මුහුදු මහා විහාරය - අනවසර ඉදිකිරීම්
පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමියේ ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම ඊයේ (12) දිනයේදී සිදු කර තිබෙනවා.පොලිසිය පැවසුවේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත මෙම ඉදිකිරීම් ඉවත් කල බවයි.
අම්පාර පොතුවිල් මුහුදු මහා විහාරය පිහිටා ඇත්තේ නැගෙනහිර මුහුදු තීරයේ ස්වභාවික වැලි තීරයක් ආශ්‍රිතවයි.විහාර භූමියට අයත් අක්කර 200 කට වැඩි ප්‍රමාණයක් තිබුණද දැන් එය අක්කර 37 කට සීමාවී තිබෙන්නේ ,අනවසරයෙන් විවිධ පුද්ගලයින් ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන්.එය පාලනය කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබුණද මෑතකදීද පිරිසක් අනවසරයෙන් ඉදිකිරීම් කරගෙන තිබුණා.
කෙසේ වෙතත් එම සියළු ඉදිකිරීම් කඩා එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය ඊයේ දිනයේදී කටයුතු කර ඇත.ඊට එරෙහිව කිසිවෙකුත් විරෝධය පල කර නෑ.
පොලිසිය මේ සම්බන්ධයෙන් පොතුවිල් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර ,කඩා ඉවත් කල සියළුම භාණ්ඩද අධිකරණය භාරයට ඉදිරිපත් කර තිබෙනවා.
මේ පොතුවිල් මුහුදු මහා විහාරය සම්බන්ධවයි .
නැගෙනහිර පලාතේ, අම්පාර දිස්ත‍්‍රික්කයේ, පොතුවිල් නගරයේ මුහුදු වෙරළට ඉතා සමීපව දර්ණනීය ආරුගම්බේ වෙරළ තීරයට යාබඳව ඵෙතිහාසික මුහුදු මහා විහාරය පිහිටා ඇත. ඔබ කොළඹ සිට පැමිණෙන්නේ නම් A-4 මාර්ගයේ මොණරාගල සිට වැල්ලවාය, සියඹලාණ්ඩුව හා හුලංනුගේ හා ලාහුගල ගම්මාන පසු කරමින් පොතුවිල් නගරයට පිවිසිය හැක. දුර කොළඹ සිට කිලෝමීටර් 352 කි. නැතහොත් මඩකළපුව නගරයේ සිට කල්මුණේ හා අක්කරපත්තු නගර හරහාද පොතුවිල් නගරයට පිවිසිය හැක. පොතුවිල් නගරය මධ්‍යයේ සිට ආරුගම් පාලම දෙසට කිලෝමීටරයක් පමණ ගමන් කොට පුරාවිද්‍යා ස්ථානය ලෙස සඳහන් නාම පුවරුව අසලින් දකුණට හැරී තවත් කිලෝමීටයක් පමණ පටු මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමෙන් ඵෙතිහාසික මුහුදු මහා විහාරයට පැමිණිය හැකිය.
විශාල ඵෙතිහාසික වැදගත්කමක් උසුලන මුහුදු මහා විහාරය වර්තමානයේ පත්ව ඇත්තේ ඉතා ගැටළුකාරී තත්ත්වයකටය. විහාරස්ථානයට බලපා ඇති ප‍්‍රධානතම ගැටළුව වන්නේ අවට පදිංචි මුස්ලිම් ජාතික අනවසර පදිංචිකරුවන්ගෙන් විහාරස්ථානයට එල්ල වී ඇති බලපෑම්ය. 80 දශකය තුළ පොතුවිල් නගර මධ්‍යයේ පිහිටි බෝධි වෘක්ෂය පාමුලට දිස් වූ මුහුදු මහා විහාරය වටා විශාල වශයෙන් අනවසර නිවාස ඉදි කිරීමෙන් එය අද සංවිධානාත්මකව සඟවා දමා තිබේ.
වසර 14 ක් මුලූල්ලෙහි විහාරස්ථානය තුළ හුදෙකලාව වැඩ සිටිමින් විහාරස්ථානය සටන් කළ කතරගම සීලරතන හිමි නොවන්නට අද මෙම ස්ථානයෙහි විහාරස්ථානයක් නොතිබෙන්නටද ඉඩ තිබිණි. දුක් කම්කටොලූ රාශියක් විද දරා ගනිමින් විහාරස්ථානය ආරක්‍ෂා කළ උන්වහන්සේට මෙම පදිංචිකරුවන් විසින් නිරන්තරයෙන් අඩන්තේට්ටම් සිදු කළ අතර, එහි උච්චතම අවස්ථාව ලෙස 2008 වසරේදී මොවුන් විසින් විහාරස්ථානය තුළදීම උන්වහන්සේට පොලූ මුඟුරු වලින් පහර දීම සඳහන් කළ හැක. මේ හේතුවෙන් උන්වහන්සේට රෝහල් ගත වීමට සිදු විය.
මෙම පුද්ගලයන් විසින් විහාරස්ථානයට නොයෙක් විට අලාභහානි සිදු කිරීමට උත්සාහ කළහ. විහාරස්ථානයේ බෝධි වෘක්ෂය සය වතාවකදී මොවුන් විසින් විනාශ කරන ලදී.
මේ සියල්ල ඉදිරියේ නොසැලී විහාරස්ථානය වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටු කළ කතරගම සිරිරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවුරුදු 60 ක් පමණ ආයු වළඳා හදිසියේ රෝගාතුර වීමෙන් 2010 අපේ‍්‍රල් මස 11 වනි දින අපවත් වී වදාල සේක
http://lankanewsalert.com/archives/64446#KTSjRIYCjWCDh8Oo.99