වහාබි හා සලාෆි ඉස්ලාමීය මතවාද හරහා ලංකාව 'සපරිස්ථාන්' නම
අසාද් සාලි විසින් ආයුධ අතට ගන්නා බව ප්‍රකාශ කළා. අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් විසින් ලංකාවේ සිවුරු ත්රස්තවාදයක් පවතින බව නොයෙක් වර ප්‍රකාශ කළා. එදා හකීම්ලා LTTE සමඟ ප්රභාකරන් සමඟ ඒකාබද්ධ ගිවිසුම් ගැන කථා කළා. දැන් හසන් අලි වගේ නියාලුවන් කිසිම පදනමක් නැති විවිධ කතා කියමින් සිංහලයා තවදුරටත් නොමඟ යවන්න උත්සාහ කරනවා. මේ අය හිතාගෙන ඉන්සේ සිංහල බෞද්ධයා කියන්නේ ඇස් කන් නාසා නැති ඕන කෙනෙහෙලිකමක් ඉවසාගෙන සිටින නිවට ජාතියක් ලෙසයි. "මේ වනවිට වහාබි හා සලාෆි ඉස්ලාමීය මතවාද හරහා ලංකාව 'සපරිස්ථාන්' නමින් වෙනමම මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කරන්නට අර අදින පුද්ගලයන් හා සංවිධාන මොනවාදැයි අපට තොරතුරු රාශියක් අනාවාරණය වී තිබෙනවා.
මේ වහාබි සංකල්පය කියන්නේ මොකක්ද, සලාෆි සංකල්පය කියන්නේ මොකක්ද කියලා අන්තර්ජාලය තුළ ඕනෑ තරම් තොරතුරු තියෙනවා. සරලව කියනවා නම් එය ඉස්ලාම් ව්‍යාප්තවාදයේ අන්තවාදී දේශපාලන - ආගමික මූලධර්මවාදයක් වශයෙනුයි ක්‍රියාත්මක වෙන්නේ. මේ මතවාද උඩුදුවන විට ඒ සමාජය තුළ අන්‍ය ජාතීන්ට අන්‍යාගමිකයන්ට ජීවත්වීමේ අයිතිය පවා නැති වෙනවා. එය ඒ තරම්ම දරුණු මිලේච්ඡ ත්රස්තවාදයක්. විශේෂයෙන් මෑතකදී මෙරටට පැමිණි විදේශීය මුස්ලිම් දේශකයින් කිහිප දෙනකු මේ වහාබි හා සලාෆි මූලධර්මවාදය පැතිරවීමෙහිලා ක්‍රියා කර ඇති බවක් අනාවරණය වනවා. දකුණු ඉන්දියානු සෞදිවාදි නායකයෙකු වන කෝවේ අයියුබ්, මුස්ටිමෙන්ක්, ලීමු, ඉන්දියානු සෞදිවාදී නායකයෙකු වන පී.ජේනුන් ආබ්ඩීන්, ඉන්දියානු සෞදිවාදී නායකයෙකු වන පීස් ටී.වී. හි ප්‍රධානී සාකීර් නායික්, එම නාලිකාවේම බිලාල් පිලිප්ස්, මැලේසියානු සෞදිවාදී නායකයෙකු වන මොනවුවර් හට්ටාර්, නයිජීරියානු සෞදිවාදී නායකයෙකු වන අබ්දුල් රහීම් අලි වැනි පුද්ගලයින් ඒ අතර වනවා. එසේම මෙම වහාබි - සලාෆි ඉස්ලාමීය අන්තවාදයන් පතුරුවන මෙරට ජිහාද් සංවිධාන අතර මාළිගාවත්තේ මූලස්ථානය පිහිටි ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය, දෙමටගොඩ මල්ලිකාරාමයේ මූලස්ථානය පිහිටි සමස්ත ලංකා තවුහිද් ජමාත් සංවිධානය, කල්මුණේ ශාඛා පිහිටුවා ඇති පරකදෙණියේ මූලස්ථානය පිහිටි සුන්නත් අන්සාර් සංවිධානය, මාවනැල්ල - අකුරණ හා කින්නියාහි ශාඛා පිහිටි දෙමටගොඩ මූලස්ථානය කරගත් ජමාත් ඉස්ලාම් සංවිධානය, මීගමුවේ ශාඛා පිහිටි මූලස්ථානය කළුබෝවිල රෝහල පාරේ වූ සලාෆි සංවිධානය මේ සංවිධානයි. මීට අමතරව, වහාබි - සලාෆි මතවාද පැතිරවීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්ම පිහිටුවා තිබෙනවා. දෙමටගොඩ මහවැලි උද්‍යානයේ IIRO, මාළිගාවත්ත ජයන්ත වීරසේකර මාවතේ IRO, සෝමාලියාවේ ආයුධ සන්නද්ධ සංවිධානයක් වන මාළිගාකන්ද පාරේ පිහිටි ALSHABAB, MUSLIM AID, දෙමටගොඩ මහවැලි උද්‍යානයේ පිහිටි WAMY, රාජගිරිය කුරේ මාවතේ NIDA (මෙම සංවිධානය විසින් දැනට 80,000කට අධික සිංහල - දෙමළ ජනතාව මුස්ලිම්කරණය කොට තිබෙනවා.) දෙහිවල පිහිටා තිබෙන HIRA සංවිධනයත් ජමාත් ඉස්ලාම් සංවිධානයේ ආගම් හැරවීමේ අනුබද්ධ ආයතනයක්; අලුත්කඩේ බණ්ඩාරනායන මාවතේ පිහිටා ඇති ඊජීප්තුවේ ඉස්ලාමීය සහෝදරත්ව සංවිධානයට අනුබද්ධ MFCD හා දෙමටගොඩ ජමාත් ඉස්ලාම් සංවිධානයට අනුබද්ධ SERENDIB නම් සංවිධාන මේ අතර වෙනවා. එපමණක් නොවෙයි හලාල් වාදය පතුරුවන සමස්ත ලංකා ජම්මියතුල් උලමාවරුන්ගේ සංවිධානය හෙවත් ඉස්ලාමීය වියතුන්ගේ සංවිධානයත් මේ මූලධර්මවාදයන් පතුරුවන්න ඍජුවම රුකුල් දෙනවා. මෙතුවක් කල් සාම්ප්‍රදායික ප්රභූවරයෙකුගේ ගොනැගිල්ලේ පැවැති මොවුන්ගේ මූලස්ථානය මාළිගාවත්ත ප්‍රදීපා මණ්ඩපය අසලට ගෙන යාමට කටයුතු යොදා තිබෙනවා. මේ ගොඩැනැගිලි ඉදිකරන්න මොවුන්ට සෞදි අරාබියාවෙන් විශාල වශයෙන් මුදල් ලැබී තිබෙනවා. හලාල් සඳහා කොල්ලුපිටියේ ඇල්ෆ්‍රඩ් පෙදෙසේ වෙනම කාර්යාංශ පිහිටුවීම සඳහාත් මහනුවර ශාඛා විවෘත කිරීම සඳහාත් ඒවා පවත්වාගෙන යාමටත් මේ උලමාවරුන්ට මහා මුදල් කන්දරාවක් කොහින් ලැබෙනවා දැයි සොයා බලන්න අද කිසිවෙකුත් නෑ.. එමෙන්ම, මෙතුවක් කල් පල්ලිවල පැවැතුණු මද්රාසා මුස්ලිම් අධ්‍යාපනය වෙනමම මක්තබ් යනුවෙන් වෙන්කර පල්ලියෙන් එපිට මද්රාසා පිහිටුවා ගැහැණු ළමුන්ට බුර්කා කළු පැහැති ඇඳුම් ඇඳීමටත්, පිරිමි ළමුන්ට සුදු ලෝගුවක් ඇඳීමටත් අනිවාර්ය කොට තිබෙනවා. මෙම උලමා සංවිධානයේ සිටින මැදපෙරදිග මුදල් මත යැපෙන ජිහාද්වාදීන් පිළිබඳවත්, ඔවුන්ගේ කියුම් කෙරුම් පිළිබඳවත් අපිට සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවන්. මෙහි ඉහළ තානාන්තර දරන බොහෝ දෙනෙක් අඩුම තරමේ රැකියාවක්වත් කරන උදවිය නෙමෙයි. එහෙව් එකේ මෙලෙස අධි සුඛෝපභෝගී ජීවිත ගත කරමින් මෙවැනි මූලධර්මවාදයන් ක්‍රියාත්මක කරන්නට මේ සංවිධානවලට මුදල් ලැබෙන්නේ කොහොමද කියලා බලහත්කාරයෙන් හෝ සොයා බැලිය යුතුව තිබෙනවා. එපමණක් නොවෙයි. දැන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවත් මුස්ලිම් සේවය පටන් අරන්. මෙතුවක් කල් සාම්ප්‍රදායික වැඩසටහන් සඳහා ඉඩ පැවැති මේ සේවාව අද වහාබි - සලාෆිවාදය පැතිරවීම සඳහා භාවිතා කරනවා. ACTJ යනුවෙන් හා අල් මුස්ලිම්මාත් යනුවෙන් මෙම වැඩසටහන් මෙහෙයවනු ලබනවා. ආගම් හැරවීම සඳහා මුඅල්ලෆතූල් යනුවෙන් වැඩසටහනක් NIDA සංවිධානය යටතේ පවත්වාගෙන යනවා.( මුඅල්ලෆතූල් කුලුබ් ඉස්ලාම් ධර්මයට හිත කැමති අයට මේක අරාබි වචනයක්.) මීට අමතරව LEAD THE WAY GIRLS INTERNATIONAL SCHOOL (100% SHARIA SCHOOL) 66, ALEN AVENUE AND 11, D.S. JAYASINGHE MAWATHA, DEHIWLA වැනි ෂරීයා පාසල් දෙකක් දැනට මේ රට තුළ ආරම්භ කොට තිබෙනවා. ඉතාමත් වගකීමෙන් අවධාරණය කරන්න ඕනි මේ සංවිධාන හා පුද්ගලයින් කිසිවෙක් අපේ රටේ සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව නෙමෙයි. සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව සමග අපේ කිසිම තරහක් නෑ. කොටින්ම සාම්ප්‍රදායික මුස්ලිම් ජනයාම අප වෙත පැමිණ අපට තොරතුරු ලබා දී තිබෙනවා මේ සංවිධානවල ක්‍රයාකාරීත්වය නිසා තමන් බලවත් අපහසුතාවන්ට ලක්වන බවට. වහාබි - සලාෆි මතවාදය උග්‍ර වුණොත් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට ෂරීයා නීතිය යටතේ මරණීය දණ්ඩණයට ලක්වන්නට සිදුවන අතර හා ඔවුන්ගේ පැරණි පල්ලි පවා විනාශ කර දමනු ලබනවා. මෙය උග්‍ර මූලධර්මවාදයක්. මේවාට වැට බැඳිය යුතුයි. මේ ලෙස සෞදි අරාබියාවට හා පාකිස්ථානයට ශිෂ්‍යත්ව දෙන මුවාවෙන් රැගෙන ගොස් පුහුණු කරවන ලද ජිහාද් සටන්කාමීන් 12,000ක් පමණ දැනට ලංකාව තුළ විසිරී සිටිනවා. ඔවුන් කලින් නම් කියූ සංවිධානවලට අනුබද්ධයි. දිගින් දිගටම ගමක් ගමක් පාසා, නගරයක් නගරයක් පාසා පල්ලි ඉදිකරමින් මේ ගෙන යන මහා සංහාරය අනාගත ඉස්ලාමීය ත්‍රස්ත මර්මස්ථාන ලෙස යොදාගැනීමේ සූදානමක් පවත්නා බවටත්, බුර්කා - ලෝගු පොරොවා ගත් ඉස්ලාමීය අන්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් සේ මුදාහැරීමේ සූදානමක් පවතින බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. තවත් කරුණු බොහොමයි. රජය හා ආරක්ෂක අංශ මේවා ගැන අවධානය යොමු කොට කඩිනම් පියවර ගතයුතුයි.