මුහුදු වතුරෙන් පිරිසිදු වතුර සෑදීමේ වාසි සහ අවාසි 💦💦💦💦💦💦💦💦💦💦💦💦💦

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    241304672_1351084258621637_2892563265248789449_n.jpg
    240368535_1351084285288301_960891673038793380_n.jpg
    240649165_1351084328621630_3321603009523302038_n.jpg

    මුහුද ලංකාව වටේටම තියෙනවා. ඒත් මූදු වතුරේ සෙල්ලම් කරනවා, මාළු අල්ලනවා හැර මුහුදු ජලය අපේ එදිනෙදා වැඩට කෙලින්ම පාවිච්චි කරන්නට අමාරුයි. ලංකාවේ ගාල්ල, මාතර, යාපනය, මඩකලපුව ආදී ප්‍රධාන නගර කිහිපයක්ම මූද ආසන්නයේ පිහිටලා තිබෙනවා. එයින් මාතර, ගාල්ල වගේ නගරවල මාස දෙකක් නියං තත්ත්වයක් එද්දි ජල සැපයුම අඩාල වෙනවා. ඒත් අපිට මූදු ජලය නිස්සාරණය කරලා ගන්න තවමත් අවස්ථාවක් ලැබිලා නැහැ. මිල අතින් ගත්තාම සාමාන්‍ය ජලය පිරිසිදු කරනවාට වඩා ලොකු මිලක් මූදු වතුර පිරිසිදු කරන්න වැයවෙනවා. ඉතින් අපි මේ ගැන කරුණු කාරණා ටිකක් දැනගමු.
    1. ආර් ඕ (RO) ක්‍රමයට මුහුදු ජලය පිරිසිදු කිරීම
    මේ කියන්නේ රිවස් ඔස්මොසිස් (Reverse Osmosis) ක්‍රමයට මුහුදු ජලය පිරිසිදු කිරීම. දැන් ආර් ඕ ෆිල්ටර්ස් ගෙදර පාවිච්චියටත් මිලදී ගන්නට තියෙනවා. මේ ක්‍රමයේදී අධි පීඩනයකින් පටලයක් හරහා මුහුදු ජලය යවනවා. එතකොට විශාල ප්‍රමාණයේ අංශු නැවතිලා සාමාන්‍ය ජලය පෙරෙනවා. මේ ක්‍රමය යොදාගනිද්දි ඊට පෙර මුහුදු ජලයේ තිබෙන වැලි සහ වෙනත් අංශු හොඳින් පෙරා ගන්නවා. මේ අධි පීඩනයක් යටතේ ජලය පටල හරහා යැවීම ලේසි වැඩක් නෙමෙයි. ඒ සඳහා ලොකු මිලක් වැය වෙනවා. එහෙත් මීට පෙර ජනප්‍රිය වෙලා තිබුණ ආසවන කාර්යයට වඩා මේ ආර් ඕ ක්‍රමය වාසිදායකයි.
    2. ආර් ඕ ක්‍රමයේ අවාසි
    රිවස් ඔස්මොසිස් ක්‍රමයට මුහුදු ජලය පිරිසිදු කරනකොට මුහුදු ජලයෙන් එක් පිරිසිදු ජලය ගැලුමක් ලබාගනිද්දි ගැලුම් එකහමාරක් අපවිත්‍ර අධි සාන්ද්‍ර බ්‍රයින් නම් වූ මුහුදු ජලය එකතු වෙනවා. ඒ කියන්නේ අපි ගැලුම් දෙකහමාරක මුහුදු ජලය මේ පද්ධතියට එකතු කළොත් එයින් හොඳ වතුර ගැලුමක් හැදිලා ඉතුරු ජලය ගැලුම් එකහමාර අධික ලුණු සාන්ද්‍රනයකින් යුතු අපජලය විදිහට ඉවත් වෙනවා. බොහෝ මුහුදු ජල පිරිපහදු කරන තැන්වල මේ ජලය නැවත මූදටම මුදා හරිනවා. එය ඒ ක්‍රමයේ එක් අවාසියක්. ඒ වගේම ජලය පෙරාගන්න වගේම ජලය පීඩනයට ලක් කරන්නත් විශාල බලශක්තියක් උවමනා වෙනවා. එයත් ඒ ක්‍රමයේ අවාසියක්.
    3. පැරණි ආසවන ක්‍රමය
    1960 ගණන් වල මැදපෙරදිග කළාපයේ මුහුදු ජලය පිරිපහදු කරන්න ආසවන ක්‍රමය පාවිච්චි කළා. ඒකෙදි එතනෝල් නිස්සාරණය කරන ආකාරයට හුමාලය එනතෙක් ඉන්ධන යොදා ජලය රත් කරනවා. ඉන් පසු හුමාලය සිසිල් කරලා පිරිසිදු ජලය ලබාගන්නවා. මෙහිදී ජලය හුමාලය දක්වා රත් කිරීම තෙල් තිබෙන අරාබි රටවලට ලොකු දෙයක් නෙමෙයි. එත් අනෙක් රටවලට මෙය ලොකු පිරිවැයක් වියදම් වන වැඩක් වුණා. දැන් දැන් සූර්යතාපයෙන් ජලය රත් කරලා ඉන්පසු එයින් පිරිසිදු ජලය ලබාගන්නා මහා පරිමාණ සැලසුම් ගැන අවධානය යොමු වෙලා තිබෙනවා. එහෙත් තවමත් ඒ සැලසුම් පර්යේෂණ මට්ටමේ තමයි තියෙන්නේ.
    4. මුහුදු ජල පිරිපහදුවේ පරිසර දූෂණය
    මුහුදු ජල පිරිපහදු ක්‍රම දෙකෙන්ම අපවිත්‍ර ජලය සහ අපද්‍රව්‍ය නිපදවෙනවා. මේ අපජලය කියන්නේ සරල ගැටළුවක් නෙමෙයි. අරාබි රටවල සහ මුහුදු ජලය පිරිපහදු කරන රටවල ජලය ගැලුම් මිලියන ගාණක් මුහුදට අපජලය විදියට දිනකට එකතු වෙනවා. මේ මගින් ලුණු ගතිය වැඩි අධි සාන්ද්‍ර මුහුදු ජලය නිසා සාගරයේ තිබෙන ජීවි සමතුලිතතා වලට බාධාවක් එල්ල වෙනවා. ඒ වගේම මේ මුහුදු ජල පිරිපහදු කටයුතු වලට වැය කෙරෙන විදුලි බලයත් ගැටළුවක්. විශාල බලශක්තියක් වියදම් වෙන මේ කටයුත්ත බලශක්ති අර්බුදයක් තිබෙන අපේ රටවලට ගැටළුවක්.
    5. මුහුදු ජල පිරිපහදුවේ වාසි
    මුහුදු ජලය වසරේ ඕනම කාල සීමාවක කිසිදු බාධාවකින් තොරව ලබාගන්නට පුළුවන්. ඒ වගේම ගංවතුර නියං සහ කාලගුණ විපර්යාස වලින් මුහුදු ජල සැපයුමට බාධා එල්ල වෙන්නේ නැතිම තරම්. සාමාන්‍ය ජල මූලාශ්‍ර වලින් නගර වලට ජලය ලබාගැනීමේදී නියං තත්ත්වයන්, ගංවතුර තත්ත්වයන් නිසා ඇතිවන බාධා මුහුදු ජල පිරිපහදුවේදි බලපාන්නේ නැහැ. අඛණ්ඩ ජල සැපයුමක් තබාගන්න පුළුවන් වීම වතුර පිරිපහදු ක්‍රම අතර මුහුදු ජල පිරිපහදුව මුල් තැනක් ගන්න එක හේතුවක්.
    6. මුහුදු ජල පිරිපහදුව කරන රටවල්
    මැදපෙරදිග රටවල මූලික ජල ප්‍රභවයක් විදිහට මුහුදු ජල පිරිපහදුව පාවිච්චි වෙනවා. ඊශ්‍රායලය, සෞදි අරාබිය, ඩුබායි වගේ රටවල මේ පිරිපහදු කටයුතු මහා පරිමාණයෙන් කෙරෙනවා. ලොව වටා ස්ථාන රැසක මුහුදු ජල පිරිපහදු කටයුතු සිදු කෙරෙනවා. ඇමරිකාවේත් ස්ථාන කිහිපයක මුහුදු ජල පිරිපහදු කටයුතු කෙරෙනවා. අපේත් මුහුද ආසන්නව නගර කිහිපයක් තිබුණත් මුහුදු ජල පිරිපහදුව මිල අධික නිසාදෝ හෝ තවමත් ජල මූලාශ්‍රයක් විදිහට මුහුදු ජලය අපි යොදාගන්නේ නැහැ. අනෙක් ගොඩබිම ජල පිරිපහදු ක්‍රම වලට වඩා මුහුදු ජල පිරිපහදුව විසි ගුණයක් විතර මිල අධිකයි. ඒ වගේම ගොඩබිම අපේ නාගරික අපජලය පිරිසිදු කරනවාටත් වඩා වැඩි මිලක් මේ මුහුදු වතුර පිරිපහදු කටයුතු වෙනුවෙන් වියදම් වෙනවා.
    7. අනාගත ලෝකයට ගැළපෙන විසඳුම්
    ඊශ්‍රායලය වගේ දියුණු රටවල් පවා මුහුදු ජලය පිරිපහදු කටයුතු කළත් මහජනයාට වතුර ආරක්ෂා කරගැනීම ගැන දැනුවත් කිරීමේ කටයුතු අඛණ්‌ඩව කරනවා. මොකද තිබෙන ජලය ආරක්ෂා සහිතව පාවිච්චි කිරීම ජලය පිරිපහදු කටයුතු වලට වඩා හැම අතින්ම වාසිදායකයි. හොඳින් වැසි වැටෙන රටක් විදිහට අපිට ජලය වෙනුවෙන් වැසි ජල කළමනාකරණ කටයුතු වලටත් හොඳ ඉඩක් තිබෙනවා. ඒ වගේම කෘෂි කාර්මික වගේම නාගරික ජල පරිභෝජනය ගත්තා වුණත් ලාංකික අපි මුහුදු ජල පිරිපහදුවට යන්න කලින් ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරිම ගැන අවධානය යොමු කරන එක වටිනවා.
    නොකරම බැරි අවස්ථාවල ධනවත් රටවල් මුහුදු ජල පිරිපහදු කටයුතු වලට යනවා. ඒ හරහා මුහුද ආසන්න මිනිස් ජනාවාස වලට පිරිසිදු ජලය සැපයෙනවා. එසේ වුවත් එය මිල අධික කාර්යයක් සහ පරිසරය අතින් විනාශකාරී දෙයක්. ඉතින් අපි රට වටේ මූද තිබුණාට එහි ජලය ගැන විශ්වාස නොකර ජලය අරපිරිමැස්මෙන් හොඳින් කළමනාකරණය කරගෙන පාවිච්චි කරමු. එවිට ඉතා අධික මිලට මුහුදු ජල පිරිපහදුව අපිට උවමනා වෙන එකක් නැහැ.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,133
    113
    adala nene
    ලොකුම RO ප්ලාන්ට් එකක් බලාගන්න ඕනෙ නම් නොරොච්චොලෙ පවර් ප්ලාන්ට් එකේ තියෙනව ;)
    ඕකෙ බ්‍රයින් එක ආයෙ මූදට දාන්නෙ නැතුව ඕනෙ නම් ලුණු හදන්න ගන්න පුලුවන් :D
     

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    ahaka daana solution eken salt hadanna barid?

    ලොකුම RO ප්ලාන්ට් එකක් බලාගන්න ඕනෙ නම් නොරොච්චොලෙ පවර් ප්ලාන්ට් එකේ තියෙනව ;)
    ඕකෙ බ්‍රයින් එක ආයෙ මූදට දාන්නෙ නැතුව ඕනෙ නම් ලුණු හදන්න ගන්න පුලුවන් :D
    mn me eka ahuwa wtri :P
    ------ Post added on Sep 7, 2021 at 1:31 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,739
    113
    Gampaha
    Tfs මචෝ....


    අපේ රටටනං අවශ්‍ය වෙන්නෙ නෑ...
    මධ්‍යම කඳුකරේ ඉඳන් ස්වභාවිකව පිරිපහදු වෙලා එන ජලය රටේ ඉල්ලුම සපුරන්න ඇති.
    ඒ ජල මූලාශ්‍ර ටික රැකගත්තනං හොඳටම ඇති.....