මුන්ට ඔයාලගෙ කිසිම විස්තරයක් දෙන්න එපා

shoo

Banned
Mar 5, 2009
592
24
0
මුන්ට ඔයාලගෙ කිසිම විස්තරයක් දෙන්න එපා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නමැති දේශපාලන පක්ෂයක් විසින් ලබන මස 3 සහ 4 යන දෙදින තුල රට පුරා තිබෙන නිවෙස් වලට ගොස් නිවෙස් වල සිටින පුද්ගලයන්ගේ අතිශය රහස්‍ය පුද්ගලික දත්ත කිසිදු අවසරයකින් තොරව ඔවුන්ගෙන් එකතු කරගෙන ජංගම දුරකථන හරහා අන්තර්ජාලය මගින් නොදන්නා වෙනත් දත්ත ගබඩාවකට සම්ප්‍රේෂනය කිරීමේ සූදානමක් තිබෙන බව දැනටමත් මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබේ.

මෙහිදී එකතු කිරීමට නියමිත දත්ත අතර, පුද්ගලික ලිපිනය, ඒ ලිපිනයේ ඉන්නේ දෙමළ ජාතිකයන්ද, සිංහල ජාතිකයන්ද, මුස්ලිම් ජාතිකයන්ද යන වග, ඔවුන්ගේ වයස, සහ වැදගත්ම දේ ඒ එකිනෙකාගේ ජාතික හැඳුනුම්පත් අංකයන් ද වේ.

පළමුවෙන්ම අනතුරු ඇඟවිය යුත්තේ දක්ෂ හැකරුන්ට පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය හරහා ඒ පුද්ගලයාගේ බැංකු ගිණුම් සහ ක්‍රෙඩිට් කාර්ඩ් පත් වලට ඇතුළු විය හැකි බවයි. එසේ ඇතුළු වී ඒ පුද්ගලයා සතු මුදල් කිසිවෙකුටත් නොදැන අන්තර්ජාලය හරහා සොරකම් කළ හැකි බවයි. එසේ කළ බවට ඔ්නෑ තරම් උදාහරණ තිබේ. ලංකාවද සම්බන්ධ එක් ප්‍රකට උදාහරණයක් මෙසේය.

ඇමරිකාවත් අමාරුවේ වැටුනා නම් අපි කව්ද?
ඇමරිකාවේ, එංගලන්තයේ පැවැති මැතිවරණ වලදී අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලංකාවේ කරන්නට සුදානම් වන දේම මීට පෙර කර තිබේ. ඇමරිකාවේ මැතිවරණයකදී එක් දේශපාලන කණ්ඩායමක් විසින් දත්ත එකතු කිරීම සඳහා රුසියානු පරිගණක විශේෂඥයන්ගේද සහාය ලබා ගත්තේය. ඒ අතර සිටි එක් රුසියානුවෙකුගේ නම වූයේ ‘එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව්‘ ය. කවුරුත් නොදන්නා නමුත් ඔහු අති දක්ෂ පරිගණක හැකරෙකි. පසුකලෙක ඔහු ඇමරිකානුවන් ගේ ගිණුම් වලින් කිසිවෙකු නොදැන සොරකම් කළ මුදල ඩොලර් බිලියන ගණනකි. මහා ලොකු ඇමරිකානු සීඅයිඒ සංවිධානය ඒ ගැන දැන ගන්නා විට ඔහු අතුරුදහන් ය. ඔහු අල්ලා ගැනීම සඳහා ඇමරිකාව ඉන්ටර්පොල් වරෙන්තුවක් නිකුත් කෙළේය.

පසුකලෙක 2017 මාර්තුවේ දී ලංකාවේ වැලිගමදී මනි ලොන්ඩරින් චෝදනාවකට ‘ෆරීන් මනොකින්’ නමැති රුසියානුවෙක් වැලිගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හරින්නේ ය. කොළඹ රහස් පොලිසිය ඔහු ගැන පරීක්ෂණ බාර ගැනීමෙන් පසුව කළ සොයා බැලීමේ දී තහවුරු වූයේ ‘ෆරීන් මනොකින්’ යනු ඇමරිකාවේ ඩොලර් බිලියන ගණනකට විද අතුරුදහන් වූ ‘එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව්‘ බවයි. ඔහු ලංකාවේ සිටින බව දැනගත් සීඅයිඒ නිලධාරීන් වහා ලංකාවට පැමිණීමට පිටත් විය. ඔවුන් පැමිණීමට පෙර අවසානයේ හැකරා සීඅයිඒ සංවිධානයේද, ලංකාවේ රහස් පොලිසියේද කණෙන් රිංගා ලංකාවෙන් අතුරුදහන් විය. රුසියානු යුද නැව් ඩීල් එකක් වෙනුවෙන් ඊට උදව් කළ ලංකාවේ දේශපාලනඥයා කවුදැයි කවුරුත් දනිති.



රටක පුරවැසියන්ගේ පුද්ගලික දත්ත අයාලේ ඔ්නෑ ඔ්නෑ අයට එකතු කිරීමට ඉඩ දීමෙන් වන හානි එවැනිය. ඇමරිකාවටත් එසේ වී නම් අප ගැන කවර කතාද?

දත්ත එකතු කිරීමේ බලය ඇත්තේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට පමණයි
ලංකාවේ පුද්ගලික දත්ත එකතු කිරීමේ එකම අවසරය ‘රජයේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට පමණක්’ නීතියෙන් ලබා දී ඇත්තේ සොරුන් වංචනිකයන් විසින් මිනිසුන්ගේ දත්ත එකතු කිරීමෙන් කරන විපත් ගැන දන්නා බැවිනි. එසේ නොමැතිව දත්ත එකතු කිරීමට බලය දෙන්නේ අධ්‍යාපනික ආයතනයක අධ්‍යාපනික කටයුතු වෙනුවෙනි. නැතහොත් ලියාපදිංචි පර්යේෂණ ආයතනයන්ට පමණි. ඒ ද සකළ පුරවැසියන්ගේ පුද්ගලික දත්ත එකතු කිරීමට අවසර නැත. කළ හැක්කේ තෝරා ගත් නියැදියකට අවශ්‍ය ප්‍රශ්න කිහිපයක් යොමුකර පිළිතුරු ලබා ගැනීම පමණි. එසේ නොමැතිව පුරවැසියන්ගේ පුද්ගලික දත්ත එකතු කිරීමට කිසිවෙකුට කිසිදු බලයක් නීතියෙන් ලබා දී නැත.

තරුණ දේශපාලකයා සහ නාවික හමුදාවේ සිටි මලයා රුසියානුවන් සමග කළ‌ේ කුමක්ද?
අනෙක් අතට ලබන 3 සහ 4 පුරවැසියන්ගේ පුද්ගලික දත්ත එකතු කරන ඉහත කී පක්ෂයේ සිටින තරුණ දේශපාලකයා සහ ඔහුගේ නාවික හමුදාවේ සිටි මලයා විසින් පසුගිය ඔක්තෝම්බර් කුමන්ත්‍රණයට පෙර රුසියාවට ගොස් පරිගණක විශේෂඥයන් හමුවිය. ඒ රහස් කතා මොනවාදැයි රටවැසියා නොදනී. ඉන්පසු නොවැම්බරයේ රුසියානු පරිගණක විශේෂඥයන් පිරිසක් ලංකාවට පැමිණ ඔවුන් සමග කළ කටයුතු මොනවාදැයි කිසිවෙකු නොදනී. එමෙන්ම ඔවුන් අගෝ. 3 සහ 4 ලංකාවේ රටවැසියන්ගෙන් එකතු කරන දත්ත අවසානයේ කුමන රටකට සම්ප්‍රේෂනය කරන්නේදැයි කිසිවෙකුත් නොදනී.

මෙය භයානක අනතුරකි. රටවැසියන්ගේ දත්ත එකතු කිරීමට රජයකට පමණක් ඇති අයිතිය ස්මාර්ට් දුරකථනයක් අතැතිව තම නිවසට එන නොදන්නා හුලිජ්ජ කෙල්ලන්ට කොල්ලන්ට පැවරීමට වගකිව යුතු රජයකට හැකිද?

මෙකී දත්ත අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් අතට පත් වුවහොත්...
මෙහි ඇති තවත් අනතුරකි. රටේ මුස්ලිම් දෙමළ සිංහල ජාතිකයන් වෙසෙන නිවාස මොනවාදැයි ඔවුනට අවශ්‍ය ඇයි? මැයි 13 දා සිදුකළා සේ මෝටර් සයිකල් වල නැගුණු මැර කල්ලි වලට ගිනි තැබීමට අවශ්‍ය නිවාස මොනවාදැයි ‘ස්මාර්ට්’ ලෙසම පෙන්වා දීමට ද? මෙය මෙය ජාතිවාදී කෝළහාලයකට කෙරෙන ‘ස්මාර්ට්’ කුමන්ත්‍රණයක පෙර සූදානමක්ද? නැතිනම් මැතිවරණයට පසුව තම විරුද්ධවාදීන් කව්දැයි ‘ස්මාට්’ ලෙස තෝරා පහර දීමට ද? එසේත් නොමැති නම් මෙකී දත්ත අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් අතට පත් වුවහොත් වන සන්තෑසිය කුමක්ද? එබැවින් අවිචාරවත් දත්ත එකතු කිරීමට ඉඩ දීමෙන් සිංහලයාද, දෙමළාද, මුසල්මානුවාද අනතුරේ වැටීම වැළැක්වීමට නොහැකිය.

හදිසි නීතිය යටතේ පරීක්ෂණ අරඹනු..!
අද පවතින්නේ හදිසි නීති තත්ත්වයකි. ඒ අනුව ත්‍රස්තවාදයකට උඩගෙඩි ලැබෙන අගෝ. 3 සහ 4 සිදුකිරීමට නියමිත නීති විරෝධී දත්ත එකතු කිරීම පිළිබඳ වහා පරීක්ෂණ ආරම්භ කර රටවැසියා ත්‍රස්ත අනතුරකින් මුදා ගැනීම සියළු ආරක්ෂක ප්‍රධානීන්ගේ අත්හළ නොහැකි වගකීමක් ලෙස ත්‍රස්ත විරෝධී ජාතික මහා සම්මේලනය සලකමු.
 

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හරි බන් එල. දිගටම ලොවාගෙන පලයන් තව ටික දවසනේ
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    UNP ekata chande dipan kiyalai kiyanne oka.... :rofl::P

    thamange personal details mokektavath denna epa.eka hukanno jivithayata nodanna hukanno ei geval valata.okunta nam gam, phone no,ID no,address, me okkoma denavada? bath packet ekatai,arakku kalatai vada karana uttalata meva denavada? grama sevakatavath meva denna na mama nam:)
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ජීවිතේට දැකපු නැති උට්ටලා ගෙවල් වලට ඇවිල්ලා අම්මේ අම්මගේ සම්පූර්න නම මොකක්ද අම්මගේ හැදුනුම් පත් අංකය මොකක්ද,අම්මලාගේ ඇඩ්‍රස් එක මොකක්ද, දුරකථන අංකය මොකක්ද .මේවා ඇහුවොත් මෝඩයො වගේ උන්ට දෙන්ට එපා.ඔය එන්නේ එච්චර හොන්ඳ උට්ටලා නෙවෙයි.අරක්කු කාලට , බත් පැකට් එකටකඩේ යන එවුන්ට ඕවා දෙන එක පසුවට ප්‍රශ්න එන්න පුලුවන්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජීවිතේට දැකපු නැති උට්ටලා ගෙවල් වලට ඇවිල්ලා අම්මේ අම්මගේ සම්පූර්න නම මොකක්ද අම්මගේ හැදුනුම් පත් අංකය මොකක්ද,අම්මලාගේ ඇඩ්‍රස් එක මොකක්ද, දුරකථන අංකය මොකක්ද .මේවා ඇහුවොත් මෝඩයො වගේ උන්ට දෙන්ට එපා.ඔය එන්නේ එච්චර හොන්ඳ උට්ටලා නෙවෙයි.අරක්කු කාලට , බත් පැකට් එකටකඩේ යන එවුන්ට ඕවා දෙන එක පසුවට ප්‍රශ්න එන්න පුලුවන්.


    උන් තුවක්කු පෙන්නලා අයිඩෙන්ටි කාඩ් උදුරන් යයිද බන් :sorry::sorry::sorry::sorry:
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    ජීවිතේට දැකපු නැති උට්ටලා ගෙවල් වලට ඇවිල්ලා අම්මේ අම්මගේ සම්පූර්න නම මොකක්ද අම්මගේ හැදුනුම් පත් අංකය මොකක්ද,අම්මලාගේ ඇඩ්‍රස් එක මොකක්ද, දුරකථන අංකය මොකක්ද .මේවා ඇහුවොත් මෝඩයො වගේ උන්ට දෙන්ට එපා.ඔය එන්නේ එච්චර හොන්ඳ උට්ටලා නෙවෙයි.අරක්කු කාලට , බත් පැකට් එකටකඩේ යන එවුන්ට ඕවා දෙන එක පසුවට ප්‍රශ්න එන්න පුලුවන්.

    උන් තුවක්කු පෙන්නලා අයිඩෙන්ටි කාඩ් උදුරන් යයිද බන් :sorry::sorry::sorry::sorry:
    :rofl::rofl::rofl:

    Person registrations department eke Data handling karanneth mokak hari hamba companyak, :angry::angry::angry:
    ISIS related hambayo release karanawa :angry::angry::angry:
    Ehema karala apita personal details secured wa thiyagannalu :baffled::baffled::baffled: