මූදු වතුරෙන් වාහන දුවයි!!!!

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    මූදු වතුරෙන් වාහන දුවයි!!!!

    මුහුදු ජලය ඉන්ධනයක් ලෙස යොදාගනිමින් ධාවනය කරවිය හැකි මෝටර් රථයක් නිපදවීමට ජර්මනියේ නැනෝෆ්ලොව්සෙල් නම් සමාගමක් සමත්ව තිබේ.
    ‘‘කුවාන්ට් - ඊ - ස්පෝර්ට්ස් ලිමොසින්‘‘ නම් වන මෙම මෝටර් රථයට අශ්ව බල 920 ක ජවයක් ඇතැයිද තත්ත්පර 3 කදී පැයකට කිලෝමීටර 100 ක වේගයක් අත් කර ගැනීමට හැකියාව ඇතැයිද සදහන්ය.
    මෝටර් රථය ජව ගැන්වෙන්නේ එහි රෝද 4 කට සවිකර ඇති ප්‍රබල මෝටර 4 කිනි.
    මෙම මෝටර ක්‍රියාත්මක වීමට අවැසි විදුලි බලය ලබාගන්නේ මුහුදු ජලය යොදාගෙනය.මුහුදු ජලය විශේෂ පටලයක් හරහා ගමන් කරවීමට සළස්වා එය ආධාරයෙන් විදුලිය නිපදවා ගැනෙන බව නිර්මාපකයෝ කියති.
    මුහුදු ජලය ගබඩා කර තබා ගැනීම සදහා ලීටර 200 ටැංකි 2 ක් මෝටර් රථයේ තිබෙන අතර ටැංකි සම්පූර්ණයෙන් පිරවූ පසු රථය කිලෝමීටර 600 ක දුරක් නොනවත්වා ධාවනය කළ හැකියැයි පැවසේ.
    නුදුරේදීම මෙම මෝටර් රථය පරීක්ෂණ සැසි සදහා යුරෝපයේ මාර්ග වල ධාවනයේ යෙදවීමට නියමිතය.
    තාක්ෂණය සුපිරි නිසාම මිලද සුපිරි තලයේ වනු ඇතැයි සැළැකෙන අතර දැනට මෙවන් මෝටර් රථයක මිල පවුම් ලක්ෂ 10 ක් පමණ වනු ඇතැයි මත පළවී තිබේ.


    1409575689958_wps_14_QUANT_e_Sportlimousine_fr.gif



    1409575699442_wps_16_QUANT_WALCH_T8B0552_2_jpg.gif


    1409575703776_wps_17_QUANT_e_Sportlimousine_in.gif



    http://www.lankadeepa.lk/index.php/articles/
    260742
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේක ඇත්ත වුනත් බොරු වුනත්. මේවාට වියදම් කරන ගණන් වලට වඩා අපේ එවුන් බඩගින්නේ ඉදගෙන ලැම්බෝගිණියක් ගන්න හීන මවාගෙනයි ඉන්නේ බං..