මුස්ලිම් ගුරුතුමා සහ සිංහල මම

Fordbros

Member
Dec 14, 2018
222
67
0
ශ්‍රි ලංකාව
මුස්ලිම් ගුරුතුමා සහ සිංහල මම

ඉයේ පෙරේදා එල්ල උනු මුස්ලිම් අන්තවාදි ත්‍රස්තවාදි ප්‍රහාර නිසා සිංහල අපි මුස්ලිම් ජනතාව දිහා බලන්නෙ දැඩි සැකයකින්.මමත් එහෙමම තමයි එකේ වෙනසක් නැ. :no:

මේ කතන්දර අස්සෙ මිට අවුරුදු ගනනාවකට කලින් උනු සිද්ධියක් මට මතක් උනා.

මම ගිය පාසැල මධ්‍යම පළාතේ තිබ්බ පෞද්ගලික පාසැලක්,දැන් අහන්න එපා එකද මේකද කියලා :P,මම 7 වසර වෙනකන් පන්තියේ හොඳින් අධ්‍යපන වැඩ ටික කලා නමුත් ඉට පස්සෙ පොඩ්ඩක් පිස්සු කෙලින්න ගත්තා,අපේ පන්තියේ හිටියා මධාවි කොල්ලෝ දෙන්නෙක් ,උන් දෙන්නම මුස්ලිම්,උන් දෙන්නා එක්ක එ දවස් වල මම සෙට් වෙලා තමයි බාල්දි පෙරලන්නෙ,සිංහල ගුරුවරු ඔක්කොම මට බැන්නා මිසක් කරුණාවක් පැවේ නැ,ඔක්කොම ගුරුවරු කිව්වෙ මේ ඉස්සර හිටපු එකා නෙමෙයි නේ මු දැන් ගන්න දෙයක් නැ අරකයි මේකයි,ගුරු දෙගුරු ‍රැස්විම් වලදිත් ගුරුවරු සෙට් එක අම්බානක මට දෙහි කපනවා අම්මයි අප්පච්චියි එක්ක.කොහොම හරි 10 පන්තියටත් ආව,10 ආවට අම්මට මම යන විදියට O/L පාස් වෙයිද කියලවත් ශුවර් එකක් තිබ්බෙ නැ,මොකද එ තරම් මම පොත් පත් වලින් හිටන් ඇත් වෙලා තිබ්බෙ.ඔහොම ඉන්නකොට 10 වසරේදි ඉංග්‍රිසි උගන්වන්න ක‍ටුගස්තොට පැත්තෙ ඉඳන් පාසැලට ආපු මුස්ලිම් සර් කෙනෙක් ආව (නම් සඳහන් කරන්නෙ නැ මම) ඉතින් මේ ගුරුතුමා තමයි මාව හරියටම තෙරුම් ගත්තු ගුරුදෙවියා,සර්ට මම කොයි වගේ කෙනෙක්ද මට මොන වගේ හැකියාවන්ද තියෙන්නෙ කියන එක තෙරුම් ගියා,දවසක් සර් මට පාසලේ තිබුන අඔ ගහක් ලඟට එන්න කියලා මෙන්න මෙහෙම කතාවක් කිව්වා "පුතේ ඔයාට යම් දකෂතාවයක් තියන දරුවෙක් ඇයි ඔයා අර මධාවි කොල්ලෝ දෙන්නා එක්ක එකතු වෙලා නරක් වෙන්නෙ (මේ මධාවි කොල්ලේ දෙන්නා කිව්වෙ අර හදන්න බැරි මුස්ලිම් කොල්ලෝ දෙන්නට) ඔයාට හොඳ අම්මා කෙනෙක් අප්පච්චි කෙනෙක් ඉන්නවා එ අය වැදගත් විදියට ජිවත් වෙනවා ඉතින් දවසක ඔයත් හොඳ ‍රැකියාවක් කරලා එ අය වගේ වෙන්න ඔනේ නෙද,එ අයව රක්ෂණය කරන්න ඔනේ නෙද,එක නිසා මගේ පුතා එ ළමයි එක්ක යන්න එපා,ඔයා පන්තියේ හොඳට වැඩ කරන්න මම ඔයා දිහා බලාගනයි ඉන්නෙ,ඔයා හොඳ ළමයෙක් උනොත් මම පාසැලේ ශිෂ්‍ය නායකයෙක් වෙන්න උදව් කරනවා........" බලන්න මේ මනුස්සයාට ජාති භෙදයක් තිබ්බද ? නැ නේද.........ඇත්තටම මම එ සර් නිසා තමයි 10 වසරේ අන්තිම වෙනකොට පන්තියේ හොඳම ළමයි අතරට එන්න පුළුවන් උනේ,අවසානයෙදි O/L අසමත් වෙයි කියලා හිතපු එකා හොඳින් සමත් උනෙත් එ ගුරුතුමා නිසා,මම දවසක් සර්ගේ ගෙදර ගියා ,ගියාම මට තම මතකයි සර්ගේ වයිෆ් මට නෙල්ලි වලින් හදපු රසවත් බිමක් බොන්න දුන්නා.එ අය ඔය කලු රෙදි පොරවගන හිටියේ නැ එ දවස් වල,එ අය සාරියෙන්ම තමයි ඔලුව වහගන හිටියේ.........මම දවසක් නුවර ආපු වෙලාවක මගේ යාලුවෙක්ගෙන් දැන ගන්න ලැබුනා සර් නැති උනා කියලා,එදා නම් මට හරිම දුකක් දැනුනේ,අන්න එහෙම මුස්ලිම් මිනිස්සු හිටපු රටක් මේක........:(:(:(
 
  • Like
Reactions: Fernando100

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මුස්ලිම් අයගෙන් 0.001% ඔහොම අය ඉන්නවා තමා... ඒත් වැඩිහරියක් අරම එවුන් :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,177
    34,788
    113
    උඹේ කතාව කියවලා ඇඬුනා බං. ඒ සර් නම් ඇත්තටම සවර්ගයේ ඉපදිලා ඇති
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මගේ සීට් එක එහා පැත්තේ ඉන්නෙත් මොහොමඩ් කෙනෙක් තමයි.. මම බලන ඒවත් පේනවා මීක් නෑ ඔහේ ඉන්නවා දැනට
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උන් අපිට වඩා පල්ලිවල මේ වෙන දේවල් ගැන දැනගෙන හිටිය. ඒත් මොනාද කළේ? අපි සිංහලයින්ට ජාතිවාදී ලේබල් එක ගහපු එක. අපේ හාමුදුරුවන්ට අපහාස කරපු එක. මෙතන ලොකූ වැරද්දක් අපේ දේශපාලකයින්ගේ තියනවා. මෙච්චර ඔඩු දුවනකන් නිකං හිටපු එක. ඒත් මුස්ලිම් එකෙක්වත් දැන් විශ්වාස කරන්න බෑ මචං උන්ගෙ ව්‍යාප්තවාදය තියෙන්නෙ. උන් වැඩි උනාම කිසිම සහනයක් නං සිංහලයින්ට හම්බෙන්නේ නෑ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,995
    35,927
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගෙත් ඩිසන්ට් මුස්ලිම් යාලුවො ඉන්නව අපෙ ගෙවල් වලත් එනව
    හොද මිනිස්සු ඉන්නව නැත්තෙ නැහැ

    කලු ගෝනි වල බැහැල නැතුව සල්වාරිය ගහල ඩුහුල් රෙද්දක් ඔලුවට දාල ඉන්නෙ මගෙ යාලුවගෙ වය්ෆ්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මන් අදුරන මුස්ලිම් ටීච කෙනෙක් ඉන්නවා. ඒ මනුස්සයා ඔලුවට දන්නෙත් පෙනේරේ වගේ විනිවිද පේන රෙදි කෑල්ලක්. ඒකත් ඕනවට එපාවට දාගෙන ඉන්නේ. කොයිවෙලෙත් රෙද්ද ලිස්සලා වැටෙනවා. කොන්දෙත් ස්ට්‍රේට් කරලා ඉන්නේ. මැලේ ද මන්දා