මුල්ල පටස් පානය කලෙමි !

thusithadm

Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    මුල්ල පටස් පානය කලෙමි !

    kasippu.jpg

    උපුටා ගැනීම - http://hisahasa.blogspot.com

    ඔන්න දවසක් මගේ යාලුවෙකුයි තව මායි නිවාඩු දවසකදී අපේ ගෙදරදී හම්බ උනා. ඉතිං අපි ටිකක් වෙලා කතාවක් දාගෙන උන්නා. අපි ඉතිං IT පැත්තේ අය නිසා කතාකරේ තොරතුරු තාක්‍ෂණය ගැන තමයි. ඉතිං ගොඩාක් වෙලා අපි තොරතුරු තාක්‍ෂණය ගැන කතාකර නිසාද කොහෙද මගේ යාලුවට තිබහක් දැනෙන්න ගත්තා ! මම ඉතිං කීව මචං තැබිලි ගෙඩියක් බොමු නේද ? කියලා ඇඟටත් ගුනයිනේ !

    මේකා ගත්කටටම කියපි.

    “යකෝ තැබිලි බොන්න තූ: ! මටනම් එපා නැද්ද අරවා”? …...මට වැඩිය අරවා කීවට මීටර් උනේ නෑ
    මොනා බං අරවා කීවේ ? ..

    අනේ නොදකිං තෝ ඒවවත් දන්නේ නැද්ද කියලා මූ මගේ කනට කරලා මොකක්ද වචවයක් කීවා !
    සීවරං දෙයියනේ !

    මාගේ සරුවාංගෙම Refresh වෙලා ගියා මූ කියපු ජරා කතාව අහලා
    මොකකද දන්නවද කනට කරලා කීවේ
    “මුල්ල පටස්" ටිකක් බොන්ඩ බැරිවෙයිද මචෝ ? ”

    මම කියන්නම් “මුල්ල පටස්” කියන්නෙ මොනවාද කියලා. සමහර අය නම් දන්නවා ඇති. ඒව සැර ජාතියක් සුපිරි වෙළඳ සැලෙන් එහෙම මේවා ගන්න බෑ. මේවා දේශීය නිෂ්පාධන.

    හදන්නේ කවුද ඒවා ?

    ඇත්තටම අපේ පලාතේ එක දෛර්යවන්ත මනුස්සයෙක් හිටියා . ඒ මනුස්සයාගේ නම කියන්න බෑ. මම ඇඩ්ඩිං මාමා කියලා කියන්නම් .පෙනුමෙන් නම් හරිම කරුනාවන්තයි .පෝයට සිල් නොගත්තට , හරිම ගුනයහපත් මිනිහා.දේහ දාරී පුරුෂයා . ඒ මනුස්සයා රැකියාවක් කලේ නෑ ගුන යහපත් කම නිසා කවුරුත් කුලී වැඩකට වත් කතාකලේ නෑ. ඒ උනාට මිනිහා වීර පුරුෂයෙක් පටංගත්තා තමංගෙම කියලා ස්වයං රැකියාවක් . ඒ තමයි “මුල්ල පටස්” නැමති මහා බලසම්පන්න ඔසුව සෑදීම ….
    අපේ පලාතට මේක අලුත් කටින් කට මේක හෙමීට පැතිරිලා ගියා “මුල්ල පටස්” වෙන පලාත්වල තිබ්බට අපේ පැත්තේ මේවා එවකට තිබුනේ නෑ.. “කචල් ෆැන්ටා” නම් කලින් තිබුනා ඒත් වසර 2පෙර ඒව හදාපු ජීවක තුමා පරලොව් සැපත් උනා !
     
    Last edited:

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    ඉතිං මගේ යාළුවත් ඒ බෙහෙත පානය කරන්න පුදුම ආසාවකින් තමයි ඉඳලා තියෙන්නේ ...උගේ හද ගැහෙනා රාවය මට ඇහුනා ! මම නම් ඕව වැඩිය පාවිච්චි කරන්න කැමතිනෑ ! ඒක නිසා මම බෑම කීවා ...ඒත් ඉතිං ඌ මාව බලෙන්ම ඇදගෙන ගියා ඇඩ්ඩිං මාමගේ පරීක්‍ෂනාගාරයට .

    ඇඩ්ඩිං මාමත් එතකොට මේ බෙහෙත වෙලඳපොලට නිකුත් කරලා නෑ. මාමත් මාමගේ යාළුවෙකුගෙන් තමයි බෙහෙත හදන ෆෝර්මියුලා එක ඉල්ලගෙන තිබුනේ. ඉතිං පරීක්‍ෂන මට්ටමේ තමයි මේක තිබුනේ .මමයි යාලුවයි දෙන්නම මාම හම්බවෙලා මේ ගැන කතාකලා මාම හරිම කරුනාවන්තයි ...

    “මාමෙ අපිට මුල්ල පටස් ටිකක් දෙන්න බලන්න ” යාළුවා ඉල්ලුවා
    “දෙන්නම් දෙන්නම් හැබැයි දරුවනේ මේක තමයි පලවෙනි සාම්පල් එක තාම මම චෙක් කරලා නෑ ඔය දෙන්නා රස පරීක්‍ෂාවක් තියලා බලන්නකෝ පලවෙනි කස්ටමර්ල දෙන්නනේ ”

    අපි දීපු රු.200 අතට අරං ඇඩ්ඩිං මාමා “ටුක්” ගාලා ඇටයක් කඩන ගමං කීවා
    “තව දෙයක් තියනවා මගෙ දරුවනේ “ මාමගේ කටින් කරුනාව බේරෙනවා !

    එයා මෙහෙම කීවා
    “මගේ අතින් පොඩ්ඩක් ඉස්ප්‍රීතු වැඩි උනා ඒක නිසා ඩිංග වෙන්න ගන්න මොකද ඕකේ ජීවශක්තිය කොච්චර කල් තියෙයිද දන්නේ නෑ මේව නියම ගෙදර හදපු බඩුනේ ඒකනිසා පවර් එක වැඩියි”

    අපි නොබී ඉඳියි ඔහොම කීව කියලා ! එහෙම කියලා මගේ යාලුවා බේත එක හුස්මට බීව ..

    ‍අප්පට සිරි එල කොල්ලා ! මාමට මාර ෆන් .

    ඉතිං මං සෙකන්ඩ් වෙන්නේ කොහොමෙයි ! මමත් ඇදලා දැම්මා … “අඩේ මූත් මගේ කොල්ලා “! මාම දරු සෙනෙහසින් අන්දවෙලා ..

    මුල්ල පටස් වලින් කියපුතරම් බලයක් අපට ලැබුනේනෑ ! අපි මාමට කින්ඩිය දැම්මා .

    අයියෝ ඇල් ජලය සේ මට හැඟේ ! යාළුවා කීවා
    “ඕක වැඩකරන්නේ තැපැල් ඒකියන්නේ පහු වෙද්දී එලටම වැඩකරයි දැන් රෑ වෙලා දෙන්න යන්න ”

    ඉතිං අපිත් යන්න පිටත් උනා ….......................ඒත් ….

    මගදී යාලුවට ටිකක් හති වගේ
    මොකද බං ! ?
    නෑ මම වීල් එකක් කතාකරගෙන යන්නම් බං උඹත් එහෙම කරපං .

    ඌ කියනවා ..ඉතිං මම ඌව ටවුන් එකට ගිහිං වීල් එකකට දැම්මා …
    මම නම් තව ටිකක් දුර යන්න ඕන ...කිලෝමීටර් 3 විතර මට කිසි අවුලක් නෑ ..දැනට එලටම මම යනවා ...ඒත් ටිකක්දුර යද්දී මුල්ල පටස් වැඩකරන්න පටන් ගත්තා !

    ඒක මහ පුදුම ඔසුවක් කියන්නේ මුලින්ම මගේ දෙපය හිරි වැටීගෙන එන්න ගත්තා. අඩිය තියන්න තියන්න මාරම අමාරුයි ..කකුලේ වංගෙඩි බැන්දා වගේ .. අම්මෝ ! කකුලක් උස්සන්න තියන අමාරුව.
    ඈත බස් හෝල්ට් එක තියනවා පේනවා ….

    ඇදපං පුතා ඔය ටිකත් මම පුරුෂ ශක්තිය දෙපයට ගත්තා …...තව අඩි පනහක් හැටක් විතර තමයි තියෙන්නේ . ඇදපා …...පා.....න් මම කකුල් දෙකට චියර් කරා …..

    මම ඇද වැටුනා !

    ඒත් මම විගහට නැගිටලා බස් හෝල්ට එකටම ගියා වෙලාවට කවුරුත් නෑ ….මට එතනම නින්ද ගියා .............

    ….මම හිතන්නේ ම්ම ඇහැරලා බලනකොට….වෙලාව 8.00 විතර මයෙ හිතේ . මොකෙක්ද මහ ජරා යකෙක් මෙතන කබරයා පාරකුත් දාලා ෂි:හ්
    නින්ද ගිය පැය දෙකට මට ටිකක් සනීපයි ..මම හෙමීට ගෙවල් බලා ගියා ...දැන් මෙහෙම ගියොත් ගෙදරට මාට්ටු ඒක නිසා මම ලඟම මිතුරෙකුගේ නිවසට ගියා ...ඌ වැඩේ තේරුම් ගත්තා ඌ මගේ නියම බොක්කක්. ගිය මාසේ පොර හමුදාවට ගියා.
     

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    පොර මගේ ලඟින් හමන සුවඳ එහෙම අඩුකරා මූන හෝදන්න චතුර එහෙම දීලා ...මාව ගෙදරට බයික් එකෙන් ගිහින් දැම්මා … ගේ ගාවට ….

    මම ගියපු ගමං ඇඳට පැනලා දොයිය ගත්තා …........................................................
    මොනවා උනාද මන්දා අහරිනකොට වෙලාව උදේ 6..00 ඇත්තටම මට ඉන්න බැරිව හිටියේ ,,,,

    මම නාල එහෙම එනකොට අම්ම අහපි
    ඇයි ඔය මූන ඉදිමිලා ? ඇස් දෙකත් ඉදිමිලා !

    ඒ හැටි
    එහෙම කියලා මම ඉක්මනින් වැඩට ගියා ...වැඩට ගියත් මට ඉන්න හරිම පහසුවක් දැනෙනවා ..

    “වෙනදා වගේ නෙවෙයි ඔයා අද හරි හැන්සම්”
    අපේ පිලිගැනීමේ නිලධාරිනිය එහෙම කීවා !

    මම ගිහින් අද උගන්වන්න තියන පාඩම ටිකක් බලාගන්න කියලා පොත අතට ගත්තා ! හපොයි මෙන්න අකුරු දිහා බැලුවා විතරයි මාව කැරකෙන්න ගත්තා ….බුදු අම්මෝ ! දැනුන සනීපේ !
    මේ මොකද ? මුල්ල පටස් තාම වැඩකරනවාද ? මට හිතාගන්න බැරි උනා …......කං දෙකෙන් මිහිරි හඬකුත් එනවා ..බඩෙන් අමුතු සද්දෙයක් එනව .. ඒ මදිවට ..ඊයේ උදේට කාපු කෑම වල රස නැවත නැවත දැනෙනවා....ඔලුව මේසේ ගහගෙන උන්නා මං මද වේලාවක් …........

    වෙලාව ගියා. තත්වේ බයානකයි මම උගන්වන පන්ති සේරම නැවැතුවා ලමයිව ආපහු ඇරියා !!

    බොස් ඇවිලා අහනවා !

    සඳරු මොකද අසනීපේ අපි බෙහෙත් ටිකක් ගමුද ?

    ඕන් නෑ සර් ..දැං අඩුවෙයි මේ ඔලුව ටිකක් රිදෙනවා ….......................

    කොහොම හරි හවස් උනා ….මාව ඔෆිස් එකේ එකෙක් ගෙදරටම ගෙනල්ලා දැම්මා ….ඒ ආපු ගමං මං කලේ බුදිය ගන්න ගිය එක ….

    අම්ම මේ වතාවේ නම් බය උනා …...

    බෙහෙත් ගන්න යමු කියලා වදේ …....මම කීවා හෙට අඩු නොවුනොත් බලමු පොඩි ඔලුවේ කැක්කුමක් නේ කියලා …

    කීව වගේම අනික් පහුවදා උදේ වෙනකොට මට ගානක්වත් නෑ …...හරිම සතුටුයි !

    ඉතිං මං වැඩට ගියා …..නෝට් එකත් හදාගෙන ...පන්තිය ඇතුලට ගියා ….ලමයි නැගිටලා මාව පිලිගත්තා වෙනදා වගේම ...

    අප්පේ ..! එකපාරටම ප්‍රොජෙක්ටර් එක දිහාට මගේ ඇහැ යවුනා … .මෙන්න මුල්ල පටස් ආයේ වැඩ කරන්න ගත්තා ...යකෝ! දැන් දවස් 2ත් ඉවරයි ඒත් මෙවුවගේ පවර් එක ඉවර නෑ !
    අමාරුවෙන් මම එලියට ගියා ...මං වැටෙන්න ආසන්නනයි ….අමාරුවෙන් ඉඳගත්තා පුටුවක …..ඒ පන්තියත් කල් දැම්මා …

    එදානම් මම තනියම වීල් එකක් කතාකරං බෙහෙත් ගන්න ගියා ඩොක්ටර්ට සේරම කීව ….

    මම මුල්ල පටස් බීවා !

    බඩු තාම වැඩ

    ..ඉන්ඩ බෑ මොනාහරි දෙන්න කියලා...

    ඩොක්ටර් මට කියනවා මුල්ල පටස් විකුනපු කෙනා කියන්නලු ! පොලීසියට කියන්න ...එයාගෙ නම මම දන්නේ නෑ කියලා මම යන්තමට ඇඩ්ඩිං මාමව බේරගත්තා !

    ඉතිං තව දින දෙකකින් පසු මට හොඳටම හොඳ උනා ….ආයේ කවදාවත් මම "මුල්ල පටස්" නම් බොන්නේ නෑ …. මගේ යාලුවා ..මාත් එක්ක බීපු එකා ඌ සතියක් ඉස්පිරිතාලේ ඉඳලා !

    ඉතිං මං ඔය ජරාව බොන එක එදාට පස්සේ නැවැත්තුවා ! ….....

    දැං බොන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක් තමයි. ඒත් වැඩිම උනොත් දුකක් වේදනාවක් ආවොත් විතරමයි .
    කිසිම සතුටදී බොන්නෙත් නෑ !

    ඔයාල එහෙම කවදාවත් ඔය වගේ බාල. ප්‍රමිතියකින් තොර ඒව බොන්න එපා !

    මේ කතාව ඇත්තටම පහුගිය මැයි මාසේ මගේ යාලුවෙකුට සහ ඒ යාලුවාගේ යාලුවෙක් වන මට වෙච්ච දෙයක් මට මේක මතක් උනේ මම අද පුදුම සතුටකින් ඉන්න නිසා ..‍

    මම අනිද්දාට ගෙදර යනවා ඒක මතක් වෙනකොට තියන සතුට කියලා නිම කරන්න් බෑ . ඒ ඇයි කියලා මගේ කලින් කතාව බලපු අය දන්නවනේ


    සෙනසුරාදා රෑට මොනවා හරි තව ලියන්න ඕන්න …...........
    එතකම් …

    .ජයවේවා ! !


    ප:ලි

    ඇයි මේවට මුල්ල පටස් කියන්නේ කියලා දන්නවද ?
    මේව දාල දෙනේ බෝතල් වල නෙවේ ! පොඩි ෂොපින් බෑග් වල. ඉතින් ෂොපින් එකේ ගැටේ ලිහ ලිහා ඉන්න බැරි නිසා බෑග් එකේ මුල්ල "පටස්" ගාල අතින් කඩන්න ඕන පස්සේ කටේ හලා ගන්න ඕන
    ඕකයි මුල්ල පටස් කියන නම දාන්න හේතුව ..
    උපුටා ගැනීම - http://hisahasa.blogspot.com
     
    Last edited:
    • Like
    Reactions: andrewsmith

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙහෙ නම් ඔවට කියන්නෙ කසිය, හැලි කියල... මේ පැත්ත තමා ඔවට ප්‍රසිද්දම...