රුවන් මම ඔයාගෙන් දෙයක් අහන්නද..? මේ මගේ යාලුවෙකුට වුන සත්‍ය දෙයක්…
දවසක් මමයි මගෙ යාලුවයි ඒසී බස් එකේ නැගල කොළඹට එනවා … එතැන තිබුන හිස් සීට් ඒකේ ඉඳගන්න මුස්ලිම් කෙනෙක් ආවා.. මගේ යාලුවා සීට් එකට අත තියල කිව්වා “මෙතැන ඔයාට” ඉඳගන්න දෙන්න බැහැ කියල..!
මම එහෙම කරන්න එපා කියල කිව්වත් මගේ යාලුවට ..තරහින්ම යාලුව මගේ කනට කරල කිව්ව උඹ හම්බයෝ විශ්වාශ කලාට මං නෑ කියල.. නමුත් මම මගේ සීට් එක මාරු කරල ඒ මුස්ලිම් කෙනාට ඉඳගන්න දුන්නා… එයා හිනාවෙලා ඉඳගත්තා… අපි සති අන්තයට ගමේ ගිහිල්ල උදේන්ම කොළඹට වැඩට එන සමහර දිනවලට ඒ මුස්ලිම් කෙනා හම්බවෙනව බස් එකේදි.. මට හිනාමුසු මුන පෙන්නනවා විතරයි.. ඒත් වචනයක්වත් කතා කරන්නේ නැහැ… හිතන්න ඇති අපිට ඉංග්‍රිසි බැහැ කියල ..එක්කො සිංහලෙන් එයාට කතා කරන්න දන්නෑ කියල අපි හිතනව ඇති කියල !
නොහිතූ වෙලාවක ඔෆිස් එකේදි මගේ යාලුවට දරුනු පපුවේ අමාරුවක් හැදිලා හොස්පිටල් ගෙනිච්චා කඩිමුඩියේ …ස්ලේලයින් ගහල ගෙනිච්ච ඇඳ ලඟට වෙලා මම බයෙන් බලාගෙන ඉන්නවා… කන්සල්ටන්ට් ආව ලෙඩාව බලන්න ඇඳ ලඟට… හොඳට බලාගෙන ඉඳලා මෙහෙම සිංහලෙන් ඇහුවා…
“”” කමක් නැද්ද මම ඔයා ලඟින් ඉඳගෙන ඔයාගෙ පපුවට අත තියල බැලුවට..”””
යාලුවා අන්දුන්කුන්දුන් වෙලා ගොලුවුනා …. කවුද ඒ …
අර බස් එකේ ආපු නිහතමානි මුස්ලිම් එක්කෙනා…!