මෙක්සිකෝවේ පොලිස් කෙල්ල
කළු ගලේ ඔළුව ගසාගත්
මෙක්සිකෝවේ පොලිස් කෙල්ල
මාස කීපයකට පෙර මෙක්සිකෝවේ පොලිස් අධිපතිධුරයට පත් වූ මෙක්සිකෝ ශිෂ්‍යාව මත් ජාවාරම් කරුවන්ගේ මරණ තර්ජනයට ලක්ව ජීවිතය බේරාගෙන ඇමරිකාවට පළාගොස් ඇත.
ඉකුත් ඔක්තෝබරයේ 21 හැවිරිදි මරිසෝල් වැලස් ගාර්සියා මෙක්සිකෝවේ මෙක්සාස් ප්‍රාන්ත මායිමට සමීපව පිහිටි ප්රක්සිඩිස් ගුවරේරෝ නගරයේ පොලිස් ප්‍රධානි ධුරය භාරගත් අවස්ථාවේ "මෙක්සිකෝවේ නිර්භීතම කාන්තාව" වශයෙන් හඳුන්වනු ලැබුවාය.
ගාර්සියා මෙම තනතුර භාරගැනීමට පෙර එය වසරකට අධික කාලයක් හිස්ව තිබුණි. හිටපු ප්‍රධානියා මත්ද්‍රව්‍ය ජාලයේ කුලී හේවායන් විසින් හිස ගසා මරා දැමීමෙන් පසුවය. එහෙත් ගත වූයේ මාස කීපයකින් ඇයට ද මරණය අත ළඟටම එමින් තිබුණි. ඇයගේ වැයික්කිය අතහැර දිවි ගලවාගෙන සූට්කේසයක් පවා නොගෙන ඇඳ සිටි ඇදුම් පිටින් පළා යාමට සිදුවිය.
ටෙක්සාස් ප්‍රාන්තයේ රැකවරණය පතා පැමිණීමෙන් සීඑන්එන් ප්රවෘත්ති සේවයට කියා සිටියේ මෙහි පැමිණියේ තමාට රැකවරණය සැලසීමට තමාගේ රටට නොහැකි නිසා බවයි. "මා මුහුණ පෑ හිරිහැර හා තර්ජන භයානකයි. එය ජීවිතය පුරා රැව්දේවි. හොල්මන් කරාවි" යයි තෙපලද්දී ඇගේ සිරුර පුරා කාවැදී තිබූ භීතිය ඉරියව්වලින් ප්‍රකාශ විය.
මෙක්සිකෝවේ ප්රක්සිඩිස් නගරය ලෝප්‍රකට මත් ජාවාරම් කරුවන්ගෙන් ගහන නීතිරීති විනය රහිත අති භයානක තැනකි මත්ද්‍රව්‍ය එක්රැස්කොට ප්‍රවාහන කරන මධ්‍යස්ථානයක් වන මෙහි තරගකාරී ව්‍යාපාරිකයන් අතර නිතර ගැටුම් හටගන්නා අතර මොවුන්ගේ ව්‍යාපාර සතුරන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා මිනීමරු සන්නද්ධ හේවායෝද සිටිති.
වැඩභාරගත් මොහොතේ ප්‍රකාශ කළේ ගාර්සියා ප්‍රදේශයේ සාමය හා ආරක්ෂාව ස්ථාපන කරන බවය. තරුණ එඩිතර ජාතික හැඟීම්වලින් පිරුණු අත්දැකීම් රහිත මේ සුරූපි කෙල්ල ත්රස්තයන්, මැරයන්, පාතාලයන් ගැන පසුවූයේ අනවබෝධයකි.
පොලීස් අධිකාරී ධුරයට පත්ව ගත වූයේ දින කීපයකි. දුරකතන ඇමතුම් ගලා එන්නට විය. පොලීස් කෙල්ලේ නුඹ ඇවිත් ඉන්නේ වැරැදි තැනකට . නුඹගැන අපිට දුකයි.
කළුගලේ ඔළුව හප්පනවා වගේ වැඩක්. අපිත් එක ගැටුණොත් නුඹේ ඔළුව ඉතුරුවන්නේ නෑ. අහලා ඇතිනෙ කලින් හිටපු එකාට වෙච්චදේ. නුඹට අපි සලකන්නම් අපිත් එක්ක හවුල්වෙලා වැඩකරපන්."
මෙවන් ඇමතුම් නිතර ලැබුණ බවද මෙම තර්ජන හමුවේ සිය රාජකාරි ඉටුකරමින් මාස කීපයක්ම අපරාධ මැඩලීමේ කටයුතු වල යෙදී සිටියදී ඉකුත්දා ඇගේ දුරකතනය අවසන් වරට නාදවිය.
එම ගොරෝසු හඬ අති භයානක විය.
"නුඹට දුන් කාලය අවසන්. නුඹ දකින්න කට්ටියක් බලා සිටිනවා. මම හෙට පොලීසියට ඇවිත් නුඹව රැගෙන යනවා"
මෙම අවසන් නිවේදනයෙන් ගාර්සියා තැති ගන්නට වූවාය.
තවදුරටත් බලා සිටිය නොහැකිය. විගස ක්‍රියාත්මක විය යුතුයි. අලූත විවාහ වී සිටි තම සැමියා සමග ගැලවීමේ මං සාකච්ඡා කිරීමෙන් පසු යාබද පිහිටි ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට පැනයන්නට ඔවුහු තීන්දු කළහ.
ගාර්සියාගේ ටෙක්සාස් නීතිඥයා පවසන අන්දමට මොවුන් ටෙක්සාස්හි රැඳී සිටීමට අදාළ සරණාගත ඉල්ලීම ගැන නිරීක්ෂණ කටයුතු වලට වසර තුනක් ගතවන බවත් ඉන්පසු තත්ත්වය ගැන සහතික විය හැකි බවත් ය.
මෙම උවදුර මැඩලීමට මෙක්සිකෝ ජනාධිපති පිලිස් කැල්දරන් ආරම්භ කර තිබෙන ක්‍රියාන්විතය මෙතෙක් සඵල වී නැති අතර 2006 සිට මේ දක්වා මෙක්සිකෝ මත්ද්‍රව්‍ය යුද්ධයෙන් පුද්ගලයන් 34600 කට වඩා මරණයට පත්වී ඇත.