මුස්ලිම් පාතාලය
ඒ ඉකුත් 2007 වසරේ මැයි මස පස් වැනිදාය. දෙමටගොඩ පොලිසියට තොරතුරක් ලැබුණි. ඉන් කියැවුණේ මාලිගාවත්ත දුම්රිය පළ අසල පුද්ගලයකු මරා දමා ඇති බවකි. වහා ක්රියාත්මක වූ පොලිසිය සිද්ධිය වූ තැනට ගොස් පරීක්ෂණ අරඹන ලදී. තිස් අට පොළකට පිහියෙන් ඇන මරා දමා තිබූ පුද්ගලයා කවුදැයි හඳුනා ගැනීමට පොලිසිය පරීක්ෂණ පැවැත්වූයේ ඉන් අනතුරුවය.මරා දමා තිබූ පුද්ගලයා මාලිගාවත්තේම පදිංචි අයකු වූ ‘උක්කු’ නමැති සිවු දරු පියෙකි.
තිස් දෙහැවිරිදි අයෙකි. දෙමටගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ඇරැඹුව ද ඒ කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිවිණි. උක්කුගේ ඝාතනය පාතාලයේ ගිණුමට බැර වූ අතර උක්කුගේ නිවැසියන් සැකකෙළේ වෙනත් සබඳතාවයක් මත මොහු ඝාතනය කර ඇති බවකි. පාතාලයේ කිසිවෙකුගේ උපදෙස් මත මොහු ඝාතනය වූ බවට සැකකළ ඔවුහු ද ඊට එරෙහිව යාම එතරම් හොඳ නැති බව දැනගෙන නිහඬව සිටින්නට වුහ.
කාලය මෙසේ ගෙවී ගියේ උක්කුගේ ඝාතනය කාලයේ වැලිතලාවට යටකරමිනි. දින, සති, මාස, අවුරුදු ගණනින් ගෙවී ගියේය.
මාලිගාවත්ත ප්රදේශය කලක් මුස්ලිම් පාතාලයේ ප්රබල රජදහනකි. පසුගිය කාලයේ ක්රියාත්මක වූ පාතාලය මඩින මෙහෙයුම් නිසා මාළිගාවත්ත අරක්ගෙන සිටි ප්රබල මුස්ලිම් පාතාලයන් කිහිපදෙනෙකු මැරුම් කෑ අතර තවත් ප්රබලයන් රට පැන ගියේ පොලිස් හා හමුදා මෙහෙයුම්වලට බියෙනි. රටින් පලා යෑමට නොහැකි වූ පාතාලයන් පොලිස් ඇසට වැලි ගසමින් සැඟවුණු අතර ඔවුන්ගේ ක්රියාකාරකම් රහසිගතව සිදුවිණි. පොලිසියෙන් හෝ හමුදාවෙන් මැරුම්කෑමට ඇති බිය නිසා ඔවුහු ක්රියාශීලී නොවූහ.