.: මුලකුරු ඔබයි මගේ සෙනෙහසේ හෝඩියේ :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: මුලකුරු ඔබයි මගේ සෙනෙහසේ හෝඩියේ :.

    නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ....
    ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ....
    මහදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරුනා....
    මිහිරාවියේ මාගේ...

    මුලකුරු ඔබයි මගේ සෙනෙහසේ හෝඩියේ....
    පිංචිලා ලියවුනු දිනේ....
    සිත පෙම් පුරන මං සොයන මා ජීවිතේ....
    අනිමිසේ බැඳුනා නිල් නෙත් යුග මාගේ....
    මහදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරුනා....
    මිහිරාවියේ මාගේ...

    හදවත් උයන් තෙරේ පිනූ රස පල වැලේ....
    ඔබ තමා නොඉඳුල් පලේ....
    රස සොයන බිඟු කැලක විස දළ තුඩින්....
    සඟවමි දිවිපුරා මගේ ආදරේ....
    මහදේ වෙලෙනා ඔබ මගේ සිහිනේ පිරුනා....
    මිහිරාවියේ මාගේ...

    ගායනය : රොමේෂ් සහ ලක්ෂාන්

    මේ ගීතය රචනා කරපු ගීත රචකයා ඔහුගේ පාසල් අවධියේ සිදුවූ සිදුවීමක් මතකයට නගාගෙන තමයි මේ ගීතයේ ගේය පද මේ ආකාරයට ගලපලා තියෙන්නේ.....මොහුගේ මිතුරෙක්ට ඔවුන්ගේ උපකාරක පන්තියකට එන එක ගැහැණු ළමයෙක් ගැන හිතක් පහල වෙලා තියෙනවා....ඉතින් මේ මිත්‍රයා හැමවෙලේම ඒ ගෑනු ළමයාගේ ඇස් දෙක ගැන වර්ණනා කරනවලු....ඉතින් හැමදාම මේ ගැහැනු ළමයා දිහා බලං ඉන්නවා විතරලු හිතේ තියෙන දේ ප්‍රකාශ කරගන්න බැරුව...මේ ගැහැණු ළමයත් එහෙමලු....ඉතින් දෙන්නට දෙන්න ඇස් වලින් විතරලු කතාබහ.....මේ විදියට අවුරුද්දක්ම ගත වෙලා තියෙනවා.....ඊට පස්සේ අපේ ගීත රචකයා මුලික වෙලා මේ ගැන අර ගැහැණු ළමයට ප්‍රකාශ කරන්න ඇය ගමන් කරන බස් රථයට නැගල තියෙනවා....ඉතින් ඔන්න මේ කතාව කියන්න කට අරින්න යනකොටම මේ කෙල්ලගේ ලඟින් වෙන කොල්ලෙක් ඇවිත් වාඩිවෙලා තියෙනවා....දුක තමයි, මොවුන් ඒ වෙනකොට ප්‍රමාද වැඩියි ....ඒ ගැහැණු ළමය වෙන කෙනෙක්ට බහ දීල...ඔන්න ඔය සිදුවීම හිතේ තියාගෙන මේ ගීතය රචනා කරා කියල තමයි ඔහු එක් රුපවාහිනි වැඩසටහනකට පැමිණි අවස්තාවකදී සඳහන් කළේ......
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    nice macha,

    :)
    11.gif