මූනට ගැහුවා,බෙල්ල පෑගුවා, බිම ඇදගෙන පු* ඇ*යා
සැමියාගේ පහර කෑමකට ලක්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීනි හා ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියගේ ඇසක ඇතිවී තිබූ ඉදිමුම් තත්ත්වය මේ වන විට සුව අතට හැරෙමින් පවතින බවත්, පළමුව ජයවර්ධනපුර රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ ඇය මේ වන විට රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.
ඊයේ දහවල් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් ඇයගෙන් කටඋත්තරයක් ලබාගෙන ඇති අතර, එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ සැමියා දරුණු ලෙස සිය මුහුණට පහරදී බෙල්ල පාගා මීටර් කිහිපයක් ඇදගෙන ගොස් ඇති බවයි.
ස්වර්ණමාලී මහත්මියගේ දෙමාපියන්, සැමියාගේ දෙමාපියන් ඇතුළු පිරිසක් ඊයේ ඇය බැලීම සඳහා රෝහලට පැමිණි ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්රීනී මාලිනි ෆොන්සේකා මහත්මියද ඊයේ ඇය බැලීමට රෝහලට ගොස් ඇති බවද වාර්තා වේ.
තවද උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක වන බව මිරිහාන පොලීසිය පවසයි. ඇයගේ ප්‍රකාශයට අනුව මෙම පහරදීමට සිය සැමියා සම්බන්ධ බවට හෙළි වී ඇති බව මිරිහාන මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා සදහන් කර තිබෙන අතර, ඒ අනුව ඔහුට පොලීසියට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බවද මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වැඩි දුරටත් සදහන් කර ඇත.