මුස්ලිම් පාතාලය

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මුස්ලිම් පාතාලය

    ඒ ඉකුත් 2007 වසරේ මැයි මස පස් වැනිදාය. දෙමටගොඩ පොලිසියට තොරතුරක් ලැබුණි. ඉන් කියැවුණේ මාලිගාවත්ත දුම්රිය පළ අසල පුද්ගලයකු මරා දමා ඇති බවකි. වහා ක්‍රියාත්මක වූ පොලිසිය සිද්ධිය වූ තැනට ගොස් පරීක්ෂණ අරඹන ලදී. තිස් අට පොළකට පිහියෙන් ඇන මරා දමා තිබූ පුද්ගලයා කවුදැයි හඳුනා ගැනීමට පොලිසිය පරීක්ෂණ පැවැත්වූයේ ඉන් අනතුරුවය.මරා දමා තිබූ පුද්ගලයා මාලිගාවත්තේම පදිංචි අයකු වූ ‘උක්කු’ නමැති සිවු දරු පියෙකි.

    තිස් දෙහැවිරිදි අයෙකි. දෙමටගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ඇරැඹුව ද ඒ කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිවිණි. උක්කුගේ ඝාතනය පාතාලයේ ගිණුමට බැර වූ අතර උක්කුගේ නිවැසියන් සැකකෙළේ වෙනත් සබඳතාවයක් මත මොහු ඝාතනය කර ඇති බවකි. පාතාලයේ කිසිවෙකුගේ උපදෙස් මත මොහු ඝාතනය වූ බවට සැකකළ ඔවුහු ද ඊට එරෙහිව යාම එතරම් හොඳ නැති බව දැනගෙන නිහඬව සිටින්නට වුහ.

    කාලය මෙසේ ගෙවී ගියේ උක්කුගේ ඝාතනය කාලයේ වැලිතලාවට යටකරමිනි. දින, සති, මාස, අවුරුදු ගණනින් ගෙවී ගියේය.

    මාලිගාවත්ත ප්‍රදේශය කලක් මුස්ලිම් පාතාලයේ ප්‍රබල රජදහනකි. පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ පාතාලය මඩින මෙහෙයුම් නිසා මාළිගාවත්ත අරක්ගෙන සිටි ප්‍රබල මුස්ලිම් පාතාලයන් කිහිපදෙනෙකු මැරුම් කෑ අතර තවත් ප්‍රබලයන් රට පැන ගියේ පොලිස් හා හමුදා මෙහෙයුම්වලට බියෙනි. රටින් පලා යෑමට නොහැකි වූ පාතාලයන් පොලිස් ඇසට වැලි ගසමින් සැඟවුණු අතර ඔවුන්ගේ ක්‍රියාකාරකම් රහසිගතව සිදුවිණි. පොලිසියෙන් හෝ හමුදාවෙන් මැරුම්කෑමට ඇති බිය නිසා ඔවුහු ක්‍රියාශීලී නොවූහ.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මරදාන පොලිසිය කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වන කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ බුද්ධි ඒකකයේ නිලධාරින් මේ වනවිට කොළඹ මධ්‍යම කොට්ඨාසයේ නොවිසදුණු අපරාධ සෙවීමේ කටයුතුවල නිරතව සිටි අතර ඔවුන්ට උක්කුගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණේ මේ අතරය.

    සිවිල් ඇඳුමෙන් සැරසී රාජකාරියේ යෙදෙන නිලධාරියකුට ලැබුණු ඔත්තුව වහා ස්ථානාධිපති දේවනාරායන මහතාට දැනුම් දෙන ලදී. ඉන්පසුව පොලිසිය වසර දෙක හමාරකට පසුව උක්කුගේ ඝාතනය සම්බන්ධයෙන් මුස්ලිම් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත්තේය. ඔහු මියගිය උක්කුගේ ඥාතියෙකු විය. ඔහුගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව උක්කුගේ ඝාතනයේ සුලමුල හෙළිවිය.

    පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු මීට වසර දෙක හමාරට කලියෙන් ඝාතනය වූ උක්කුගේ මස්සිනා කෙනෙකි. සැකකරු විවාහ වී සිටියේ උක්කුගේ බිරිඳගේ නැගණියක් සමඟය. සැකකරු ඇය හා විවාහ වන්නට කලියෙන් ඇතිවූ පේ‍්‍රම සම්බන්ධතාවයට උක්කු තදින්ම විරෝධය පෑම නිසා සැකකරුට උක්කු කෙරෙහි ඇති වූයේ තරහවකි.

    සැකකරුගේ ඥාති සොහොයුරෙකු ඒ වනවිට මාලිගාවත්ත ප්‍රදේශයේ පාතාලයේ කෙරුමෙක් විය. තමා පෙම්වතියට කරන ආදරයට ඇගේ් මස්සිනා විරුද්ධ වීම නිසා උරණ වූ සැකකරු මේ බව ඥාති පාතාල කෙරුමාට පැවැසුවේ ඔහුට කුමක් හෝ කළ යුතු බව කියමිනි.

    සිදුවීම ඇරැඹුණේ ඉන් අනතුරුවෙනි. පාතාල කෙරුමාගේ නියෝග මත පැමිණි කණ්ඩායමක් උක්කුව පැහැරගෙන ගොස් හොඳටම පහර දෙන්නට වූ අතර පහරදීමෙන් පසු මහමග දමා ගිය උක්කු සිය නිවෙසට ආවේ දැඩි රෝගාතුරුවය.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මේ අතර සැකකරු හා උක්කුගේ ඥාති නැගණිය සමඟ ඇතිව තිබූ පේ‍්‍රමය දළුලා වැඩී ගිය අතර අවසානයේ ඔවුන් විවාහ වූයේ කිසිදු බාධාවකින් තොරවය. කල්යාමේදී උක්කු හා සැකකරු අතර තිබූ අසමගිය ද පහව ගිය අතර ඔවුන් හොඳ මිත්‍රයන්ව ඇසුරු කරන්නට ද වූහ. එහෙත් තමාට පාතාල කෙරුමා විසින් එවන ලද කණ්ඩායම පහර දුන්නේ සැකකරුගේ කීම නිසා බවට ඔහුගේ් යටි සිතේ තිබූ වෛරය එලෙසම පැවතිණි. කොයි මොහොතක හෝ ඊට පළි ගන්නා බව “උක්කු” ගේ සිත කියන්නට විය.

    එහෙත් කාලය කෙමෙන් ගෙවී ගියේය. දෙමස්සිනෝ මෙන්ම ඥාතීහු ද තරහ මරහ ඉවත් කරගෙන පවුල් කන්නට වූහ.

    ඒ ඉකුත් 2008 වසරය. පාතාලයන් කොටුකර ගැනීමේ මෙහෙයුම් පොලිසිය හා හමුදාව මගින් ක්‍රියාත්මක කර තිබුණි. මාලිගාවත්ත මුස්ලිම් පාතාලය අක්‍රීය කිරීම නිලධාරින්ගේ අභිප්‍රාය විය. ඒ අනුව පාතාලයේ කෙරුමන් හා පාතාල ක්‍රියාකාරීන්ගේ තොරතුරු සෙවීම රහසිගතව ඇරැඹුණි.

    “උක්කු” මේ පිළිබඳව දැන ගත්තේ මේ අතරය. තමාට පහර දුන් පාතාලයා කොටුකර දීමට හොඳම අවස්ථාව මෙය බව සිතාගත් ඔහු හිතවත් පොලිසියේ ලොක්කෙකුට මේ බව කීවේ තමාව කිසිදා පාවානොදෙන බවට පොරොන්දුවක් ද ගනිමිනි. ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් ‘පාතාල කෙරුමා’ අත්අඩංගුවට ගත්තේ උක්කුගේ මෙම තොරතුරු මතය. එහෙත් මේ සම්බන්ධයෙන් කිසිදු සැකයක් උක්කු වෙත එල්ල නොවිණි.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    පාතාල කෙරුමා තම බිරියගේ නැගණිය හා විවාහ වූ සැකකරුගේ ද ඥාති සොහොයුරෙකි. ඒ නිසා සැකකරුට තම ඥාතියා දැක බලා ගැනීමට ඔහුට කන්නට බොන්නට යමක් යවන්නට පණිවිඩයක් දෙන්නට උක්කුගේ පිහිට අවශ්‍ය වුණි. උක්කු ද තමා කළ දේ සඟවමින් සැකකරුට හා පාතාල කෙරුමාට හිතවත් බව පවසමින් හැසිරෙන්නට විය.

    පොලිසිය මගින් පාතාල කෙරුමා හිරගෙදරට යැවූ අතර ඔහු බලන්නට හිරේට යන්නට ද උක්කුවා පියවර ගත්තේය. මේ නිසා සැකකරු හා උක්කු අතර තව තවත් මිතුදම ලියලා වැඩුණු අතර උක්කුට මිල මුදල් ද ලබාදෙමින් තම ඥාතියා බලන්නට හිරගෙදරට යන්නට අවශ්‍ය උදව් ද ලබාදෙන්නට විය.

    හිරගෙදර සිටින පාතාල කෙරුමාට රහසිගත තොරතුරක් ලැබෙන්නේ මේ අතරය. ඉන් කියැවුණේ ඔහුව පොලිසියට අල්ලා දෙන්නට ඔත්තුව දුන්නේ “උක්කු” බවකි. මින් පාතාල කෙරුමාගේ කෝපය ඇවිස්සිනි. කන්නට බොන්නට පවා රැගෙන ව්‍යාජ මිතුරුකමක් පෙන්වමින් මෙතෙක් කල් හිරේට පැමිණි “උක්කු” තමා පාවා දී ඇති බව දැනගත් ඔහු මේ බව තම ඥාතියාට සැකකරු ගැන පැවැසුවේ උක්කුට හොඳ වැඩක් කළ යුතු බව ද කියමිනි.

    ඒත් උක්කුට මේ බව දැනගන්නට නොතැබූ සැකකරු ඔහු සමඟ මිත්‍රවෙමින් සිටින්නට විය. උක්කු ඝාතන සැලසුම සැකසුණේ මේ අතරතුරය.

    ඒ ඉකුත් 2007 මැයි මස පස් වැනිදාය. වේලාව සවස හයහමාරට පමණ ඇත. ඛෙත්තාරාම ක්‍රීඩාංගණය අසල සිටි උක්කුවා ළඟට ත්‍රිරෝද රියකින් පැමිණි අවිගත් නාදුනන කණ්ඩායමක් උක්කු පැහැරගෙන ගියේ ඉන්පසුවය. නාඳුනන කණ්ඩායම තුන් දෙනෙකුගෙන් සමන්විත වූහ. ඒ අතර උක්කුවාගේ බිරියගේ නැගණියගේ සැමියා (පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු)ද විය. එකෙකු ත්‍රිරෝද රථ රියදුරාය.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    පැහැරගෙන ගිය උක්කු මාලිගාවත්ත ජම්රියපොළ අසලට රැගෙන ගිය ඔවුහු ‘පාවාදීමට’ එරෙහිව සටන ක්‍රියාත්මක කළේ උක්කුට පහර දෙමින් හා පිහියෙන් අනිමින්ය. සියල්ල නිමාවූයේ උක්කු පිහිඇණුම් කා එතැනම මැරී වැටීමත් සමඟය. වැටුණු උක්කුගේ මළසිරුර එතැනම දැමූ සැකකරු ඇතුළු අනෙක් දෙදෙනා එතැනින් පළා ගියේ මේ බව සදා කිසිවෙකුටවත් දැන ගැනීමට නොහැකි වනු යැයි සිතා වන්නට ඇත.

    එහෙත් අපරාධයක් කිසිදා වළ දමන්නට නොහැකි බව පසක්කර දෙමින් මීට වසර තුනහමාරකට පෙර උක්කු ඝාතනයේ ප්‍රධාන සැකකරු කොට්ඨාස අපරාධ බුද්ධි අංශය විසින් අල්ලා ගනු ලැබුවේ ඒ නියතය යළි යළිත් මතක් කර දෙමින්ය.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඔබලාව ජනාමාධ්‍යයෙන් සහ පොලිසියෙන් හඳුන්වන්නේ මාලිගාවත්තේ මුස්ලිම් පාතාලයෝ කියලා. ඒ ඇයි? ඊට අදාළ ඉතිහාසය ගැන කථා කළොත්?


    අපි පාතාලයෝ නොවෙයි. අපේ අයියලා මල්ලිලා ඔක්කොම ක‍්‍රීඩකයෝ. අපේ අයියාලා පැය විසිහතරේම හිටියේ ක‍්‍රීඩා පිටියේ. අපි සෙල්ලම් කළේ ෆුට් බෝල්, ක‍්‍රිකට් අපේ ගමේ අපට ජීවත්වන්න නිදහසක් නැති වුණා. බන්ටෙක ලඟ සුදා සහ ක‍්‍රිස්ටෝපර් අපේ අයියලාට කරදර කළා. ඒ අය ගමේ අය නොවෙයි. පිට අය. ක‍්‍රිස්ටෝපර් නුවර එළියේ, සුදු කොහෙද කියලා දන්නේ නැහැ.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඇයි ඔබලාට ඔවුන් හිරිහැර කළේ?

    සුදු හා ක‍්‍රිස්ටෝපර් අපි සෙල්ලම් කරන ක්ලබ් එකට මිනිස්සු අරගෙන ඇවිල්ලා ගහනවා. එකට අපේ අයියා ඉඩ දුන්නේ නැහැ කියලා අපේ අයියා ෆාජිට සහ ඩොන්ට ගහන්න ආවා. අපේ මන්ත‍්‍රී ඉමිටියාස් සූදා ගේ වැඩක් කරලා දුන්නේ නැහැ කියලා ඒයාට පාර මැද තියලා ගහනවා. එතකොට මගේ වයස අවුරුදු 16යයි. පස්සේ අපේ අයියලා තීරණයක් ගත්තා. සුදුවයි, ක‍්‍රිස්ටෝපර්වයි ගමෙන් එළවලා දාන්න. අපේ ගම චණ්ඩින්ගෙන් බේරා ගන්න කටයුතු කරපු අපේ අයියලා පොලිසිය සහ ජනමාධ්‍ය පාතාලයේ කියලා හංවඩු ගැහුව්වා.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ක‍්‍රිස්ටෝපර් සහ සුදා චණ්ඩිකම්වලට අමතර කුඩු බිස්නසුත් කළාද?

    මුළු කොළඹම දන්නවා ඔවුන් කුඩු බිස්සන් කළා කියලා. කුඩුවලට අමතර ඔවුන් කප්පම් ගත්තා. කුලියට මිනිමැරුවා. අපේ යාළුවෝ තුන් හතර දෙනක් මරලා දාලා තියෙනවා. චණ්ඩිකම් කරනවා නම් අනිවාර්යයෙන් කුඩු බිස්නස් කරන්න වෙනවා. කොළඹ හිටිය හැම පාතාල කණ්ඩායමක් එක්කම ඔවුන් සම්බන්ධකම් තිබුණා.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ක‍්‍රිස්ටොපර් සහ සුදා පිටුපස දේශාපලනඥයොත් හිටියාද?

    ඔව්, දේශපාලනඥයන්ගේ උදව් උපකාර නැතිව චණ්ඩිකම් වගේම කුඩු බිස්නස් කරන්න බැහැ. දේශපාලඥයන්ගේ සහයෝගය අනිවාර්යයයි.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඔබලා ක‍්‍රිස්ටෝපර්ට සහ සුදාට එරෙහිව ආයුධ ගත්තේ ඔවුන් දෙමළ සහ සිංහල ජාතිකයන් වීම නිසාද?

    නැහැ. ඒ වගේ ප‍්‍රශ්න අපි ළඟ නැහැ. අපේ ගමේ නිදහස වෙනුවෙනුයි අපි ආයුධ අතට ගත්තේ. අපි පොලිසියට කියලා බැලූවා. දේශපාලන නායකයන්ට කියලා බැලූවා. අපි සෑම උත්සාහයක්ම ගත්තා. ඉමිටියාස් මන්ත‍්‍රීතුමා ඉන්න කොටත්, සෑම උත්සාහයක් ගත්තා නමුත් කිසිම දෙයක් වුණේ නැහැ.
    ක‍්‍රිස්ටෝපර් ගෙන් සුදාලාගෙන් ෆාජී අයියලාට මරණ තර්ජන එන් පටන් ගත්තා. පස්සේ ඔවුන් අයියලාව මරන්න කලින් අයියලා ක‍්‍රිස්ටෝපර්වයි සුදාවයි මාලිගාවත්තෙන් පන්නලා දැම්මා. ඊට පස්සේ මාලිගාවත්තේ මුස්ලිම් පාතාලයෝ කියලා පොලිසියත් ජනමාධ්‍යවේදීනුත් අපිව හංවඩු ගැහුව්වා. අපි ගැන බොරු ලියපු එක ජනාමාධ්‍යවේදීයක්වත් අපව මුණගැහිලා අපේ කතාවට සවන් දුන්නේ නැහැ. පොලිසිය කියන එක තමයි ඔවුන් ලිව්වේ. අපේ සමාජය ගැන වැරදි තොරතුරු ලියලා, අපිව මේ තත්ත්වයට ඇදලා දැම්මේ ජනමාධ්‍යවේදීන්. මාලිගාවත්තේ කිව්වොත් ගමෙන් පිට කවුරුවත් අපේ ගමේ තරුණයෙක්ට රැකියාවක් දෙනේ නැහැ. ඒ තත්ත්වය ඇති කළේ ජනමාධ්‍යවේදීන්.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ක‍්‍රිස්ටෝපර්ලාව, සුදාලාව මාලිගාවත්තෙන් එළවලා ආයුධ ගත්ත ෆාජිලාත් අවසානයේ පාතාලයෝ බවට පත් වුණා නේද?

    ඔව්. ඒක ඇත්ත. ආයුධ ගත්තේ අපේ අයියලා, මම ඒකට සම්බන්ධ නැහැ. මම ඒ කාලේ ත‍්‍රිවිල් රෙපයාර් කරන බාස් කෙනෙක්. ගමේ ප‍්‍රශ්නවලදී පොලිසිය අයියලාව සොයන්න පටන් ගත්තා. අයියාල හැංගිලා ඉන්න කොට, මමත් මගේ මල්ලී අක‍්‍රමනුත් තමයි ඔවුන්ට කෑම අරගෙන ගියේ. අපි අයියාලාට කෑම අරගෙන ගියා කියලා පොලිසියෙන් බොරු මිනීමැරුම් චෝදනා දාලා අපි බන්ධනාගාර ගත කළා. ඊට පස්සේ අපිවත් පාතාලයෝ කියලා හැඳින්වූවා.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    04.png

    8532_c6d7.jpg

    36673_103906569660349_103341869716819_21016_6670247_n.jpg

    allah_thong.jpg