්න. අපේ ජීවිතයේ වටිනාම පුරුද්ද තමයි ඉතිරි කරන එක. කොහොම උනත් කුනු ලෝභයෙක් වගේ ඉන්න කියන එක නෙවෙයි මම මේ ලිපිය මගින් අවධාරණය කලේ. ආදායම් හා වියදම් සමබරව තියගෙන ඉන්න එක මිනිසෙකුට මේ ජීවිතයේ ලබන්න පුලුවන් ඉහලම සතුට කියලත් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක නිසා හරි ආකාරයේ මුදල් පාලනයක් තියාගෙන තමන්ගේ ජීවිතය ගතකරන්න කියලා මම අවසානයේ ඔබලාගෙන් ඉල්ලනවා

     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    aththtama godak wadagath prayojnwath wanan post ekak mata mewa ahuwa nikan upset a modka bn api nasthiya wadie nisa balamu apith ithuru karala thxxxz mchn me post eka dammata
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ela machan.

    saralawa jeewath wenna try karanna ona. badu list ekak hadana eka nam kerenne nah. eka karala balanna ona.