මුහුදුබත් වු කේබල් ජාලය.....

sanka gamage

Active member
  • Sep 25, 2012
    270
    112
    43
    මුහුදුබත් වු කේබල් ජාලය.....

    මොකක්ද මේ??
    මොනාද මේ කට්ටිය කේබල් එකක් අරන් කරන්නේ?
    -

    Chamikawpblogspotcom6-6.jpg

    ආහ්...
    ඒ තමයි ලොව වටා අපි මේ පාවිච්චි කරන අන්තර්ජාලය ලොව වටා විවිධ රටවලට ගෙන යන්නට තියෙන කේබලයට අලුත්ම සහ නවීනතම තාක්ෂණයෙන් යුතු කේබලයක් අලුතින් සවිකරන කට්ටිය..
    අපි මේ අන්තර්ජාලය නිතර පාවිච්චි කලාට ඉතින් ඕවා කවුද දෙන්නේ කොහොමද එන්නේ කියාලා හොයනවා අඩුයි නේ...
    බොහෝමත් දෙනා හිතාගෙන ඉන්නේ අන්තර්ජාලය අපිට ලැබෙන්නේ ලොව වටා තියෙන චන්ද්‍රිකා මාර්ගයෙන් කියලා..
    සමහර අය හිතන්නේ ශ්‍රී ලංකා ටෙලිකෝම් ආයතනයෙන් නේද කියලා...

    ඇත්ත කතාව නම් මේ අන්තර්ජාලය 90% ටත් වඩා අපට ලැබෙන්නේ ලොව වටා විහිදුනු විශාල කේබල ජාලයකින්..
    ඒක කටයුතු කරගෙන යන්නේ අන්තර්ජාතික දුරකතන සමාගම හෙවත් International Telecom සමාගමයි..

    ඉතින් මේ හදන්නේ මේ සබ්මැරීන කේබල් මාර්ගය ගැනයි..
    මේවා ආරක්ෂා කරගන්නේ කෝහොමද කොච්චර දේවල් මේ තුල වෙනවද කියලා පොඩි විස්තරයක් ගේන්න තමා...
    තොරතුරු හා පින්තුර හා සැබැදි සියල්ල සොයාගත්තේ අන්තර්ජාලයෙන්මයි..
    කියවලා බලලා අදහසක් දාලාම යන්න කියලා ඉල්ලා සිටිනවා..

    ලොව කාර්ය බහුලම අන්තර්ජාල කේබල් මාර්ගය වන්නේ
    ලන්ඩනය හා ඇමරිකාවේ නිව්යෝර්ක් අතරයි.
    එයට කේබල 09 සවිවී සෑදි ඇති අතර ඉහත ජායාරෑපයෙන් දැක්වෙනුයේ එය ඉවත් කරමින් එම කේබල් 09 වෙනුවට අලුතින්ම වේගවත්ව දත්ත ගෙන යාමට Apollo නැමති සමාගම
    විසින් හදුන්වා දුන් OLAC-4 SPDA නැමති නවතම කේබලයයි.


    Chamikawpblogspotcom1-8.jpg

    Chamikawpblogspotcom9-3.jpg

    කේබලයේ වටිනාකම දක්වා ඇත්තේ පවුම් මිලියන 250 ක් වශයෙනි.එය බ්‍රිතාන්‍ය කෝර්නිෂ් වෙරලේ සිට සැතපුම් 3800ක් දුරින් වු නිව්යෝර්ක් නුවර දක්වා මුහුද යටින් දිවෙයි.
    මෙහි වෙරලේ ඇති මධ්‍යස්ථානය ඉතා රහසිගතව පිහිටුවා ඇත්තේ ත්‍රස්ත්‍රවාදි ප්‍රහාර ආදිය වැලක්වීම සඳහායි.
    ලොව අන්තර්ජාල කේබල් ජාලයේ වැදගත්ම ස්ථානයක්
    ( Hub ) එකක් ලෙස මෙය හදුන්වයි.
    මේ තියෙන්නේ ලෝකයේ අන්තර්ජාලය ගෙන යන කේබල පද්ධතිය විහිද ඇති ආකාරයයි.


    Chamikawpblogspotcom15-3.jpg

    දන්නවාද ශ්‍රී ලංකාව සම්බන්ධ වෙලා තියෙන කේබලයේ නම ??
    මෙන්න නම ටිකක් දිගයි..
    SEA-ME-WE- 4 හෙවත්
    South East Asia - Middle East-West Europe 4 යන්නයි.

    Chamikawpblogspotcom16-3.jpg

    Apollo සමාගම හදුන්වා දුන් මේ නවීන කේබලය නිවසේ පාවිච්චි කරන හෝස් එකක් තරමේ වුවත් ඒ තුල බණ්ඩල 08 ක් තුල වු කෙස් ගසක් පමන ප්‍රමාණයේ කේබල 192 ක් ඇත.

    කුඩා වුවත් එහි එකවර මිලියන 20 භාවිත කිරිමේ හැකියාව ඇති දත්ත ප්‍රමාණයක් ගමන් කරයි. ලේසර් කිරණ මගින් මේ හරහා දත්ත ගමන් කිරීම සිදුවන අතර තත්පරයට මෙහි 3.2 Tbps ගමන් කරන අතර නැවත පැමිනි දුරත් සමඟ සැතපුම් 7600 ක් වු සැතපුම් ගණන සම්පුර්ණ කිරීමට
    ගතවන්නේ තත්පර 0.00072 පමණි.

    මේ මධ්‍යස්ථානයට මාසික විදුලි බිල පවුම් 25,000 පමණ වේ.

    සැතපුම් 30 කට එකක් වන ලෙස ගෙන යන දත්ත ප්‍රමාණයේ
    ශක්තිය වැඩි කර පවත්වා ගෙන යාමට විද්යුත් රිපිටර්
    (Electrical Repeaters) යොදා ඇති අතර එකක සාමාන්‍ය
    මිල ඩො.මි.01 වන බව පැවසේ..
    මේවා ක්‍රියාකිරිමට 10000 වෝල්ටීයතාවයෙන් යුතු විදුලි බලයක්
    මේ කේබලය තුලින්ම ගමන් කරනු ලැබේ.
    විද්යුත් රිපිටරයේ තවත් වාසියක් වන්නේ පැය 24 පුරා මේ කේබලයේ ආරක්ෂාව හා අලුත්වැඩියා කටයුතු කරන්නා වු ඉංජිනේරුවන් හට කේබලයේ අනතුර වුයේ කොතන ද යන්න
    හදුනා ගත හැකි වන බැවිනි.
    10000 වෝල්ටීයතාවයෙන් වගේම ලේසර් ගමන් කරන නිසා ක්ෂණීකව ශරීරයට හානි සිදුවන බැවින් මේවායේ අලුත්වැඩියාවන් කිරීමේදි ඉතාමත් පරිස්සම් විය යුතු බව ඔවුන්ගේ අදහසයි.
    19 සියවසේ සිටම බ්‍රිතාන්‍ය හා ඇමරිකාව අතර මෙවැනි සරල කේබල ක්‍රමයක් පැවත ඇති අතර 1956 වන තුරු ඒවායේ භාවිත වී ඇත්තේ මෝස් කෝඩ් (Morse code )වලිනි.
    එකල එමගින් එකවර දුරකතන ඇමතුම් 36 ක් ගත හැකිව තිබු අතර 1988 දි ඒ සඳහා පයිබර් කවරයක් සහිත කේබල පද්ධතියක් සවිකරන ලද අතර එමගින් එකවර ඇමතුම් 2500 ලබාගත හැකිව ඇත.

    පසුව එය දියුණු කරමින් මිලියන 60 දක්වාද අලුතින් හදුන්වා දෙන මේ Apollo සමාගමේ කේබලය මගින් එකවර දුරකතන ඇමතුම් මිලියන 200 දක්වා වැඩිකර තිබේ.

    මෙහි දියුණුව කොතෙකුත්ද යත් අවුරුදු 20 ක් වු කාලය තුල එක කේබලයකින් රැගෙන යන ප්‍රමාණය 80000 ගුණයකින් වැඩිවී ඇත.


    මෙම වැඩසටහනේ දැනට ගෙන යන දත්ත ප්‍රමාණය 39Tbps දක්වා 2014 වන විට වැඩි කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව අදහස් කර සිටියි.
    2013 වන විට බ්‍රිතාන්‍ය යේ තවත් ඉලක්කයක් වන්නේ 10Mbps වු බෝඩ්බ්‍රෑන්ඩ් අන්තර්ජාලයක් රට තුල ලබාදීමයි.
    එහේම තිබුනොත් නම් තත්පර 30-40 යනකොට සාමාන්‍ය පිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වේවි..

    මේ විදිහට අන්තර්ජාලය තුල , කේබල තුල වෙනස් කරමින් දියුණු කරාට හදිස්සියෙන් හරි මේ කේබලයක් කැඩිලා ගියාම
    මේ ඔක්කෝම ඉවරයි..

    2008 වසරේ සැතපුම් 24500 ක් දිග වු මෙවැනි අන්තර්ජාලය ගෙන යන කේබලයක් නැවක නැංගුරමක පැටලී කැපී යාම නිසා ඉන්දියාව හා ආසියාවේ බොහෝ රටවල මිලියන ගණනාවක් භාවිතා කරන අන්තර්ජාලය ඇනහිටියා...

    බෝට්ටු හා නෞකා වල නැංගුරම් , දැල් නිසා වගේම භු කම්පන හා දිය යට ගිනි කදු නිසා මෙවැනි කේබල වලට හානි සිදුවෙනවා...
    මෙන්න මේ ප්‍රශ්ණය නවත්වන්න Telegeography නැමති සමාගම නෞකා සඳහා කේබල පද්ධතිය දැක්වෙන සිතියමක් ලබා දීලා තියෙනවා..
    මෙය වලක්වා ගැනීමට Wave Senihel නම් ටොන් 12 බර වු නෞකාව වගේම තවත් නෞකා රාශියක් පැය 24 පුරාම වර්ග සැතපුම් මිලියන 40 ක් වු අත්ලාන්තික් සාගරයේ රැදී සිටිනවා..
    මේ මතුපිට ටොන් 09 පමණ බර කේබල රදවා තැබිය හැකිය.
    මේ සබ්මැරීන කේබලයන් හි දෝෂ හදුනා ගැනීම හා හැකි ඉක්මනින් ඒවායේ අලුත්වැඩියාවන් කිරීම මොවුන්ගේ රාජකාරියයි.
    සාමාන්‍ය යෙන් මෙවැනි අලුත්වැඩියාවක් සඳහා
    පවුම් 500,000 ක් පමණ
    වියදම් වන අතර Wave Senihel නෞකාවේ
    කපිතාන් රිචර්ඩ් කර්න්ස් මහතා කියන විදියට අන්තර්ජාලය පවතින විට විනාඩි කිහිපයක් තුල උපදන ආදායම අනුව එය ඉතා කුඩා මුදලක් බවයි.
    එම නෞකාව ගිය වසර තුල අලුත්වැඩියා
    කටයුතු 30 පමණ සිදුකර ඇත.

    ගැඹුරු මුහුදේ සිදුකරන්නා වු මේ අලුත් වැඩියා කටයුතු සඳහා ROV
    (Remote Operated Vehicle ) භාවිතා කරන අතර ඒවා විදුලි බල්බ,කැමරා හා රේඩාර් යන්ත්‍ර වලින් සමන්විත වේ..
    රිපිටර් වල සංඥා හා මෘදුකාංගයක් මගින් දෝෂය පවතින ප්‍රදේශය හදුනා ගන්නා අතර පවුම් මිලියන 4.5 මිල වන මෙම ROV යන්ත්‍ර යොදා ගනිමින් කේබලය නැව තට්ටුව මතට ගෙන අලුත්වැඩියා කටයුතු සිදුකර නැවතත් ROV යන්ත්‍රය
    මගින්ම මුහුද යට ස්ථාන ගත කරනු ලබයි.
    මුහුදේ සැතපුම් 04 යටට මෙම යන්ත්‍රය මගින් කටයුතු සිදුකල
    හැකි අතර නැවේ සිට ROV යන්ත්‍රය හැසිරවීම සිදුකරනු ලැබේ.
    න්තර්ජාලය ගෙදරට ගෙනත් දෙන එකත්
    සෙල්ලම් වැඩක් නෙවේ නේද??
    අපිට නම් ඉතින් මොන දේ වුනත් අවුලක් නෑ ඉන්ටර් නෙට් එක
    හරියට වැඩකරනවා නම්...
    එහේම නේද??

    කොහෝම වුනත් මේ වෙලාවෙත් කපිතාන් රිචර්ඩ් කර්න්ස් මහත්තයා
    නැවේ කට්ටියත් එක්ක මුහුදේ ඉදන් කේබල් වල දෝෂ හොයනවා ඇති.


    මේක මචං එකෙන්ම උස්සපු එකක්....පට්ට වැදගත් කියල හිතුන නිසයි දෑම්මේ..වැරද්දක්නම් කලේ සමාවෙයල්ලා...මොනව හරි දෙයක් මෙකෙන් ගත්තනම් කැමතිනම් රෙප් දියල්ලා හොදේ

    මේකෙනුයි ඉස්සුවේ...මේකට ගිහින් ඌටත් sup එකක් දියන් ..


    http://pclokayaa.blogspot.com/p/blog-page_36.html
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නියමයි මචන් හොඳට ලියා තියනවා :D

    ++++++
     

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    tfs මචන්. කොයි අවුරුද්දේ ලියපු එකක්ද බන් මේක? 2013 ට කලින් කියල නං තේරෙනවා
    "මෙම වැඩසටහනේ දැනට ගෙන යන දත්ත ප්‍රමාණය 39Tbps දක්වා 2014 වන විට වැඩි කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව අදහස් කර සිටියි.
    2013 වන විට බ්‍රිතාන්‍ය යේ තවත් ඉලක්කයක් වන්නේ 10Mbps වු බෝඩ්බ්‍රෑන්ඩ් අන්තර්ජාලයක් රට තුල ලබාදීමයි.
    එහේම තිබුනොත් නම් තත්පර 30-40 යනකොට සාමාන්‍ය පිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වේවි.."