මුල්ම දුරකතන පණිවිඩය

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    මුල්ම දුරකතන පණිවිඩය




    watson.jpg

    මින් වසර 138කට පෙර දිනක, 1876 දී, ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල් ඔහුගේ මුල්ම ටෙලිෆෝනය තනමින් සිටියදී අත්වැරැද්දකින් ඔහුගේ කලිසම මතට බැටරි ඇසිඞ් හැළුණේය. ඔහු වහාම සිය සහයකයාට කතා කළේය.‘‘වොට්සන්, කරුණාකර ඉක්මනට මෙහෙට එන්න. මට ඔබව අවශ්‍යයි’’ (Watson, please come here, I want you) වොට්සන් ඒ වන විට වැඩ කරමින් සිටියේ වෙනත් මහලකය. එහෙත් ඔහුට බෙල්ගේ කටහඬ ඔහු සවි කරමින් සිටි උපකරණය තුළින් හොඳින් ඇසුණේය. ඔහු වහා බෙල් සිටි කාමරයට දිව ගියේය. එදා කලබලෙන් බෙල් කී වදන් ටෙලිෆෝනයකින් යමකු පැවසූ මුල්ම වදන් විය. 1915 දී ඊස්ට් කොස්ට්හිදී ලෝකයේ මහාද්වීප අතර ප‍්‍රථම රැහැන් ටෙලිෆෝන සේවාව විවෘත කළ අවස්ථාවේ මංගල පණිවිඩය දීමට ඇරයුම් කර තිබුණේ ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල්ටය. ඒ මොහොතේ දී ඊට වසර 39කට පෙර තමා අතින් අහම්බෙන් යැවුණු මුල්ම පණිවිඩය බෙල්ට මතක් විය. ඔහුගේ පණිවිඩය අසන්නට සැරසී සිටියේ ඔහුගේ සහයකයා වූ වොට්සන්මය. ඒ මංගල මොහොතේ බෙල් සිය හඬ අවදි කළේය. ‘‘වොට්සන්, කරුණාකර ඉක්මනට මෙහෙට එන්න. මට ඔබව අවශ්‍යයි’’ ([FONT=&quot]Watson, please come here, I want you[/FONT]) බෙල්ගේ ආයාචනය වසර 39කට පෙර මෙන් ම එදා ද වොට්සන්ට හොඳින් ඇසුණේය. එහෙත් ඒ වතාවේ වොට්සන්ට ඔහු වෙත දිව ඒමට නොහැකි විය. ඔහු ඒ වන විට සිටියේ සැතැපුම් 3,000ක් දුර කැලිෆෝනියාවේය.