මචන් රටක් ටැක්ස් ගහන්නේ නැතුව දියුණු කරන්න බැහැ. නමුත් දියුණුවේ යම් මට්ටමකට ආවම ටැක්ස් ගහන එක අඩු කරනවා. සිංගප්පුරුව දියුණු කරපු ලී කවන් යු එම රටේ වැසියන්ට කිවුවලු මම ටැක්ස් ගහන්නේ නැත්තේ මිනිස්සු හුස්ම ගන්න ඔක්සිජන් වලට විතරයි කියලා. අද කොහොමද සිංගප්පුරුවේ දියුණුව.



මගෙ පෞද්ගලික මතයනම් ඕවට ටැක්ස් ගහන්න ඕනේ කියන එක. අපි ලාබෙට බඩු ගන්නව තමයි, හබැයි ඒ හරිවිදිහට බැලුවොත් රටේ රජයට මේ භාන්ඩ වලින් එන්න ඕනෙ බද්ද, අදායම නැතිව අපි විතරක් ගන්න වාසියක්. රටක් දියුනු කරන්න රජයකට බදු අවශ්‍යයයි - බදු එපා කියන මතය දෙස්පලුවෝ මිනිස්සු මත දාපු ලොකු වැරදි ආකල්පයක්. ලෝකේ අනික් හුගක් රටවල ඊ බෙ හරි මොකක් හරි ඔන් ලයින් ඒවගෙන් ගේන බඩු නිත්යානුකූව්ල ටැක්ස් එක්සෙම්ප්ට් නැති ගොඩේ ඒවානම් කුරියර් හරි තැපැල් හරි උන්දැම ඒවට ටැක්ස් එක ගෙවලා ගෙනවිත් අපෙන් ඒ ටැක්ස් ගානට සල්ලි ගන්නව - ඔය වගේ ඔන් ලයින් භාන්ඬ ගන්නකොට හැම එකකටම ටැක්ස් වදින්නේ නෑ, සමහර බඩු සහා සමහර අගයන්ට වැඩි ඒවට විතරයි ටැක්ස් වදින්නේ. මෙහෙත් එහෙම වෙයි කියලා හිතනවා!
(මේ වගේ ටැක්ස් නොවදින ක්‍රම වලින් උබ අපිලට වඩා හම්ම්බ කරන්නේ බිස්නස් කාරයෝ - අන්න ඒක තව අවුලක්. ඔය ටැක්ස් ගැන ලාෆ්ස් එකේ වැගපිටිය උන්නැහේ කියපු කතාවක් තියෙනවා, අන්න ඒක අපේ දේශපලකයෝ අඬුවේ ඉද්ඩි මතක් කරගන්නවා, විපක්ශයේ ඉද්දි අමතක කරගන්නවා)
ඔය විදිහට ටැක්ස් ගහපුවම ඕන එකයි ඔන නැති එකයි බල්ලයි කොල්ලයි දෙන්නම තීයෙන හින්දා ගන්න අවුලත් අඩු කරන්න පුලුවන් - එතකොට අපි අත්‍යවශ්‍ය එක විතරක් ගනීවි අඩුම තරමෙ එකෙක් දෙන්නෙක් හරි!
(I am neither pro-UNP nor Anti-MR)
ගෙවුම් ශේශයට යි වෙලද ශේශයට යි නම් ලොකු බලපෑමක් වෙනවා මෙහෙම රටින් බඩු ගෙන්නන එක. අතරමැදියන්ගේ කුණු කොල්ලයට අහු වෙන්නේ නැත්තන් ලංකාවෙත් ඔය Ebay එකේ තියන බඩු එකේ තියන මිලට සාපෙක්ෂවම ලංකාව ඇතුලෙත් ගන්න පුළුවන් වෙනවා.
බදු ගහන්න පදනමක් නෑ මේ වගේ වෙලදපලවල් වලට. දැනටත් අපි Ebay එකෙන් ගෙන්නන සමහර බඩු වලට Tax එකක් Add වෙනවා. $ Buying, Selling Rate එකෙන් අපි ගන්න හැම එකටම පොඩියට හරි බද්දක් වදිනවා. හැබැයි ඔය $20 ට වගේ බඩු වලට බදු ගහන එක කිසිම තේරුමක් නැති වැඩක් වගේම ඒ බදු වලට වඩා ලොකු වියදමක් බදු පරිපාලනේට යොදවන්න වෙනවා. ඒ නිසා ඕවට බදු Apply කරන එක රජයට තවත් වියදමක් විතරයි
නැ මචන් හරි සිම්පල් සිස්ටම් එකක් හැදුවොත් මේ වාගේ බිස්නස් වලින් ටැක්ස් කරන එකෙන් රජයට ලොකු ගානක් හොයා ගන්න පුලුවන්- අනික් හුගක් රටවල් ඒ දේ කරනවා - අපේ ඔය ඔන් ලයින් බිස්නස් කියන එක ගැන හරි හමන් නිර්නායක රජය සහ නීති වල නෑ එකයි අවුල - අනික් දියුනු රටවල් ඔන් ලයින් බිස්නස් කියන එකෙන් ගව් ගානක් දුර ගිහින් ඉන්නේ - හොද සිස්ටම් එකකින් ඒවගේ රජයවල් ආදායම හොයනවා - අර මම් කීවා වගේ සමහර තැන් වලදි කූරියර් උන්නැහේ අපි වෙනුවෙන් ටැක්ස් එක ගෙවලා අපෙන් ඒ ගාන ගන්න වා ඩිලිවරි එකේදි. අනික අපි හිතනවට වඩා ඔන් ලයින් බිස්නස් ගොඩක් දැනට අපේ රටේ වුනත් වෙනවා සහා ඉදිරියට ඒක වැඩිවෙනවා මිස අඩුවෙන්නේ නෑ - ෆොරීන් කරන්සි කන්වර්ශන් එකේ එන චාර්ජ් එක මේ ටැක්ස් එකට සම්බන්ධ කරන්න බෑ නේද?
අනික තමා මේ ක්‍රමෙන් අපේ රටෙ ඉකොනොමි එකට දරා ගන්න බැරි විදිහට මිලදී ගැනීම් වෙන එක පාලනය කරන්නත් පුලුවන් නෙද?
වෙන්න පුළුවන්..එත් පොඩි පොඩි ඒවාට නැතිව වටිනාකම වැඩි ඒවාට බදු ප්‍රතිශතය වැඩි කරයි .....
ආරංචියක් තියෙනවා මෙදා පොටේ අපි Ebay එකින් ගෙන්නන බඩු වලටත් ලංකාවෙදි ටැක්ස් එකක් ගහන්න සැලැස්මක් යනවා කියලා. මේක ඇත්තක්ද බොරුවක්ද කියන්න දන්නෙ නෑ.. කීපදෙනෙක්ම කියපු ආරංචියක්..
අර රවියා ජපන් වාහන වලට ඇරපු ඇරිල්ලෙ හැටියට මෙහෙම දෙයක් නොවේ යැයි කියනත් බෑ... ලෝක බංංකුවෙන් කියලලු බදු ආදායම් වැඩි කරගන්න කියලා. (ඒක නම් ෂුවර් ඇත්ත ආරංචියක්. අද ප්රවෘත්ති කීපෙකම තිබ්බ)ඒක හින්දද කොහේද ගහන්න පුලූවන් හැම ඉලව්වටම ටැක්ස් ගහන්න වගේ හදන්න..
Ebay එකෙන් ගෙන්නන ඩොලර් දෙකක බඩුවට තව රුපියක් සීයක් දෙසීයක විතර ටැක්ස් එකක් ගෙම දුන්නොත් කොහොමද ආතල් එක...
මේ ගැන හරි විස්තරයක් දන්නවනම් කියන්ඩෝ....
පලි: මේක පොලිටිකල් මඩ පෝස්ටුවක් නොවන බව සලකන්න. ටැක්ස් එකක් ගැහුවොත් බයියාගෙන් මෙන්ම ටොයියාගෙන්ද එය අය කර ගනු ඇත...