පද ලංකාවේ වුනාට තනු භාරතයේ

Another_Me

Active member
  • Feb 5, 2016
    299
    213
    43
    ෆෑන් එක යට
    පද ලංකාවේ වුනාට තනු භාරතයේ

    අපේ ගීත කලාවේ අනුකාරක ගීත ඉතිහාසය හරිම පුළුල් වගේම හරිම දීර්ඝයි. විශේෂයෙන් 60 දශකය ආරම්භයේ සිට මේ වෙනතුරුම විවිධ අවස්ථා වල හින්දි ගී තනු වලට අපි ගී පද ලියා ගායනා කල අවස්ථා දකින්නට ලැබෙනවා. එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, ධර්මදාස වල්පොල, මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග් වගේ කෘතහස්ත ගායක ගායිකාවන්ගේ බොහොමයක් ජනප්‍රිය ගීත නිර්මාණය වෙලා තියෙන්නේ හින්දි තනු ආරයන් වලටයි.
    ඉතින් මේ හේතු නිසාම අපි කල්පනා කළා ඒ වගේ ජනප්‍රිය හින්දි තනු වලට ගැයුණු ලියවුණු සිංහල ගීත කිහිපයකුත් ඒවා නිර්මාණයට මුල් වූ හින්දි ගීතත් එකතු කරලා ඔබ වෙතට පිළිගන්වන්නට.


    1. කුරුල්ලෝ ඔබේ තාලෙන්

    Copied-Hindi-Songs-aniwa-01.jpg


    කුරුල්ලෝ ඔබේ තාලෙන් ගීතය ඇතුලත්ව තිබෙන්නේ “අරලිය මල්” චිත්‍රපටයේ. සනත් ගුණතිලක සහ අනෝජා වීරසිංහ රඟන මෙහි මේ ගීතය ගායනා කරන්නේ අනෝජාගේ නැගෙණිය වන මායා දමයන්ති විසිනුයි. මේ තනුව අරගෙන තිබෙන්නේ කුද්‍රත් (Kudrat) චිත්‍රපටයෙන්. ගීතය ගායනා කරන්නේ කිෂෝර් කුමාර් විසින්.
    කුරුල්ලෝ ඔබේ තාලෙන් / Humain Tumse Pyar Kitna


    2. ඇයි නාවේ මා සොයලා

    Copied-Hindi-Songs-aniwa-02.jpg


    රන්ජිත් පීරිස්ගේ ගී පද වලට රොම්ලස් පෙරේරා විසින් ගායනා කරන ඇයි නාවේ මා සොයලා ගීතයේ මුල් ගීතය තිබෙන්නේ 1963 වසරේ තිරගත වූ ටාජ් මහල් (Taj Mahal) චිත්‍රපටයේයි. ගීතය ගායනා කරන්නේ මොහොමඩ් රාෆි විසිනුයි.

    ඇයි නාවේ මා සොයලා / Jo Baat Tujhmein Hai


    3. පෙර ආත්මයක

    Copied-Hindi-Songs-aniwa-03.jpg


    ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ සුජාතා අත්තනායක මහත්මිය විසින් ගායනා කරන මේ ගීතයේ ගී පද ලියවෙන්නේ කරුණාරත්න අබේසේකර මහතා අතින්. ඒ වගේම මෙහි හින්දි ගීතය ඇතුලත් ව තිබෙන්නේ සාති (Saathi) නම් චිත්‍රපටයේ. මෙහි හින්දි ගීතය ගායනා කරන්නේ මුකේෂ් සහ සුමන් කල්‍යාණ්පූර් විසින්.
    පෙර ආත්මයක එක රාත්‍රියක / Mera Pyaar Bhi Tu Hai


    4. සුදට සුදේ සිරිය දිලේ

    Copied-Hindi-Songs-aniwa-04.jpg


    සුදට සුදේ ගීතය ගායනය කරන්නේ මොහීදීන් බෙග් මහතා සහ රුක්මණී දේවි මහත්මිය විසින්. 1952 වසරේ තිරගත වූ “උමතු විශ්වාසය” චිත්‍රපටයේ තමයි මේ ගීය ඇතුලත්ව තිබෙන්නේ. මෙහි හින්දි ගීය 1951 වසරේ තිරගත වන තරානා (Tarana) චිත්‍රපටයේ ඇතුලත්ව ඇති අතර එය ගායනා කරන්නේ තලාත් මෙහෙමුද් සමගින් ලතා මංගේෂ්කාර් මහත්මිය විසිනුයි.

    සුදට සුදේ සිරිය දිලේ පුන් සඳේ / Nain Mile Nain Hue


    5. පෙම්බර මධූ මගේ

    Copied-Hindi-Songs-aniwa-05.jpg


    ඉතාම ජනප්‍රිය මේ ගීතය ගායනා කරන්නේ වික්ටර් රත්නායක මහත්මා විසින්. නමුත් මේ ගීතයත් හින්දි ගීතයක අනුකාරකයක් කියලා කවුද හිතන්නේ. ඒත් ඇත්ත ඒක තමයි. මෙහි හින්දි ගීතය වන මෙරේ දුවා හේ කේ තුම් ගීතය ඇතුලත් වෙලා තිබෙන්නේ 1959 වසරේ තිරගත වූ චිරාග් කහා රෝශ්නි කහා (Chirag Kahan Roshni Kahan) නම් චිත්‍රපටයෙයි. ගීතය ගායනා කරන්නේ මසූද් රානා විසින්.

    පෙම්බර මධු මගේ / Mere Dua Hai Ke Tum


    6. මධුර යාමේ

    Copied-Hindi-Songs-aniwa-06.jpg


    කරුණාරත්න අබේසේකරයන්ගේ ගී පද මාලාවකට අනුව ගැයෙන මේ සුන්දර ගීතය ඇතුලත්ව තිබෙන්නේ 1964 තිරගත වූ “සිතක මහිම” චිත්‍රපටයෙයි. ගීතය ගායනයෙන් එකතුවෙන්නේ ආර්. මුත්තුසාමි මහතා සමඟ සුජාතා අත්තනායක මහත්මියයි. මෙහි හින්දි ගීය ඇතුලත්ව තිබෙන්නේ 1963 තිරගත වූ ගුම්රා (Gumrah) චිත්‍රපටයෙයි. හින්දි ගීය ගායනා කරන්නේ මහේන්ද්‍ර කපුර් සමඟින් ආශා බෝස්ලේ විසිනුයි.

    මධුර යාමේ / In Hawaon Mein


    7. තරු පායන රැයේ තරින්දා

    Copied-Hindi-Songs-aniwa-07.jpg


    ඒක් පූල් දෝ මාලි (Ek Phool Do Mali) චිත්‍රපටයේ එන මන්නා ඩේ ගැයූ “තුජෙ සූරජ් කහූ ජ චන්දා” ගීතය අදටත් හින්දි ගීත රසිකයන් අතරේ එකසේ ජනප්‍රියයි. මේ ගීතය ඇසුරින් එච්. ආර් ජෝතිපාලයන් හඬින් ගැයුන සිංහල ගීතය තමයි “තරු පායන රැයේ තරින්දා.”

    තරු පායන රැයේ තරින්දා / Thuje Suraj Kaho Ja Chanda


    8. මේ රෑ අඳුරේ ඉඳිමි

    Copied-Hindi-Songs-aniwa-08.jpg


    මේ රෑ අඳුරේ ඉඳිමි ගීතය ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාල විසින් වන අතර හින්දි ගීතය ඇතුලත්ව ඇත්තේ ගීත් (Geet) චිත්‍රපටයෙයි. ගීතය ගායනා කරන්නේ මොහමඩ් රාෆි සමඟින් ලතා මංගේෂ්කාර් විසින්.

    මේ රෑ අඳුරේ ඉඳිමි / Mere Mitwa Mere Meet Re


    9. සරා ගොයියා හරි මිනිහා

    Copied-Hindi-Songs-aniwa-09.jpg


    සරා ගොයියා හරි මිනිහා ගීතය ගායනා කරන්නේ සමිතා මුදුන්කොටුව විසිනුයි. මෙහි හින්දි ගීතය ඇතුලත්ව ඇත්තේ ශ්‍රී 420 (Shree 420) චිත්‍රපටයෙයි. ගීතය ගයනා කරන්නේ මන්නා ඩේ විසින්.

    සරා ගොයියා හරි මිනිහා / Dil Ka Haal Sune


    10. සප්ත ස්වරයයි

    Copied-Hindi-Songs-aniwa-10.jpg


    පරණ සින්දු අහලම මහන්සි ඇතිනේ. දැන් අහමු අලුත් සින්දුවක්. මේ ගීතය ගායනා කරන්නේ ඉන්දික රුවන් හෙවත් රූනි විසින්. ගීතයේ පද මාලාව රචනා වන්නේ හසිත විතානගේ අතින්. මෙහි හින්දි ගීතය ඇතුලත්ව තිබෙන චිත්‍රපටය වෙන්නේ මෙරේ බ්‍රදර් කී දුල්හන් (Mere Brother Ki Dulhan) චිත්‍රපටයෙයි. ගීතය ගායනා කරන්නේ උස්තාද් රාහත් ෆතේ අලි ඛාන් විසින්.

    සප්ත ස්වරයයි / Isq Risk


    11. සෝබාව හංගා මේ ලෝ තලේ

    Copied-Hindi-Songs-aniwa-11.jpg


    සිංහල ගීතය ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාලයන් විසින් වන අතර මෙය උපුටාගෙන තිබෙන්නේ ඒක් පූල් දෝ මාලි (Ek Phool Do Mali) චිත්‍රපටයෙනි. ගීතය ගායනා කරන්නේ මොහොමඩ් රාෆි සමගින් ආශා බෝස්ලේ විසින්.

    සෝබාව හංගා මේ ලෝ තලේ / Aulad Walo Phoolo


    12. මේ ජීවනයේ මුළු සංසාරේ

    Copied-Hindi-Songs-aniwa-12.jpg


    මවු ගුණ ගැන කියවෙන ලංකාවේ ප්‍රමුඛතම ගීතයක් වෙන මේ ගීයත් ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාලයන් විසින්ම තමයි. පියා කා ඝර් (Piya Ka Ghar) නමැති 1972 තිරගත වුනු චිත්‍රපටයේ තමයි හින්දි ගීතය තිබෙන්නේ. ගීතය ගායනා කරන්නේ කිෂෝර් කුමාර් විසින්.

    මේ ජීවනයේ මුළු සංසාරේ / Yeh Jeevan Hai


    13. අවසාන මොහොත මාගේ

    Copied-Hindi-Songs-aniwa-13.jpg


    බාචි සුසාන් විසින් ගායනා කරන මේ ගීතය අහල නැති කෙනෙක් ඉන්න විදිහක් නැහැනෙ. ඒ තරමට පහුගිය කාලෙදි මේ ගීතය පුදුම ජනප්‍රියත්වයක් අත්කරගෙන තිබුණෙ. බාචි ගායනා කරන මේ ගීතයේ ඔරිජිනල් හින්දි ගීය ගායනා කරන්නෙ අද්නන් සාමි විසින්. ඒ ගීතයේ නම තමයි දිල් කෙහ්රහාහෙ දිල්සේ.

    අවසාන මොහොත මාගේ / Dil Keh Raha Hai Dil Se


    14. ජීවිතේ තරුණ කාලේ

    Copied-Hindi-Songs-aniwa-14.jpg


    ගීතය ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාලයන් විසින්. මේ ගීතය අඩංගු චිත්‍රපටයේ නම “අද මෙහෙමයි”. මෙහි මුල් හින්දි ගීතය අඩංගු වෙන්නේ 1970 දී තිරගත වෙන කටී පතන්ග් (Kati Patang) චිත්‍රපටයෙයි. ගීතය ගායනා කරන්නේ කිෂෝර් කුමාර් විසින්.

    ජීවිතේ තරුණ කාලේ / Ye Sham Mastani


    15. අඩු කුලේ කියාලා අසරණයා

    Copied-Hindi-Songs-aniwa-15.jpg


    අඩු කුලේ කියාලා අසරණයා ගීතය ගායනා කරන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා වාද්‍ය වෘන්ධයේ සේවය කල “ඒ. ජේ. කරීම්” මහතා විසින්. මෙහි හින්දි ගීය ඇතුලත්ව තිබෙන්නේ මල්හාර් (Malhar) චිත්‍රපටයෙයි. ගීතය ගායනා කරන්නේ මුකේෂ් විසින්.

    අඩු කුලේ කියාලා අසරණයා / Dil Tujhe Diya Tha


    16. නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ

    Copied-Hindi-Songs-aniwa-16.jpg


    අතිශය සුන්දර මේ ගීතයේ හින්දි ගීය හා සමානවම සිංහල ගීතයත් අපේ සිත් සතන් සනහන බව ගීතය ගැන විස්තර වලට කලින් කියන්නට උවමනා යයි සිතුවා. ගීතය ගායනා කරන්නේ ඇන්ජලින් ගුණතිලක සමගින් එච්. ආර්. ජෝතිපාල විසින්. හින්දි ගීතය ඇතුලත් චිත්‍රපටිය වන්නේ යාදොන් කී බාරාත් (Yaadon Ki Baaraat) චිත්‍රපටයයි. ගීතය ගායනා කරන්නේ ආශා බෝස්ලේ සහ මොහොමඩ් රාෆි විසින්.

    නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ / Churaliya


    17. චන්ද්‍රා මේ රෑ පායා ආවා

    Copied-Hindi-Songs-aniwa-17.jpg


    සිංහල ගීතය ගායනා කරන්නේ සුජාතා අත්තනායක සමගින් එච්. ආර්. ජෝතිපාලයි. හින්දි ගීතය ගායනා කරන්නේ ලතා මංගේෂ්කාර් සමගින් පී. බී. ශ්‍රීනිවාස් විසිනුයි. ගීතය අඩංගු චිත්‍රපටයේ නම වන්නේ මේ බී ලඩ්කී හූ (Main Bhi Ladki Hoon) ය.

    චන්ද්‍රා මේ රෑ පායා ආවා / Chanda Se


    18. ඔබේ පෙම් වදන් නෑ

    Copied-Hindi-Songs-aniwa-18.jpg


    මේ ගීයත් ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාලයන් විසින්. 1965 තිරගත වූ ආර්සූ (Arzoo) චිත්‍රපටයේ තමයි මේ ගීතය අඩංගු වෙන්නේ. ගීතය ගායනා කරන්නේ මොහොමඩ් රාෆි විසිනුයි.

    ඔබේ පෙම් වදන් නෑ / Aye Phoolo Ki Rani



    19. නින්ද නේන රාත්‍රියේ


    මේ ගීතය ගායනා කරන්නෙත් එච්. ආර්. ජෝතිපාලයන් විසින්ම තමයි. මෙහි හින්දි ගීය ගායනා කරන්නේ මොහොමඩ් රාෆි විසින්. ඒ 1961 දී තිරගත වූ චෝධ්වීන් කා චාන්ද් (Chaudhvin Ka Chand) චිත්‍රපටය සඳහායි.
    නින්ද නේන රාත්‍රියේ / Chaudavin Ka Chand



    http://www.aniwa.lk
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සරා ගොයියා හරි මිනිහා ගීතය ගායනා කරන්නේ සමිතා මුදුන්කොටුව විසිනුයි. මෙහි හින්දි ගීතය ඇතුලත්ව ඇත්තේ ශ්‍රී 420 (Shree 420) චිත්‍රපටයෙයි. ගීතය ගයනා කරන්නේ මන්නා ඩේ විසින්.

    meke original eka sing kale Mabel Blythe,Samitha nemeyi 50 dashakaye sinhala films wala act kala kenek.menna original eka,meka kale Daiwa Vipakaya film ekata




    14+++
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    අමරදේවගේ සන්නාලියනේ ගීතය මාගම සෙකර ට පද පේලිය අරගෙන තියෙන්නේ බංගලි කවි පන්තියකින්
    තලේ ඉන්දියානු තාලයක්

    ජෝති පාලලා විතරක් නෙමයි ප්‍රබුද්ධ අප්‍රබුධ්ධ ඔක්කොම ඉන්දියාවේන් තමයි කොපි කරේ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අමරදේවගේ සන්නාලියනේ ගීතය මාගම සෙකර ට පද පේලිය අරගෙන තියෙන්නේ බංගලි කවි පන්තියකින්
    තලේ ඉන්දියානු තාලයක්

    ජෝති පාලලා විතරක් නෙමයි ප්‍රබුද්ධ අප්‍රබුධ්ධ ඔක්කොම ඉන්දියාවේන් තමයි කොපි කරේ


    me song eka sarojini naidu liwwa poem ekak ashrayen Mahagama Sekara liwwa song ekak namuth eke arthaya thawa uddipanaya karala liyala thiyenne,Melody eka Pandit Amaradeva ge,meka copy kala song ekak neme :no::no:
     

    sirimalee

    Junior member
  • Nov 19, 2012
    74
    7
    18
    නුවන් ගුනවර්ධන ගායනා කරන[FONT=&quot] කදුලින්ම ගැයූ පෙම් ගීතේ හින්දි ගීතය දන්නවාද?[/FONT]
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    me song eka sarojini naidu liwwa poem ekak ashrayen Mahagama Sekara liwwa song ekak namuth eke arthaya thawa uddipanaya karala liyala thiyenne,Melody eka Pandit Amaradeva ge,meka copy kala song ekak neme :no::no:

    අමරදේව මාස්ටර් ගේ (සහ සුනිල් එදිරිසිංහ) ගායනා කරන "පටු අදහස් නම් පවුරෙන්" කියන සින්දුව හේමන්ත් කුමාර් කියන ගායකයා 1957 දී තිරගත වුණු හින්දි චිත්‍රපටියක "දර්ශන දෝ ඝණශ්‍යාම් නාත් "කියන මේ සින්දුව කියල තිබ්බා

    youtube ලින්ක් එක තිබ්බොත් දැන්නම්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල එල හොද පරන හින්දු සින්දු ටිකක් අහන්ඩ පුලුවන් ...:cool:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    meke maru siddiyak una 2007-08 kale. api ethakota M.Sc eka karanawa . api ekka international programme ekakata awa German & Indian Student team dekak. oke free time ekaka api ground pavilion eke podi party ekak set karala thibba. ethana githayen githaya wage kiyanna set una. German unta nam api kiwwa akuru walata sindu thibbe nehe. othana thread ekata adala siddiya une Indian un sinduwa kiyaddi api eke sinhala version eka kiyanna gaththa. arun nikan puduma wela balan hitiya eka sereta. pattama aathal itin a experience eka.