යන්න වාහන නෑ , තියන වාහන වලට තෙලුත් නෑ ,
වරායට එන බඩු වලට ගෙවන්න ඩොලරුත් නෑ ...
මේ පම්කය පාරවල් හදන්වා
ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලුමුවදොර වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කර 2023 වසරේ දී අවසන් කර , ජනතා අයිතියට පත්කල යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කලේ පසුගිය දා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් වල ප්‍රගතිය පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
කුළුණු මත ඉදිකරන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් ආරම්භවූ මුල් වසර දෙක ඇතුලත එහි ඉදිකිරීම් ඉතාමත් මන්දගාමී අයුරින් සිදු වුන බැවින් ඉදිකිරීම් වල ප්‍රගතිය 7% ක් වැනි අඩු ප්‍රමාණයක තිබිණි. නමුත් 2022 වසරේ මුල් කාර්තුව වන විට සමස්ථ ඉදිකිරීම් වල ප්‍රගතිය 32% බවත් , ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයක් වන පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ කටයුතුද මේවන විට අඛන්ඩව සිදු කරන බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා විසින් අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.
කොළඹ වානිජ නගරයට ප්‍රවේශ වීමේදී පවතින අධික රථවාහන තදබදයට ස්ථාවර පිළියම් ලෙස ඉඟුරුකඩේ මංසන්ධියේ සිට අභිනව වරාය නගරයට පිවිසීමට කුළුණු මතින් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කරන ලදි. මෙම මාර්ගයේ ඇති සුවිශේෂත්වය නම් පරිසර හිතකාමීව කුළුණු මතින් ඉදිකිරීම් සිදු කිරීමයි.