වහාම බලය බෙදනු.. 13 ක‍්‍රියාත්මක කරනු..- ඉන්දියාව දන්වයි..
February 4, 2021 at 10:32 pm | lanka C news
ශ්‍රී ලංකාව තුළ සමානාත්මතාව සහ සාමය ආරක්ෂා වන ලෙස බලය බෙදීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක විය යුතු බව ඉන්දීය විදේශ ඇමති ආර්. ජයශංකර් මහතා සඳහන් කරයි.
දහතුන්වන සංශෝධනය මගින් පිහිටවන ලද පළාත් සභා ක්‍රමය ඒ සඳහා පදනම් කරගත හැකි බව ඔහු කියා සිටියි.
විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දීය පාර්ලිමේන්තුව අමතමිනි.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටු වන්නේ බලය බෙදීමෙන් පමණක් යයිද පවසා ඇති ඔහු තමන් ඒ ගැන පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී ශ‍්‍රී ලංකා නායකයන් වෙත අවධාරණය කළ බවද පැවසීය.
බලය බෙදීම සඳහා වන වැඩපිළිවෙළට ඉන්දියාව තම උපරිම සහාය දක්වන බවද ඒ මහතා කියා සිටියේය.
