මූසිලයෝ ඕන තරම්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    ගුරුවරයගෙන් ඉගෙනගෙන ගුරුවරයටම කෙලවන මූසිලයෝ ඕන තරම් අපි සමාජයේ දකිනවානේ..
    මාලිනී බුලත්සිංහල ගායනා කරන 'කන්ද කෙන්ද කරනු පිණිස..." ගීතයත් මේ තේමාවටම හැදුන ගීතයක්.. හැබැයි මේ ගීතයට මුල් උන සත්‍ය කතාවක් තියෙනවා.. ඒ මාලිනී සහ 80 දශකයේ අගබාගයේ ආපු නවක ගායිකාවකගේ කතාවක්..
    මාලිනී හොඳ ගායිකාවක් වගේම හොඳ ගුරුවරියක් . ඇය කාලයක් කොළඹ ආනන්ද බාලිකාවේ සංගීත ආචාර්‍යවරිය විදිහට සේවය කරනවා. මේ කාලයේදී ඇයට ගායනයට දක්ෂ ශිෂ්‍යාවක් හමුවනවා.. ඇගේ මවත් කලාවට කාලයක් සම්බන්ධ වී සිට ඇති අතර මේ ළමයාගේ දක්ෂතාවයත් මත මාලිණී ඇයට පෞද්ගලිකව සෑම දෙයකටම උදව් උපකාර කරනවා.. ඒ අනුව ඇගේ පළමු ඒකල ගායනා ප්‍රසංගයේ නිවේදකයා ලෙස ප්‍රේමකීර්ති ද අල්විස් මහතා එන්නේත් මාලිනීගේ මේ ඉල්ලීමක් පිට..
    කාලයක් එක්කම මේ දරුවා ජනප්‍රිය ගායිකාවක් වෙනවා.. මේ කාලයේදී මාලිනී බුලත්සිංහල දුරබැහැර සංගීත ප්‍රසංගයකට සහබාගී වන්නට යන අතර ඇයට මේ සමගාමීව තවත් සංගීත ප්‍රසංගයක් තිබී තිබෙනවා. මේ නිසා මාලිනී කලින් ගීත ගායනා කිරීමට උනන්දු වන අතර ඇගේ නම තියෙන්නේ තරමක් පහලින්.. මේ අතර ඇයට පෙර ලිස්‍ට් එකේ ඉහලින් මම ඉහත කියූ ඇගේ ශිෂ්‍යාව ඉන්නවා දකින මාලිනී විගහින් ගිහින් ඇයගෙන් ඉල්කීමක් කරන්නේ ඇයට ඇගේ අවස්තාව ලබා දෙන ලෙසයි.. හේතුවත් එක්කම කාරුණිකව මාලිනී ඇගෙන් අවස්තාව ඉල්ලුවාට මේ නවක ගායිකාවත් , ඇගේ මවත් මාලිනීට බැන වැදී තිබෙන්වා.. ඒ වගේම ඔවුන් මාලිනීට අවස්තාව ලබා දීලත් නෑ..
    ඉතින් ඇය උදව් උපකාර කළ ගෝලයා ඒ වැනි සුළු දෙයකදී ඇයට උපකාර නොකල කාරණයට දුක් වන මාලිනී ඒ බව ප්‍රේමකීර්ති ද අල්විස් මහතා හා පසුව ප්‍රකාශ කර තිබෙනවා.. මෙන්න මේ කාරණය එක්ක තමා ප්‍රේමකීර්ති මාලිනීට මේ ගීතය ලියා දී තිබෙන්නේ..
    මේ ගිතයට අදාලව ' කන්ද' වෙන්නේ මාලිනී.. 'කෙන්ද' වෙන කෙනා මෑත කාලයේ දේශපාලනික වශයෙන් සමාජයෙන් බොහෝ අප්‍රසාදය ලැබූ කෙනෙක් බවයි පැවසෙන්නෙ..
    Mmp Ranaweera ස්තූතියි ඔබ තුමාට.
    454471719_409740652115670_1192127845502482520_n.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda