මුන් ඔක්කොම බොරුකාරයෝ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මුන් ඔක්කොම බොරුකාරයෝ

    ඇත්තටම මේ රටේ ඉන්නෙම බොරුකාරයෝ වගේ

    ඔක්කොම එන්නේ රට හදන්න ජනතාවට සේවය කරන්න

    ඉතින් ඇයි මේ අයට එකතු වෙලා මහජනයාට සුභවාදී දේවල් කරන්න බැරි

    මේ වගේ දේවල් නරකද බන් රටකට


    1. දිස්ත්රික්ක 25 වෙනුවෙන් 2ක ගානේ මන්ත්‍රී දුර 50යි.

      ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ජනගහනය වැඩිවෙන ලක්ෂ 10 ගානේ එක් මන්ත්‍රී දුරය බැගින් බෝනස් මන්ත්‍රී දුරය බැගින් (ලක්ෂ 10=1, 20=1, 30=1) උපරිම 3යි. උපරිම දෙවරක් මන්ත්‍රී දුරය දැරිය හැක.

      විවිද ක්ෂේස්ත්‍රයන්හි උපරිම දක්ෂතා දැක්වූ හා ස්වෙච්චා හෝ වෙනත් ආයතන්න මගින් රටට සේවයක් කල පිරිසගෙන් 15ක් ජාතික ලැයිස්තු දුරයන් හැටියට. ජාතික ලැයිස්තුව සදහා සපයා ඇති නිර්ණායක කිසිසේත් වෙනස් කල නොහැකි අතර පරාජිත මන්ත්රිලා ඇතුලත් කල නොහැක. (කෙලින්ම මහජන චන්දයකට යා නොහැකි නමුත් මේ ප්‍රවීනයන්ගේ අත්දැකීම් රටට ලබා ගැනීම සදහාද, මේ ප්‍රවීනයන්ගේ විෂය ක්ෂේස්ත්‍රය අනුව ඒ ඒ අමාත්‍යංශ සදහා අදික්‍ෂණ මන්ත්‍රී වරුන් හැටියට මේ අය යොදා ගැනීමට අපේක්ෂා කරයි. කිසිම අමාත්‍ය දුරයක් හෝ නියෝජ්‍ය ඇමති හෝ රාජ්‍ය ඇමති දුර ඔවුන්ට දැරිය නොහැකිය. මෙම පිරිසට මන්ත්‍රී දුරය එක වරක් පමණක් දැරිය හැක.

      උපරිම මන්ත්රිදුර ගණන
      චන්දයෙන් 50යි.+ ඒ ඒ අවස්ථාවේ පරිදි බෝනස් මන්ත්‍රී ගණන (උපරිමය = දිස්ත්රික්ක 25ම ලක්ෂ 30ට වඩා චන්ද ඇත්නම් 25 x 3 = 75) චන්දයෙන් පත් විය හැකි උපරිම ගණන = 125​

      ජාතික ලැයිස්තුවෙන් 15​

      පාර්ලිමේන්තුව නියෝජනය කල හැකි මුළු මන්ත්‍රී සංක්‍යාව 150​

      මන්ත්‍රීවරුන් සදහා නිර්නායකයන්(නීති හැටියට සම්පාදනය කෙරේ)

      • වයස අවු 23 - 70 අතර විය යුතුය
      • යහපත් චරිතයකින් යුක්ත විය යුතුයි අපරාද, සොරකම්, දුෂණ, වංචා හා නීති විරෝදී යමක් කිරීම නිසා වැරදි කරුවෙක් නොවූ කෙනෙක් විය යුතුයි
      • මැතිවරණයට ඉදිරිපත්වන දිනට පෙර අවුරුදු 5ක් දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබිය යුතු අතර මන්ත්‍රී වරයෙක් වශයෙන් පත් වූ පසු දුර කාලය පවතින තුරු හා ඉන් පසු අවුරුදු 5ක් සදහා වත්කම් බැරකම් ප්‍රකාශ ජනතාවට දැන ගැනීම සදහා රජය මගින් පවත්වාගෙන යන (සෑම රජයක් යටතේම ජන හා සන්ක්යාලේකම් විසින්) වෙබ් අඩවියක් මගින් ප්‍රසිද්ද කිරීම
      • අවම වශයෙන් උපාදියක් හෝ ඒ හා සමාන වුර්තිය සුදුසුකමක් තිබීම, ස්වෙච්චා සේවයේ වසර 15ට වඩා නියැලීම.

      • මන්ත්‍රීවරුන්ගේ අද්යාපන හා අනෙකුත් කුසලතා හා ඔවුන් මන්ත්‍රී දුරය දරන කල්හි රට වෙනුවෙන් කල සේවාව මහජනයාට දැන ගැනීමට ඉහත කි වෙබ් අඩවියේම පවත්වා ගැනීම
      • ඉහත නිර්ණායක සියලු පක්ෂයන්හි නාම යෝජනා ලබා දීමේදී අනිවාර්යෙන් සපුරාලිය යුතු බව නීතියෙන් අනිවාර්ය කිරීම. ඉහත තොරතුරු ඔවුන්ගේ පක්ෂ විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියන්ගේ ප්‍රසිද්ද කිරීම.
      • රජය මගින් සිදු කරන සියලු සංවර්දන කටයුතු සදහා පුද්ගල නම් යොදා පුවරු සවි නොකිරීම
      • නීති සම්පාදන හා ප්‍රතිපත්ති සකස් කිරීම් මන්ත්‍රීවරු සිදු කල යුතු අතර ඇමතිවරු සදහා පරිපාලන බල තල නොලැබෙනු ඇත.
      • කිසියම් චෝදනාවක් මන්ත්‍රීවරයකුට එල්ල වූ විට තාවකාලිකව දුර වලින් නෙරපා හැර මාස 3ක් ඇතුලත ඒ පිළිබද විභාග කොට වරදකරු වේ නම් වසර 30කට නොඅඩු බරපතල සිර දඩුවම් ලබා දීම. චෝදනා බොරු නම් චෝදනා කල අයවලුන් බරපතල වැඩ සහිතව වසර 2ක් දක්වා සිර කිරීම.
      • මන්ත්‍රීවරුන් වැටුපකට පමණක් හිමිකම් ලැබෙනු ඇත. තවද රජයෙන් භාවිතය සදහා ලබා දුන් වාහනය පාර්ලිමේන්තුවේ වාර අවසනදී රජයේ තක්සේරුව ගෙවා කැමතිනම් ලබා ගත හැක

        (අමාත්‍යංශ ලේකම් තනතුරට ලැබෙන වාහනයට වඩා $2500 ක වටිනා වාහනයක් මන්ත්‍රීවරුන්ට අවුරුදු 10කට වරක් නිකුත් කෙරේ. කෙසේ උවත් එය ප්‍රතික්ෂේප කර තමන්ගේ වාහනය වැඩ සදහා යොදා ගන්නා මන්ත්‍රීවරු පෙර වෙබ් අඩවි වල ප්‍රමුක ස්ථානයන් ගනු ඇත.)

      • මන්ත්‍රීවරයෙක්ගේ සමීප නෑදැයෝ හෝ මිත්‍රයන් කිසිවෙක් පුද්ගලික කාර්ය මණ්ඩල සදහා භාවිතා කල නොහැක. එසේම එම සමීපතයන් චන්දය ඉල්ලීමට නම් අවුරුදු 5ක් ස්වෙච්චා සේවා කර තිබිය යුතුය
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මොන රටේද ඔහොම තියෙන්නෙ :lol:

    ඇයි බන් එහෙම තියෙන එක වැරදිද ? අපේ රටේ හැටියට ලොකු මන්ත්‍රී සංක්‍යාවක් නඩත්තු පුලුවන්ද ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ දැන් තියෙන නීතිද උඹ තියෙන්න ඕනෙ කියල හිතන නීතිද ? :eek:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ දැන් තියෙන නීතිද උඹ තියෙන්න ඕනෙ කියල හිතන නීතිද ? :eek:

    මේ නීති දැන් තිබුනා නම් මේ වෙලාවේ අපිව පාලනය කරන්නේ මේ රට ගැන අවංකවම හිතන පිරිසකුයි

    තමන්ගේ බඩ වඩාගන්න එවුන් එහෙනම් දේශපාලනෙන් අයින් වෙලා ගොඩක් කල්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ නීති දැන් තිබුනා නම් මේ වෙලාවේ අපිව පාලනය කරන්නේ මේ රට ගැන අවංකවම හිතන පිරිසකුයි

    තමන්ගේ බඩ වඩාගන්න එවුන් එහෙනම් දේශපාලනෙන් අයින් වෙලා ගොඩක් කල්

    අනේ මන්ද ඉතිං
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ වගේ මිනිස්සු හිතන එකත් නවත්වනවා ඔය දේශපාලකයොයි වටේ ඉන්න එවුනුයි.

    එක අතකට දේශපාලකයෝ විතරක් නෙවේ බලපල්ලා මේ දවස් ටිකේ උදාහරණ

    ක්‍රිකට් බෝඩ් එකේ එවුන් එහෙන් ගහනවා

    මහජන බැංකුවේ එවුන් එහෙන් ගහනවා

    ඔය වගේ තව කියක් ආයතන මෙහෙම ඇතිද ? රට මේ ගානට වත් තියන එක ලොකු දෙයක් මේ දුෂණ ටික නවත්වලා ඔය දේශපාලන සෙට් එක පාර්ලිමේන්තුව පළාත් සභා එහෙම නැති කරලා ප්‍රාදේශීය සභා වල ඉන්න මන්ත්‍රීලා අඩු කරොත් එතනම මේ රටේ සෑහෙන ගානක් ඉතිරි වෙනවා.

    තව දුරටත් රට මෙහෙම දුවන්න පුළුවන් වෙයි කියලා හිතනවද ? 2020 ඉදන් 2027 වෙනකන් හෙන ලොකු ණයක් දැනටමත් රටට ගෙවන්න වෙලා තියෙන්නේ එකෙක් ඕවා කොහොමද කරන්න යන්නේ කියලා පැහැදිලි කරනවද ?

    අපි ඔක්කොටම රෙවෙන්න බදු ගෙවීමක් තමා පෙන්නුම් කරන්නේ

    මුළු රටේම දේශපාලකයෝ හා උන්ගේ වටේ ඉන්න හැත්ත 100000 ඇති මන් හිතන්නේ උන් ටික කොටි 2.2කගෙ ලේ උරා බොන එක තමා වෙන්නේ
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    නාගා වැඩේ අල්ලලා දාලද...මේ දවස් වල කිසිම go එකක් නැහැ නේද ?

    මට හිතෙන්නේ රටේ සාමාන්‍ය ජනතාවට අතරින් පතර දෙශපාලකයන්ට බැරි වීමකින් මොනවා හරි හොඳ දෙයක් ලැබෙනවා ඇරෙන්න වෙන නම් සෙතක් වෙන්නෙ නැහැ වගේ
    පවතින රටාවේ දෙශපාලනය හදාගෙන තියෙන්නේ හොරකම් කරන්න හා එවා වහන ක්‍රමයි
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට හිතෙන්නේ රටේ සාමාන්‍ය ජනතාවට අතරින් පතර දෙශපාලකයන්ට බැරි වීමකින් මොනවා හරි හොඳ දෙයක් ලැබෙනවා ඇරෙන්න වෙන නම් සෙතක් වෙන්නෙ නැහැ වගේ
    පවතින රටාවේ දෙශපාලනය හදාගෙන තියෙන්නේ හොරකම් කරන්න හා එවා වහන ක්‍රමයි

    ඒක ඇත්ත මෙච්චර කාලෙකට උනේ දේශපාලුවන් දෙන රස්සාවල් පස්සේ දුවපු එකනේ.....

    මට හිතෙන්නේ මුලීන්ම කරන්න ඕනේ මිනිස්සු හිතන විදිහ හදන එක...එකට හොඳ පොරුශයක් තියන ප්‍රයෝගික නායකත්වයක් අවශ්‍ය වෙනවා.... ඔලුව හරියට ආවම කඳ ඒ විදිහට හැඩ ගැහෙනවා...

    ව්‍යවස්ථා වෙනස් කම ඊට‍ පස්සේ මිනිස්සුන්ගේ ඔලුවලට දාන්න ඕනේ.... රැල්ල එන්නේ එතකොට.... නාගා මහ මැතිවරණෙ වෙනකන් අල්ලන් හිටියොත් වෙනසක් කරන්න පුළුවන් වෙයි....

    මිනිස්සුන්ට දැන් තියන එක ප්‍රශ්නයක් තමයි විකල්පය විශ්වාස කරන්න බැරි ගැටලුව....මොකද රනිල් බෝල අඹරල අඹරල මිනිස්සු තෙම්පරාදු වෙලා තියෙන්නේ...ඉතින් ටීක් බෝලයත් football size එකට තමයි පෙන්නේ...
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    මේ වගේ මිනිස්සු හිතන එකත් නවත්වනවා ඔය දේශපාලකයොයි වටේ ඉන්න එවුනුයි.

    එක අතකට දේශපාලකයෝ විතරක් නෙවේ බලපල්ලා මේ දවස් ටිකේ උදාහරණ

    ක්‍රිකට් බෝඩ් එකේ එවුන් එහෙන් ගහනවා

    මහජන බැංකුවේ එවුන් එහෙන් ගහනවා

    ඔය වගේ තව කියක් ආයතන මෙහෙම ඇතිද ? රට මේ ගානට වත් තියන එක ලොකු දෙයක් මේ දුෂණ ටික නවත්වලා ඔය දේශපාලන සෙට් එක පාර්ලිමේන්තුව පළාත් සභා එහෙම නැති කරලා ප්‍රාදේශීය සභා වල ඉන්න මන්ත්‍රීලා අඩු කරොත් එතනම මේ රටේ සෑහෙන ගානක් ඉතිරි වෙනවා.

    තව දුරටත් රට මෙහෙම දුවන්න පුළුවන් වෙයි කියලා හිතනවද ? 2020 ඉදන් 2027 වෙනකන් හෙන ලොකු ණයක් දැනටමත් රටට ගෙවන්න වෙලා තියෙන්නේ එකෙක් ඕවා කොහොමද කරන්න යන්නේ කියලා පැහැදිලි කරනවද ?

    අපි ඔක්කොටම රෙවෙන්න බදු ගෙවීමක් තමා පෙන්නුම් කරන්නේ

    මුළු රටේම දේශපාලකයෝ හා උන්ගේ වටේ ඉන්න හැත්ත 100000 ඇති මන් හිතන්නේ උන් ටික කොටි 2.2කගෙ ලේ උරා බොන එක තමා වෙන්නේ


    :yes::yes::yes::yes::yes: