මුරලිගේ තුන්වේල සහ ප්‍රජාතාන්ත්‍රය....

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?
මුරලිගේ තුන්වේල සහ ප්‍රජාතාන්ත්‍රය....

මුත්‍තයියා මුරලිදරන් මගේ කුඩා කළ සිට වීරයෙකි.....එමෙන්ම ජාතික වීරයෙකි....කුමන හෝ අබිරහස් හේතුවක් මත ඒ මහතා යම් ප්‍රකාශයක් කළ පමණින්, මගේ හදවතේ ඔහුට දී තිබෙන ඒ වීරත්වයට හානියක් නොවන බවට මට සහතික විය හැකි අතර, සමස්ථ ශ්‍රී ලාංකික ජාතියේම සිත් වල හෙටත්, හැමදාමත් ඔහුට ඉතාම ඉහළ තැනක් ලැබෙනු ඇති බවටද කිසිත් සැකයක් නැත.... ඔහු වෙනම කියවීමක් කළ යුතු ඉතිහාසයකි...

ඒ උනත් මුරලි, බලන්න.... 👀

තුන්වේල කෑම යනු මිනිසා අනාදිමත් කාළයක සිට සිය ශාරීරික සහ මානසික තෘප්තිය උදෙසා පිළිපදිනු ලබන සම්මුතියකි.... තුන්වේලට වඩා අඩු හෝ වැඩි වේල් ගණනක් ආහාර ගැනීම කායික සහ මානසික සහනයට හානිකර බව මිනිසා කාළයක් තිස්සේ කළ නිරීක්ෂණ වලින් ලද අත්දැකීම් හරහා තීරණය කර තිබිණි....

මිනිසා විසින් කරන ලද එවැනිම නිරීක්ෂණයන් පදනම් කරගෙන සත්වෝද්‍යානයේ සිටින සතුන්ටද සම්මත ආහාර වේල් ගණනක් දිනකට ලැබෙයි.....උන්ට යැපෙන්නට අවශ්‍ය අනෙකුත් අවම අවශ්‍යතාද සත්වෝද්‍යානයේදීම "මිනිසාට අවශ්‍ය පරිදි, සීමා සහිතව" සම්පූර්ණ කෙරේ....එහෙත් උන්ගේ වටිනාම අවශ්‍යතාවයක් වන "නිදහස" මෙන්ම, සොබා දහම තුළ උන්ට හිමි තැනද අහිමි කෙරේ.....

සිය යැපීමේ අවමය සකසා ගන්නට සහ ප්‍රජනනය කරන්නට පමණක් ප්‍රමාණවත් මොළයක් සහ චින්තනයක් හිමි මෙම සතුන්ට, තමන්ට යමක් අහිමිවී ඇති බව වටහා ගන්නට පුලුවන් වුවත්, අහිමිවී ඇති දෙය ලබාගන්නේ කෙසේද, ඒ සඳහා උපක්‍රම සකසා ගන්නේ කෙසේද, සංවිධානය වන්නේ කෙසේද, අරගල කරන්නේ කෙසේද, ඇත්ත වශයෙන්ම එසේ කළයුත්තේ ඇයි යන සංකීර්ණ කරුණු වටහා ගන්නට තරම් ප්‍රබල මොළයක් හිමිවී නැත..... උන් අඩුම ගණනේ උන් කවුදැයි කියාවත් දන්නවාදැයි සැකය.... ඒ නිසා උන් නිදහස අහිමිවීමේ පීඩාව දිගටම විඳවමින් උපන්නාට ඔහේ වැනි වැනී හුස්ම ගනිති.....සත්වෝද්‍යානය නරඹන්න එන අයට උන්ට පුහුණු කරවන ලද විවිධ සෙල්ලම් පෙන්වති....

එහෙත් උන්ව බලාගන්නා අයගෙන් ඇසුවොත් කියනු ඇත්තේ " වතුර ටික තියෙනවා නම්, කන්න බොන්න ලැබෙනවා නම්, ගෑණු පිරිමි සත්තු කවලමේ ඉන්නව නම්, ලෙඩ උනාම බේත් කරනව නම් තව මොනවද මුන්ට ඕන?" යන ප්‍රකාශයයි..... තව මොනවද උන්ට ඕන කියන එක සැබවින්ම දැන ගන්නට නම් එක් වරුවකට සත්වෝද්‍යානයේ කූඩු වල දොරවල් මෙන්ම මහ ගේට්ටුද විවෘත කර තැබිය යුතුය....

මුරලි... ඔබ ඔබ අයත් වන මෙන්ම අයත් නොවන ලාංකික දෙමළ වාර්ගිකත්වයන් එකවර නියෝජනය කරමින් කර ඇත්තේ එවැනි ප්‍රකාශයකි.....

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, කාන්තා අයිතිවාසිකම් ආදී මේ සියල්ල මිනිසුන් කන, බොන, ප්‍රජනනය කරන, හෙලුවැල්ලෙන් කැලෑවක, ගහක් පිට, බෙණයක, සිටින තැන සිට බොහෝදුරක් ගෙනා උතුම් සංකල්පය.... මේවා ගැන කථා කරනවිට මිනිසුන් අතර සිටින "සත්වෝද්‍යාන සේවකයන්"ගේ චරිතය ස්වේච්ඡාවෙන්ම රඟන ඔබ වැනි අය පවසන්නේ මෙවැනි කථාය.... ඒ උනත් කවදා හෝ මිනිසෙකු ලෙස, ගැහැණියක ලෙස ගෙවන ජීවිතයකට ඒ මාංශ ස්වරූපයන්ගෙන් ඔබ්බට ගිය වටිනාකමක් ලැබෙන්න නම්, මේ වටිනා සංකල්ප ඉගැන්වීම සහ ඒ ඔස්සේ චින්තනය දියුණු කිරීම කළ යුතුය....

අප අද යම් අධ්‍යාපනයක් ලබා ඉන්නේද, ප්‍රවේණි දාසයන්, කුළයෙන් පීඩාවට ලක්වූවන් නොවී සාපේක්ෂව ඉහළ ස්වාධීනත්වයක් සහිත ජීවිත ගත කරන්නේද, අතීතයේ ජීවත්ව, මේ සංකල්ප උපද්දවා, ඒවා ඔස්සේ සිතමින්, ඒවා වැඩි දියුණු කරගෙන ආ මිනිසුන් විසින් කරන ලද සාමාජීය වෙනස් කම් වලට පින් සිදුවන්නටය....

මිනිස්සුන්ට තුන්වේල කන්න උවමනා බව පරම සත්‍යයකි.... ඒ උනත් ප්‍රජාතන්ත්‍රවාදයට ලැබෙන්නේ ඒ තුන්වේලට වඩා වැඩි වටිනාකමක්ද, අඩු වටිනාකමක්ද යන්න තීරණය කරන්නේ අවස්ථාව සහ ඒ අවස්ථාවේ ගන්නා තීන්දු වල ප්‍රතිඵල මිස, අන් කිසිවක් නොවේ....

Damith Kethaka
 
TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මුරලි කිව්ව දේ 100% ක් ඇත්ත. දේශපාලන වහල්ලු පතරංග කතා ලිව්වට.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    11.gif
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මුරලි කිව්ව දේ 100% ක් ඇත්ත. දේශපාලන වහල්ලු පතරංග කතා ලිව්වට.
    මොකක්ද බන් ඇත්ත.. ලංකාවේ උන් මුරලිව මුරුංගා අත්තේ තියන්නේ මිනිහා කිව්වා අර 80% කතාවට. එක පට්ටා සිංහල එකෙකුගේ ඇහින් දෙමල මනුස්සයෙක් එහෙම කිව්වම. ඒ හැර 3 වේල කන එක පට්ටා ප්‍රශ්නයක් කිව්වා එක ඇත්තක්ද?
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    මුරලි කිව්ව දේ 100% ක් ඇත්ත. දේශපාලන වහල්ලු පතරංග කතා ලිව්වට.

    මචන් පොස්ට් එක හරියට මුල ඉඳලා කියෙව්වද... ? හොඳට කියවල හිතල බලපන් මෙකේ අපි හිතන්නේ නැති ඇත්තක් තියෙනවා...

    :(
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මචන් පොස්ට් එක හරියට මුල ඉඳලා කියෙව්වද... ? හොඳට කියවල හිතල බලපන් මෙකේ අපි හිතන්නේ නැති ඇත්තක් තියෙනවා...

    :(
    ඔතන තියෙන්නේ කාස්ට් එක මචන්. මුරලි කියන්නේ එකයි.. මුරලි කතා කරන්නේ එතන ඉදන්.. සිංහල උන්ට වඩා දෙමල අයගේ ඔය ඉශු එක තියනවා. මුරලි කියන්නේ තමිල්නාඩු දෙමල නෙමෙයි. ඒ නිසා ඔය ප්‍රශ්නෙදි මිනිහා උතුරේ දෙමල මිනිස්සු දෙකේ කොලේට දාන්නේ කාස්ට් ඉශු නිසා.
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    මොකක්ද බන් ඇත්ත.. ලංකාවේ උන් මුරලිව මුරුංගා අත්තේ තියන්නේ මිනිහා කිව්වා අර 80% කතාවට. එක පට්ටා සිංහල එකෙකුගේ ඇහින් දෙමල මනුස්සයෙක් එහෙම කිව්වම. ඒ හැර 3 වේල කන එක පට්ටා ප්‍රශ්නයක් කිව්වා එක ඇත්තක්ද?

    ඔව් මචන් දෙමල එකෙක් එහෙම කිව්වම අපේ උන්ට මාර ගැම්ම මම දැක්කා එෆ්බී එකේ පොස්ට් හිටන් ශෙයා කරලා තියෙනවා.... ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා මේ මනුස්සයාට තෙරෙන්නේ නෑ... පොස්ට් එකෙ තියෙනව වගේ සත්තු වත්තෙ ඉන්න් සත්තුන්ට තුන් වේල කෑම හම්බවෙනවනම් නිදහස මොකටද... ? කියනව වගේ...

    :(
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    murali kiyapu de dirawaganna bari moda radikal un eka eka post liyanawa.

    murali saralawama kiwwe rate tiyena prasna wisadanna bari nan gedra pala kiyala.

    lankawe minisunge duppath kamata solution ekak denne na politicians la. u example ekak aranma kiwwa.
     
    • Like
    Reactions: LZP1992

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    murali kiyapu de dirawaganna bari moda radikal un eka eka post liyanawa.

    murali saralawama kiwwe rate tiyena prasna wisadanna bari nan gedra pala kiyala.

    lankawe minisunge duppath kamata solution ekak denne na politicians la. u example ekak aranma kiwwa.

    ඔව් එක හරි එකඟයි..... ඒ උනාට මිනිහා ප්‍රජාතන්ත්‍රවාදය කන්නද කියන එකෙන් මිනිස්සු ආයේ හිතන්නේ සූ එකේ සත්තු වගේ නේ ද.. ?
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    fb වීරයෝ එකටත් කතා හදලද මේක ලියපු එකා මුරලි කිව්වා එක තේරුම් ගන්න බැරි එකෙක් කියලයි මට නම් හිතෙන්නේ :baffled:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    murali kiyapu de dirawaganna bari moda radikal un eka eka post liyanawa.

    murali saralawama kiwwe rate tiyena prasna wisadanna bari nan gedra pala kiyala.

    lankawe minisunge duppath kamata solution ekak denne na politicians la. u example ekak aranma kiwwa.
    මෙන්න මේක මට පැහැදිලි කරපන්. මුරලි කියන්නේ දේශපාලකයා මොකක්ද කරන්න ඕනා.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඔව් එක හරි එකඟයි..... ඒ උනාට මිනිහා ප්‍රජාතන්ත්‍රවාදය කන්නද කියන එකෙන් මිනිස්සු ආයේ හිතන්නේ සූ එකේ සත්තු වගේ නේ ද.. ?

    u kiyanna hadana de terun ganin. hamadema literally ganne natuwa. u kathawa patan ganne kilinochchi wala kellek suicide karagena kiyala. ekata hethuwa explain karala.

    demala politicians la ewa gana balanawa wenuwata monawada karanne?
    anik unuth ehema tama.

    uta tiyenne lankwe minissunta wela tiyena de gana wiwechanayak.
    eke me peliyak dekak allgena criticise karala wadak tiyenawada?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මෙන්න මේක මට පැහැදිලි කරපන්. මුරලි කියන්නේ දේශපාලකයා මොකක්ද කරන්න ඕනා.

    wadak karanna barinan gedara yanna kiyala uma kiyanne ban.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    wadak karanna barinan gedara yanna kiyala uma kiyanne ban.
    හරි.. ගෙදර ගියාම ඌ කියන අර ප්‍රශ්නේ විසදෙනවද? එතකොට කන්න හම්බු වෙනවද? මුරලි කන්නෙත් දේශපාලකයන්ගෙන්ද? මම උබෙන් අහන්නේ දේශපාලකයෝද මනුස්සයන්ගේ බඩගින්න ගැන බලන්න ඕනා. එතනයි මගේ පොයින්ට් එක තියෙන්නේ. මම මුරලි එක්ක ගැටෙන්නේ එතැනදී. බඩගින්න කියන සාදකේ දේශපාලකයාට දෙන්නේ ඇයි?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    :lol: sinhalaya modaya kiyanne nikan da :rofl:

    Mu kiyanne okkotoma kalin minissunta kanna adinna thiyenna one kiyala...democracy epa kiyala nemei...

    Attha..minissunta kanna adinna nathuwa wadak thiyenawada...? Ehema unath awulak na me democracy eka gana prasna atthatama ratata adareta deshapaaluwo athi karana prashna nam..

    Ehema nane...deshapaluwo un gana witharai hithanne..minissu gana hithanne na..

    Mamath sinhala, habai kiyanna dukai sinhala ungen bahutharaya harima modai :( ehema nowuna nam me wage wahallu rate bihiwenne na
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඔව් මචන් දෙමල එකෙක් එහෙම කිව්වම අපේ උන්ට මාර ගැම්ම මම දැක්කා එෆ්බී එකේ පොස්ට් හිටන් ශෙයා කරලා තියෙනවා.... ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා මේ මනුස්සයාට තෙරෙන්නේ නෑ... පොස්ට් එකෙ තියෙනව වගේ සත්තු වත්තෙ ඉන්න් සත්තුන්ට තුන් වේල කෑම හම්බවෙනවනම් නිදහස මොකටද... ? කියනව වගේ...

    :(

    ඒතනදි කිව්වෙ ප්‍රජාත්‍රන්තවාදය සෙකන්ඩරි කියල. නැත්තම් ඕනෙම නෑ කියල නෙමෙයි. බඩගින්නෙ ඉන්න මිනිහෙක් තීරණ ගනිද්දි ගන්නෙ බඩ ගැන හිතල. ප්‍රතිපත්ති ගැන රට ගැන හිතල තීරණ ගන්නෙ ප්‍රශ්න අඩු මිනිස්සු. ඒකයි මුරලි එදා කිව්වෙ මුලින් බඩට කන්න දෙන්න කියල. බඩට කන්න දෙන්නෙ නැතුව දෙන ප්‍රජාත්‍රන්ත වාදය වඳුරට දැලිපිහිය දුන්න වගේ. බඩට කන්න නෑ කියන්නෙ හරි අධ්‍යාපනයක් නෑ. ඒ නිසා ප්‍රතිපත්තිමයව මිනිස්සුන්ගෙ ඔළු හැදිල නෑ. අද පාරට බැස්සොත් තේරේවි ගොඩක් මිනිස්සුන්ගෙ තමන් ගේන කුණු බිමදාන්න පැකිලෙන්නෙ නෑ. ඒවගේ මිනිස්සුන්ට ප්‍රජාත්‍රන්තය කියන එක දීල තමයි මේ පාර්ලිමෙතුවට අරවගෙ මිනිස්සු ගිහින් තියෙන්නෙ. බඩ ගැන නැතුව රට ගැන හිතන දේශපාලනයක් කරන්න පුලුවන් බඩට කන්න තියනවනම් විතරඉ. අනික මේ පෝස්ට් එක ලිව්ව එකා ප්‍රජාත්‍රන්තවාදය නිදහස පටලවගෙන. ප්‍රජාත්‍රන්තවාදය කියන්නෙ පාලන ක්‍රමයක් විතරයි. මේව නැති රටවල උනත් මිනිස්සුන්ට නිදහස කියන දේ අඩුවක් නෑ.ප්‍රජාත්‍රන්තවාදය = නිදහස නෙමෙයි. අනික අර සිංහල බෞද්ධ කතාවනම් අදාලම නෑ. කිව්ව දේ ඇත්ත නිසා ඒක හිතට වැදුන. බඩගින්නෙ ඉන්න මිනිස්සුන්ට ප්‍රජාත්‍රන්තවාදය දීල අන්තිමට වෙන්නෙ බඩගින්න යොදාගෙනම ප්‍රජාත්‍රන්තවාදය තමන්ගෙ වාසියට හරවගන්න ධනපතින්ගෙ සමාජයක්. ලංකාවෙ හැම දේශපාලන පක්ෂයක්ම ඔහොමයි. චන්ද ලන් උනාම බලාගන්න පුලුවන්. කෙසෙල්ගෙඩියක් හරි කවල චන්ද ගන්න බලන්නෙ. මුලින් බඩගින්න නැති උනානම් ප්‍රජාත්‍රන්තවාදය මුවාවෙන් ජනතාව වහල් සේවයේ යොදවන්න දේශපාලකයාට බැරි වෙනව. ප්‍රජාත්‍රන්තවාදය = නිදහස කියල හිතන් ඉන්න උන්ටනම් වෙන දෙන්න උත්තර නෑ. දේශපාලන වහල්ලුන්ට මේ කතාවට රිදිල.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හරි.. ගෙදර ගියාම ඌ කියන අර ප්‍රශ්නේ විසදෙනවද? එතකොට කන්න හම්බු වෙනවද? මුරලි කන්නෙත් දේශපාලකයන්ගෙන්ද? මම උබෙන් අහන්නේ දේශපාලකයෝද මනුස්සයන්ගේ බඩගින්න ගැන බලන්න ඕනා. එතනයි මගේ පොයින්ට් එක තියෙන්නේ. මම මුරලි එක්ක ගැටෙන්නේ එතැනදී. බඩගින්න කියන සාදකේ දේශපාලකයාට දෙන්නේ ඇයි?

    Ube wayasa, job eka wisthara kiyapan tikak?