මුස්ලිම් කවුන්සිලයේ ප්‍රසාදය

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මුස්ලිම් කවුන්සිලයේ ප්‍රසාදය

ආරක්ෂක ලේකම්ගේ තීරණය ගැන මුස්ලිම් කවුන්සිලයේ ප්‍රසාදය

සමාජ වෙබ් අඩවි භාවිතා කරමින් ජාති හා ආගම්වාදි ගැටුම් වර්ධනය වන ආකාරයෙන් ප්‍රචාර ගෙන යන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ආරක්ෂක ලේකම්වරයා ගත් තීරණය ශ්‍රි ලංකා මුස්ලිම් කවුන්සිලයේ දැඩි ප්‍රසාදයට ලක්ව තිබේ.

ශ්‍රි ලංකා මුස්ලිම් කවුන්සිලය පෙන්වා දෙන්නේ මෙම තීරණය ඉතා වැදගත් තීරණයක් බවත්, එම තීරණය ගැනීම සම්බන්ධයෙන් තමන් ආරක්ෂක ලේකම්වරයාට ස්තුතිය පළ කරන බවත්ය.

සමාජ වෙබ් අඩවි භාවිතා කරමින් ජාති හා ආගම්වාදි ගැටුම් වර්ධනය වන ආකාරයෙන් ප්‍රචාර ගෙන යන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා දිනයේ දැනුම් දෙන ලදී.

ඒ අනුව ආරක්ෂක අංශ නිලධාරින්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබුණි .

ආරක්ෂක ලේකම්වරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් ලිපියක් යොමුකරමින් ශ්‍රි ලංකා මුස්ලිම් කවුන්සිලය මෙම අදහස් පළ කර තිබේ.

ආරක්ෂක ලේකම්වරයාගේ මෙම තීරණය ශ්‍රි ලංකාවේ ජනතාවට මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද ඉතා වැදගත් බව එම කවුන්සිලය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙම තීරණය මීට පෙර ගත යුතුව තිබු බව ද ඔවුන් අවධාරණය කරයි.

සමාජ වෙබ් අඩවි වලට පමණක් නොව සෙසු මාධ්‍ය වලට සහ ප්‍රසිද්ධ රැස්වීම් වලට ද මෙම තීරණය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රි ලංකා මුස්ලිම් කවුන්සිලය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

මෙවැනි තීරණ මගින් සියලු ජන කොටස් වලට සමානව ජිවත් විමේ හැකියාව පවතින බව ද ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම අලුත්ගම සහ බේරුවල ඇති වූ සිද්ධින් වලට සම්බන්ධ වරදකරුවන් හැකි ඉක්මනින් නීතිය හමුවට පමුණුවන ලෙසට ශ්‍රි ලංකා මුස්ලිම් කවුන්සිලය ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් ද කර තිබේ.


(අද‍දෙරන)

අළුත්ගම සිද්ධිය අල්ලගෙන පලු යන්න ආරක්ශක ලේකම් තුමාට බැනපු මුසලුවෝටික දැන් මොකද කියන්නෙ? එතුමා කලින්ම එස්.ටී.එෆ්, පොලිසිය, කැරලි මර්ධන ඒකකය එහෙම දාල තිබ්බෙ නැත්තන් ඔයිට වැඩිය ලොකු විනාසයක් වෙනව. අවස්තාවාදී මුසලු දේශපාලකයන්ට ඕවයෙ වටිනාකමක් නෑ.