මුහුදුබත් වූ නැවේ තෙල් කාන්දුවක්! “අපිට අත දාන්න බැහැ” ඇමති කියයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    menna mu boru kelinawa


    පසුගිය මැයි මස 20 වැනිදා ගිනි ගැනීමට ලක්ව පසුව ශ්‍රී ලංකා සාගර කලාපයට සහ වෙරළ දැඩි හානියක් සිදුකරමින් මුහුදුබත් වූ එක්ස්-ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන බවට වාර්තා වෙනවා.
    පරිසර අමාත්‍යවරයා විසින් මේ බව මාධ්‍ය වෙත පවසා සිටි අතර ඔහු සඳහන් කර සිටියේ නෞකාවේ තෙල් කාන්දුවක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවයි.
    නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට කළ හැකි දෙයක් නොමැති බවත්, එම නෞකාව තවමත් ඇත්තේ අදාළ සමාගම භාරයේ බවද අමාත්‍යවරයා විසින් පවසා සිටියා.
    එම පිරිසගේ අවසරයකින් තොරව මෙයට මැදිහත් වීමක් කළ නොහැකි බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඒ සම්බන්ධව එම සමාගමට රජය විදිහට දැනුම් දීමක් කර ඇති බවයි.
    මේ සඳහා බලහත්කාරයෙන් මැදිහත් වුණහොත් එම අදාළ සමාගම නෞකාව සම්පුර්ණයෙන්ම අත්හැර දමා යා හැකි බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසා සිටියා.
    මෙය නිවැරැදි කිරීමේ වගකීම ඇත්තේ අදාළ නෞකා සමාගමට බවද ඔහු තවදුරටත් පවසා සිටියා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,164
    113
    ආශ්චර්යමත් රටක
    ඊළඟ ඩොලර් හිඟමනට ලෑස්ති වෙනවා. 😔

    මේ පාර කැස්බෑවො, මාලු කීයකට මැරෙන්න වෙයිද දන්නෙ නෑ. මේ පාර තෙල් එක්ක මිනිස්සුන්ට මාලු කන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: silent one

    Similar threads