අපි පෙර ලිපියකින් කතාකරා "ලෝකයේ බහුලව භාවිතාවෙන යාත්‍රා වර්ග" පිලිබදව.
ඒ නුලෙන් අපි හදුනාගත්ත රථ ප්‍රවාහක යාත්‍රා ගැන අපි පොඩ්ඩක් තොරතුරු එක්ක කතාකරමු අද.
මොනවද එතකොට මේ රථ ප්‍රවාහක යාත්‍රා කියන්නේ?
විවිධ වර්ගයේ කාර්, ට්‍රක්, ට්‍රැක්ටර් සහ බස් රථ, යතුරුපැදි, දොබකර සහ විශාල උපකරණ වරායන් අතර ප්‍රවාහනය කිරීමට බාවිතා කරන යාත්‍රා RO/RO (Roll-on/roll-off) එහෙනම් නැත්නම් Car Carrier යාත්‍රා ලෙස හදුන්වනවා.
තවත් ආකාරයට හදුන්වනු ලැබුවොත් මෝටර් රථ සහ අනෙකුත් රථ / උපකරණ ආරක්ෂිතව සහ කාර්යක්ෂමව ප්‍රවාහනය කිරීම සඳහා නිපදවන ලද විශේෂිත නෞකා ප්‍රබෙදයක් ලෙස මෙම යාත්‍රා සදහන් කර හැක.
ප්‍රදාන වශයෙන් Car Carrier, Pure Car Carriers (PCC) සහ Pure Car And Truck Carriers (PCTC) ලෙස කොටස් දෙකකට බෙදීයනවා. මෝටර් රථ පමණක් ප්‍රවාහනය කරන ප්‍රබේදය PCC ලෙසත්, මෝටර් රථ වලට අමතරව අනෙකුත් රථත් ප්‍රවාහනය කරන්නේනම් PCTC ලෙසත් මෙම යාත්‍රා බෙදීයනවා.
ඉතිහාසය
මෝටර් රථ අපනයනය මුල්කාලීනව හසුරුවනු ලැබුවේ සාම්ප්‍රදායික භාණ්ඩ ප්‍රවාහන යාත්‍රා වල ඉහල බදේ හෝ, සකස්කර වේදිකා මත නැවේ දොඹකර මගින් පැටවීම / විසර්ජනය කිරීම යන ක්‍රමයට අනුකුලවයි. කෙසේ වෙතත්, වාහන සාමාන්‍ය යාත්‍රා වල ප්‍රවාහනයේදී ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැතිකම සහ විශාල වාහන සංඛ්‍යාවක් සඳහා ඉල්ලුම වැඩිවීමක් පෙන්නුම් කිරීමත් සමගම ආරක්ෂාකාරීව සහ විශාල තොග වශයෙන් රථ ප්‍රවාහනය කිරීමේ යාත්‍රා වල අවශ්‍යතාවක් මතුවුනා. දොඹකරයකින් පැටවීම සහ බෑම බොහෝ කාලයක් වැය වන ක්‍රියාවලියක් වූ අතරම ශ්‍රමය වැය වන ප්‍රමාණය ඉහල අගයක් ගනු ලැබුවා. එයට අමතරව භාණ්ඩ පැටවීමේදී සහ බෑමේදී සහ මුහුදු ගමනේදී සෙලවීමෙන් බොහෝ විට රථ වලට හානි සිදු විය.
එම අවශ්‍යතාවකය හදුනාගත් නැව් සමාගමක් වන Wallenius සමගම 1950 වසරේදී පමණ “Jakara” ලෙස හැදින්වූ සාමාන්‍ය
භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාව මෝටර් රථ ප්‍රවාහන යාත්‍රාවක් බවට පරිවර්තනය කර බාවිතයට එක්කරා.
පසුව මුහුදු මාර්ගයෙන් වාහන ප්‍රවාහනය කිරීමේ පුරෝගාමියා වූ Wallenius Line විසින් "RIGOLETTO" සහ "TRAVIATA" යන මෝටර් රථ ප්‍රවාහන යාත්‍රාවන් ද්විත්වය 1955 දී ගමනාගමනයට එක්කලා.
1958 දී, Blohm+ Voss නැව් තටාකාංගනය මගින් දැනට බාවිතා කරනු ලබන එල්ලෙන තට්ටු සහිත පද්ධතිය මුලින්ම මෝටර් රථ ප්‍රවාහනය සඳහා එක්කලා.
අද අපට බහුලවම දක්නට ලැබෙන RoRo රථ වල රථ ප්‍රවාහන ක්‍රමය 1963 අවසානයේ කරලියට පැමිණි "Aniara" නැව් වර්ගය මත පදනම වේ. 1965 ඔක්තෝම්බර් මාසයේදී MOL ආයතනය විසින් Oppama Maru යාත්‍රාව නිපදවන ලද අතර එය ජපානයේ මෝටර් රථ සඳහා පමණක් භාණ්ඩ හැසිරවීමේ උපකරණ වලින් සමන්විත වූ පළමු නෞකාවයි.
Oppama Maru හි මෝටර් රථ තට්ටු 5 ක් තිබූ අතර මෝටර් රථ 6 ක් උසට ගොඩ ගැසිය හැකිය. පැටවිය හැකි මුළු මෝටර් රථ සංඛ්‍යාව 1,200 ක් වූ අතර නැවට පැයකට මෝටර් රථ 100 ක් පැටවිය හැකි විය.
රථ ප්‍රවාහන යාත්‍රාවක සැකසුම
මෝටර් රථ ප්‍රවාහන යාත්‍රාවක් බහු ස්ථර තට්ටුවකින් සමන්විත යාත්‍රා ප්‍රබෙදයක්. බහලුම් ප්‍රවාහන යාත්‍රා වලට සාපේක්ෂව බොහොම ඉතා පැතලි හැඩයක් මෙම රථ ප්‍රවාහන යාත්‍රා වල දකින්න ලැබෙනවා.
නැවට ඇතුළු වීමට මෝටර් රථය වරායේ ජැටිය මතට සම්බන්ද කරනු ලබන විශාල ramp රදවනය හරහා ඉහළට ගෙන යන අතර, කලින් සැලසුම් කල ප්‍රදේශයට/ අදාළ තට්ටුව වෙත එය යාත්‍රාව ඇතුළතදීම අභ්‍යන්තර බෑවුම් හරහා ධාවනය කෙරේ.
විශාල නැව්වලට ස්ථර 12 සිට 14 දක්වා බහු ස්ථර තට්ටු ව්‍යුහයක් ඇති අතර, එමඟින් විශාල රථ විශාල ප්‍රමාණයක් එකවර රැගෙන යාමට හැකි වේ.
Flooding and Fire Prevention Compartment : කිසියම් අවස්ථාවක ගංවතුර සහ ගින්නක් වැනි ආපදාවකදී එය යාත්‍රාව තුල පැතිරීම වැළැක්වීම සඳහා "Flooding and Fire Prevention Compartments" මැදිරි වලින් මෙම යාත්‍රා සමන්විතයි.
Liftable deck : තවද එසවිය හැකි නමයශීලි තට්ටු ආකෘතිය තුලින් මගී මෝටර් රථ හැර විශාල ට්රක් රථ සහ ඉදිකිරීම් උපකරණ සඳහා සමහර තට්ටුවල උස වෙනස් කළ හැකිය.
Inner Ramp (Slope) : අංශක 10 ක බෑවුම් කෝණයක් සහිත බහු තට්ටු අතර වාහන ගමන් කිරීමට සහ පැටවීමට Inner Ramp (Slope) බාවිතා කරනු ලබනවා..
Shore Ramp : මෙය යාත්‍රාව සහ ජැටිය වෙත දිවෙන ramp එක නැත්නම් පාලමක් වන අතර මෝටර් රථ පැටවීම සහ බෑම සඳහා යාත්‍රාවට සහ ඉන් බැසීමට ඉඩ සලසයි. මෙම බෑවුම නැවේ බඳෙහිම කොටසකි.
Lashing facilities : වාහන සවි කිරීම සඳහා සෑම තට්ටුවකම ඇණ ගැසීමේ ස්ථාන ලබා දී ඇත. යාත්‍රාවේ පටවා ඇති වාහන මුහුදු ගමනේදී ගමන් කිරීම වැළැක්වීම සඳහා ලෑස් පටි භාවිතයෙන් රථය තදින් බදිනු ලබනවා.
In-hold ventilation :මෙහි සැකසුම මගින් රථ පැටවීමේදී සහ බෑමේදී පමණක් නොව ගමනේදීම පවා වාතාශ්‍රය සපයන අතරම රඳවා තබා ඇති රථ වල ඉන්දන දුම පැටවීමේදී සහ බෑමේදී සහ වාෂ්පීකරණය කිරීමද සිදුකරයි.
නැව්ගත කිරීමේ තාක්ෂණයේ දියුණුවත් සමඟ අද ලෝකයේ, විශාල, ඉහළ කාර්යක්ෂම සහ පාරිසරික වශයෙන් තිරසාර රථ ප්‍රවාහන යාත්‍රා දාවනය වේ. මුල්කාලීනව කොලබ වරාය එලක්ක කරගෙන පැමිණි මෙම යාත්‍රා, පසුකාලීනව හම්බන්තොට වරාය වෙත නැංගුරම් සදහා දියත් කරන ලදී.
ප.ලි : චායරුප අන්තරජාලයෙන් උපුටා ගන්න ලදී