මුල්ම පරිගනකය

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මටනම් මුලින්ම තාත්ත අරන් දුන්නේ O/L කලට පස්සේ , මතක හැටියට 65යි ගානක් උනා , අයිය කෙනෙක්ට කියල Assemble කරගත්ත එකක් .

    Intel Pentium 4 , 3GHz , HT
    1GB , DDR2 Ram
    Intel D945GCR mother board
    128MB onboard VGA,
    DVD writer (Writer එකනම් මෙලෝ රහක් නැහැ කීප වතාවක්ම Writers මාරු කලා , Sony තිබ්බ , Samsung තිබ්බ අන්තිමට ASUS එකක් දාල තිබ්බේ )

    යක වගේ වැඩ කලා machine එක , ඉදල හිටලා පොඩි පොඩි ලෙඩ දුන්න ඒවා මමම හදාගත්ත.
    එකේ මම ගහපු උපරිම game එක තමයි NFS Most Wanted , මන් ගේම් ගහන්න ගත්ත එකක් නෙමෙයි ,

    මන් එක ගත්තේ මතක විදිහට 2007 විතර , මන් Qatar එනකන් එක තමයි පාවිච්චි කලේ(දැනට මෙහෙ ඇවිත් අවුරුද්දක් වෙනවා ).දැන් එකට මොන වෙලාද දන්නේ නැහැ .


    දැන් මන් මෙහෙ පාවිච්චි කරන්නේ ලැප් එකක්

    Asus

    Intel(R) Core(TM) i3-3217U CPU @ 1.80GHz

    4GB Ram

    500GB HDD

    Intel(R) HD Graphics 4000
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මට මුල්ම පරිගණකය අරන් දුන්නේ මගේ අම්ම.... :) (අනිත් ඒවත් අරන් දුන්නේ අම්මම තමයි) :D කාලෙනම් මතක නෑ Pentium 3 එකක්.. ඒ කාලේ මොනවත්ම දන්නේ නෑ. Computer එක Shutdown කරන්නවත් දන්නේ නෑ.. 50ක් විතරඋනා... UPS එකකුත් ගෙනාව :D UPS එක ගෙනල්ල එක ඕන කරගෙන Output එක PC එකට දෙන්නේ නැතිව මාසයක් විතර වැඩ කළා...:p අන්තිමේදී අයිය කෙනෙක් කියල තමයි හරියටම සීන් එක දැනගත්තේ. සතියකට පාරක් අනිවා OS එක වැඩ කරන්නේ නැතුව යනවා System Files Delete වෙලා... CPU එක උස්සගෙන බස් එකේ ගිහින් තමයි අයෙත් OS එක දාගෙන එන්නේ.. :D ඊටපස්සේ තව මැෂින් 4ක් විතර ගත්ත. ඔක්කොම අම්ම තමයි අරන් දුන්නේ. මගේම සල්ලි වලින් ගත්තේ දැන් තියෙන Notebook එක තමයි... :)
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මමනම් පාවිච්චි කරලා තියෙන්නේ දෙකයි
    මටනම් මුල්ම පරිගනකෙ අරන් දුන්නේ තාත්තා.
    මම 5 ශිෂ්‍යත්වේ පාස් උන නිසා 6 වසරේ මුලදී වගේ එකක් ගෙනාව.සැරපයිස් එකක් විදිහට දුන්නේ .
    Pentium III ,128MB Ram, 800Mhz Speed, 32MB VGA, 40Gb HDD, (පිස්සු හැදෙනවා).ඒ කාලේ හැටියට (ගොඩක් කල් නෙමේ .දැනට අවුරුදු 7-8කට එහා :rofl:) 11950 ක් උනා .ගත්තේ Micro Devices (pvt) Ltd.(kollupitiya hari bambalapitiya hari:P) .පට්ට බාන්ඩේ අවුරුදු 6ක් පාවිච්චි කළා.පොඩි පොඩි ලෙඩ අවේ නැතුවා නොවේ .අපේ ගෙවල් පැත්තේ අයගෙන් ඉස්සෙල්ලම කම්පියුටර් එකක් තිබ්බේ මට :cool:

    දෙවෙනි එක අරන් දුන්නේ අම්ම.එක ලැප් එකක්.DELL Inspiron 15-3521ගාන 69900 අබාන්ස් එකෙන්.මේ මාසේ 19ට අරන් අවුරුද්දක් උනා .කිසිම ලෙඩක් නැතුව පාවිච්චි කළා.කුලින් pad අරව මේවා මුකුත් නෑ .දවසට අඩුම පැය 6ක් වත් වැඩ .​
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මම ඒ කාලෙ කම්පියුටර් එකක් ඉල්ල ඉල්ල හිටිය, ඒත් තාත්ත කැමති උනේ නෑ. :no::no:
    අම්ම නම් අවුලක් තිබ්බෙ නෑ. :love::love:
    ඔහොම ඉන්නකොට ඒ කාලෙ අර Tec Srilanka කියල එකක් තිබ්බෙ මාත් ඕකට යනව ආසාවට.:yes::yes:
    ඕකෙ ඒ දවස් වල තිබ්බ මොකක්ද මන්ද තරඟයක්. මට හරියට මතක නෑ, Power Point වලින් තමයි තර‍ඟෙ තිබ්බෙ. :rofl::rofl:
    මම කොහොම හරි ඒකෙන් දින්න කම්පියුටර් එකක් :love::love::love:
    Pentium III 650Mhz
    RAM 128Mb
    8Mb VGA
    20GB HDD
    14 CRT Monitor
    හරියටම මාස 3න් ඕක පිච්චුනා. :angry::angry:
    උන් ආපහු එකක් දුන්න. ඒකෙ 256 RAM , 40 HDD , 32Mb VGA :D:D
    ඉස්කෝලෙ 4 දි විතර තමයි ඔය වාසනාව කඩා පාත් උනේ. :P

    ඊට පස්සෙ ගත්ත
    P4 1000Mhz
    1.6MHz
    Dual Core
    Core 2 Duo
    දැන් තියෙන්නෙ i3 :love:



     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    2002:

    166MHz
    2GB
    32MB HDD, 8MB VGA
    Windows 98
    15" monitor.

    12,500 wage ganak wune hariyatama mathaka nam naha. Passe PC/Laptop gaththa 4k wage.

    compaq_deskpro_4000_2.JPG


    compaq_deskpro_4000_3.JPG
     
    Last edited:

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    mulinma gatte pentium 3 700MHz 128mb ram 16mb VGA cpu eka vitharai 4500k wuna.. mama polkatu mal hadala salli ekathukarala genawe anith kali tika passse himihita eka eka than walin ahulan awa... samsung magic station.. bande thama thiyenawa mage gawa.. danatath on wenawa... gatte 2008 mama A\L karana kale... eda com eka genawata passe ada wenakam com ekek salli deela aran na.. hardware corse ekak kara 2011 eken passe pichchicha kali genath atawala com hadagatta danata thiyenne Pentium D 3.4Ghz 2GB 500GB 256MB system ekak..
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    ඉස්සර සවුත් නෙට් කියන උන් තමා ගාල්ල හොල්ලගෙන හිටියෙ කොම්පියුටර් වලින්.. ඒ නිසාම උන් එකකට එකක් ගාණ තියන් විකුණුවා කොම්පියුටර්.. ඉතිං අපේ මිනිස්සුත් ගණන් වැඩි නම් හිතන්නෙ ඒවා හෙන කොලිටියි කියලනේ.. පස්සෙ Sell X කොම්පියුටර් කඩාපාත් උනා කොහේද ඉඳලා.. දැන් උන් බ්‍රාන්ච් තුන හතරක්ම ඕපන් කරලා තියෙන්නෙ.. තව අලුතින් මාස්ක් කියලා ශොප් එකකුත් දැම්මා.. උන් තමා දැන් කොම්පියුටර් වලින් ගාල්ල හොල්ලගෙන ඉන්නෙ.. අරුන්ට යන එනමං නෑ.. පවු බං..:yes:

    PC House එකේ උන්ගෙ කඩේ කුඩු කරලා ගාල්ලෙන් පැන්නුවා.. උන් ආයෙම ආවෙ නෑ..:lol: නීට් එකකත් උනේ ඒ සන්තෑසියම තමා.. :yes:

    Ha umbath ehenam dannawa wisthare :D south net starting api thama galla run kale :D dan nam pattakata wela innawa :D :angry::angry::angry:
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    reputation_neg.gif
    Suddekta passa dila lap eka labuna. Gon thread ekak.

    කාටද බන් මෙච්චරටම රිදිලා තියෙන්නේ? :lol: උගේ ඇත්ත කතාවම කියලනේ :D
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපිටනම් ඉතින් අරන්දෙන්න කවුරුවත් හිටියේ නැහැ .පෙරුම්පුරලා පෙරුම් පුරලා ජොබ් එකෙන් ඉතිරි කරගත්තු 20000 දීල නුගේගොඩින් ගත්තේ .මාස 3 යි වගකීම .2001 දීද කොහෙද .HAWLETT PACKARD DESKTOP මොඩල් එකක් .

    PENTIUM 2 233 MHZ
    RAM 32 MB
    ONBOARD VGA 4 MB CIRRUS LOGIC
    2.3 GB HDD
    15 INCH COMPAQ MONITOR
    WINDOWS 98
    KEYBOARD /OLD MOUSE :P

    නුගේගොඩින් බස් එකේ දාගෙන මල්ලිත් එක්ක මරදානෙන් කෝච්චියේ දාගෙන ගෙනාවේ ..පට්ට බරයි CPU එකයි මොනිටරෙයි :P
    හරිම සුන්දරයි බන් ..
    ඕක පස්සේ RAM 96 කරලා XP දැම්ම අවුරුදු 3 විතර පට්ට ගැහුවා අවුලක් නැතිව .වින්ඩොව්ස් දන්නා ෆෝමැට් කරන්න අනිත් අනන් මනං ඉගෙන ගත්තේ ඕකෙන් .පස්සේ 40000 දීල
    DUWAL CORE එකක් එසේම්බල් කරගත්ත .දැන් එකයි I 7 ලැපයි I3 ලපකුයි තියෙනවා .එත් පලවෙනි PC එක වගේ ආතල් එකක් නැහැ බන් :dull:
     

    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    මට මුල්ම පරිගණකය අරන් දුන්නේ මගේ අම්ම.... :) (අනිත් ඒවත් අරන් දුන්නේ අම්මම තමයි) :D කාලෙනම් මතක නෑ Pentium 3 එකක්.. ඒ කාලේ මොනවත්ම දන්නේ නෑ. Computer එක Shutdown කරන්නවත් දන්නේ නෑ.. 50ක් විතරඋනා... UPS එකකුත් ගෙනාව :D UPS එක ගෙනල්ල එක ඕන කරගෙන Output එක PC එකට දෙන්නේ නැතිව මාසයක් විතර වැඩ කළා...:p අන්තිමේදී අයිය කෙනෙක් කියල තමයි හරියටම සීන් එක දැනගත්තේ. සතියකට පාරක් අනිවා OS එක වැඩ කරන්නේ නැතුව යනවා System Files Delete වෙලා... CPU එක උස්සගෙන බස් එකේ ගිහින් තමයි අයෙත් OS එක දාගෙන එන්නේ.. :D ඊටපස්සේ තව මැෂින් 4ක් විතර ගත්ත. ඔක්කොම අම්ම තමයි අරන් දුන්නේ. මගේම සල්ලි වලින් ගත්තේ දැන් තියෙන Notebook එක තමයි... :)



    මගෙත් ඔය වගේම සීන් එකක් තමයි බන්......
    2003 අවසානෙ තමයි පලවෙනි computer එක ගෙනාවෙ used ekak..
    pI හරි PII හරි Windows 98 HDD එකනම් මතකයි 2GB ,
    233 Ghz. ram, vga ගෑන වෑඩි මතකයක් නෑ. ශිශ්යත්වෙ පාස් වෙලා අරන් දුන්නට කලින් pc එකක් දෑකල හරි තිබුනෙ tv එකේ විතරයි. එ කාලෙ ජාතික රූපවාහිනියෙ ගියා පරිගනක වෑඩසටහනක්. එක බලල තමා computer එකේ වෑඩ ඉගන ගත්තෙ. කියල දෙන්න කවුරුවකුත් නෑ. මුල් දවස් වල program ඔක්කොම close කරල ඔෆ් කරනව කියල tv එකේ දෑකල තිබ්බට shutdown එක හරියට දන්නෙ නෑ. මන් කරන්නෙ ඔක්කොම programme close කරල plug එක ගලවනව. .
    .
    .
    ඉතින් හෑම සතියෙම ගත්ත තෑනට ගෙනියනව. ගෙනිහින් ගෙද්දි පරන game එකක්වත් නෑ.(hard එක corrupt වෙලාද කොහෙද උන් හෑමදම format කරල තම දිල තියන්නෙ.)

    මතක් වෙද්දිත් ආසයි බන් ඒ කලෙ.

    ඊට පස්සෙ pc එකක් ගත්තෙ 2007 දි.
    pIII 1000 ghz 64 ram 16 or 32 VGA 20HDD

    අයෙ 2010 දි,
    pIV 2.8 Ghz 512 ram 128 VGA 40 HDD,

    ඊට පස්සෙ 2012 දි ගත්ත 1නි ලෑප් එක,
    I3 Dell 3521 4GB Ram Intel HD 4000, 500 HDD

    i3 එක අය්යට දිල තමා දෑන් පාවිච්චි කරන
    Asus X550L i5 750HDD HD 4400 4GB Ram
    ලෑප් එක ගත්තෙ..
    .
    ..
    ... ඔන්න ඕකයි මගෙ කොම්පීතර් පරිනාමය.........................
    (y)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපිට නම් මල ලොකු අතීත කතා නෑ කියහංකෝ 2009 දි තාත්තට නාහෙං අඬලා කොම්පීටලයක් ගත්තා......:P

    2014 වෙනකන් ඕක පට්ට ගැහුවා...:yes:

    2014 මැද භාගයේ ලැප්ටොප් රාජයා උස්සං ආව.... ඒදා ඉඳන් හරි සතුටිං :rofl:

    දැන් අපි දෙන්නා දුකයි සැපැයි බෙදා ගෙන ප්‍රීතියෙන් කල් ගෙවනවා :lol:
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    1.)

    මුලින්ම පරිගණක මැගසින් එක ගත්තා
    අවුරුද්දක්ම අඩලා අඩලා , තොම්පීටරේ නැතිව බත් කන්න බෑ, කක්කා යන්නේ නෑ, හුස්ම ගන්න බෑ කියලා කියලා යන්තම් 65,000 කට ගත්තා 2005


    P4 2.6 INTEL
    MSI M/B
    80 GB Hitachi HDD
    512MB DDR2 RAM
    128MB MSI VGA 4400
    15" Dell CRT Monitor
    K/B, Mouse (track ball)

    අපි ඉන්නේ වෙරි ඩොටේ ඒරියා..(එ වුනත් කොල්ලා අප්-ටු- ඩේට්) 2009 අපි 2 වෙනි එක ගේනකම් ඔක තමා මුළු පලාතකටම හොදම එක වුනේ (අවු 3ක් විතර) කයලා වැඩක් නෑ බන් 1000 පාරක් කරන්ට් ගිහින් ඇති කවදාවත් කේසින් එක ගලවලා හෝ startup checkdisk එනවා මන් දැකලා නැ.

    2.)

    Intel Core2Duo 2.8
    Intel M/B
    i. GT9500 1GB VGA (Dead)
    ii. GT 210 1 GB VGA (Dead)
    iii. GTX 650 1 GB (DDR5)
    320 GB HDD (Dead)
    1000 GB HDD
    4 GB RAM
    17" LCD Samsung Monitor

    67500/=

    මේ මැසීන් එක මරාලයක් වුනා. ගෙනාපු දවසේ ගෙදර හිටපු පුසා මැරිලා දන්නේත් නෑ (උ ලෙඩ වෙලා හිටියේ, මැසින් එක නිසා අමතක වුනා) කලින් මැසින් එක ගෙනාපු දවස් වල තමා උන් ඉපදුනේ..
    මේක මදි වීගෙන අවා කොල්ලට (ත්‍රීඩි, විඩියෝ එඩ්ට්)

    දැන් ඉන්න අලුත් බඩ්ඩ

    intel i7 4770K 3.5 MHz
    Asus Z87 Sabortooth (TUF -series)
    16 GB
    GTX 650 (Old one)
    1TB HDD (old)
    23" LCD Monitor

    137,000/=

    දැනට මුලු සෙට්අප් එක
    17" 23" Monitor
    UPS
    Ex HDD

    198,000/=

    කියන්න සතුටුයි මේක ගත්තේ මගේ සල්ලි වලින්....!! (මේ මැසින් එක නිසා ට්‍රයි කරපු කෑල්ලත් මිස් වුනා.. එකි ඇවිත් මට කතා කරන්න මම කෝල් එකක මැසින් එක ඇසෙම්බල් කරනවා. )

    අනිත් දෙකම අම්මා අරන් දුන්නේ... අම්මාට කොච්චර අඩුපාඩු තිබුනත් අනාගතේට වැදගත් නම් එක කරලා දුන්නා. ඒ අතින් වාසනාවන්තයි... මටයි අයියටයි නම් එහෙම බලපැමක් නෑ. අරන් දෙන්න පරක්කු වුනේ සල්ලි නැති නිසා. හැබැයි පාඩු නෑ. මං දැන් කරන ජොබ් එක කරන්නේ පළවෙනි කෙම්පුටෙරේ නිසා.. අයියා IT ගුරුවරයෙක් . හොයලා බැලුවා අපි වැල බලනවද කියලා... අපි එහෙම කරන්නේ නෑ නේ (ගෙදර වැල බලන්නේ නෑ. හිටියෙම බෝඩිම් වලනේ...)
    තැන්කු වේවා
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    පළවෙනි එක 2002 විතර. Windows 95+250MB HDD, 8MB RAM + CRT monitor තිබ්බා. Monitor එකේ රතු පාට පේන්නේ නෑ...:D

    ඊට පස්සේ 2004 ගත්ත brand new එකක්. P4 2.8 GHz, 512MB RAM, 80GB HDD, 128 GB nVIDIA GFORCE FX5200 VGA. ඒක 2013දී දීලා දැම්මා

    2008 job එකට කොළඹ ඇවිත් ලැප් එකක් ගත්තා. Toshiba L300 Dual core, 2GB RAM, 160GB HDD ගිය අවුරුද්දේ අකුණක් ගහලා කෙළවෙනකන් යකා වගේ දිවුවා. දස වද විඳින්න ඇති. මාරම LAP එකක් ඒක නම්. ඔය තුනම අම්මයි අප්පච්චියි අරන් දුන්නේ...

    ඊට පස්සේ 2014 මුල DELL Inspiron 3537 එකක් ගත්තා. I5 4th gen, 750GB HDD, 6GB RAM. ඒක තමා තාම පාවිච්චි කරන්නේ. 99k වගේ වුනා. :D
     

    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    පළවෙනි කොම්පිතරෙ තාත්තා අරන් දුන්නෙ 2006. මම OL පාස් වුනාට පස්සෙ.

    Intel Pentium 4 3.0Ghz LGA775 Processor
    Intel D915GEV Motherboad
    512MB RAM
    Onboard 128MB VGA
    160GB HDD
    Asus Capture Card
    Sony CD Writer
    Gigabite DVD Drive
    HP Printer & Scanner
    Viewsonic 17" CRT Flatscreen Monitor
    Genuine Windows XP Professional
    Computer Table

    මේ ඔක්කොටම 1ක් වගෙ බර ගානක් ගිහින් තිබුනා ඒ දවස් වල.
    සතුටුයි කියන්න මම තාමත් මේක බබා වගෙ පාවිච්ච් කරනවා HTPC එකක් විදියට,4GB RAM,512MB Geforce 9500GT VGA,500GB HDD,Samsung 24"LED Monitor Linux Elementary OS.

    උබලගෙත් ගොඩක් පරනp3,p4 PC තියෙනම් අයින් නොකර මොකක් හරි වඩක් ගනින්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    2007 දි තමයි මුල්ම එක ගත්තෙ.හම්බ වෙච්ච සල්ලි වගයකින්.

    Intel dual core 2.4
    Foxcorn G31MX motherboard
    1GB ram
    160GB hard dick
    DVD Writer
    Used 17 inch monitor

    ඒ කාලෙ 30000ක් විතර ගියා
    දැන් නම් මගේ සල්ලි වලින් ගත්ත ලැප් එකක් තමා පාවිච්චි කරන්නෙ.
     

    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,,

    mata kauruth computer aran dune ne,,mama 10 wasaradi withara parana kali ekathu karala hada gatha dx 486 ekak,

    hard eka 32MB
    Ram 4MB

    VGA mama dane ne.

    ekath tatha kadala dama egena gane ne kiyala,

    mama ada systems administrator kenek.