මුස්ලිම්වරුන්ට.. ඉවසීම (Sabr) යනු...
ඉවසීම (Sabr) යනු කුමක්ද?
ඉවසීම (සබ්ර්) යනු නිකන් බලන් සිටීම නොවේ. ඉවසීම තුන් විදිහකදී අවශ්‍යයි.
1. අල්ලාහ්ගේ අණ කර ඇති දේ කිරීමට සබ්ර් අවශ්‍යයි.
2. අල්ලාහ් තහනම් කල දෙයින් වැලකී සිටීමට සබ්ර් අවශ්‍යයි.
3. තක්දීර් අනුව සිදුවන දුක්, කම්කටොලු දරා ගැනීමට සබ්ර් අවශ්‍යයි. මෙහිදී, ප්‍රශ්න මත්තේ ඉහත කී දෙආකාරය අත් නොහැර, දීන් අනුව ජීවත් වන කෙනාට සබ්ර් ඇත. ප්‍රශ්න මත්තේ දීනුල් ඉස්ලාමය අතහරින තැනැත්තාට සබ්ර් නැත. එනම්, දීන් අනුව ජීවත් නොවී සද්ද නැතුව සිටීම සබ්ර් නොවේ.
**ඉස්ලාමයට/මුස්ලිම්වරුන්ට විරුද්ධව සේනාවන් ක්‍රියාත්මක වීම, ප්‍රශ්න ඇතිවීම අළුත් දෙයක් නොවේ.
[Al-Quran 2:212] "ප්‍රතික්ෂේප කරන්නන්ට මෙලොව ජීවිතයම අලංකාරවත් ආකාරයට (සිතෙන සේ) පත් කරනු ලැබ ඇත්තේය. එබැවින් ඔවුන් (දුප්පතුන් වශයෙන් සිටින) විශ්වාසවන්තයින්ව සමච්චල් කරන්නාහ..."
[2:213]"… මෙසේ පැහැදිලි සාධකයන් (ඇති ධර්මය) පැමිණි පසුද, එය ලබා ගත් ඔවුන්, තමන් තුළ ඇති වූ ඊර්ෂ්‍යාවේ හේතුවෙන්ම (එම සත්‍ය ධර්මයට) වෙනස්කම් (කිරීමට ඉදිරිපත්) වූහ.… "
**නබිතුමාගේ සහ සහාබාවරුන්ගේ ජීවිතය බැලුවොත් එය මනාව පේනවා. නබිත්ත්වය ලැබී මක්කාවේ සිටි අවුරුදු 13ක් පමණ කාලයක් තුල ඔවුන් විඳි අප්‍රමාණ දුක් කම්කටොලු ගැන අපි හැමෝම දනිමු. නබිතුමාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කෙරෙන තරම් තත්වය බරපතල විය. තම උපන් ගම පවා හැර යාමට සිදුවිය. එයින් පසුවද මුස්ලිම්වරුන්ට හිංසා කරන එක සතුරන් අතහැරියේ නැත. එවන් සමූහයක් දෙසම බලා අල්ලාහ් පවසන්නේ,
[2:214] "(විශ්වාසවන්තයිනි!) ඔබට පෙර ඉකුත්ව ගිය අයට සිදු වූවාක් මෙන් (ඉතාමත් අමාරුකම් වූ) තත්වයක් ඔබට නොපැමිණම ඔබ ස්වර්ගයට ඇතුළු විය හැකිය යයි සිතා ගත්තෙහුද? දූතයාවද ඔහු සමග විශ්වාස කළ ඔවුන්වද දුක් කරදර වලින් පීඩිතව (ඔවුන් පසුතැවිලි වී තමන්ගේ දුක්ගැහැට වලින් පහ කරන්නට) ‘අල්ලාහ්ගේ පිහිට කවදා (ලැබෙන්නේද? කවදා ලැබෙන්නේද)?’යි විමසීමට තරම් ඔවුන්ව කම්පනයට පත්කරනු ලැබූහ. ඔව්! නියත වශයෙන්ම අල්ලාහ්ගේ පිහිට ඉතාමත් සමීපයෙහි ඇත්තේය"
**අපේ නබිතුමාට පෙර සමූහයන්ගේ කාලවලත් තත්වය එසේමය. අපි ආගම ඇදහීම සතුරන්ට රුස්සන්නේ නැත. දැන් කාලේ අප පල්ලියට වී කරන නැමදුම්/ආගම ඇදහීම ස්තුරන් විසින් "වැරැද්දක්/අපරාධයක්" ලෙස හඳුන්වන එක අළුත් දෙයක් නොවේ.
[7:127] "එයට ෆිර්අවුන්ගේ ජනතාවගෙන් වූ ප්‍රධානීන් (ෆිර්අවුන්ට) ”මූසාද ඔහුගේ ජනතාවද භූමියෙහි 'අපරාධ' කර ඔබවද, ඔබ (විසින් ඇති කරන ලද) දෙවිවරුන්වද ප්‍රතික්ෂේප කර දමන ලෙස ඔබ ඔවුන්ව අත්හැර දමන්නෙහිද?”යි විමසූහ. එයට ඔහු ”(නොඑසේය!) ඔවුන්ගේ පිරිමි දරුවන්ව කපා දමා, (ඔවුන්ව අවමන් කර දමනු පිණිස) ඔවුන්ගේ ගැහැනු දරුවන්ව (පමණක්) පණ පිටින් ජීවත් වන්නට ඉඩ හරින්නෙමු. නියත වශයෙන්ම අපි ඔවුන් කෙරෙහි ආධිපත්‍යය තබා ඇත්තෙමු. (එබැවින් අපි කැමති අන්දමටම ඕන දැයක් කළ හැකිය)” යයි ඔහු කීවේය."
**තමන්ට ආධිපත්‍යයේ උදවු ලැබෙන් විට සතුරන් සිතන්නේ එලෙසය. එයට, එකල නබිවරයා වන මූසා (අලෙයිහිස්සලාම්) තුමා දුන් පිළිතුර වන්නේ,
[7:128] "(එයට) මූසා තම ජනතාවට ”ඔබ අල්ලාහ් වෙතින් උදව් උපකාර ඉල්ලා (ෆිර්අවුන්ගෙන් ඔබට ඇති වන දුක් ගැහැට) ඉවසා දරා ගනු. නියත වශයෙන්ම මෙම භූමිය අල්ලාහ්ටම අයිතිය! මෙය තම වහලූන්ගෙන් තමන් අදහස් කරන අයට අයිති කර දෙනු ඇත. (හොඳ) අවසානය (අල්ලාහ්ට) බිය වන්නන්ටය” යයි පැවසුවේය."
**හොඳ අවසානයක් එන්නේ තක්වා ඇතිකරගත් ඉවසිලිවන්ත මුඃමින්වරුන්ටය. එවැනි අයට සිදුවන කුමන දෙයක් හෝ අවසන් වන්නේ යහපතකින්ය. මෙය තේරුම් ගන්නේ මුඃමින්වරයෙකි. අප වැනි දුර්වල සිත් ඇති, වහාම ප්‍රතිඵල බලාපොරොත්තු වන, හදිස්සි මනසක් ඇති මිනිසුන්ද එකල සිටියේ නැතුවා නොවේ. ඔවුන් පැවසුවේ,
[7:129] " (එයට මූසාගේ ජනතාව ඔහුට) ”ඔබ අප වෙත පැමිණීමට පෙරද, අපිව හිංසා පිඩා කරනු ලැබුවෙමු. ඔබ පැමිණි පසුවද (හිංසා පීඩා කරනු ලබමින්ම සිටින්නෙමු. ඔබගේ පැමිණීමෙන් අපට කිසිම ප්‍රයෝජනයක් ඇති වූයේ නැත)” යයි පැවසූහ. (එයට මූසා) ”ඔබගේ දෙවියන් ඔබගේ සතුරන්ව විනාශ කර දමා, (ඔවුන්ගේ) භූමියට ඔබව අධිපතියන් බවට පත් කළ හැකිය; (එයද) ඔබ කෙසේ හැසිරෙන්නේදැයි යන්න අවධානය කර බැලීම සඳහා” යයි පැවසුවේය."
**යම් භූමියක ආධිපත්‍යය ලැබීම ජයග්‍රහණයක් නොවේ. එයත් පරීක්ෂාවකි. අල්ලාහ්ගේ සැබෑ උදවුව යනු වෙන දෙයකි.
[110:1-3] " (නබියේ! ඔබට) අල්ලාහ්ගේ උදව්වද, ජයග්රහණයද, ලැබී අල්ලාහ්ගේ ධර්මයෙහි ජනයා සමූහ සමූහයන් වශයෙන් ඇතුළු වීමද ඔබ දුටුවහොත් (එයට කෘතඥ වීම පිණිස) ඔබගේ දෙවියන්ව ප්‍රශංසා කර, සුවිශුද්ධ කර, ඔහුගේ (වරප්‍රසාදයද) සමාවද, ඉල්ලා සිටිනු මැනව! නියත වශයෙන්ම ඔහු (ප්‍රාර්ථනාවන් බාරගෙන) සමාව ඉල්ලා සිටීමද බාර ගන්නෙකු වශයෙන් සිටින්නේය."
**හොඳ අවසානයක් ලැබීමට ඇති එකම ක්‍රමය තක්වා ඇති කිරීමයි. හොඳ අණකර නරක වැලැක්වීමයි. එවිට එන ප්‍රශ්න වලට ඉවසීමෙන්, ධෛර්යයෙන් සහ පරිත්‍යාගයෙන් යුතුව මුහුණ දීමයි.

ඒකත් ඔතන කොමන්ට් එකක්. ලිපියකුත් නෙමෙයි.