මේක වැරදියි කියලා නිකම් කිව්වට පිළීගන්න බෑ නේ, අපි හේතුව දැනගන්න ඕනේ. මේ පෙන්වගෙන ඉන්නේ විතර්ක මුද්‍රාව. විතර්ක මුද්‍රාව ඕන කෙනෙක්ට පෙන්වන්න පුලුවන් මොකද ඒකෙන් සංකේතවත් කරන්නේ ,යම් කිසි තාර්කික සකච්ජාවක් ,ධර්ම කරුණක් ගැන සංවාදයක නියැළි ඉන්නවා කියලයි ,දබර ඇගිල්ලෙන් සහා මාපොට ඇගිල්ලෙන් සංකේතවත් කරන්නේ නිරතුරුවම ගලන ශක්තිය කවයක් ආකාරයට, මුළු අතම මේ විදියට තියාගෙන ඉන්න එකෙක් සංකේතවත් කරන්නේ කියලා දෙන දේ තරංගාකාරයෙන් බෙදාහැරීම වගේ (චිත්ත තරංග වගේ). ඉතින් මේක ඕන කෙනෙක්ට පෙන්වන්න පුලුවන් නමුත් ඒක මේ වගේ විහිළුවට ගැනීම, කිසිම අරමුණක් නැතුව භාවිතා කිරිම අපහාසයක් , නින්දා කිරිමක්, අන් අයට වැරදි ආදර්ශයක් දෙන්න පුලුවන්. චේතනාවක් නොතියෙන්න පුලුවන් එහෙම නමුත් මේ වගේ දේවල් වෙන්න ගත්තොත් මුද්‍රාවල වටිනාකම නැති වෙනවා, ඒක හරියට භීක්ෂූන් වහන්සේලා දැන් රටේ කරන වැඩ නිසා සමස්ථ භීක්ෂූවම හෑල්ලුවෙලා තියෙනවා වගේ. ගෙවල් අස්සේ කරගත්තට කමක් නෑ නමුත් පොදු ස්ථාවන මේ වගේ දෙයක් පෙන්වන කොට සැලකිල්මත් වෙන්න ඕනේ මොකද මේවා කී දෙනෙක් නං බලනවද? විශේෂයෙන්ම පොඩි අය මේවා දැක්කම බුද්ධාගම ගැන තියෙන ගෞරවය නැති කරගන්නවා. ඒක නිසා මේක වැරදියි.