මෘදුකාංග සමාගමටත් හැකරු පනිති

juroshan

Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    මෘදුකාංග සමාගමටත් හැකරු පනිති

    ෆොටෝෂොප්,පේජ් මේකර් ඇතුළු පරිගණක ආශි‍්‍රත ශ‍්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ ක්ෂේත‍්‍රයට නැතුවම බැරි මෘදුකාංග රැසක් නිපදවන ඇඩොබ් සමාගමටත් හැකර් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.
    ලක්ෂ 29 ක් පමණ ඇඩෝබ් මෘදුකාංග පරිශීලකයන්ගේ බැංකු ගිණුම් අංක,ක්‍රෙඩිට් කාඞ් අංක,හා වෙනත් පෞද්ගලික තොරතුරු හැකර් ප‍්‍රහාරය එල්ල කළවුන් අතට පත්ව ඇතැයි ඇඩෝබ් සමාගම කියයි.
    ෙප‍්‍රහාරයට ලක්ව ඇති ගිණුම් හිමියන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට සමාගම පියවර ගෙන තිබේ.සමාගමේ ගිණුම් කටයුතු භාරව කටයුතු කරනා බැංකු හා මූල්‍ය සමාගම් වලටද ඇඩෝබ් සමාගම මේ බැව් දැනුම් දී තිබේ.
    ඉක්මනින්ම සමාගමේ පරිගණක ජාලය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු සිදුකරගෙන යන බව ඇඩෝබ් සමාගම නිවේදනය කර සිටී.


    http://www.lankadeepa.lk/index.php/articles/175054
     
    • Like
    Reactions: djjaya

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොකක් හරි ලොකු දෙයක් සිද්දවෙනව, පහුගිය සතිය දෙක තුල මාර සයිට් තොගයක් හැක් වුනේ.:shocked::shocked::shocked:


    කොහොමත් පහුගිය ටිකේ ස්නෝව්ඩන් කියපු දේවල් නිසා හැකර්ලා හොඳටම කුලප්පු වෙලා ඉන්නෙ
    :cool::cool::nerd::dull: