අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම හිමිපාණන් ගේ ආදාහන පූජෝත්සවය 2016.09.12 වන දින නිදහස් චතුරස්රයේදී පැවැත්වෙන බව 2016.09.08 වන දින මව්බිම පත්‍රයේ පලව තිබුනි.
________
කියවා share කරන්න.
________
එහෙත් එයට පසු දාම එනම් 2016.09.09 වන දින දිවයින පුවත් පතේ එම තීරනය වෙනස් කරන බව පලකර තිබිණ.
දොලොස් වෙනි දිනට යෙදෙන හජ්ජි උත්සවය නිසා ආදාහන පූජෝත්සවය නිදහස් චතුරස්රයේ පවත්වන්නට ඉඩ දිය නොහැකි බව කොලඹ නගරාධිපති මුසම්මිල් පවසා තිබිණ. මුස්ලිම් පිරිසගේ බලපෑම මත රජයෙන් ලැබුනු නියෝගය නිසා මෙම උත්සවය පවත්වන්නට බෞද්ධයින්ට වෙන තැනක් සොයා ගන්නට සිදු විය.
මේ කරුන ප්‍රශ්න කිරීමට ලක් වීමත් සමග ෆේස්බුක් සමාජ ජාලය හරහා දැවැන්ත විරෝධයක් ගොඩ නැගෙන්නට විය.
මෙම විරෝධය හමුවේ කලබල වූ රජයේ පාර්ශවය කලේ කිසිසේත්ම අනුමත කල නොහැකි හිරිකිත වැඩකි.
නාහිමියන්ගේ ආදාහන කමිටුවේ පිරිස හමු වෙන්නට ආරක්ෂක අමාත්‍යංශයේ නියෝජිතයින් පිරිසක් පැමින කීවේ මේ තීරනයට රජයේ හෝ මුස්ලිම් අයගේ කිසිදු සම්බන්ධයක් නැති බව කියා වහාම ප්‍රකාශයක් නිකුත් කරන ලෙසය.
නිදහස් චතුරස්රයේ ඉඩකඩ මදි බැවින් ආදාහන පූජෝත්සවය පාර්ලිමෙන්තු ක්‍රීඩාංගනයට ගෙන ගිය බවද, එය කිසිවෙකුගේ බලපෑමකින් සිදුවූවක් නොවන බවද කියා වහාම ප්‍රකාශයක් නිකුත් නොකලහොත් ආදාහන පූජෝත්සවයට රාජ්‍ය ගෞරවද අහිමි වන බවත්, තවත් ගැටලු වලට මුහුණ දෙන්නට සිදුවිය හැකි බවත් ආදාහන කමිටුවට දන්වනු ලැබිනි.
රාජ්‍ය බලය සමග හැප්පෙන්නට ශක්තියක් නැති බැවින්ම ඒ නියෝගයට හිස නවා ඔවුන් කී පරිදිම ප්‍රකාශයක් නිකුත් කරන්නට භික්ෂුන්ට සිදුවිය