මෙගාපොලිස්_හා_හම්බන්තොට

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙගාපොලිස්_හා_හම්බන්තොට

    ඔබේ නගරයත් මෙගාපොලිස් එකක් කර ගන්නා හැටි !

    ^^^නවීන නගර නිර්මාණ ශිල්පිනී නදිසා චන්ද්‍රසේන මහත්මියගෙන් උපදෙස් ^

    කලක පටන් මේ වගේ හරවත් සාකච්චාවක් කියවීමට ආශාවක් මගේ සිතේ තිබිණි අද අහම්බෙන් වෙන කරුණක් සෙවීමේදී මෙය සම්බවිණි. එලකිරියට හොද යැයි හැගුන බැවින් සංවාදයට විවුර්ත කරමින් මෙසේ ඉදිරිපත් කරමි.

    කරුණාකර කුණුහරුප සංවාද මෙහි යොදා නොගන්න. තවද මෙහි පක්ෂ විපක්ෂ අදහස් 2කම පවතී. කෙතරම් අප බෙදී සිටියද රටේ යහපතට හොද දේවල් ඉදිරියට ගෙන යාම වටින්නේය.

    සැ. යු. මෙහි සත්‍ය නම් ගම් සගවන බව සලකන්න...


    ඉස්සර හික්කඩුවට තිබ්බේ කුඩා පොලිස් එකකි. හරියටම කියනවා නං ඒක පිහිටියේ කොරල් රීෆ් බීච් හෝටලේ ඉස්සරහය. මහාමායා එකට එහා පැත්තේය. දෙදාස් හතර සුනාමියෙන් ඒ කුඩා පොලිස් එක සුන්නද්දුවිලි විය. පස්සේ ජපන් හරි කොරියන් හරි ආධාර යටතේ හික්කඩුවට ලොකු පොලිසියක් ලැබිණි. ඒක තට්ටු තුනක පත බිල්ඩිමකි.යටම තට්ටුව පොලිසියේ අයට රෙදි වේලන්නත්, වාහන පාක් කරන්නත්ය. ඊට උඩ එක ඔෆිස් කොටසය. ඔෆිසියත් හිරෙත් තියෙන්නේ එකම තට්ටුවෙය.

    ඊටත් උඩින් තියෙන තුන්වැනි තට්ටුව පොලිසියේ මහත්තරුන් ගේ බැරැක්ක ය. මේක මම ටක්කෙටම කිව්වාට මම කවදාවත් පොලිසියකට උසාවියකට ගොස් නැත. ඔබ හික්කඩුව පහුකරන් එහෙ මෙහෙ යනවා නං වැල්ලවත්තේ ගාමිණිගේ කොත්තු කඩේට අල්ලපු වැටේ,චම්ලි ලාගේ ගෙදරට එහා පැත්තේ පිහිටි ඒ බිල්ඩිම ඔබ දකිනවා ඇත. ඉස්සර කුඩා පොලිස් එකක් වූ හික්කඩුව අද "මෙගා පොලිස්" එකකි.

    ඒ එක ක්‍රමයකි. මෙගාපොලිස් හැදීමේ දැනට තියෙන පහසුම සහ ප්‍රයෝගිකම ක්‍රමය ඒකය. ඒක ඒ හැර මෙගා පොලිසියක් හදා ගන්න තවත් එක ක්‍රමයක් තිබේ. හැබැයි ඒක තරමක් අමාරුය.
    මෙගා කියන්නේ දහයේ හයවැනි බලය ය. Constantinos Apostolou Doxiadis කියන ප්‍රවීණ ග්‍රීක නගර නිර්මාණ ශිල්පියා මෙගා පොලිස් යුනිට් එකකට අවමව මිලියන දහයක ජනගහනයක් ඉන්න ඕනා බව කියයි. ඒ කියන්නේ ලංකාවේ මුළු ජනගහනයෙන් බාගයකි. ඒ වගේම මෙගා ප්‍රමාණයක් මිනිස්සුන්ට හරියට ඉන්න හිටින්නට ඒ හා සමාන ඉඩ ප්‍රමාණයක්ද ඕනෑය. කොළඹ ඉන්නා මිලියන බාගෙත් ගම්පහ ඉන්නා ලක්ෂ තුනත් නුවර ඉන්නා ලක්ෂෙත් ගාල්ලේ ලක්ෂෙත් වගේ ලක්ෂෙන් ලක්ෂේ එකතු කරලා අමාරුවෙන් ලක්ෂ සීයක් හදන් රටින් බාගයක් මෙගා පොලිස් එකක් හැටියට දියුණු කරන්න බැරි කමක් නැත. නමුත් ඉතාම ප්‍රායෝගික වන්නේ බී.ජේ.පී කියන්නා වගේ රටේ උපත් පාලනේ තහනං කොට එක පවුලකට දරුවන් විස්සක්වත් ඉන්න ඕනෑය වගේ නීතියක් ගෙනාවොත්ය. එහෙම වුනොත් තව වසර පහකින් කොළඹ අනිවා මෙගාපොලිස් කරතහැකිය.

    මේ මිලියන දහයට ඉන්න, යන්න, වැඩ කරන්න ඉඩ හසර ඕනා නිසා දැනට ලංකාවට තියෙන වර්ග කිලෝමීටර හැටපන්දාස් හයසිය දහයට අමතරව තව කෑල්ලක් හොයා ගන්නට ඕනෑය. ඒකට එකම විසඳුම ඉන්දියාවේ දකුණු කොටස මෙහාට ඉල්ලා ගැනීමය. මොකද මෙගා පොලිසියක් හරියට වැඩ කරන්න නාගරික ඒකක අතර ඉන්ටග්‍රිටි එක තියෙන්න ඕනා බව මම හිතන නිසාය.

    හරි ! රටේ මොනරාගල, බදුල්ල, හම්බන්තොට වගේ ඒවා අතෑරල අනික් දිස්ත්‍රික්ක එකකු කරන් කොළඹ ට මෙගා පොලිසියක් හැදුවය හිතන්න. කොහොමත් මිලියන විස්සක් ඉන්නා නිසා අපිට මෙගා පොලිස් එකක් නොව දෙකක්ම හදන්න පුළුවන් බවත් මතක තියා ගන්න. එත් මක්කටද? අපේ ගුවන් තොටුපලට තාම තියෙන්නේ දොරටු දොළහකි.

    මේවා ඇවිල්ලා සංකල්ප ය. අපි සාරා සංකල්ප කල්ප ලක්ෂයක් පුරා කරමින් සිටින්නේ සංකල්ප හදමින් ඉන්න එකය. මම හිතන්නේ දැනට තියෙන හොඳම ක්‍රමය තියෙන දේ හරියට වැඩි දියුණු කරගැනීමය. කොහොමත් අපි මුලින්ම වරායක් හා ගුවන් තොටුපළක් හදා පස්සේ ඒකට බිස්නස් ලැබෙනකන් බලන් ඉන්නා ජාතියක් වන්නෙමු.
    ප.ලි : සය වසරකට වරක් රටේ දේශපාලකයන් විසින් ඔවුන්ටම අනන්‍ය ක්‍රමයකට ජාතිය මුරුංගා අත්තේ තබනු ලැබේ.
    එබැවින් මේ අසීරු මොහොතේ ජාතියක් වශයෙන් යහපත් සිහියෙන් යුතුව කටයුතු කරන්නේ නම් මැනවි.

    See Translation
    X....................'s photo.
    130 Likes13 Comments1 Share
    Like Comment Share
    .......... and 129 others like this.
    1 share

    X1...me oya jelous ne?onna balanna ranil PM wela lankawa mega polis ekk krn hati.newyork ohe neme mehe bola :D
    Like · Reply · 18 hrs

    X2.... මසුරං කියුම් ! ටූ තම්බ්ස් අප්!! එකක් අර හික්කඩුවේ උදාහරණෙට!
    Like · Reply · 1 · 17 hrs

    X3..... //..කොහොමත් අපි මුලින්ම වරායක් හා ගුවන් තොටුපළක් හදා පස්සේ ඒකට බිස්නස් ලැබෙනකන් බලන් ඉන්නා ජාතියක් වන්නෙමු...// :confused:

    ඕකෙ අනිත් පැත්ත කරන හැටි කියන්න පුළුවන්ද..??? :yes:
    Like · Reply · 3 · 17 hrs

    X.... සාමාන්‍යයෙන් මේ වගේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වලදී ව්‍යාපෘතියේ වැඩ පටන් ගන්න කලින් මුලින්ම කෙරෙන්නේ බිස්නස් ප්ලෑන් එක හදලා ඒක ඇක්ටිවේට් කරන එකයි. ඒ ප්ලෑන් එක සීයෙට අනූවකට වඩා සාර්ථකව ඇක්ටිවේට් වෙන බව පෙනුනොත් ව්‍යාපෘතිය පටන් ගන්නවා. නැතුව ගාලුපාරේ හොඳට වාහන යනවා කියලා අලුත්ගම හරියෙන් අලුත් තේ කඩයක් දාලා ...අපේ කඩේ ට දැන් බිස්නස් එයි, මොකද පාරේ හරියට වාහන දුවනවා කියලා බලන් ඉඳීම නෙමේ.
    Like · 4 · 8 hrs

    X3.... නෑ මේ පිළිතුර ප්‍රායෝගික නෑ...
    වරාය සහ ගුවන් තොටුපල නොසාදා බිස්නස් පටන් ගන්න විදිහ කියන්න...
    මොකද අපි දන්න තරමට මේ ව්‍යාපෘති වලට ඩොලර් බිලියන ගණන් යොදවන්නෙ ඉතා විද්‍යාණුකූල පරීක්ෂණ සහ නිරීක්ෂණ ගනනාවකට පසුව... ඇරත් මේක ඩිසයින් කරන්නෙ මැදමුලනින් නොව චීන කෙරුමා විසිනි... :D
    Like · 6 hrs

    X3.... එසේම නැවත මගේ පල්ලෙහා පෝස්ට් එක නැවත විමසිල්ලෙන් කියවන ලෙස ඉල්ලා සිටිමි... එයින් මා උත්සහ කරන්නේ ම මේ වරාය පොටෙන්ෂල් මෙව්වා එකක් වන්නේ කෙසේදැයි තේරුම් කරන්නට ය..
    එසේ නොවේ යැයි ඔබ කියනවා නම් කරුණු සහිතව දක්වන්න... :D
    Like · 6 hrs

    X... මේ වරාය වෙනුවෙන් හදපු සට්‍රටජික් බිස්නස් ප්ලෑන් එක කෝ?කවදද ඒක මූලික කරන් වැඩ කරන්නේ? මේ මෙච්චර වෙලා කියන්නේ වරාය හදපු එක නරකයි කියා නෙමෙයි. බිස්නස් ප්ලෑන්, ඉම්පැක්ට් ඇසෙස්මන්ට් ටික හරියට කළේ නැහැ කියන එකයි. තාමත් ඒක නෑ. නමුත් වරාය හැදෙනවා.
    Like · 6 hrs

    ................................................................................................................................................................................................................

    X3.... හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල සැබැවින්ම සුදු අලි ද...???

    dsc02503.jpg


    X3....'s photo.
    Wishwa Chinthana with Kumara Liyanage and 48 others
    හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල සැබැවින්ම සුදු අලි ද...???

    හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපල ගැන ඔබ නොදුටු පැත්තක්...
    විනාඩි කිහිපයක් ගෙන කියවන්න... දැනගන්න... ජයගන්න... :yes:

    වෙළඳ නෞකා යනු ලෝක ගෝලයේ මහද්වීප හෝ දූපත් සම්බන්ධ කරන ප්‍රධාන මාධ්‍යයයි.. අනාගත ලෝකයේ වෙළඳ නෞකා ක්ශ්‍රේත්‍රය මුහුණ පා සිටින බරපතලම ගැටළුව නම් ඉන්දන අර්බූදය යි.. ඊට හේතුව ඉන්දන සංචිත සීග්‍රයෙන් අවසන් වෙමින් පැවතීම... ඊට සමන්තරව තෙල් මිල සීග්‍රයෙන් ඉහළ යෑම... ඉන්දන සම්බන්ධ පාරිසරික නීතිරීති දැඩිවීම වැනි ගැටලු ය...

    මේ ගැටළුව නැත්නම් චැලේන්ජ් එක.. යම් පමණකට ජය ගන්නට නාවික ක්ශ්‍රේත්‍රයේ විශේෂඥයෝ අපූරු සොයා ගැනීමක් කලේ ය... ඊට අනුව කුඩා නෞකා රාශියක් වෙනුවට අති විශාල නෞකා භාවිතා කිරීමෙන් අඩු ඉන්දන ප්‍රමාණයක් දවමින් නෞකා හසුරවන්නන්ට තම අවශ්‍යතා සපුරා ගත හැක...

    උදාහරණයක් ලෙස... අඩි 20 බහාළුම් (කන්ටේනර්, TEU) 4000ක් රැගෙන නොට්ස් 18ක (Knot) වේගයකින් යාත්‍රා කරන බහාළුම් නෞකාවක් සදහා අවශ්‍ය ඉන්දන ප්‍රමාණය දිනකට ටොන් 60ක් පමණ වන විට අඩි 20 බහාළුම් 16,000 ක් රැගෙන යා හැකි අති විශාල නෞකාවක් එම වේගයෙන්ම යාත්‍රා කිරීමට වැයවන්නේ ඉන්දන ටොන් 160ක් පමණි... ඒ අනුව නෞකා 4ක් වෙනුවට එක් නෞකාවක් යොදා ගැනීමෙන් වන ඉතිරිය දිනකට (ඉන්දන ටොන් එකක මිල ඇඩො 500ක් හෙවත් රු. 69000/= සලකා) රුපියල් 55න් ලක්ශයකට අදිකය... මේ ඉතිරිය සුළු පටු නොවන බව තේරුම් ගන්නට තවත් වචන නාස්ති කිරීම අවශ්‍ය නොවේ....

    මේ අනුව ලෝකයේ සියළුම ප්‍රධාන බහාළුම් නැව් සමාගම් දැන් දැන් උත්සහ කරන්නේ බහාළුම් 13,000TEU සිට 19,000TEU දක්වා බහාළුම් නෞකා (Mega Container Carriers) තම දිග දුර ප්‍රවාහන මව් නෞකා (Mother Ships) ලෙස යොදා ගැනීමට ය... ඒ අනුව දැනට ලෝකයේ විශාලතම නෞකා පන්තිය 19,200TEU උවද තව වසර දෙකකදී එය 24,000TEUක් දක්වා ඉහළ යෑමට නියමිතය...

    නමුත් මෙම අති විශාල නෞකා සදහා තීරණාත්මක අභියෝගයක් ඇත... එනම් මේ සදහා අවශ්‍ය ගැඹුර සහිත වරායන් සංඛ්‍යාව ඉතා අල්ප වීමයි... උදාහරණයක් ලෙස මලක්කා සමූද්‍ර සන්ධිය හරහා රතු මුහුද දක්වා මෙවැනි ගැඹුරු වරායන් ඇත්තේ 2ක් පමණි... ඒ සිංගප්පූරුව සහ කොළඹ දකුණ වරායන්ය...

    අනෙක් විශේෂත්වය නම්.. මේ අති විශාල නෞකා හැසිරවිය හැකි ගැඹුරු එකඳු වරායක් හෝ ඇමරිකා, අප්‍රිකා හෝ ඕස්ට්‍රේලියානු මහද්වීපවල නොපිහිටීමයි....

    මේ කථාව කෙටියෙන්ම කීවොත්... 13,000TEU ට වැඩි මේ සියළු නෞකා මෙහෙයවීම් සිදුවන්නේ චීනය සහ (ලංකාව අසලින්) බටහිර යුරෝපය අතර ය...
    එසේම මේ අති විශාල නෞකා වලින් ලාබ ලැබීමට නම් ඒවායේ හැකි තාක් බහාළුම් පිරවිය යුතුය... එනම් චීනය, කොරියාව, ජපානයේ සිට නැගෙනහිර ඇමරිකාව, බටහිර යුරෝපය, මධ්‍යදරණී කලාපය, අප්‍රිකාව, ඉන්දියාව ප්‍රමූඛ දකුණු ආසියාව, මැද පෙරදිග, ඕස්ට්‍රේලියාව දක්වා සහ ඒ අතරත් එමෙන්ම ආපසුත් ගමන් කරන බහාළුම් සියල්ලම පාහේ ඉදිරි අනාගතයේ ප්‍රවාහණය වන්නේ මේ නෞකා මගිනි....

    එම කථාව තවත් සරලවම කීවොත්... චීනයේ සිට ඉන්දියාවට අප්‍රිකාවට හෝ මැද පෙරදිගට යවන කන්ටේනරයක් මේ අති විශාල නෞකාවක චීනයේ සිට සිංගප්පූරුව දක්වා රැගෙන එයි... එහිදී සිංගප්පූරුවේ ගොඩබාන කන්ටේනරය ඉහත කී ගමනාන්ත වරායවල් තුලට ඇතුළු විය හැකි කුඩා නෞකාවක් (Feeder Ship) මගින් සිංගප්පූරුවේ සිට අදාල රටට රැගෙන යයි...

    මෙහි විශාලම නාස්තිය නම්... චීනයේ සිට සිංගප්පූරුව දක්වා අදාල කන්ටේනරය රැගෙන ආ යුරෝපය දක්වා යන විශාල නැවත් (Mother Ship) අදාල රටට සිංගප්පූරුවේ සිට යන කුඩා නැවත් (Feeder Ship) දෙකම දින කිහිපයක් අනවශ්‍ය විශාල වියදමක් දරමින් එකවර එකටම සිංගප්පූරුවේ සිට ලංකාවේ දෙවුන්දර තුඩුව ප්‍රදේශය දක්වා මලක්කා සමූද්‍ර සන්ධිය පසු කර යාත්‍රා කිරීමට සිදු වීමයි...

    එනම්.. මේ අතිවිශාල නෞකාවට ඇතුළු වීමට හැකි විශාල ගැඹුරු වරායක් ශ්‍රී ලංකාව ආශ්‍රිතව තිබෙන්නේ නම් චීනයේ සිට ඉන්දියාවට අප්‍රිකාවට හෝ මැද පෙරදිගට යවන අර කන්ටේනරය සිංගප්පූරුවේ ගොඩබෑමට හෝ සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාව අසලට දක්වා අදාල බහාළුම ගෙන ඒමට අමතර වියදමක් දරමින් තවත් නෞකාවක් අවශ්‍ය නොවේ... ඊට විකල්පයක් ලෙස මේ සදහා දකුණු කොළඹ නව වරාය යොදා ගත හැකි වුවද එහි ප්‍රමාණය මේ කලාපයේ හුවමාරු වන නෞකා සහ බහාළුම් ප්‍රමාණය සමග සසඳන විට ඉතා අවමය...

    එම දකුණු කොළඹ වරාය බහාළුම් පර්යන්ත තුනම සහිතව සම්පූරණ වීමේදී පවා හැසිරවීමට හැකියාව ඇත්තේ වරකට විශාල නෞකා 5-6ක් පමණි...

    අපේ 'හම්බන්තොට වරාය' කරලියට එන්නේ මේ පසුබිම තුලය...

    හම්බන්තොට මාගම්පුර වරාය අවම මීටර්18 ක් ගැඹුරු...
    එකවර විශාල බහාළුම් නෞකා 18-22 අතර ප්‍රමාණයක් හැසිර විය හැකි...
    දකුණු ආසියාවේ විශාලතම බහාළුම් පර්යන්තය ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබේ...

    මේ හැකිතාක් කෙටියෙන් සහ සරලව ලියා ඇති කතාන්දරය ගැන දල අදහසක් හෝ ඔබට ඇත්නම්... ''.. හම්බන්තොට නිසා සිංගප්පුරුවේ බිස්නස්වලට වදිනවා.."
    ''..ඒක නිසා සිංගප්පූරුකාරයා දන්න ශිල්පයක් දාලා මේ වරාය ඉදිකිරීම කඩාකප්පල් කරනවා..'' යන කථාව හිතළුවක් නොවන බව වැටහිය යුතුය...

    මේ අනුව ජාත්‍යන්තර නාවික මාර්ගයේ විශාල නෞකා මගින් රැගෙන එන සහ යන ඉන්දියානු අප්‍රිකානු මැදපෙරදිග බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ බහාළුම් මෙහෙයවීමේ කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින් දැනට සිංගප්පූරුවට තනිව උරුම වී ඇති එම ව්‍යාපාරයෙන් අවම වශයෙන් 60% ක් හිමි කරගන්නට හම්බන්තොට වරායට හැකියාව ලැබේ... එය මෙරට ආර්ථිකයට අතිවිශාල ධායකත්වයක් දා ලබා දෙනු ඇත....

    එමගින් අනාගත නාවික ලෝකයේ ප්‍රධාන මංසන්ධියක් වන හම්බන්තොට ලෝකයේ කාර්යබහුලම වරායන් 10 අතර ට නිසැකවම පැමිණෙනු ඇතැයි ක්ශ්‍රේත්‍රයේ විශේෂඥයින් අනාවැකි පලකර ඇත...

    ඒ හම්බන්තොට වරායේ කථාවයි....

    නමුත් වරායක් හාරා උපකරණ සවි කිරීමෙන් පමණක් වරායක් ක්‍රියාකාරී නොවේ...
    ඒ හා ජාත්‍යන්තරව බැඳෙන සබදතා සදහා පමණක් නොව ගුවන් සහ නාවික භාණ්ඩ හුවමාරුව (Air & Sea Cargo Exchange) සදහා ජාත්‍යන්තර ගුවන් තොටුපලක් වරාය ආශ්‍රීතව අත්‍යාවශ්‍ය වේ...
    ඒ ගැන විස්තර කිරීමට අවශ්‍යය නැති තරම් සරල කරුණකි...

    කෙටියෙන්ම කීවොත්...
    මත්තල ගුවන් තොටුපල ගොඩ නැගෙන්නේ ඇඹිළිපිටියේ සිරියාවතීලාට පහසුවෙන් ඩුබායි යෑමටම නොවේ...

    ඒ නිසා හම්බන්තොට වරාය සක්‍රීය නැති (තවමත් බහාළුම් පර්යන්ත ඉදි නොවූ) මේ කාලයේ මත්තලින් ඩුබායි යන සිරියාවතීලා ගණන ගනන් කොට ගුවන් තොටුපලේ සාර්ථක බව තක්සේරු කිරීම නොදන්නා කමකි... නැත්නම් මෝඩකමකි... එසේත් නැත්නම් කුහක තක්කඩිකමකි...

    එසේම ගුවන් තොටුපල වැනිම... වරාය හා ගණුදෙනුවලදී අත්‍යාවශය සුපිරි රෝහල් සංකීරණයක්, සංචාරක හෝටල්, ජල ව්‍යාපෘති, මාර්ග පද්ධති, සම්මන්ත්‍රණ ශාලා වැනි පහසුකම් ද වරාය සමග එකවර ගොඩ නගන්නට පසුගිය සන්ධාන රජය පියවර ගත්තේ හැකි ඉක්මනින් වරාය සක්‍රීය කරවීම සඳහා ය...

    ඒ වරායේ සහ ගුවන් තොටුපලේ සරල ස්ටෝරිය යි...

    සුජීව සේනසිංහ වැන්නන් මෝඩකමට ද... චම්පික සහ රනිල් වැන්නන් දේශපාලන තක්කඩිකම නිසා ද... මේ හම්බන්තොට 'ඒකාබද්ධ දැවැන්ත ව්‍යාපෘතියේ..' වරාය, ගුවන් තොටුපල, සංචාරක හෝටල්, ජල ව්‍යාපෘති, මාර්ග පද්ධති වෙන වෙනම ගලවා ගුණ දොස් විචාරමින් මේ රටේ මිනිස්සුන්ට හගවමින් සිටින්නේ කුමක්ද....????
    අවස්ථාවාදී කුමණ්ත්‍රණකාරී ඔවුන් බලය ඩැහැ ගත්තොත් සිංගප්පූරු ඩොලර් ප්‍රමාණයකට මේ ජාතික සම්පත සිංගප්පූරු හාම්පුතුන්ගේ හිත සුව පිණිස බිලි දෙන බව නොවේ ද...????
    මත්තල පාර වී වේලන්නට ම අතහරින බව නොවේ ද...????

    එ ලැබෙන අගෝස්තු 17 වෙනිදා ඔබේ සහ ඔබේ දරුවන්ගේ 'වල' ඔබ ම විසින් කපා ගන්නවාදැයි තීරණය කර ගැනීමට.... කිරා මැන ගැනීමට මේ කථාවම බොහෝ ප්‍රමාණවත් ය...

    xxxxxxxxxxxxxxxx---- End ----xxxxxxxxxxxxxxxx

    වැඩිදුර ඕනැ අයට ප්‍රයෝජනවත් සබැඳි... :D

    බහාළුම් නෞකා...
    http://www.worldshipping.org/…/liner-…/container-ship-design

    ලෝකයේ ගැඹුරු වරායන්...
    //..When the class (18,000 TEU) was ordered, no port in the Americas could handle ships of their size.[34] Suitable ports include Shanghai, Ningbo, Xiamen, Qingdao, Yantian, Hong Kong, Tanjung Pelepas, Singapore and Colombo in Asia, and Rotterdam, Gothenburg, Wilhelmshaven,[35] Bremerhaven, Southampton, London Gateway, Felixstowe, Gdańsk, Antwerp and Algeciras in Europe. The ships will be too big for the New Panamax sized locks on the Panama Canal,[34] and their main route is expected to be Asia-Europe (through the Suez Canal)..//
    https://en.wikipedia.org/wiki/Maersk_Triple_E_class

    නෞකාවකට අවශ්‍ය ගැඹුර...
    https://people.hofstra.edu/…/…/containership_draft_size.html

    නෞකාවක ප්‍රමාණයේ වේගයේ සහ ඉන්දන දහනයේ සබඳතාවය...
    https://people.hofstra.edu/…/fuel_consumption_containership…

    හම්බන්තොට කාර්මික උද්‍යාණය...
    http://www.china-investment.org/en/news_show.php?id=27

    Like · Reply · 5 · 17 hrs


    ................................................................................................................................................................................................................

    X......... X3..., මම මා හොඳින් දන්නා දේ ගැන කිසි පැකලිමක් නැතිව කතා කරන්න ඉදිරිපත් වෙනවා. තමන් හරියටම දන්නා දේ නොදන්නා සේ ඉන්න මිනිස්සු නිසා මේ රටට ලොකු අයහපතක් වෙලා තියෙනවා. ඒ නිසා මම ඒ වැරැද්ද මගෙන් වෙන්න ඉඩ තියන්නේ නැහැ. වැදගත්ම කාරණේ මම සංවර්ධනය වෙනුවෙන් මිසක් රටේ ඉන්න තනි පුද්ගල දේශපාලකයන් කිසිදාක පෙනී සිටින්නේ නැහැ. ඉතිං ඔබෙයි මගෙයි අරමුණ වෙනස්.
    මේ මැප් ඔයාල හදපු ඒවාද?
    අපිත් ඔහොම මැප් හදනවා. නමුත් මැප් පාට කිරීමෙන් හෝ සංකල්ප හැදීමෙන් රටේ සංවර්ධනයට වැඩක් වෙන්නේ නැති බව අපි හොඳාකාරවම දන්නවා. දැන්නම් කළ යුත්තේ වැඩ කිරීම මිස පාට කිරීම නොවෙයි.
    හම්බන්තොට වරායට වැඩ අරං දෙන්න මේ දවස් වල අපි ඔන්ලයින් ප්ලැට්ෆෝර්ම් එකක් හදමින් ඉන්නවා. නමුත් හම්බන්තොටට දැන් අධික ආදායමක් ලැබෙනවා නං වහාම කියන්න, හයි ට්‍රැෆික් තියන පෝර්ට් එකකට තව ට්‍රැෆික් අරං දෙන්න අපට පිස්සුය?
    Like · 1 · 8 hrs

    X3.... මේ මම හදපු මැප් එකක් නොවේ...
    මුහුද ලොකුවට තිබුනාට හැම තැනම නැව් යන්නේ නැති බව X...ට අමුතුවෙන් කියා දිය යුතු නැත... මේ ගැන අවශ්‍ය නම් නැවිගේෂන් රූට්ස් ගැන ලියවුනු බේසික් පොතක් බැලුවත් සෑහේ...

    මම පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටින්නෙ මගේ සිතීමේ තරමින් ඔහු දෙවියෙකු සේ සලකා නොව තෝරා ගත හැකි පුද්ගලයන් අතරින් වඩාත්ම සුදුස්සා අපේ නායකයා කිරීමට සහ උඩ කී පිරිස අතරින් හානිකරම චරිතයට බලය යෑම වැලැක්වීම සදහා මිස පුද්ගලික ටාගට් ඇච්ව් කිරීම සදහා නොවේ....:yes:

    පුද්ගලයන්, මෙහෙයවන්නන් නොවැදගත් කොට සංවර්ධනයක් ගැන හීන මැවීම මට අනුව නම් ගොංපාර්ට් එකකි (මට අනුව නම්)

    15%ක් වැඩ නිම කර ඇති ව්‍යාපෘතියක.. විශේෂයෙන් බහාළුම් පර්යන්ත තවමත් ඉදි නොවූ තත්වයක් තුල ඔබට නැව් එවන්නවත්... ආවට කරන්න දෙයක්වත් නැත...:yes:

    Xට... කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නෙ ඔබේ මේ පිළිතුර අනුව විශේෂයෙන් අන්තිම පේලි කිහිපය අනුව හම්බන්තොට වරායේ 'සම්පූරණ ව්‍යාපෘතිය' සහ දැනට නිම කර මෙහෙයුම් සදහා යොදවා ඇති කොටස ගැන අවබෝධයක් ඔබට නැති බවයි...එසේ දැණුමක් නොමැතිව නැවිගේෂන් ට්‍රැෆික් ඩිසයින් එකක් කරන්නේ කෙසේදැයි මට නොවැටහේ... :confused:

    එසේම මේ හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ අනාගතය සෘජුවම ලංකාවේ දේශපාලනය මත රදා තිබෙන බවත්... මම අර පුද්ගල චරිතයකට කඩේ යෑම සදහා එයද ප්‍රධාන හේතුවක් බවත් නිකමට සටහන් කරමි... :yes:
    Like · 6 hrs

    X... සංවර්ධනය දේශපාලනය මත රැඳවීම සදාකාලිකව වල ඇතුළේ ඉන්න රටවල මිනිස්සුන්ගේ ආතල් එක. අනෙක හම්බන්තොට වරායට තව මුදල් පම්ප් කරන්න කලින් ඒකේ බිස්නස් ප්ලෑන් එක (දැන්වත්) කන්ෆර්ම් කරගන්න ඕනි. ලංකාවේ පහුගිය පස්වසරේම සිදුවූ සංවර්ධන ව්‍යාපෘති නිසි පාරිසරික තත්ත්ව වාර්තාවක් නැතුව-බිස්නස් ප්ලෑන් එකක් නැතුව ඔහේ පටන් ගත්තු ඒවා බව X3... මට අමුතුවෙන් කියන්න ඕනා නැහැ. රට තව තවත් ආගාධයට යන බවට ඔබ තුමාගේ කොමෙන්ටුව සාක්ෂි.
    Like · 6 hrs

    X3... Xට..., කෙටියෙන් කියන්නෙ ඔය මොකුත් නැතුව ඩොලර් බිලියන ගණන් සූදු කෙලිනවා වගේ රාජපක්ෂලාට ආතල් දෙන්න තරම් චීන්නු ගොංතඩි කියන එක ද.... :growl:

    ඔය දේශපාලන කථාව ගැන කථා නොකර ඉමු.... :yes:
    Like · 6 hrs

    X4... "කොහොමත් අපි මුලින්ම වරායක් හා ගුවන් තොටුපළක් හදා පස්සේ ඒකට බිස්නස් ලැබෙනකන් බලන් ඉන්නා ජාතියක් වන්නෙමු." ;)
    Like · Reply · 2 · 14 hrs

    X5.... X..., තමන්ගේ දේශපාලන නායකයන් කියන කුහක දේශපාලන කතා අහලා විචාරයකින් තොරව හදන හාස්‍යජනක පෝස්ට්. 2003 රනිල්ගේ කුප්‍රකට “යළි පුබුදමු ශ්‍රි ලංකා “ සැලැස්මේ හම්බන්තොට වරාය සංවර්ධනය ගැන විශේෂයෙන් සටහන් කරලා තියෙනවා දිගු කාලීන හා බහු කාර්ය ව්‍යාපෘතියක් විදියට. (පිටුව 273) අද ආදායම් උපදවන සාර්ථක ව්‍යාපෘතියක්. තමන් කරන්න හිටිය දේ මහින්දගේ අතින් කෙරුන ඊර්ෂ්‍යාව නායකයාගේ ඉඳලා පහළටම ගලාගෙන ගිහින්.
    Like · Reply · 2 · 13 hrs · Edited

    X... යලි පුබුදමු ශ්‍රී ලංකා හදන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ නගර නිර්මාණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි ජෙයෂ්ඨතම මහාචාර්ය වරයා වන මගේ ගුරුතුමා. හම්බන්තොට වරාය / ( හිඟුරක්ගොඩ ) ගුවන්තොටුපළ වගේ යෝජනා ඒකෙ තිබ්බට මුලින්ම මේ යෝජනා දෙකම කතා බහට ගැනෙන්නේ සිරිමාවෝ ආණ්ඩුව කාලෙයි. රටක් සංවර්ධනය කිරීමේ යෝජනා මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ට-ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙන්න බැහැ. කවුරු ආවත් රටේ සංවර්ධනය ගැන තියෙන්නේ එක ප්ලෑනයි. ලෝකේ දියුණු රටවල් සියල්ල ඔහොමයි වැඩ කරන්නේ. ඒ රටවල අදාළ විෂය ක්ෂේත්‍රයේ නිපුණත්වයට පත් අය සංවර්ධන සැලසුම හදනවා වසර 30 කට. මොන දේශපාලකයා ආවත් ඒ ප්ලෑන ටයි වැඩ කරන්නේ. ඉතිං, රට සංවර්ධනයක් කිරීමේ යෝජනා කවදාවත් තනි මිනිහෙකු ගේ නමින් ප්‍රසිද්ද වෙන්නේ නැහැ. නමුත් අවාසනාවකට මේ තත්වය ලංකාවේ නැහැ. මේ ගැන ඔබ දන්නේ නැති දේවල් තියනවා නං මට මේ ගැන කියා දෙන්න පුළුවන්. මොකද මේ මගේ විෂය ක්ෂේත්‍රය.

    ප.ලි :හැබෑට මගේ දේශපාලන නායකයා කවුද? දැන් කවුරුහරි නායකයෙක් කිව්වද මම එයාව ෆලෝ කරමින් ඉන්නවය කියලා?
    Unlike · 7 · 8 hrs · Edited

    X6.... අද ආදායම් උපදවන සාර්ථක ව්‍යාපෘතියක්. - Mokadda ada sarthakawa adayam upadanne...
    Like · 7 hrs

    X3........ X..., හම්බන්තොට වරායක් ගැන කියන්නෙ ලෙනාඩ් වුල්ෆ් හම්බන්තොට දිසාපති කාලෙ ඉදලා...
    සක්‍යතා අධ්‍යනයන් කාලෙන් කාලට කරලා තියෙනවා...
    ඒ ගොඩක් නැවතුනේ සිංගප්පූරු අල්ලස්වලට යට වෙලා...
    මහින්දටත් තිබුනා සිංගප්පූරු ඩොලර් ටිකක් සාක්කුවේ දාං වැඩේට අත නොගහ ඉන්න...
    එහෙම උනා නම් මහින්දට මේ ප්‍රශ්ණ මොකුත් නෑ...
    මහින්ද වරාය හැදුවෙ නෑ කියලා බැනුම් අහන්නෙවත්... සිංගප්පූරුව මහින්දගෙ ආණ්ඩුව පෙරලන්න වැඩ කරන්නෙවත් නෑ...
    ඒකයි මහින්දගෙයි අනිත් නායකයො කියා ගන්න උන්ගෙයි වෙනස..
    අපි මහින්දට කඩේ යන්න හේතුව....:yes:
    Like · 6 hrs

    X.... මේ මොන මඟුලක්ද ඕයි හැම තැනටම "මහින්ද" කෙනෙක් ගේන්නේ?
    මට මිල්ටන් වත් රනිල් වත් මහින්ද වත් වික්ටර් වත් වැඩක් නැහැ. මම කතා කරන්නේ රටේ ජාතික සංවර්ධන සැලසුම ගැන.
    අනික මට අදටත් මහින්ද කිව්වම මතක්වෙන්නේ "රිච්මන්ඩ්" එක
    Like · 6 hrs

    X3.... "මහින්ද"ට විකල්පයක් විදිහට...
    වවං කාපු කන්න තිබුනු යුද්දෙ ඉවර කරපු අපූරු 'හොරෙක්'...
    සිංගා ඩොලර් සාක්කුවේ දාං ඉන් නැතුව මැරුණම ගෙනියන්න වගේ වරායවල් හදලා බැණුම් අහන මිනිහෙක්...
    සුද්දා අපේ මගුල්වලට ඇගිලි ගහන්න එනකොට උඹ උඹේ වැඩක් බලං කැපියං කියන්න පුළුවන් කොන්දක් තියෙන මිනිහෙක්...
    උඹම නම් කරලා දීපංකො
    ඔය ඉන්න ගොබ්බ සේනලා ගොඩෙන්...:yes:

    එතකොට උඹට අපි "රිච්මන්ඩ්" එක අමතක කරවන්නම්... :frown:
    Like · 5 hrs

    X3.... මේං ඉන්න විකල්ප...:rofl:

    https://www.facebook.com/RatataPanadmuAluthenmaPatangamu/videos/973049309405913/

    'අද කොලඹ megalopolis එකක් කරන්ඩ කතාකරන රනිල්ගෙ සැබෑ ස්වරෑපය මෙන්න'
    00:37
    20,955 Views

    X6.... අද කොලඹ megalopolis එකක් කරන්ඩ කතාකරන රනිල්ගෙ සැබෑ ස්වරෑපය මෙන්න


    X7......"කොහොමත් අපි මුලින්ම වරායක් හා ගුවන් තොටුපළක් හදා පස්සේ ඒකට බිස්නස් ලැබෙනකන් [සාරා සංකල්ප කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින්] බලං ඉන්නා ජාතියක් වන්නෙමු." :D
    Like · Reply · 4 · 12 hrs


    X8...... Proactive deyak weemate pera soodanam wee prathichara dakweemade re-active da kalamanakaraneyedi wenna one ?
    Like · Reply ·