ටිකට් පතක් ඩොලර් 10,000 කටත් විකිණෙයි
මුරලි හෙට තරගයට/ ශ්‍රී ලංකන් ගුවන් යානා පිරී ඉතිරෙයි
ලෝක කුසලාන අවසන් මහා ගැටුමේ ටිකට් පතක් ඩොලර් 10,000 ක් වැනි ඉහළ මිලකටත් ඉන්දියාවේ කළුකඩ වෙළඳ පොළේ මේ වනවිට විකිණෙන බවත් හෙට තරගය සඳහා 5000 ක ආරක්ෂක බළ ඇණියක් යොදා තිබෙන බවත් වාර්තා වේ.
බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බොම්බායේ වැන්කඩේ ක්‍රීඩාංගනයේ හෙට පැවැත්වෙන අවසන් මහා තරගයේ ටිකට් පත් වැඩි මිලට අලෙවිකිරීමේ ජාවාරම මේ වනවිට ඉන්දියාව තුළ දිගට හරහට ක්‍රියාත්මක වන බවයි.
ක්‍රිකට් ලෝලියෙකු වන ආදිත්‍ය අයර් නැමැත්තෙකු බ්ලූම්බර්ග් වෙත පවසා තිබෙන්නේ වෙබ් අඩවියක් මාර්ගයෙන් කැනඩාවේ පුද්ගලයෙකුට තමා ඉන්දියානු රුපියල් 65,000 ගණනේ ටිකට් හතරක් විකිණූ බවයි.
මෙම ටිකට් පත් හතර වෙනුවෙන් තමාට පුද්ගලයින් 34 දෙනෙකුගෙන් පමණ ඉල්ලීම් ලැබුණු බවත් අධික ඉල්ලුම හමුවේ හිතූ මිල ගණනකට ටිකට් පත් අලෙවිකර හැකි බවත් 34 හැවිරිදි මෙම පුද්ගලයා පවසා තිබේ.
මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසා තිබෙන්නේ හෙට දිනයේ කොළඹ සිට බොම්බාය වෙත පියාසර කිරීමට නියමිත සියළු ගුවන් යානා මේ වනවිට පිරී තිබෙන බවයි.
අවශ්‍ය වුවහොත් තවත් අමතර ගුවන් යානයක් යෙදවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකන් පවසද්දී ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට ටිකට් පත් මිලදී ගැනීමට හැකිවනු ඇත්දැයි සැකයක්ද මතුවී තිබේ.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ට්‍රෙවර් බේලිස් සඳහන් කරන්නේ ආබාධයකට ලක්ව සිටියත් මුත්තයියා මුරලිදරන් හෙට තරගය සඳහා ක්‍රීඩා කරන බවයි.
හෙට තරගය සඳහා ඉන්දියාව දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන අතර ක්‍රීඩාංගනය අවට කළාපය ගුවන් මුක්ත කළාපයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන බවද වාර්තා වේ.