https://www.thripitakaya.org/tipitakaya/Index/37?s=5
@greenthunder @ek_rosh
මෙතන මේ "පෘථිවිය පෘථිවිය වශයෙන් හැඳින" කියන්නෙ අපිට සෙන්ස් වෙන දේ ඒ විදියටම අපි හරි කියල හිතාගන්න එකටද?මහණෙනි, මේ ලෝකයෙහි (බුද්ධාදී) ආර්යයන් නො දක්නාසුලු ආර්යධර්මයෙහි අදක්‍ෂ වූ ආර්යධර්මයෙහි නො හික්මුණාවූ (බුද්ධාදී) සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්මයෙහි නො හික්මුණාවූ අශ්‍රැතවත් (ආගමාධිගමරහිත වූ) පෘථග්ජන තෙමේ පෘථිවිය පෘථිවිය වශයෙන් (තණ්හා මාන දිට්ඨි මඤ්ඤනාවෙන් සංඥාවිපර්යාසවශයෙන්) හඳුනයි. පෘථිවිය පෘථිවිය වශයෙන් හැඳින පෘථිවිය (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම පෘථිවියෙහි පිහිටියෙමි” යි හඟියි. “මම පෘථිවියෙන් බැහැර වෙමි” යි හඟියි. “පෘථිවිය මගේ” යි හඟියි. පෘථිවිය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඔහුගේ පෘථිවිය (පිළිබඳ) පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි. (1)
ඊට පස්සෙ ඔය කියල තියෙන්නෙ එක එක ලෙවල් වල අයට ඒක තේරුන් යන විදිය වෙනස් වන හැටි නේද?මහණෙනි, ශෛක්‍ෂ වූ නොපැමිණි අර්‍හත්තවය ඇති යම් මහණෙක් නිරුත්තර වූ යෝගක්ෂේමසංඛ්‍යාත රහත්බව පතමින් වෙසේද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් වෙසෙසින් දනියි. පෘථිවිය පෘථිවි වශයෙන් මැනැවින් දැන (“මම පෘථිවි ධාතුව වෙමි”යි දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවියෙහි (පිහිටියෙමි යි දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවි ධාතුවෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි (දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. “පෘථිවි ධාතුව මාගේ ය”යි (දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවි ධාතුව (දෘෂ්ටිවශයෙන්) අභිනන්දනය නො කරන්නේ නමුදු (තෘෂ්ණාමාන වශයෙන්) අභිනන්දනය නො කරන්නේත් නො වෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් (පෘථිවි ධාතුව රහත්මගින්) පිරිසිඳ දත යුතු (හෙයිනැ) යි කියමි.
@greenthunder @ek_rosh