මූලපරියාය සූත්‍රය (ප්‍රශ්න)

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    https://www.thripitakaya.org/tipitakaya/Index/37?s=5

    මහණෙනි, මේ ලෝකයෙහි (බුද්ධාදී) ආර්යයන් නො දක්නාසුලු ආර්යධර්මයෙහි අදක්‍ෂ වූ ආර්යධර්මයෙහි නො හික්මුණාවූ (බුද්ධාදී) සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්මයෙහි නො හික්මුණාවූ අශ්‍රැතවත් (ආගමාධිගමරහිත වූ) පෘථග්ජන තෙමේ පෘථිවිය පෘථිවිය වශයෙන් (තණ්හා මාන දිට්ඨි මඤ්ඤනාවෙන් සංඥාවිපර්යාසවශයෙන්) හඳුනයි. පෘථිවිය පෘථිවිය වශයෙන් හැඳින පෘථිවිය (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම පෘථිවියෙහි පිහිටියෙමි” යි හඟියි. “මම පෘථිවියෙන් බැහැර වෙමි” යි හඟියි. “පෘථිවිය මගේ” යි හඟියි. පෘථිවිය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඔහුගේ පෘථිවිය (පිළිබඳ) පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි. (1)
    මෙතන මේ "පෘථිවිය පෘථිවිය වශයෙන් හැඳින" කියන්නෙ අපිට සෙන්ස් වෙන දේ ඒ විදියටම අපි හරි කියල හිතාගන්න එකටද?

    මහණෙනි, ශෛක්‍ෂ වූ නොපැමිණි අර්‍හත්තවය ඇති යම් මහණෙක් නිරුත්තර වූ යෝගක්ෂේමසංඛ්‍යාත රහත්බව පතමින් වෙසේද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් වෙසෙසින් දනියි. පෘථිවිය පෘථිවි වශයෙන් මැනැවින් දැන (“මම පෘථිවි ධාතුව වෙමි”යි දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවියෙහි (පිහිටියෙමි යි දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවි ධාතුවෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි (දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. “පෘථිවි ධාතුව මාගේ ය”යි (දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවි ධාතුව (දෘෂ්ටිවශයෙන්) අභිනන්දනය නො කරන්නේ නමුදු (තෘෂ්ණාමාන වශයෙන්) අභිනන්දනය නො කරන්නේත් නො වෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් (පෘථිවි ධාතුව රහත්මගින්) පිරිසිඳ දත යුතු (හෙයිනැ) යි කියමි.
    ඊට පස්සෙ ඔය කියල තියෙන්නෙ එක එක ලෙවල් වල අයට ඒක තේරුන් යන විදිය වෙනස් වන හැටි නේද?

    @greenthunder @ek_rosh
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    01. ඔහු නිවැරදි ධර්මය ඇසුරු කිරීමෙන් තොරවීම තුළ දකින දේ හුදෙක් දකින භෞතික තත්ත්වයෙන් පමණක් දකී යන්න මේ කියන්නේ.

    පෘථිවිය (හෝ හුදෙක් ධාතූන්) තුළ පවත්නා යථා ස්වභාවය නොදකි යන්න මේ කියන්නේ.

    02. මෙතැන් ඒ ඒ මසැසට පෙනෙන දේ එහි හුදෙක් පෙනෙන ස්වරූපයෙන් තොරව මනැසින් යථා පරිදි දකී යන්න කියන්නේ.

    ධර්මය කියන්නේ පිටින් පෙනෙන්නට තිබෙන දේ නොවේ. එය මසැසට ග්‍රහණය නොවේ.
    එය සැබෑ අයුරින් දකින්නට නම් ධර්ම මාර්ගයේ සත් පුරුෂයන් පෙන්වූ මඟ පෙන්වීම යටතේ ගමන් කළ යුතුය.
    ------ Post added on Jul 29, 2023 at 1:04 AM
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    Buddha GIF
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    https://www.thripitakaya.org/tipitakaya/Index/37?s=5මෙතන මේ "පෘථිවිය පෘථිවිය වශයෙන් හැඳින" කියන්නෙ අපිට සෙන්ස් වෙන දේ ඒ විදියටම අපි හරි කියල හිතාගන්න එකටද?

    ඊට පස්සෙ ඔය කියල තියෙන්නෙ එක එක ලෙවල් වල අයට ඒක තේරුන් යන විදිය වෙනස් වන හැටි නේද?

    ඔතන හෙළයෙක් සංජානාති සහ අභිජානාති කියල වචන දෙකක් භාවිතා වෙනවා. අසෘතවත් පෘතග්ජනයාට භාවිතා කරන්නෙ සංජානාති. සේක පුද්ගලයාට සහ රහතන් වහන්සේට භාවිත වෙන්නෙ අභිජානාති. සංජානාති කියන තත්වයෙදි යමක් හඳුනා ගන්නකොට ඒ හඳුනා ගන්න දෙය සංඥා විපල්ලාස වලින් ඉන්ෆ්ලුවන්ස් වෙලා තමා හඳුනන්නෙ.

    පැහැදිලි කිරීමක් විදිහට මේ මොහොතෙ ග්‍රීන්තන්ඩර්ගෙ දර්ශනයට ලක්වෙන්නෙ මහා විශාල ගහක් සහ ගල් තලාවක්. දැන් ග්‍රීන්තන්ඩර් ඔය දර්ශනය දකිනකොටම ඒ දර්ශනය ගහක් සහ ගල්තලාවක් ලෙසට හැඟිල ඉවරයි. එතනින් එහාට ගොඩනගන ග්‍රීන්තන්ඩර්ගෙ ලෝකය ඔය ගහත් ගල්තලාවත් මත තමා තීරණය වෙන්නෙ. ඒ ගහ සහ ගල්තලාව නිත්‍ය යම්කිසි සබ්ස්ටෑන්ශියල් තත්වයක් කියන ආකාරයටයි හඳුනගන්නෙ. එහෙම හඳුනගෙන ගහක් සහ ගල්තලාවක් තියනවාය, ඒ ගල්තලාව සහ ගහට සාපේක්ෂව ග්‍රීන්තන්ඩර් කෙනෙක් ඉන්නවා කියලා අර ගත්ත සංඥාව මංඥනා (තණ්හා, මාන, දිට්ඨි) වශයෙන් ගොඩනැගෙනවා.

    නමුත් අභිජානාති කියන්නෙ විශේෂයෙන් දැනගන්නවා, කෙලින්ම දැනගන්නවා කියන අර්ථයයි තියෙන්නෙ. නිත්‍ය සංඥාවක් වෙනුවට අනිත්‍ය සංඥාවක් තමා එතන තියෙන්නෙ. මොහොතක් මොහොතක් පාසා ඇසත් රූපයත් නිස චක්කු විඥ්ඥානය හටගනී, ඒ තුනෙහි එක්වයාම ස්පර්ශයයි ආදී විදිහට දකින වර්ණ-හැඩ සටහනෙහි මොහොතක් මොහොතක් පාසා සකස්වීම සහ නිරුද්ධවන ආකාරය දකිනවා. එහෙම දකිනකොට ගහක් සහ ගල්තලාවක් තියනවාය, ඒ ගල්තලාවට සහ ගහට සාපේක්ෂව ග්‍රීන්තන්ඩර් කෙනෙක් ඉන්නවාය කියලා සකස්වෙන්න තිබෙන ඉඩ ඇහිරෙනවා. එහෙම දැක්මක් තුල තණහා, මාන දිට්ඨි ලෙස විහිදායාමක් සිදුවෙන්න හැකියවක් නැහැ. තණ්හා මාන දිට්ඨි ක්‍රමිකව ක්ෂය වෙනවා, බිඳවැටෙනවා.

    ඔව්, උඩ තියෙන්නව අසෘතවත් පෘතග්ජනයාට තේරුම් යන හැටි. ඊටපස්සෙ තියෙන්නෙ සේක පුද්ගලයා. මෙතනදි සේක පුද්ගලයාට(සෝතාපන්න වූ) නැත්තෙ දිට්ඨි විතරයි. ඔහුට තණ්හා මාන දෙක තාම ඉතිරියි. තණ්හා මාන දෙක මුල්කරගෙන මමය මගේය කියලා හිතෙන්න ඕනෑ තරම් හැකියාවක් තියනවා. ඒ නිසායි ඔහුට බුදුහාමුදුරුවො සේකයන්ට දෙන උපදෙසේදි කියන්නෙ "හඟින්න එපාය" කියලා. එහෙම නොහඟා තව දුරටත් ප්‍රතිපදව පිරීම තුල ඔහුට පූර්ණ අවබෝධය/පරිඤ්ඤාව ඒ කියන්නෙ රහත්බව ලැබෙනවා.

    ඊටපස්සෙ තියෙන්නෙ රහතන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේ. ඒ කියන්නෙ මේ ශාසනයේ බුදුහාමුදුරුවො ලබන අවබෝධයම උන්වහන්සේගෙ ශ්‍රාවකයාත් මේ ජීවිතයේදීම ලබනවා කියන එක අපි මුලින්ම තේරුම් ගන්න ඕනෙ. ඒක මේ ශාසනයේ තිබෙන වැදගත් අංගයක්. දෙවනි කාරනය තම පරිඤ්ඤාව, ඒ කිව්වේ පූර්ණ අවබෝධය. අවබෝධය සම්පුර්ණ වෙච්ච නිසා රහතන් වහන්සේලාට තවදුරටත් තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ලෝකයක ඇලීමක්, වෙලීමක් සහ පැටලීමක් නැහැ. ලෝකය ගැන ව්‍යවහාර කරනවා, කතාබහ කරනවා නමුත් ලෝකය ලෝකයක්ය කියන පැටලීම උන්වහන්සේලාට නැහැ.

    අමතර කාරණයක් විදිහට;

    මූලපරියාය වගේ ගැඹුරු සූත්‍රයක් පහදනකොට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ විසඳීම කරන්නෙ ග්‍රීන්තන්ඩර්ගෙ ශක්ති ප්‍රමාණයෙන්. අඩුපාඩු තියෙන්න පුලුවන්. ලියනකොටත් සමහර තැන් ගැන "මෙතන එතකොට අතනට ගලපන්නෙ කොහොමද" ආදී විදිහට සැක තැන් මතුවෙනවා. ඒ නිසා විස්තර කරන්න නොගිහින් පුලුවන්තරම් ජෙනරල් අයිඩියා එකක් දෙන්න තමා උත්සහ කලේ. හැකිනම් කටුකුරුන්දේ හාමුදුරුවන්ගෙ නිවනේ නිවීම දේශනාමාලාවෙ 13 වෙනි දේශනය කියවන්න. එතන මූලපරියාය සූත්‍රයට අටුවාවක් තියනවා. මීට අමතරව සන්ගොකු අලවලා තියන බෝධි ස්වාමීන්වහන්සේගෙ විවරණයත් හොඳ ඇති.

    Edited - grammar and formatting.
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    https://www.thripitakaya.org/tipitakaya/Index/37?s=5

    මෙතන මේ "පෘථිවිය පෘථිවිය වශයෙන් හැඳින" කියන්නෙ අපිට සෙන්ස් වෙන දේ ඒ විදියටම අපි හරි කියල හිතාගන්න එකටද?

    ඊට පස්සෙ ඔය කියල තියෙන්නෙ එක එක ලෙවල් වල අයට ඒක තේරුන් යන විදිය වෙනස් වන හැටි නේද?

    @greenthunder @ek_rosh

    1. මෙතන කියන්නෙ, හරි හැටි රූපය ගැන දන්නෙ නැති පෘතක්ජනය ගැන. එයා රුපය රුපය ලෙස හදුන ගන්නෙ සන්නා විපල්ලාසයත් සමග (සන්න චයිතසිකය තුලින් ) . ඒ විපල්ලසයත් සමග හදුන ගත්ත රුපය තුල, මම ඉන්නව, පිට ඉන්නව (20 ආකර සක්කය දිට්ටිය ) ඉන්නව කියල මන්නන කරනව

    2. මෙතන කියන්නෙ,සක්කාය දිට්ටිය ප්‍රහීන කල ශේකයෙක් ගැන. එය දාන්නව රුපය මම මගේ ඩිට්ටිය වැරදි බව, හබයි, ඒත් මන්නනව තියෙනව.

    ඔතන රහතන් වහන්සෙ කෙනෙකු ගෙත් කතාකරනව. එයා රුපය විශෙශ න්යානයෙන් දකිනව ( ප්‍රජ්නාවෙන්)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    1. මෙතන කියන්නෙ, හරි හැටි රූපය ගැන දන්නෙ නැති පෘතක්ජනය ගැන. එයා රුපය රුපය ලෙස හදුන ගන්නෙ සන්නා විපල්ලාසයත් සමග (සන්න චයිතසිකය තුලින් ) . ඒ විපල්ලසයත් සමග හදුන ගත්ත රුපය තුල, මම ඉන්නව, පිට ඉන්නව (20 ආකර සක්කය දිට්ටිය ) ඉන්නව කියල මන්නන කරනව

    2. මෙතන කියන්නෙ,සක්කාය දිට්ටිය ප්‍රහීන කල ශේකයෙක් ගැන. එය දාන්නව රුපය මම මගේ ඩිට්ටිය වැරදි බව, හබයි, ඒත් මන්නනව තියෙනව.

    ඔතන රහතන් වහන්සෙ කෙනෙකු ගෙත් කතාකරනව. එයා රුපය විශෙශ න්යානයෙන් දකිනව ( ප්‍රජ්නාවෙන්)

    සඥ්ඥා විපල්ලාස හතර අතුරෙන් සුඛ,ආත්ම, සුභ කියන තුන මෙතන මූලික සඥ්ඥා අවධියේදීම ක්‍රියාත්මක වීමක් තියනවද නැතිනම් මඥ්ඥනා අවධියේදි වක්‍රාකාරව (වේගයෙන් චක්‍රීයව මේ ප්‍රොසෙස් එක සිදුවීම නිසා) ක්‍රියාකාරී වෙනව කියලද හිතන්නේ ? ටයිප් කරගෙන යද්දි මතුවුණ එක ගැටලුවක් එක. මේක කලින් හිතිලා තිබුණෙත් නැහැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඔතන හෙළයෙක් සංජානාති සහ අභිජානාති කියල වචන දෙකක් භාවිතා වෙනවා. අසෘතවත් පෘතග්ජනයාට භාවිතා කරන්නෙ සංජානාති. සේක පුද්ගලයාට සහ රහතන් වහන්සේට භාවිත වෙන්නෙ අභිජානාති. සංජානාති කියන තත්වයෙදි යමක් හඳුනා ගන්නකොට ඒ හඳුනා ගන්න දෙය සංඥා විපල්ලාස වලින් ඉන්ෆ්ලුවන්ස් වෙලා තමා හඳුනන්නෙ.

    පැහැදිලි කිරීමක් විදිහට මේ මොහොතෙ ග්‍රීන්තන්ඩර්ගෙ දර්ශනයට ලක්වෙන්නෙ මහා විශාල ගහක් සහ ගල් තලාවක්. දැන් ග්‍රීන්තන්ඩර් ඔය දර්ශනය දකිනකොටම ඒ දර්ශනය ගහක් සහ ගල්තලාවක් ලෙසට හැඟිල ඉවරයි. එතනින් එහාට ගොඩනගන ග්‍රීන්තන්ඩර්ගෙ ලෝකය ඔය ගහත් ගල්තලාවත් මත තමා තීරණය වෙන්නෙ. ඒ ගහ සහ ගල්තලාව නිත්‍ය යම්කිසි සබ්ස්ටෑන්ශියල් තත්වයක් කියන ආකාරයටයි හඳුනගන්නෙ. එහෙම හඳුනගෙන ගහක් සහ ගල්තලාවක් තියනවාය, ඒ ගල්තලාව සහ ගහට සාපේක්ෂව ග්‍රීන්තන්ඩර් කෙනෙක් ඉන්නවා කියලා අර ගත්ත සංඥාව මංඥනා (තණ්හා, මාන, දිට්ඨි) වශයෙන් ගොඩනැගෙනවා.
    ඉස්සරහ ටිකට යන්න කලින් මේක අහල ඉන්නෙ. මම කියල කියන කෙනා හදාගත්තම තමා ඔක්කොම අනික් ඒව අපි ගොඩ නගන්නෙ. එතකොට අපි කියන එක ගොඩනගාගන්නෙ මම කියල හදාගත්ත දෙන්නෙක් එකතු වෙලා අපි කියල පේන ගොඩට අර්ත දැක්වීම් දෙන්න ගියාම නෙ.

    නමුත් අභිජානාති කියන්නෙ විශේෂයෙන් දැනගන්නවා, කෙලින්ම දැනගන්නවා කියන අර්ථයයි තියෙන්නෙ. නිත්‍ය සංඥාවක් වෙනුවට අනිත්‍ය සංඥාවක් තමා එතන තියෙන්නෙ. මොහොතක් මොහොතක් පාසා ඇසත් රූපයත් නිස චක්කු විඥ්ඥානය හටගනී, ඒ තුනෙහි එක්වයාම ස්පර්ශයයි ආදී විදිහට දකින වර්ණ-හැඩ සටහනෙහි මොහොතක් මොහොතක් පාසා සකස්වීම සහ නිරුද්ධවන ආකාරය දකිනවා. එහෙම දකිනකොට ගහක් සහ ගල්තලාවක් තියනවාය, ඒ ගල්තලාවට සහ ගහට සාපේක්ෂව ග්‍රීන්තන්ඩර් කෙනෙක් ඉන්නවාය කියලා සකස්වෙන්න තිබෙන ඉඩ ඇහිරෙනවා. එහෙම දැක්මක් තුල තණහා, මාන දිට්ඨි ලෙස විහිදායාමක් සිදුවෙන්න හැකියවක් නැහැ. තණ්හා මාන දිට්ඨි ක්‍රමිකව ක්ෂය වෙනවා, බිඳවැටෙනවා.
    මේක කොහොම කරත් අපිට කෙනෙක්ට පෙන්නන බෑ නේද? ඒක අනිවාර්‍යෙන්ම තමන් තමන්ව නැති කිරීම තුලින්ම විතරයි නේද බලන්න පුලුවන්. ඒ නිසා වෙන්න ඕනි නේද? බුදුහාමුදුරුවො ඇත්තටම තමන්ට බුදුහාමුදුරුවො වෙන්නෙ නිවන් යන්න ඔන්න මෙන්න තියල කිව්වෙ.

    නමුත් අභිජානාති කියන්නෙ විශේෂයෙන් දැනගන්නවා, කෙලින්ම දැනගන්නවා කියන අර්ථයයි තියෙන්නෙ. නිත්‍ය සංඥාවක් වෙනුවට අනිත්‍ය සංඥාවක් තමා එතන තියෙන්නෙ. මොහොතක් මොහොතක් පාසා ඇසත් රූපයත් නිස චක්කු විඥ්ඥානය හටගනී, ඒ තුනෙහි එක්වයාම ස්පර්ශයයි ආදී විදිහට දකින වර්ණ-හැඩ සටහනෙහි මොහොතක් මොහොතක් පාසා සකස්වීම සහ නිරුද්ධවන ආකාරය දකිනවා.
    දැන් මෙතනදි අපිට නිකන් හිතන්න පුලුවන් නෙ ආ මෙතන රූපයක් නෑ කියලනෙ තියෙන්නෙ එහෙනන් නෑ තමා කියල. එහෙම හිතන එකයි ඔය විදියට තේරුන් යන එකෙයි වෙනස අපිට ප්‍රත්‍යක්ෂ්‍ය වෙලා නැති එකද?
    ඊටපස්සෙ තියෙන්නෙ රහතන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේ. ඒ කියන්නෙ මේ ශාසනයේ බුදුහාමුදුරුවො ලබන අවබෝධයම උන්වහන්සේගෙ ශ්‍රාවකයාත් මේ ජීවිතයේදීම ලබනවා කියන එක අපි මුලින්ම තේරුම් ගන්න ඕනෙ. ඒක මේ ශාසනයේ තිබෙන වැදගත් අංගයක්. දෙවනි කාරනය තම පරිඤ්ඤාව, ඒ කිව්වේ පූර්ණ අවබෝධය. අවබෝධය සම්පුර්ණ වෙච්ච නිසා රහතන් වහන්සේලාට තවදුරටත් තණ්හා, මාන, දිට්ඨි වශයෙන් ලෝකයක ඇලීමක්, වෙලීමක් සහ පැටලීමක් නැහැ. ලෝකය ගැන ව්‍යවහාර කරනවා, කතාබහ කරනවා නමුත් ලෝකය ලෝකයක්ය කියන පැටලීම උන්වහන්සේලාට නැහැ.
    රහතන්වහන්සේලා අවබෝධ කරගන්නවනෙ මේක මෙහෙම තමා වෙන්නෙ කියන එක. එතකොට කොහොමද සසර නවතින්නෙ. අවබෝධ කරගත්තම අපි ඉස්සරහට කර්මය එකතු කරගන්නෙ නැති නිසාද? නැත්තන් ආයෙ අලුතෙන් මම කියල කෙනෙක් ගොඩ නගන්නෙ නැති නිසාද?

    1. මෙතන කියන්නෙ, හරි හැටි රූපය ගැන දන්නෙ නැති පෘතක්ජනය ගැන. එයා රුපය රුපය ලෙස හදුන ගන්නෙ සන්නා විපල්ලාසයත් සමග (සන්න චයිතසිකය තුලින් ) . ඒ විපල්ලසයත් සමග හදුන ගත්ත රුපය තුල, මම ඉන්නව, පිට ඉන්නව (20 ආකර සක්කය දිට්ටිය ) ඉන්නව කියල මන්නන කරනව

    2. මෙතන කියන්නෙ,සක්කාය දිට්ටිය ප්‍රහීන කල ශේකයෙක් ගැන. එය දාන්නව රුපය මම මගේ ඩිට්ටිය වැරදි බව, හබයි, ඒත් මන්නනව තියෙනව.
    එතකොට සෝවාන් වෙනව කියන්නෙ ටික ටික මම නෑ කියන එක අත අරින එකනෙ. ඔය ලෙවල් එකකට ගියාම ආයෙ පහල යන්නෙ නැත්තෙ කොයිම වෙලාවකටවත් ඊට පස්සෙ ආයෙ කලින් තිබ්බ දිට්ටිය එන්නෙ නැති නිසාද? A කියල කෙනෙක් ඉන්නව එයා දැන් මනුස්සයෙක් වෙලා ඉන්නව ඊට පස්සෙ එයා සෝවාන් වෙනව. ඊට පස්සෙ එයාට ඉතුරු ටික සම්පූර්ණ කරගන්න බැරුව මැරෙනව. ඊට පස්සෙ ආයෙ වෙන ජීවියෙක් වෙලා උපත ලැබුවම එයාට අර කොටසෙ ඉදල නේ කන්ටිනුයු කරන්න වෙන්නෙ. එහෙම කෙනෙක්ට අවබෝධයක් තියෙන්න පුලුවන්ද මට දිඨ්ටියක් නෑ කියල නැත්තන් එයත් ආයෙ මහන්සි වෙලා මතු කරගන්න ඕනිද ඒක.
    ඔතන රහතන් වහන්සෙ කෙනෙකු ගෙත් කතාකරනව. එයා රුපය විශෙශ න්යානයෙන් දකිනව ( ප්‍රජ්නාවෙන්)
    බලද්දි දැක්ක. තාම ඒ ටික ගැන කල්පනා කරන්න ගියෙ නෑ. මේ ටික ලෙහාගෙන එහෙට යනකොට ආයෙ ප්‍රශ්න එයි. :yes::yes:

    මේක අමතර හිතුන දෙයක්. බුදු, පසේ බුදු කෙනෙක් කෙලින්ම ඔය තුනම එක පාර නැති කරගන්නවද නැත්තන් ඒත් මුලින් සෝවාන් වෙලා එහෙමද බුදු වෙන්නෙ.
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    සඥ්ඥා විපල්ලාස හතර අතුරෙන් සුඛ,ආත්ම, සුභ කියන තුන මෙතන මූලික සඥ්ඥා අවධියේදීම ක්‍රියාත්මක වීමක් තියනවද නැතිනම් මඥ්ඥනා අවධියේදි වක්‍රාකාරව (වේගයෙන් චක්‍රීයව මේ ප්‍රොසෙස් එක සිදුවීම නිසා) ක්‍රියාකාරී වෙනව කියලද හිතන්නේ ? ටයිප් කරගෙන යද්දි මතුවුණ එක ගැටලුවක් එක. මේක කලින් හිතිලා තිබුණෙත් නැහැ.
    මගේ තේරුමට අනුව නම් විපල්ලාසය වෙන්නෙ මූලික අදියරෙමයි. තව විදිහකින් කිව්වොත්, පේන්නෙම අවුල් වෙලා.

    එතකොට සෝවාන් වෙනව කියන්නෙ ටික ටික මම නෑ කියන එක අත අරින එකනෙ. ඔය ලෙවල් එකකට ගියාම ආයෙ පහල යන්නෙ නැත්තෙ කොයිම වෙලාවකටවත් ඊට පස්සෙ ආයෙ කලින් තිබ්බ දිට්ටිය එන්නෙ නැති නිසාද? A කියල කෙනෙක් ඉන්නව එයා දැන් මනුස්සයෙක් වෙලා ඉන්නව ඊට පස්සෙ එයා සෝවාන් වෙනව. ඊට පස්සෙ එයාට ඉතුරු ටික සම්පූර්ණ කරගන්න බැරුව මැරෙනව. ඊට පස්සෙ ආයෙ වෙන ජීවියෙක් වෙලා උපත ලැබුවම එයාට අර කොටසෙ ඉදල නේ කන්ටිනුයු කරන්න වෙන්නෙ. එහෙම කෙනෙක්ට අවබෝධයක් තියෙන්න පුලුවන්ද මට දිඨ්ටියක් නෑ කියල නැත්තන් එයත් ආයෙ මහන්සි වෙලා මතු කරගන්න ඕනිද ඒක.

    මෙකට කෙලින්ම උත්තරයක් රෙෆෙරන්ස් එකක දෙන්න, මේක කොහොමද වෙන්නෙ කියල හොයල බලල නැ මම. හැබයි දන්න දැනුමෙන් උත්තරයක් දෙන්න පුලුවන්. සොවාන් වෙන කෙනාගේ මම මගේ නැ කියන මන්නනාව නැති වෙන්නෙ නැ. එයගේ නැති වෙන්නෙ දුස්ටිය විතරයි. තව සන්ජොයන දෙකකුයි. මෙයගේ සොවන් පල සිතත් සමග චිත්ත පරම්පරාව යම්කිසි වෙනසකට භාජනය වෙනව..එක්යි මෙයා පහල තල වලට යන්නෙ නැත්තෙ.. මෙයා සොවාන් නිසා, මෙයාට ඉතුරු ටික කරන්න අයෙත් වෙන කෙනෙකුගෙ අවශ්ය තාවයක් ඕනෙ වෙන්නෙ නැ. එක නිසා මෙයා ඉපදිලා යම්කිසි කාලයකට පස්සෙ මෙයාටම තේරෙන්න ඕනෙ දර්මය ඉබේම වග්, අර සමහර ලමයි ඉන්නෙ, පොඩි කාල්ම අමුතු හැකියවල් තියෙනව, දේවල් කියනව කවුරුත් කියල දෙන්නෙ නැතුව.. මට හිතෙන්නෙ එහෙමයි

    බලද්දි දැක්ක. තාම ඒ ටික ගැන කල්පනා කරන්න ගියෙ නෑ. මේ ටික ලෙහාගෙන එහෙට යනකොට ආයෙ ප්‍රශ්න එයි. :yes::yes:

    මේක අමතර හිතුන දෙයක්. බුදු, පසේ බුදු කෙනෙක් කෙලින්ම ඔය තුනම එක පාර නැති කරගන්නවද නැත්තන් ඒත් මුලින් සෝවාන් වෙලා එහෙමද බුදු වෙන්නෙ.

    මේක නම් හරියට දන්නෙ නැ. ටෙක්නිකලි නම් අවුල පෙනුනට පස්සෙ නෙ, අවුල ලිහාගන්නෙ. එහම බලුවොත් තම්, පිලිවෙලට තමයි. හබයි ඉතින් බුදු කෙනෙකුගෙ සිත් කොහම තිබුනද කියල, මට කියවනකොට අහුවෙල නැ. අනෙත් අයගෙනම් විස්තර කරනව වෙනස් වන ආකාරය.
    ------ Post added on Jul 29, 2023 at 11:16 AM
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඉස්සරහ ටිකට යන්න කලින් මේක අහල ඉන්නෙ. මම කියල කියන කෙනා හදාගත්තම තමා ඔක්කොම අනික් ඒව අපි ගොඩ නගන්නෙ. එතකොට අපි කියන එක ගොඩනගාගන්නෙ මම කියල හදාගත්ත දෙන්නෙක් එකතු වෙලා අපි කියල පේන ගොඩට අර්ත දැක්වීම් දෙන්න ගියාම නෙ.

    ලෝකයක් ගොඩනැගෙන්නෙ ජීවත්වෙන සත්වයෙක් ඉන්නවා ආත්මයක් තියනවා කියන හැඟීම නිසා තමා.

    මේක කොහොම කරත් අපිට කෙනෙක්ට පෙන්නන බෑ නේද? ඒක අනිවාර්‍යෙන්ම තමන් තමන්ව නැති කිරීම තුලින්ම විතරයි නේද බලන්න පුලුවන්. ඒ නිසා වෙන්න ඕනි නේද? බුදුහාමුදුරුවො ඇත්තටම තමන්ට බුදුහාමුදුරුවො වෙන්නෙ නිවන් යන්න ඔන්න මෙන්න තියල කිව්වෙ.

    ඔව්, මේක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනෙ දෙයක්. භාෂාව සහ තර්ක මාර්ගයෙන් මේ සත්‍ය තවත් කෙනෙකුට සන්නිවේදනය කරන්න පුලුවන්. අනුමාන වශයෙන් ඇත්ත විය හැකියි කියලා තීරණය කරන්නත් පුලුවන්. නමුත් සක්සුදක් සේ පැහැදිලිව දැනගන්න නම් කරලා බලන්නම වෙනව.

    ඒ වගේම තමන්ව නැති කිරීමෙන් නෙමෙයි, මෙතන නැතිකරන්න වත් තමන් කියලා ගන්න සුදුසු දෙයක් නැහැ එහෙම ගන්න බැහැ කියන එකයි ප්‍රත්‍යක්ෂ වෙන්නෙ.

    දැන් මෙතනදි අපිට නිකන් හිතන්න පුලුවන් නෙ ආ මෙතන රූපයක් නෑ කියලනෙ තියෙන්නෙ එහෙනන් නෑ තමා කියල. එහෙම හිතන එකයි ඔය විදියට තේරුන් යන එකෙයි වෙනස අපිට ප්‍රත්‍යක්ෂ්‍ය වෙලා නැති එකද?

    ඔව්, මොකද මෙතන තියෙන්නෙ හටගැනීමක් සහ නිරුද්ධවීමක්. රූපයක් නැහැ කියන්න බැහැ රූපය හට ගන්න නිසා. රූපයක් තියනවා කියන්න බැහැ රූපය නිරුද්ධ වෙන නිසා. තේරුම් යනවා කියනනෙ ආන්න ඒ ධර්ම න්‍යාය, ඒ කියන්නෙ පටිච්චසමුප්පාදය අවබෝධ කිරීමටයි.

    රහතන්වහන්සේලා අවබෝධ කරගන්නවනෙ මේක මෙහෙම තමා වෙන්නෙ කියන එක. එතකොට කොහොමද සසර නවතින්නෙ. අවබෝධ කරගත්තම අපි ඉස්සරහට කර්මය එකතු කරගන්නෙ නැති නිසාද? නැත්තන් ආයෙ අලුතෙන් මම කියල කෙනෙක් ගොඩ නගන්නෙ නැති නිසාද?

    සරලව මම කියලා කෙනෙක් අලුතෙන් ගොඩනැනෙනෙ නැති, ගොඩනගන්නෙ නැති නිසා කියලා කියන්න පුලුවන්. ඒ සඳහා කලයුතු දේ වඩාත් තේරුම්යයි තණ්හාව දුරුවූ නිසා, අවිද්‍යාව දුරුවූ නිසා කියලා කිව්වොත්.
     
    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    @Rontmir මේක බලන්න උඩව් වෙයි සමහරවිට මුල ගැන තේරුම් ගන්න.
    ස්තුතියි.
    මම මෙක කියෙව්වා. මේවගෙ සන්කල්ප මීට කලිනුත් කියවලා තියෙනවා. මට තේරෙන හැරියෙන් නම් බුදු දහමෙ කතා කරන්නෙ තමන්ගෙ මනසින් ලෝකය මවාගෙන ඉන්නවා නමුත් එහෙම එකක් ඇත්තටම නැහැ වගෙ අර්තයක් නේද.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ස්තුතියි.
    මම මෙක කියෙව්වා. මේවගෙ සන්කල්ප මීට කලිනුත් කියවලා තියෙනවා. මට තේරෙන හැරියෙන් නම් බුදු දහමෙ කතා කරන්නෙ තමන්ගෙ මනසින් ලෝකය මවාගෙන ඉන්නවා නමුත් එහෙම එකක් ඇත්තටම නැහැ වගෙ අර්තයක් නේද.
    එහෙමත් නෑ. එහෙම උනොත් එක මයින්ඩ් එක විතරක් තියෙනවා කියන අන්තවාදය. දෙකම එකට තියෙනව කියන එක ඇතුලේ ඉදගෙන ඕක ලේහාගන්න ඕනි.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එහෙමත් නෑ. එහෙම උනොත් එක මයින්ඩ් එක විතරක් තියෙනවා කියන අන්තවාදය. දෙකම එකට තියෙනව කියන එක ඇතුලේ ඉදගෙන ඕක ලේහාගන්න ඕනි.
    මටනම් මේක පැටලිලි සහගතයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මටනම් මේක පැටලිලි සහගතයි.
    සූත්‍රය නේද? එන ප්‍රශ්න අහගෙන යන්න ග්‍රිං තණ්ඩ එහෙම උදව් කරයි. මටත් එහෙම ලොකු අවබෝධයක් නෑ තාම මාත් මේ නූල දැම්මේම පෙටලිලි ටික ලෙහාගන්න. ඔය මුල ප්‍රශ්නේ මට ආවම මේකේ ඕක තියෙනවා කියල ග්‍රීනතන්ඩ කිව්වේ. ඒ නිසා මේක බලන්න පටන් ගත්තේ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සූත්‍රය නේද? එන ප්‍රශ්න අහගෙන යන්න ග්‍රිං තණ්ඩ එහෙම උදව් කරයි. මටත් එහෙම ලොකු අවබෝධයක් නෑ තාම මාත් මේ නූල දැම්මේම පෙටලිලි ටික ලෙහාගන්න. ඔය මුල ප්‍රශ්නේ මට ආවම මේකේ ඕක තියෙනවා කියල ග්‍රීනතන්ඩ කිව්වේ. ඒ නිසා මේක බලන්න පටන් ගත්තේ.
    මේවනම් මචන් අවුරුදු ගානක් යයි තේරුම් ගන්න. හිමීට තමයි මේ වගේ දෙයක් තේරෙන්නෙ.