භීතියෙන් සිටි මුරලි ගොඩයයි
එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට එරටට යාමට වීසා ලබාගැනීමේදී පරිගණක ඇසුරින් පවත්වන විභාගයකට මුහුණදීමේ චකිතයකට පත්ව සිටි ලොව හොඳම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් වෙත එංගලන්තය විසින් වීසා ලබාදී තිබෙන බව වාර්තා වේ.
මුරලිගේ කළමනාකරු, කුෂිල් ගුණසේකර ප්‍රංශ පුවත් සේවයට පවසා තිබෙන්නේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් පසුව ග්ලොස්ටෙෂියර් ප්‍රාන්තය සඳහා ක්‍රීඩා කිරීමට ජූනිවල මුරලි එංගලන්තයට යායුතු නිසා එරට විසින් ඉතාමත් ඉක්මනින් ඔහුට වීසා ලබාදීම සිදුකළ බවයි.
තමාට ඉක්මනින් එංගලන්ත වීසාව ලබාදීම පිළිබඳව මුරලි කෘතඥ වූ බවද කළමනාකරු පවසා තිබේ.
පසුගියදා කොළඹදි මාධ්‍ය හමුවේ මුරලි පැවසුවේ එංගලන්තයේ නව වීසා රෙගුලාසි අනුව ක්‍රීඩා කිරීම සඳහා එරටට යෑමට වීසා ලබාගැනීමට පරිගණක භාවිතා කරන විභාගයට මුහුණදීමට සිදුවන බවත් තමාට පරිගණක දැනුම නොමැති නිසා එම විභාගයට මුහුණදීම පිළිබඳව චකිතයක් තිබෙන බවයි.
තමා පරිගණක හා විභාගවලට භීතියක් දක්වන බව මෙහිදී මුරලි කියා සිටියේය.