"මුල් ළමාවිය හරියාකාරව සංවර්ධනය වී නැති වැඩිහිටියන් හදුනාගන්නා ආකාරය"
ඔයාට නෑනේ...
"මෙච්චර ලොකු කාර් එකක් ඔයාට නෑනේ"
"ඔයාගෙ කාර් එක ලොකු වුණාට ලයිට් පත්තු වෙන්නෙ නෑනේ"
"ලයිට් පත්තු වුණාට ඕකෙ පිටිපස්සෙ රෝදයක් හයිකරලා නෑනේ"
වයස අවුරුදු 3-5 අතර වයස් සීමාවල දරුවන් අතර මෙවැනි දෙබස් අසන්නට ලැබේ. හේතුව දරුවන්ගේ මමත්වය වැඩිම කාල සීමාව මේ කාලයයි. මේ කාලයේදී දරුවන් සිතන්නේ ලෝකයේ සෑම දෙයම තමා වෙනුවෙන් නිර්මාණය වී ඇති බවත් තමාට මුලු ලෝකයම අයත් බවකි. මේ තත්වය දරුවා වැඩෙත්ම ක්රමයෙන් තුනී වී යයි. මාපියන් මේ අවධියේදී දරුවාගේ මනෝ සමාජීය වර්ධනයට පිටු බලයක් විය යුතුය.
මේ කියන්නට යන්නේ, අපේ වචනයෙන් කිවහොත් ඔන්න ඔය මුල් ළමා විය හරියාකාරයෙන් සංවර්ධනය වී නැති පුද්ගලයන් ගැනය. එ වැනි පුද්ගලයන් මේ ලෝකගෝලයේ, විශේෂයෙන් ලංකා දූපතේ නිතර හමුවේ.ඔවුන් පූර්ව ළමා විය සංවර්ධනය නොවීමේ ලක්ෂණ ආකාර කිහිපයකින් පෙන්වයි.
"අනේ ඔයා තාම බැන්දෙ නැද්ද?
මට නං ඔය වෙනකොට දෙවෙනි බබත් ලැබිලා."
"ඔයාට තවම ඔච්චරද හම්බ වෙන්නේ?"
"අනේ කලුවෙලා, කෙට්ටු වෙලා, ඇදිලා ගිහිල්ලා"
"අම්මෝ මහත්වෙලා තියන තරම් ඉස්සර කොහොම හිටිය කෙනෙක්ද? ආරෙටද කොහෙද මම නම් මහත් වෙන්නෙ නෑ"
"අපෝ කාමර දෙකද තියෙන්නේ. අපි නම් හොඳ ආකිටෙක්චර් කෙනෙක්ට කියලා ප්ලෑන් කරේ. පර්චස් අට වුණාට කාමර හතරක්"
"අපේ හස්බන්ඩ් නම් ඉගෙන ගන්න චාන්ස් එක දීලා තියෙන්නේ. ඔයා ගෙදරමයි නේද? පව් අප්පා".
"මට නම් ඔයාට වගේ වයස පේන්නෑ"
මේ ආදී අට අනූවක් කුණු කන්දල් අවුස්සමින්, මිනිසුන්ගේ "රිදෙන තැන්" ටච් කිරීමේ විශේෂ හැකියාවක් උක්ත පුද්ගලයන්ට ඇත. ඔවුන් සිටින්නේ සතුටින්ද? නැත...
ඔවුන් සෑම විටම අනෙකා සමග තමා සන්සන්දනය කරමින් සිතින් දුක් වෙයි. ඔවුන් අපිට නොකියා කියන්නේ අපිත් ඔවුන් සිතන අයුරින්ම සිතිය යුතු බවකි.
මෙවන් පුද්ගලයන් නිසා ජීවිතයේ කවර දිනක හෝ සිත් රිදවීම් ඇති කරගෙන ඇත්නම්, සිතන්න, සිත රිදවා ගැනීම නොවේ කළ යුත්තේ එබඳු පුද්ගලයන් ට අනුකම්පා කිරීමය.
උපුටා ගැනීමකි...