මුස්‌ලිම් සහෝදරවරුනි· දහම විසින් ඔබ සුරකි
මුස්‌ලිම් සහෝදරවරුනි·
දහම විසින් ඔබ සුරකිනු ලබනවා ඇත
ඉස්‌ලාම් සමය නිග්‍රහයට ලක් කරමින් ඇමරිකාවේදී සාදන ලද චිත්‍රපටය නිසා ලොව පුරා සිටින මුස්‌ලිම් සහෝදරවරුන්ගේ සිත ඉතා දරුණු ලෙස පෑරී තිබේ. මේ මොහොතේදී ලොව හැම රටකම ඉස්‌ලාම් භක්‌තිකයෝ පෙර කී චිත්‍රපටයට එරෙහිව විරෝධතා ව්‍යාපාරවල නියෑළෙමින් සිටිති. ශ්‍රී ලංකාවේ තත්ත්වය ද මෙයමය. මෙහිදී කුඩා මතක් කිරීමක් කළ යුතුය. එනම් මෙය ඇමරිකාව විසින් සාදන ලද චිත්‍රපටයක් නොව ඇමරිකානුවකු විසින් සාදන ලද චිත්‍රපටයක් බවය. මේ චිත්‍රපට අදටත් අන්තර් ජාලයේ යූ ටියුබ් අඩවියේ තිබේ. කොතරම් ලොකු "පොලිස් බලයක්" තිබුණත් අන්තර්ජාලයට වරක් ගිය දෙයක් යළි කැඳවා ගැනීමට බැරිය. වෙබ් අඩවිය තහනම් කළත් එහි තිබූ දේ කල් තබා ඩවුන්ලෝඩ් කරගෙන සිටින අය වෙතොත් කරන්නට කිසිම දෙයක් නැත. තාක්‍ෂණය මග හැර යැමට තාක්‍ෂණයටම පුළුවන. ලොව පුරා තහනම් කර ඇති විකි ලික්‌ස් වෙබ් අඩවිය Proxy ජාල හෙවත් විකල්ප සැකිලි ජාල හරහා නැරඹිය හැකිය. අපගේ වැටහීම වන්නේ ඉස්‌ලාමයට ගරහමින් චිත්‍රපටය සැදූ තැනැත්තා වහාම අත්අඩංගුවට ගෙන දේවඅපහාස නීතිය (Blasphemy) යටතේ ඔහුට නඩු පැවරිය යුතු බවය. ලොව පුරා සිටින ඉස්‌ලාමීය සහෝදරවරුන් අස්‌වැසිය හැක්‌කේ එවැනි සාධනීය පියවරක් මගින් පමණි.
ඉස්‌ලාම් ආගම යනු එය අදහන්නා විසින් සියයට සියයක්‌ම අදහනු ලබන ආගමකි. එම ආගම ඉතාම විනයානුකූලය. එබැවින් එහි කිසියම් දැඩි ස්‌වරූපයක් තිබේ. ඉස්‌ලාම් භක්‌තිකයා දිනකට පස් වතාවක් යාඥ කරයි. ඔහු පරිභෝජනය කරන්නේ ස්‌වකීය ආගම විසින් නියම කරන ලද මාංශ පමණි. (හින්දු ආගමේ ඇතැම් කොටස් පොළව යට හට ගන්නා අල වර්ග සහ ලුණු වර්ග ආහාරයට නොගනිති.) කාන්තාවන් සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කරන ආරක්‍ෂණ නීති ඉතා දැඩිය. එමතුද නොව ඔවුන්ගේ ඇඳුම් පිළිබඳ නීති රීති ද (Dress Code) ඉතා දැඩිය. ඉස්‌ලාම් දිවි පෙවෙත එම ආගම හා බැඳී පවතී. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් සුරකිනු ලබන්නේය යන කිsයමන සත්‍ය වන්නේ යම් සේද ඉස්‌ලාම් භක්‌තිකයා නිසි පරිදි ස්‌වකීය ආගම අදහන්නේ එමගින් තමා ආරක්‍ෂාවේය යන පදනමද සැලකිල්ලට ගනිමිනි.
මෙසේ වූ ආගමට පහර දෙන විට ඔවුන්ට බොහෝ රිදෙයි. ඔවුන් මහත් කෝපයෙන් රටවල් පෙරළන්නට සූදානම් වන්නේ ඒ නිසාය. ඉස්‌ලාම් ධර්මය පවත්නා රටවල් ක්‍රමයෙන් බටහිරට නැඹුරුවනු දුටු මුස්‌ලිම් සමාජ ශෝධකයන් එම රටවල් නැවතත් ශුද්ධ ඉස්‌ලාමීය ක්‍රමයක් තුළට ප්‍රවේශ කර වන්නට පටන් ගෙන තිබේ. බටහිරට නැඹුරු ඊජිප්තුව අද ක්‍රමයෙන් සියයට සියයක්‌ම ඉස්‌ලාම් සම්ප්‍රදායය සුරකින රටක් බවට පත් වේගන යයි. ලිබියාවේ විප්ලවීය කොටස් දැඩි මතධාරී ඉස්‌ලාම් භක්‌තිකයෝ වෙති. තලේබාන් සංවිධානය අන්තවාදී ඉස්‌ලාමීය කණ්‌ඩායමක් යෑයි බටහිරයන් කීවද එම ජන සමාජය තුළ තලේබාන් පාලකයන්ට පිළිගැනීමක් තිබේ. බටහිර ලෝකය අපේක්‍ෂා කරන්නේ තමන් මෙන්ම ලොව සෙසු රටවල් ද හෙළුවෙන් නැටිය යුතු බවය. එසේ නොවන රටවල් අන්තවාදීය. මූලධර්මවාදීය. පාරම්පරිකය. අන්තිමට යුද අපරාධකාරයන් ය.
කෙසේ වුවද අප අපගේ මුස්‌ලිම් සහෝදරයන්ගෙන් ඉල්ලන්නේ මේ තීරණාත්මක අවස්‌ථාවේදී ප්‍රචණ්‌ඩත්වයට නොඑළැඹී සාමකාමී වන ලෙසය. මෙහි වසන මුස්‌ලිම්වරු ලක් මෑණියන්ගේ දූ පුත්තු වෙති. ඒ පුතුන් පීඩාවට පත්ව සිටින කල අරගල කරන කල විනාශයට පත් වන්නේ ලක් මෑණින්ගේ දේපළයි. ලක් මෑණින්ගේ කාලයයි. ඉස්‌ලාම් විරෝධී චිත්‍රපටය තැනූ අපහාසකරුවා අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් කරන ලෙස අපි ඇමරිකන් ආණ්‌ඩුවෙන් ඉල්ලමු. සාමයට මුල් තැන දෙන්න. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් සුරකිනු ලබන්නේය.