ලොකු ජාවාරම්කාරයෝ ගැන කතාව යටගහන්න හදපු කතාවක්. ඔකොම දැන් මේ සතා ගැන කතාව. මෙහෙමත් රටක්
කුඩු අදින ප්‍රිසන් පූසන්, උකුස්සන් ගැන කතා පොඩි ඇත්තක් තියෙන පල් බොරු. ඕවයින් යට ගහන නාකොටික් එකේ කුඩු ජාවාරම වගේ කතායි වැදගත්.
කුඩු අදින උකුස්සන්, බන්ධනාගාර පූසන් ගැන කතා එළියට එන්නේ මේ අතර ය. අලුත්ම කතාව වන ප්‍රිසන් පූසා ගැන අපට නම් කියන්නට තිබෙන්නේ එය බන්ධනාගාර පොලිසියේ ප්‍රබන්ධයක් විය හැකි බවයි. මේ අන්දමින් බළලකු කුඩු ප්‍රවාහනයට යොදාගෙන තිබේ නම්, එය හුදෙක් ම අභ්‍යන්තර වැඩක් පමණක් විය හැකි ය. කෑම දී, සුරතල් කර, බළලකු යම් ස්ථානයකට හුරු පුරුදු කරගත හැකි ය. එතැනට කුඩු පැකට් එකක් යැවීමට බළලකු යොදාගන්නට පුළුවන. බුද්ධි අංශයක් පවා තිබෙන බන්ධනාගාරයට මේ පූසා යන තැන සොයා ගැනීම මහ ලොකු දෙයක් විය නොහැකි ය. කළ යුතුව තිබුණේ පූසා අල්ලාගැනීම නොව, පූසා මෙහෙයවන පුද්ගලයා අල්ලාගැනීමයි. පූසෙකු අල්ලන්නට බන්ධනාගාර පොලිසියක් අවශ්‍ය නැත.
එහෙම නැතිව, ලියුං බෙදන පියුංලා සේ කුඩු බෙදා හරින්නට පූසන්ට තබා උකුස්සන්ට ද බැරි ය.
උකුස්සාට වඩා සන්නිවේදනයේදී විශ්වාසවන්ත පක්ෂියා වන්නේ පරෙවියා ය. එහෙත්, පරෙවියා කළේ ද අමුතු දෙයක් නොවේ. කූඩුවක දමාගෙන රැගෙන ගොස්, ලියුමක් පයේ ගැට ගසා නිදහස් කළ පසු, ආපසු තමා මුලින් සිටි ස්ථානයට ම යන්නට පරෙවියාට පුළුවන. එහෙම නැතුව, පරෙවියා ඇඩ්‍රස් එක බලමින් ලියුම් බෙදුවේ නැත.
මීගොඩ ගොවිපොළකින් අල්ලා ගත් ‘පාතාල උකුස්සා’ සම්බන්ධ කුමන්ත්‍රණ කතාව ද පොලිස් ප්‍රබන්ධයක් විය හැකි ය. මෙවැනි විශේෂ පක්ෂීන් ඇතිකිරීම සල්ලිකාරයන්ගේ විලාසිතාවකි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෝරුන් ඇති කළේ ද මේ අන්දමිනි. මිළ අධික රට බල්ලන්ගේ සිට කැළෙන් අල්ලාගත් අලින් දක්වා මෙසේ මෝස්තරයට ඇති කරන සත්තු සිටිති.
මාධ්‍ය විසින් කළ යුතුව තිබෙන්නේ පොලිසිය හා වෙනත් රාජ්‍ය නිලධාරීන් කූට අරමුණු සහිතව පතුරුවන බේගල් ඒ අන්දමින් ම මහජනතාවට ගිල්ලවීම නොවේ. මේවා පසුබිමේ ඇති කතා සොයා බැලිය යුතු ය.