මචං උබ ඔය ටික තේරුම් ගත්ත එකම ලොකු දෙයක් මචං.මම උබ කියපු ඔක්කොම කියෙව්ව.මම මේ කියන දේත් පොඩ්ඩක් තේරුම් ගනී කියල මම හිතනව මුස්ලිම් සහෝදරයො ටික.මචං ලංකාව කියන්නේ අතිතයෙ ඉදලම බුද්දාගම් රටක්.වැඩි හරියක් ජීවත් උනේ සිංහල බෞද්ද මිනිස්සු.ගොඩක් අදහන්නෙ බුද්දාගම. එහෙම කියල කවදාවත් අපේ රටේ මිනිස්සු වෙන ජාතියක මිනිස්සු කියල වෙන ආගමක මිනිස්සු කියල කවදාවත් උබලව කොන් කලේ නැ.එකම රටක් එක මිනිස්සු ජාතියක් කියල හිතල ඒ කාලෙ ඉදලම මිනිස්සු වැඩ කලේ.ඒත් මේ දැන් විතරක් ඇයි මේ ජාතිවාදයක් අල්ලගෙන ආගමක් අල්ලගෙන රට බෙදාගන්න විදිහට වැඩ කරන්න හදන්නෙ.
පුංචි උදාහරනයක් ගනින්කො මචං සවුදි අරාබිය කියන්නෙ උපතින්ම ඉස්ලාම් රටක්. ඒ රටෙත් ඉන්නවනෙ වෙනත් ආගම් අදහන මිනිස්සු.කවදාවත් ඒ මිනිස්සු යනවද එහෙ තියෙන ප්රදාන ආගම නැති කරල තමන්ගෙ ආගම තමයි ලොකු.මගෙ ආගම තමයි හරි කියල ඒ ආගම ඒ ජාතිය වැඩි කරගන්න යන්නෙ නැනෙ මචං.මොකද ඒ රට ස්වභාව දර්මයෙන්ම මුස්ලිම් රටක්.ස්වභාව දර්මයට පිටින් වැඩකරන්න ගියාම තමයි ප්රස්න ඇති වෙන්නෙ.ඒ වගෙ අවස්තාවක ඒ රටේ ප්රදාන ආගමට මුල් තැන දීල ඒ ආගමට ගරු කරන ගමන් තමන් අදහන ආගමත් අදහල හැමදේම සමබරව කරගෙන ගියනම් මේ වගේ ජාති වාද ආගම් වාද ඇති වෙන් නැ නේද මචං.
ඉතිං මම කියන්නෙ ලංකාව කියන්නෙ බුද්දාගම් රටක්. එහෙම කියල කවදාවත් උබලට වෙන රටවල් වගේ කුඩම්මගෙ සැලකිලි කිසිම ආගමකට කරල නැ.හැමෝටම එක වගේ සලකන්නෙ.එක වගේ හිතන්නෙ. ඉස්සර නොතිබුන ප්රස්න ඇදගෙන දැන් ඇයි මේ රට බෙදෙන විදිහට වැඩ කරන්නෙ.මම කියන්නෙ මචංලා අනිත් ආගම් වලට ගරු කරපල්ලා.මේ රටෙත් ප්රදාන ආගමක් කියල දෙයක් තියෙනවනෙ ඒකට ගරු කරපල්ල.ඒ නිසා ස්වභාව දර්මය වෙනස් කරන්න යන්නෙ නැතුව. එහෙම උනොත් මචං අකමැත්තෙන් හරි කියන්න වෙන්නෙ ලෝක විනාශය කියන එක වැඩි ඇතක නෙමෙයි කියන එකයි මචංලා.