මුහුදු ඉකිරියා භයානකයි

comx

Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    මුහුදු ඉකිරියා භයානකයි

    කුඩා සත්වයෙකු හෝ සපා කෑවම ඇඟට වේදනා ගෙන දෙනවන්ම් ඉක්මනින් ප්‍රතිකාර ගන්න​.

    බ්‍රිතාන්‍ය ජාතික යුවළක් විවේකී සංචාරයක් සඳහා වෙරළබඩ ගමනාන්තයක් සොයමින් සිටි අතර ඔවුන් තෝරාගත් නවාතැන වූයේ ටැන්සානියාවේ සැන්සිබාර් වෙරළේ නිවාඩු නිකේතනයකි.

    නොගැඹුරු ජලයේ කායැක් බෝට්ටු පදවමින් සිටියදී එය පෙරළීම නිසා ඔවුනට නොගැඹුරු දියේ දී මුහුදු පතුලේ සිටගන්නට විය. නැවත කෙළින් කරගත් බෝට්ටුවට බිරිඳ පහසුවෙන් ගොඩ වූ නමුත් සැමියාට එය අපහසු විය. වතුර ඉතා නොගැඹුරු වූ බැවින් සැමියාට බෝට්ටුවට ගොඩ වීම පවා අපහසු විය. දෙදෙනා මඳ දුරක් ගමන් කළ පසු සැමියා ඉතා අපහසුතාවකින් පෙළෙන බවක් පෙන්නුම් කළේය. කෙසේ හෝ දෙදෙනා නැවත නවාතැනට පැමිණීමට පෙර වෙරළේ මඳක් ගිමන් හරින්නට ද අමතක නොකළහ.
    නවාතැනට පැමිණි පසුවත් සැමියාගේ අපහසුතාව දිගින් දිගටම පවතින බව පෙනුණු අතර දිය නා ගත් ඔහු වායුසමීකරණය අසලට වී සිටියේ අධික රස්නයක් දැනෙන බව කියමිනි. සැමියා දිගින් දිගටම පැමිණිලි කරන්නට වූයේ ඔහුට විවේකයක් අවශ්‍ය බවත්, අත්වේදනා දෙන බවත් කියමිනි. සැමියා ඇඳේ වැතිරී සිටි අතරවාරයේදී ඔහුගේ යටි පතුලේ ඇනී තිබුණු මුහුදු ඉකිරි කටු කිහිපයක් බිරිඳගේ සූක්ෂම ඇසට හසු විය. එහෙත් වෛද්‍යවරයෙක් කැඳවනු පිණිස බිරිඳ කළ යෝජනාව නොසලකා හැරි ඔහුට වේදනානාශක පෙත්තක් දී බිරිඳ පිටතට ගියේ පොතක් කියවීම පිණිසයි.

    බිරිඳ නැවත නවාතැනට පැමිණෙන විට සැමියා යහනේම අවසන් ගමන් ගොස් තිබිණ. ඇය උදවු ඉල්ලා සිටි නමුත් වෛද්‍ය ප්‍රතිකාර පැමිණියේ විනාඩි 40ක් ද ඉක්මවීමෙන් පසුවයි. එහෙත් වෛද්‍යවරුනට කරන්නට කිසිවක් ඉතිරි වී නොතිබිණ. ඔහුගේ මරණයට හේතුව ලෙස කියැවුණේ මුහුදු ඉකිරි විස ශරීරගත වීමයි.

    අන්තර්ජාලය ඇසුරිනි.
     
    • Like
    Reactions: Sai_baba

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,557
    113
    Colombo
    මම දන්න විදියට මුහුදු ඉකිරි මැරෙන්න තරම් විසක් තියන සතෙක් නෙමයි
    ගොඩක් වර්ග වල විසක් නැහැ සමහර වර්ග පොඩ්ඩක් විසයි ඒත් මැරෙන්න තරම් නම් විසක් නැහැ

    හැබැයි ඒ විසෙන් මැරෙනවට වඩා ඒ විසෙන් ඇලජික් රියැක්ශන් එකක් ඇවිත් මැරෙන්න නම් පුලුවන්
    මේ ආටිකල් එක කොය තරම් ඇත්තද කියන්න මම දන්නෙ නැහැ

    මගේ කකුලෙ ඉකිරි ඇනලා තියනවා, මේව ඇනුනම තියන ප්‍රශ්නෙ ගලවන්න බැරි එක. හම පොඩ්ඩක් කපලා ඇනුන කෑල්ලෙ කෙලවර මතුකරගෙන ඇද්දම හමට පිටින් තියන කෑල්ල විතරක් කැඩිලා එනවා හම ඇතුලෙ තියන කෑල්ල එහෙමම ඉතුරුවෙලා, මගෙ කකුලෙ ගොඩක් ඇනුනා, බ්ලේඩ් එකකින් කපලා කපලා කෑලි ටික අරන් දැම්මා
     
    • Like
    Reactions: Sai_baba

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොල්හේන බීච් එකේදි ඇනුනා මගේ යාලුවගෙ. ඔපරේට් කල අරන් ගිහින්. මුහුද අයිනෙ අය නම් දන්නවා ඕව ඇනුනම අරන් දාන සාස්තරේ ඇන්ඩ් ගහක කිරි වගයක් අරන් ඇනිච්ච තැනට දානව විස කැපෙන්න.. කොහොම උනත් අපි නම් ඔපරෙට් කර ගත්තා මොකෝ කට්ට ගන්න ට්‍රයි කරද්දි පොඩි පොඩි කෑලි වලට කැඩෙනවා. ඇදුම් දෙනවා බං හුච්ච් යන්න...

    කොරල්පර ආශ්‍රිත මුහුදේ ඉන්නවා ගොඩක්ම..ඇනුනොත් ඉක්මණටම ඩොකෙක් හම්බෙන එක හොදයි ඒ කිට්ටුවම තැනකින්..
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පොල්හේන බීච් එකේදි ඇනුනා මගේ යාලුවගෙ. ඔපරේට් කල අරන් ගිහින්. මුහුද අයිනෙ අය නම් දන්නවා ඕව ඇනුනම අරන් දාන සාස්තරේ ඇන්ඩ් ගහක කිරි වගයක් අරන් ඇනිච්ච තැනට දානව විස කැපෙන්න.. කොහොම උනත් අපි නම් ඔපරෙට් කර ගත්තා මොකෝ කට්ට ගන්න ට්‍රයි කරද්දි පොඩි පොඩි කෑලි වලට කැඩෙනවා. ඇදුම් දෙනවා බං හුච්ච් යන්න...

    කොරල්පර ආශ්‍රිත මුහුදේ ඉන්නවා ගොඩක්ම..ඇනුනොත් ඉක්මණටම ඩොකෙක් හම්බෙන එක හොදයි ඒ කිට්ටුවම තැනකින්..

    oka anunama ikiriyage katten kallak kadila athule ithuru wenawa. blade ekakin kapala ain karanna puluwan mage 2 parak una.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    පොල්හේන බීච් එකේදි ඇනුනා මගේ යාලුවගෙ. ඔපරේට් කල අරන් ගිහින්. මුහුද අයිනෙ අය නම් දන්නවා ඕව ඇනුනම අරන් දාන සාස්තරේ ඇන්ඩ් ගහක කිරි වගයක් අරන් ඇනිච්ච තැනට දානව විස කැපෙන්න.. කොහොම උනත් අපි නම් ඔපරෙට් කර ගත්තා මොකෝ කට්ට ගන්න ට්‍රයි කරද්දි පොඩි පොඩි කෑලි වලට කැඩෙනවා. ඇදුම් දෙනවා බං හුච්ච් යන්න...

    කොරල්පර ආශ්‍රිත මුහුදේ ඉන්නවා ගොඩක්ම..ඇනුනොත් ඉක්මණටම ඩොකෙක් හම්බෙන එක හොදයි ඒ කිට්ටුවම තැනකින්..

    mage yaluwekutath oya wadema wuna pol hena beach eke.
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,069
    615
    113
    mage yaluwekutath oya wadema wuna pol hena beach eke.

    mage yaluwekutath oya wadema wuna pol hena beach eke.