මෙච්චර දේවල් කරපු එකාට අගමැතිකම හම්බුනාම

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    මෙච්චර දේවල් කරපු එකාට අගමැතිකම හම්බුනාම

    මෙච්චර දේවල් කරපු එකාට අගමැතිකම හම්බුනාම කොර උනේ ඇයි ? දේශපාලන මඩගැසිම් වලින් තොරව කතා කරමුද ?

    රනිල් වික්‍රමසිංහ මේ ගෙවමින් සිටිනුයේ ඔහුගේ දේශපාලන දිවියේ හතරවන දශකයයි. ඔහු අඛණ්ඩව අවුරුදු හතළිහක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. ඔහු ලෝකයේ මේ මොහොතේ ජීවත්වන රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර වැඩිම අත්දැකීම් සහිත දේශපාලනඥයෙකු වේ. ඔහු ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ශ්‍රී ලංකාවේ සමාජය, ආර්ථිකය හා දේශපාලනය ක්‍රමිකව වෙනස් වෙමින් පැමිණීම හොදින් දැක තිබේ.
    එසේම රට තුළ පැවති දීර්ඝ කාලීන සිවිල් අරගල දෙකක් අත්දැක තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ සිට අගමැති ධූරය දක්වාත් පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ ඇති වැදගත් තනතුරු ගණනාවක් දරා ඇත. ඔහු විසින් සිදුකරන ලද අධ්‍යාපනික හා කර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක වෙනස්කම්වල ප්‍රතිලාභ ලබන්නෝ ඔහු දිනපතා දකින්නේය. එම නිසාම රනිල් වික්‍රමසිංහ යනු මේ රටේ සාර්ථකම දේශපාලනඥයා බව මාගේ හැගීමයි.
    දේශපාලනඥයෙකු විසින් ලැබිය යුතු ජය පාරාජය දෙකම ඔහු හොදින් අත්විද තිබේ. ජනතා කැමැත්ත මෙන්ම අකමැත්තද ඔහු හොදින් භුක්තවිද තිබේ. ඔහු විටෙක වීරයෙකු ලෙසද, තවත් විටෙක ද්‍රෝහියෙකු ලෙසද මෙරට මාධ්‍ය හා දේශපාලන අංකූරන් විසින් හංවඩු ගසා තිබුණි. ඔහු පාගා යටපත්කොට බලය පවත්වා ගැනීමට උත්සහ කළ ප්‍රභාකරන්, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ වැනි නායකයන්ද තම පක්ෂයේම වූ ද්‍රෝහියෝද දේශපාලන වේදිකාවෙන් බැසගොස් තිබේ. නමුත් රනිල් වික්‍රමසිංහ අඛණ්ඩව දශක හතරක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් තවමත් මෙරට පුවත්පත්වල හා විද්‍යුත් නාලිකාවල සිරස්තල වල සිටී. ඒ අනුව රනිල් වික්‍රමසිංහ යනු මේ රටේ එතෙක් මෙතෙක් බිහි වූ සාර්ථකම වෘත්තීය දේශපාලනඥයාය. නමුත් ප්‍රශ්නය ඇත්තේ ඔහුගේ වෘත්තීයභාවයෙන් රටට ලබාදුන් ජයග්‍රහණය කුමක්ද හා ඔහුගෙන් රට අපේක්ෂා කරනුයේ කුමක්ද යන්නයි. අප විධිමත්ව සාකච්ඡා කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ ගැන නොව ඔහු විසින් රටට ඉටුකළ සාධාරණය කුමක්ද යන්නයි.
    රනිල් වික්‍රමසිංහ යෞවන කටයුතු ඇමතිවරයා හැටියට ශ්‍රී ලංකාවේ කටයුතු කළ කාලයේ ගොඩනගන ලද ව්‍යුහාත්මක වෙනස්කම් නිසාවෙන් අදත් ලංකාවේ තරුණ පරපුර දියුණු බටහිර ලෝකයේ තරුණ තරුණියන් මෙන්ම දැනුවත්, උගත් පෞර්ශයකින් යුත් ජීවන ක්‍රමයකින් ශක්තිමත් වූ තරුණ තරුණියෝ වේ. එම ව්‍යුහාත්මක වෙනස්කම් කොතරම් ප්‍රබලද යත් දශක හතරකට පසුත් ලංකාවේ තරුණ සංවර්ධනයේ පුරෝගාමී ආයතනය ජාතික තරුණ සේවා සභාවයි. ඉන්පසු පැමිණි කිසිදු තරුණ කටයුතු ඇමතිවරයෙකුට රනිල් වික්‍රමසිංහ පසුකාර යාමට නොහැකි තරම් දැනුමක්වත්, හැකියාවක්වත් නොතිබුණි. නමුත් අද ඔහු සිතනුයේ නව තොරතුරු තාක්ෂණ යුගයට ගැලපෙන පරිදි රටේ තරුණ කටයුතු වල විශාල ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකළ යුතු බවයි. ඒ බොහෝමයක් වෙනස්කම් සදහා ඔහු මූලික අත්තිවාරමද දමා තිබේ.
    එසේම රනිල් වික්‍රමසිංහ කර්මාන්ත ඇමතිවරයාව සිටියදී ඉදිරිපත් කරනු ලැබු කර්මාන්ත සංවර්ධන වැඩපිළිවෙලින් ගොඩනගන ලද බියගම හා කටුනායක නිදහස් වෙළද කළාප දශක තුනකට පසුත්, අදද ලංකාවේ විශාලතම කර්මාන්ත පුරයන්ය. රටේ නිෂ්පාදන ආර්ථිකයේ විශාලතම කොටස නියෝජනය කරනු ලබන්නේ බියගම හා කටුනායක වෙළද කළාප තුළින්ය. ඔහුට පසුව පැමිණි සියලුම කර්මාන්ත ඇමතිවරු ගමන් කරනු ලැබුවේද ඔහු පසුපසිනි. ඔවුන්ද උත්සහ කරනු ලැබුවේ රටපුරා නිදහස් වෙළද කළාප ඇති කිරීමටය. ඒවා අර්ධ සාර්ථක ව්‍යාපෘතියන්ය. නමුත් අද රනිල් වික්‍රමසිංහ ඉන්දියාව හා චීනය කේන්ද්‍ර කරගත් දියුණු නිෂ්පාදන ආර්ථික මොඩියුලයක් යෝජනා කරනු ලබයි. ප්‍රතිගාමී බලවේග එම ආර්ථික මොඩියුලයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරමින් ඒ වෙනුවට රටට යෝජනා කරනු ලබන්නේ වසර තිහකට පෙර රනිල් වික්‍රමසිංහ යෝජනා කරන ලද නිදහස් වෙළද කළාප ආර්ථික මොඩියුලයයි. රනිල් වික්‍රමසිංහට අනුව එය යල්පැන ගිය අද තොරතුරු තාක්ෂණ යුගයට නොගැලපෙන ආර්ථික මොඩියුලයක් බව ඔහු කියයි. ඔහු යෝජනා කරනුයේ චීනය ඉන්දියාව පදනම් කරගත් නව ලිබරල් නිදහස් ආර්ථික ප්‍රතිපත්තියට මේ රටේ ජනතාවගේත් අනෙකුත් කොටස්වලත් විශේෂයෙන්ම ජනමාධ්‍යයේත් සහයෝගය ලබාදෙන ලෙසය.
    රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමතිවරයාව සිටි මීට වසර 25 කට 30 කට පෙර ක්‍රියාත්මක කරන ලද අධ්‍යාපනයේ ව්‍යුහාත්මක වෙනස්කම් අදද මේ රටේ අධ්‍යාපනයේ සාර්ථකම ඒකකයයි. ගුරුවරුන් පුහුණු කිරීම සදහා විද්‍යා පීඨ, වයස් සීමාවකින් තොරව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබිය හැකි විවෘත විශ්ව විද්‍යාල, ඉංග්‍රීසී ගුරුවරුන් පුහුණු කිරීම සදහා වූ ඩෙලික් ආයතනය, නවීන තාක්ෂණය ඉගැන්වීම ක්‍රමවේදයන්ගෙන් යුත් පාසල් අධ්‍යාපනය, උතුරු නැගනහිර දරුණු යුද්ධයක් පවතිද්දීත් පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යා යුතු බවට ජනතා ආකල්පය හා ජාතික අධ්‍යාපන ආයතනය ගොඩනගා විෂය මාලා සංවර්ධනය සිදුකිරීම, ආධුනිකත්ව මණ්ඩලය වැනි ආයතන ගොඩනගා රටේ වෘත්තීය අධ්‍යාපනය ගොඩනැගීම වැනි ව්‍යුහාත්මක වෙනස්කම් රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනතාවට ලබාදෙන ලද ජයග්‍රහණයන්ය. පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා තිබු බැමි ලිහිල් කිරීම නිසාවෙන් ඕනෑම පන්තියක, ඕනෑම කෙනෙකුට අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු වීම මගින් රනිල් වික්‍රමසිංහ අධ්‍යාපනයට කරන ලද සේවය ඔහුගේ වෘත්තීය ජීවිතයේ අභිමානය බව මාගේ හැගීමයි.
    එසේම 2001 – 2004 කාලයේ ඔහු මේ රටේ අගමැති ධූරය දරමින් ජනවාර්ගික අර්බුධයට සාමකාමී විසදුමක් සොයන අතරම ජාත්‍යන්තරය L.T.T.E ට එරෙහිව ශක්තිමත් කොට ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කොට සාමයෙන් විසදා ගැනීමට නොහැකි වුවහොත් යුද්ධයෙන් හෝ විසදා ගැනීම සදහා වූ අගමැතිවරයාගේ කැපවීම අනගිබවනීය බව මාගේ හැගීමයි. එසේම 2015 ජනවාරි 8 වනදා පරාජය කරන ලද රාජපක්ෂවාදී දරුණු රෙජීමය පරාජය කිරීමට තම පක්ෂයත්, රටත් පොළඹවා වර්තමාන ජනාධිපතිවරයාට එම මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඔහු ලබාදුන් සහයෝගය නිසාවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට හැකි රටක් බිහි වී තිබේ.
    අගමැතිවරයා සතුව විශාල ව්‍යවස්ථාපිත බලතල නොමැතිවුවද ජනාධිපතිවරයා හා සහයෝගයෙන් රටේ ආර්ථිකයේත්, සමාජයේත්, දේශපාලන ක්ෂේත්‍රයේත් ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දරණ උත්සහයට රටේ ප්‍රතිගාමී බලවේග මගින් විශාල විරෝධයක් හා වෛරයක් එල්ල කරනු ලැබුවද ඒ දහසකුත් බාධක මැද එක්සත් ජාතික පක්ෂය සියලුම ජාතීන් නියෝජනය කරනු ලබන, සෑමදෙනාටම ප්‍රතිලාභ ලැබෙන සාමකාමී නිදහස් රටක් ගොඩනැගීමට ඔහුගේ ඇති කැපවීම අගය කළ යුතුය. නමුත් මෙරට සම්ප්‍රදායික මාධ්‍ය රනිල් වික්‍රමසිංහ වෙත එල්ල කරනු ලබන මාධ්‍ය ප්‍රහාරය මේ රටේ ඉදිරි ගමන ප්‍රාර්ථනා නොකරනවුන්ගේ කොන්ත්‍රාත්තුවක් බව මාගේ හැගීමයි. එබැවින් මේ ලෝක කම්කරු දිනයේදී අප අදිටන් කරගත යුත්තේ රනිල් වික්‍රමසිංහට අවස්ථාවක් දියයුතු බවයි.
    කුවේණිය විසින් ජාතිය ගොඩනගා ලංකාවේ පළවෙනි විධිමත් ජාතික රාජ්‍යය ගොඩනැගීමෙන් පසු අප කවුරුත් දන්නා පරිදි කුවේණියගේ ඉරණම වූයේ පළවා හරිනු ලැබීමට ලක්වීමය​.. එසේම ඇය තම ඥාතී සමූහයා විසින්ම විනාශ කර දැමීමේ ඉරණමට ලක්විය. රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන්ද එය එසේමය. එවන් ජාතියක් වෙනුවෙන් තම ජීවිතයම කැප කළ අනේක විධ දුක් දෝමනස්නයන් විදි දේශපාලන නායකයෙකු වන ඔහුට, ඔහු ඉල්ලා සිටින කාලය අප ලබා දිය යුතුය. රට ජයග්‍රහණය අත්කරගත් පසු විජය කුමාරයා කුවේණිය පන්නා දැමුවාක් මෙන් රනිල් වික්‍රමසිංහ පන්නා දැමුවද කමක් නැත. වඩා වැදගත් වන්නේ රට අද ඉන්නා තත්ත්වයෙන් ගොඩ ඒමය.

    -
    තුෂාර වන්නිආරච්චි​
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    kohen hina wennada manda lol
    ko meke batalanda gana dala thiyanwada, millennium city ,mha banku hora nalona widiya ,etca waling indian karayo 1mil job dena eka ko ,29k da koheda paradila bala thannawen preme ayyawa kapala damma damilla ko , unp ayyalata anuwa kotiyawa marala thiyenneth ranil lokka mal 7i:rofl:
    :rofl:

    kisima deshapaluwek ratata adare nha habai meke rata kkannama apu awajathka sonnayek
    naluwek neme molayak
    sannas gale de class giya ekek da koheda liyala thiyenne :D:rofl:
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    kohen hina wennada manda lol
    ko meke batalanda gana dala thiyanwada, millennium city

    Mewa nm nikan gothapu katha wenna oni bn. kisima virodi anduwakin mewa gana adalat nane awrudu 20kma virodi anduwak tibbet.

    batalanda case ekata usavi gihillat nirdoshi una anika :angry: andu balayak nati kale:eek:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    kohen hina wennada manda lol
    ko meke batalanda gana dala thiyanwada, millennium city ,mha banku hora nalona widiya ,etca waling indian karayo 1mil job dena eka ko ,29k da koheda paradila bala thannawen preme ayyawa kapala damma damilla ko , unp ayyalata anuwa kotiyawa marala thiyenneth ranil lokka mal 7i:rofl:
    :rofl:

    kisima deshapaluwek ratata adare nha habai meke rata kkannama apu awajathka sonnayek
    naluwek neme molayak
    sannas gale de class giya ekek da koheda liyala thiyenne :D:rofl:
    බටලන්ද වදකාගාරෙට ගෙනවා නෙලුම් මලෙන් ඉපදුන කුමාරයෝ නෙමෙයි නෙ බන්. ග්‍රාමසේවකයෝ ප්‍රින්සිපල්ලා ඉගෙන ගත්ත මිනිස්සු මරපු කාලකන්නි නෙ. රටක ආණ්ඩුවක් පෙරලන්න යද්දි එහෙම උන්ව මරණවා තමා. එහෙම නැතුව උන්ව නලවලා වැඩක් නැහැ

    එක්ටා ගියිසුම උඹ දැක්කද? නොදැක්ක ගිවිසුමකට බයේ දඟලන්න එපා බන්
    ඕකත් අර මහින්දයා ඔන්න විදුලි පුටුව එනවා වගේ බොරු කතාවක්
    එක්ටා ගිවිසුමෙන් ඉන්දියන් උන් ගෙනාව දවසක කියපන් කෝ

    යූඇන්පී නෙමෙයි ඕවට සම්බහන්ධ උන් දන්නවා සාම ගිවිසුම් අතරේ ලංකාවට ආයුධ ගෙන්නපු තරම. පොඩ්ඩක් ඒ කාලේ හිටපු ලොක්කෙක් ගෙන් අහපන්. උන් දන්නවා ඇත්ත

    බැංකු මන්කොල්ලෙ තවම නඩුව ඉවර නැහැ නෙ? උඹ ළඟ විශේෂ සාක්ෂියක් තියෙනවා නම් උසාවියට දිපන් මචන්

    රනිල්ට රට ගොඩ ගන්න පුළුවන්, අවස්ථාවක් හැදී ගෙන වෙන කොටම කන්නෙ නැතුව කට වහන් හිටියා නම් හරි
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,394
    5,575
    113
    Panadura
    ''මේ මොහොතේ ජීවත්වන රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර වැඩිම අත්දැකීම් සහිත දේශපාලනඥයෙකු වේ.''

    අත්දැකීම් තියෙන එකාගේ වැඩත් මෙහෙම නම් අනිත් උන් :baffled::baffled::baffled:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    පහුගිය අවුරුදු දෙක තුන ඇතුලත රනිල්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික අතින් අතිවිශාල විප්ල්වවිය වෙනසක් ඇතිවෙලා තියෙනව. තව ටික දවසකින් ඇමෙරිකාවට, චීනෙට, එංගලන්තෙට උනත් නය දෙන්න තරම් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙන එක කාටවත් වලක්වන්න බැහැ. එත් උන් ඉල්ලුව පලියට නය දෙන්න හොද නැහැ. හොදට හොයල බලලා තමයි දෙන්න ඕනේ.
     
    Last edited:
    • Like
    Reactions: Shaiman

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    බටලන්ද වදකාගාරෙට ගෙනවා නෙලුම් මලෙන් ඉපදුන කුමාරයෝ නෙමෙයි නෙ බන්. ග්‍රාමසේවකයෝ ප්‍රින්සිපල්ලා ඉගෙන ගත්ත මිනිස්සු මරපු කාලකන්නි නෙ. රටක ආණ්ඩුවක් පෙරලන්න යද්දි එහෙම උන්ව මරණවා තමා. එහෙම නැතුව උන්ව නලවලා වැඩක් නැහැ

    එක්ටා ගියිසුම උඹ දැක්කද? නොදැක්ක ගිවිසුමකට බයේ දඟලන්න එපා බන්
    ඕකත් අර මහින්දයා ඔන්න විදුලි පුටුව එනවා වගේ බොරු කතාවක්
    එක්ටා ගිවිසුමෙන් ඉන්දියන් උන් ගෙනාව දවසක කියපන් කෝ

    යූඇන්පී නෙමෙයි ඕවට සම්බහන්ධ උන් දන්නවා සාම ගිවිසුම් අතරේ ලංකාවට ආයුධ ගෙන්නපු තරම. පොඩ්ඩක් ඒ කාලේ හිටපු ලොක්කෙක් ගෙන් අහපන්. උන් දන්නවා ඇත්ත

    බැංකු මන්කොල්ලෙ තවම නඩුව ඉවර නැහැ නෙ? උඹ ළඟ විශේෂ සාක්ෂියක් තියෙනවා නම් උසාවියට දිපන් මචන්

    රනිල්ට රට ගොඩ ගන්න පුළුවන්, අවස්ථාවක් හැදී ගෙන වෙන කොටම කන්නෙ නැතුව කට වහන් හිටියා නම් හරි

    ඒ කියන්නෙ ආණ්ඩුව පෙරලන්න හැදුවහම වධාකාගාර වලට ගෙනල්ලා වධ දීලා මරපුහම හරි කියන එකද. බැංකු මන්කොල්ලයට තවම ආන්ඩුවෙ නඩුවක්නෑ නේද..ඒත් එක්කම රට පොසිටිව් පැත්තට යනවා කියන්න උදාහරනයක් දෙන්න පුලුවන්ද:)
     
    :yes::yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    ඒ කියන්නෙ ආණ්ඩුව පෙරලන්න හැදුවහම වධාකාගාර වලට ගෙනල්ලා වධ දීලා මරපුහම හරි කියන එකද. බැංකු මන්කොල්ලයට තවම ආන්ඩුවෙ නඩුවක්නෑ නේද..ඒත් එක්කම රට පොසිටිව් පැත්තට යනවා කියන්න උදාහරනයක් දෙන්න පුලුවන්ද:)
    ආමි එකේ අයගෙ ගෙවල් ගිණි තියපු, උගත් මිනිස්සු මරපු මිනීමරුවන්ට වධ දෙන්න ඕන තමා
    එක එකාට ඕන විදිහට රජයේ ජොබ් වලින් අයින් වෙන්නයි.. රත්තරන් බඩු පූජ කරන්නයි... සතියට දවසක් බතල කන්නයි අපිට පිස්සු නැහැ නෙ
    පොලිසි වලට ගහපු, බ්‍රේන්වොෂ් කරන පංති තියපු උන් මරන්නම ඕන
    උන් පව් නම් ඉතින් කොටිත් පව් වෙන්නෙ ඕන නෙ?
    කොටි රටෙන් භාගයයි අල්ලන්න හැදුවේ ජේ.වී.පී කාරයෝ මුළු රටම අල්ලන ගියේ

    ඇයි ඔය නඩු යන්නෙ, කොමිටි පත් කරලා හොයන්නෙ
    රට පොසිටිව් පැත්තට යනවා රනිල් නිසා... මාධය සංදර්ශන නැති උනාට ඉස්කෝල එහෙම හැදී ගෙන යනවා
    ණයට අරන් එයාපෝර්ට්, වරායවල් හැදුවෙ නැති උනාට මිනිස්සුන් ගෙ ආර්ථිකේ හොඳ වීගෙන එන්නෙ
    මහින්ද වගේ කොහෙන් හරි හිඟලා අරන් ඇවිත් බොහ් ගාලා අත ඇරලා සංදර්ශන දාන්නෙ නැහැ
     
    අනේ මන්දා බන් නොදිවුන්නු ම්ලේච මිනිස්සු තමා වද දෙන්නෙයි ඒවා සාධාරනීකරනය කරන්නෙයි....ජවිපෙ කලත් එකයි කවුරු කලත් එකයි..ඕකෙන් නිවැරදි කාරයොත් කී දෙනෙක් වද වලට ලක් වෙන්න ඇත්ද. වැරදි කාරයන්ට කරන්න ඕනෙ අල්ලගන්න පුලුවන් නම් ඊට පස්සෙ නීතිය ක්‍රියාත්මක කරන එක. ලන්කාවෙ හමුදාවවත් එල් ටී ටී එකෙන් අල්ලගත්ත වුන්ට අමානුශික විදිහට වද දුන්නෙ නෑ ..බැඳුම්කර සම්බඳව මම දන්න විදිහට රජයෙන් තවම නඩුවක් දාලා නැහැ දැන් අවුරුදු 2 ක් ද 3 ක්ද කොහෙද ගිහිල්ලත්..මම වැරදිනම් යාවත්කාලීන කරන්න. මිනිස්සුන්ගෙ ආර්තිකේ ගත්තොත් අපේ පැත්තෙනම් ටික ටික පහලට යෑමක් තමා පෙනෙන්නෙ(අපිත් එක්ක කතාකරන අයගේ)..මිනිස්සුන්ට බඩු මිල උහුලන්න අමාරුයි
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    Mewa nm nikan gothapu katha wenna oni bn. kisima virodi anduwakin mewa gana adalat nane awrudu 20kma virodi anduwak tibbet.

    batalanda case ekata usavi gihillat nirdoshi una anika :angry: andu balayak nati kale:eek:

    batalandad mahindage horakam allanwa wage thami :angry::angry: yaka mokada kiyla api dannawata :rofl::rofl:kawadawth okunge waradi eliyata dan nha lankawe kisima loku aththak hire yanne nha :eek:

    බටලන්ද වදකාගාරෙට ගෙනවා නෙලුම් මලෙන් ඉපදුන කුමාරයෝ නෙමෙයි නෙ බන්. ග්‍රාමසේවකයෝ ප්‍රින්සිපල්ලා ඉගෙන ගත්ත මිනිස්සු මරපු කාලකන්නි නෙ. රටක ආණ්ඩුවක් පෙරලන්න යද්දි එහෙම උන්ව මරණවා තමා. එහෙම නැතුව උන්ව නලවලා වැඩක් නැහැ

    එක්ටා ගියිසුම උඹ දැක්කද? නොදැක්ක ගිවිසුමකට බයේ දඟලන්න එපා බන්
    ඕකත් අර මහින්දයා ඔන්න විදුලි පුටුව එනවා වගේ බොරු කතාවක්
    එක්ටා ගිවිසුමෙන් ඉන්දියන් උන් ගෙනාව දවසක කියපන් කෝ

    යූඇන්පී නෙමෙයි ඕවට සම්බහන්ධ උන් දන්නවා සාම ගිවිසුම් අතරේ ලංකාවට ආයුධ ගෙන්නපු තරම. පොඩ්ඩක් ඒ කාලේ හිටපු ලොක්කෙක් ගෙන් අහපන්. උන් දන්නවා ඇත්ත

    බැංකු මන්කොල්ලෙ තවම නඩුව ඉවර නැහැ නෙ? උඹ ළඟ විශේෂ සාක්ෂියක් තියෙනවා නම් උසාවියට දිපන් මචන්

    රනිල්ට රට ගොඩ ගන්න පුළුවන්, අවස්ථාවක් හැදී ගෙන වෙන කොටම කන්නෙ නැතුව කට වහන් හිටියා නම් හරි

    uba kiyanne බටලන්ද jeppo witharai damme kiyala ethota oya widiyatama gothabayge sudu van walath hunu gahnna puluwanne kudu karayo pathale wun issuwe kiyala :shocked:

    okaghanna dagalana dagaliilata uba kiayana widiyata hitiyoth etca nikan ranil okkotama horen sama giwisuma gahuwa wage thiyei monada thiyenne kiyala kawruth dan nhan ne ghanakan :shocked:

    ow ranil thamai udda iwara kare ranil hitiye nathnam preba thama udda karanwa oya genalla wadi ewa wen athi salawe pupurala damme , navy bottu waling muhudata damme

    balan hitan බැංකු මන්කොල්ලෙ තවම නඩුව iwara wenakan okungen kawadawath ape salli gan nha me kapedi mekath niakan Wasim Thajudeen miniya wage thamai
    ranila ge hoda kamata banku horage arakku walath tax nhane ewath apen huran kanne horakam karapu salli waling tv channel uth ganne

    rata goda yana widiya nam supri awrudu 22/1 di supiriyata goda dala thiyanwa labayak ganna puluwan hama magulama pitata wikunala bankolth wena nevil fernandoge ispirithale arana wen athi goda danne ranila thama kahina wun dakkma aba sarani thami lankwata
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,343
    2,401
    113
    kohen hina wennada manda lol
    ko meke batalanda gana dala thiyanwada, millennium city ,mha banku hora nalona widiya ,etca waling indian karayo 1mil job dena eka ko ,29k da koheda paradila bala thannawen preme ayyawa kapala damma damilla ko , unp ayyalata anuwa kotiyawa marala thiyenneth ranil lokka mal 7i:rofl:
    :rofl:

    kisima deshapaluwek ratata adare nha habai meke rata kkannama apu awajathka sonnayek
    naluwek neme molayak
    sannas gale de class giya ekek da koheda liyala thiyenne :D:rofl:
    :yes::yes::yes::yes::yes::yes:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    _84705172_hi028121489.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බටලන්ද වදකාගාරෙට ගෙනවා නෙලුම් මලෙන් ඉපදුන කුමාරයෝ නෙමෙයි නෙ බන්. ග්‍රාමසේවකයෝ ප්‍රින්සිපල්ලා ඉගෙන ගත්ත මිනිස්සු මරපු කාලකන්නි නෙ. රටක ආණ්ඩුවක් පෙරලන්න යද්දි එහෙම උන්ව මරණවා තමා. එහෙම නැතුව උන්ව නලවලා වැඩක් නැහැ

    එක්ටා ගියිසුම උඹ දැක්කද? නොදැක්ක ගිවිසුමකට බයේ දඟලන්න එපා බන්
    ඕකත් අර මහින්දයා ඔන්න විදුලි පුටුව එනවා වගේ බොරු කතාවක්
    එක්ටා ගිවිසුමෙන් ඉන්දියන් උන් ගෙනාව දවසක කියපන් කෝ

    යූඇන්පී නෙමෙයි ඕවට සම්බහන්ධ උන් දන්නවා සාම ගිවිසුම් අතරේ ලංකාවට ආයුධ ගෙන්නපු තරම. පොඩ්ඩක් ඒ කාලේ හිටපු ලොක්කෙක් ගෙන් අහපන්. උන් දන්නවා ඇත්ත

    බැංකු මන්කොල්ලෙ තවම නඩුව ඉවර නැහැ නෙ? උඹ ළඟ විශේෂ සාක්ෂියක් තියෙනවා නම් උසාවියට දිපන් මචන්

    රනිල්ට රට ගොඩ ගන්න පුළුවන්, අවස්ථාවක් හැදී ගෙන වෙන කොටම කන්නෙ නැතුව කට වහන් හිටියා නම් හරි

    :P mu hitane aru rata hadi keyala

    Hora kalakani ranila
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආමි එකේ අයගෙ ගෙවල් ගිණි තියපු, උගත් මිනිස්සු මරපු මිනීමරුවන්ට වධ දෙන්න ඕන තමා
    එක එකාට ඕන විදිහට රජයේ ජොබ් වලින් අයින් වෙන්නයි.. රත්තරන් බඩු පූජ කරන්නයි... සතියට දවසක් බතල කන්නයි අපිට පිස්සු නැහැ නෙ
    පොලිසි වලට ගහපු, බ්‍රේන්වොෂ් කරන පංති තියපු උන් මරන්නම ඕන
    උන් පව් නම් ඉතින් කොටිත් පව් වෙන්නෙ ඕන නෙ?
    කොටි රටෙන් භාගයයි අල්ලන්න හැදුවේ ජේ.වී.පී කාරයෝ මුළු රටම අල්ලන ගියේ

    ඇයි ඔය නඩු යන්නෙ, කොමිටි පත් කරලා හොයන්නෙ
    රට පොසිටිව් පැත්තට යනවා රනිල් නිසා... මාධය සංදර්ශන නැති උනාට ඉස්කෝල එහෙම හැදී ගෙන යනවා
    ණයට අරන් එයාපෝර්ට්, වරායවල් හැදුවෙ නැති උනාට මිනිස්සුන් ගෙ ආර්ථිකේ හොඳ වීගෙන එන්නෙ
    මහින්ද වගේ කොහෙන් හරි හිඟලා අරන් ඇවිත් බොහ් ගාලා අත ඇරලා සංදර්ශන දාන්නෙ නැහැ

    Paka hoda wenawawa

    Bath ekak kana ba parsalayak 150

    Hal kilo samba hoda ekak 90

    Sini kelo 1 rs 100

    Pawul wela ena un kohoma kanawada manda
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    දේශපලන්ඝයෙක් හැටියට රනිල්ගේ තියන දැනුම ලංකාවේ වෙන කාටවත් තියනවා කියල කියන්න බෑ. එත් රනිල්ගේ ආර්ථික, සමාජීය මොඩලය උග්‍ර දක්ෂිනන්ශිකයි. කර්මාන්ත වලින් ලංකාවට රැකියා ලැබුනට ඒවා නිකන් වහල් සේවය වගේ රැකියා. අධ්‍යාපනික පැත්තෙන් කරපු වෙනස් කම් ටිකක් දුරට සාර්ථකයි. ඒ වගේම අමතක කරන්න එපා, රනිල්ගේ මුලිකත්වෙන් තම 80 ගණන්වල අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනාවෙත්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    China fear stalls India - Sri Lanka deal

    By Indrani Bagchi, TNN | Updated: Apr 27, 2017, 10.20 AM IST

    NEW DELHI: India is in no hurry to complete the economic and technical cooperation agreement (ETCA) with Sri Lanka. Officially, India has said it would proceed “at a pace comfortable for Colombo“. But there are other, bigger reasons for India to guard its flanks while negotiating a second generation free-trade agreement (FTA) with Sri Lanka.

    China has evinced interest in an FTA with Sri Lanka as well. This has given India pause, as it wants to see the details of that deal. This could include, according to sources, Chinese companies setting up manufacturing bases in Hambantota and Monaragala areas of Sri Lanka and using the IndiaLanka FTA to push Chinese goods into India. “We have to be careful,“ said sources familiar with developments.

    - http://economictimes.indiatimes.com...india-sri-lanka-deal/articleshow/58392399.cms

    ;)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    :yes:

    අදත් අපේ ආර්ථිකය රඳා පවතින්නේ 1977 කරපු ප‍්‍රතිසංස්කරණ මත. ඒකටත් එදා විවේචන එල්ල වුනා.

    - මහාචාර්ය පී.එච්.එම් ගුණරත්න ජතික විද්වත් මණ්ඩලයේ ගම්පහ සම්මන්ත්‍රණයේ කළ කතාව

    1962 තිබ්බ exports
    15zm9et.png

    Source: http://atlas.media.mit.edu/en/visualize/tree_map/sitc/export/lka/all/show/1962/

    1977 UNP බලයට එනවිට තිබ්බ exports

    34dsav8.png

    Source: http://atlas.media.mit.edu/en/visualize/tree_map/sitc/export/lka/all/show/1977/

    1994 UNP බලයෙන් යනවිට exports වල වෙනස

    f4pnvo.png

    Detailed:
    mtuvj9.png

    Source: http://atlas.media.mit.edu/en/visualize/tree_map/sitc/export/lka/all/show/1994/

    2015 UNP යලි බලයට එනවිට exports 1994 යනවිට තිබු ඒවමයි.

    2lizqcl.png

    Detailed:
    21eri4n.png

    Source: http://atlas.media.mit.edu/en/visualize/tree_map/sitc/export/lka/all/show/2014/

    අද අපි ඉන්නේ මේ රට ඉන්දියාවත් සමග ඉදිරියේ දී ඇති කරගන්නා ගිවිසුමක් පිළිබඳව විවාදයකට භාජනය වෙලා තියෙන අවස්ථාවක. උදාහරණයක් වශයෙන් ගත්තොත් ගමක් දියුණු වෙන්නෙ ඒ ගම තනියෙන් දියුණුවෙන්න උත්සාහ ගත්තොත් නෙමෙයි. ඒ ගමේ ඇති වන නිෂ්පාදනය, ඒ ගමේ තියෙන සේවා ශක්තිය අල්ලපු ගමට, අල්ලපු නගරයට හවමාරුවක් වුණොත් විතරයි. නගරයකට වෙළඳාමක් ඇති වෙන්නෙ අවට ගම් වලින්. අවට ගම්වලටත් ඒ නගරයෙන් ආදායමක් ලැබෙනව නම්, ඒ අයත් පොහොසත් වෙනව. ලොකෙත් එහෙමයි. ලෝකයේ තියෙන්නේ සේවාවන්, වෙළඳාම, ශ‍්‍රමය වැනි සාධක හුවමාරු වූ තරමට තමයි ලෝකයේ ආර්ථික දියුණුව රඳා පවතින්නේ.
    අපි කවුරුවත් කියන්නෙ නෑ මේ රටට ප‍්‍රාග්ධනය ගේන්න එපා කියල. මේ රටට ප‍්‍රාග්ධනය හිගයි. ප‍්‍රාග්ධනය හිග නිසා ප‍්‍රාග්ධනය අරගෙන එනකොට අපි කැමතියි. ඒ වගේම ලෝකෙ අද තියෙන ස්වභාවය තමයි විවෘත වෙළෙඳාම රදා පවතින්නෙ රටවල් අතර හුවමාරුව මත. අපි ලෝකයෙන් හුදකලා වුනොත් අපිට ලෝක වෙළඳපොළේ නියමිත කොටස නොලැබී යනව.

    මේ ගිවිසුම වෙළෙඳ ගිවිසුමක් පමණක් නොවෙයි. මේ ගිවිසුමේ තියෙන විශේෂත්වය තමයි මේක ද්විපාර්ක්‍ෂික ගිවිසුමක්. අපේ රටේ තියෙන නරක පූර්වාදර්ශය තමයි මොන දෙයක් ආවත් විරුද්ධ පක්‍ෂය හැම එකකටම විරුද්ධ වෙනව. රාජ්‍යය බලයේ ඉන්න අය කරන කිසිම දෙයක් ගැන ඔවුන් කිසිම හොඳක් දකින්නේ නැහැ. මේක අපේ රටේ තියෙන දේශපාලන සදාචාරයේ දුර්වල කමක්.

    මේ උදාහරණය තමුන්නාන්සේලාට තේරුම් ගන්න පුළුවන් උදාහරණයක්. 1977 බලයට පත්වෙච්ච ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේ රටේ නිදහස් වෙළෙඳ ප‍්‍රතිපත්තියක් ඇති කෙරුව. විදේශ ආයෝජකයන්ට මේ රට විවෘත කෙරුව. මේ අවස්ථාව වෙනකොට, මේ වගේම විරෝධතා රැුල්ලක් රටේ ඇති වුනා. 1977 – 78 නිදහස් වෙළෙඳ කලාප ඇති කරනකොට මේ අපේ ශ‍්‍රමය සූරාකන්න අවස්ථාවක් පිටරැුටියන්ට උදාකරල දෙනව කියල කිව්වා. විශේෂ සම්මන්ත‍්‍රණ කියල මේවා කිව්ව. 1977 වෙන කොට රටේ උග‍්‍ර රැුකියා හිගයක් තිබුණ. ආහාර අර්බූදයක් තිබුණ. මේ වගේ තත්ත්වයක් තිබුණ රටක් ගොඩදාන්න තිබෙන මාර්ගයක් වශයෙන් විදේශ ආයෝජකයන්ට ආයෝජන අවස්ථා ඇති කරන්න ඉඩ දෙන්න පටන් ගත්ත. කටුණායක මෙන්ම වෙනත් පළාත්වලත් විදේශ ආයෝජකයො කර්මාන්තශාලා ඇති කරන්න පටන් ගත්ත. අදත් අපේ ආර්ථිකය රඳා පවතින්නේ 1977 කරපු ප‍්‍රතිසංස්කරණ මත. ඒකටත් එදා විවේචන එල්ල වුනා. එක සරල උදාහරණයක්.

    1977ට කලින් අපේ රටේ වෙළඳාමෙන් ලැබෙන ආදායම නඩත්තුවුනේ තේ, පොල්, රබර් කියන අපනයන භෝග මත. නමුත් අද මේ භෝග තුනෙන් ලැබෙන ආදායම වාර්ෂිකව රුපියල් මිලියන 30.000ක් වෙනව. නමුත් අපි ගාමන්ට් ෆැක්ටරි ටික ගත්තොත් එකෙන් ලැබෙනව රුපියල් මිලියන 66.000ක. නමුත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එදා විරෝධතා හමුවේ බය වෙලා, නිදහස් වෙළඳ ප‍්‍රතිපත්තිය අකුලගත්ත නම් අද අපිට යන එනමං නැහැ.
    අපේ රටේ ඇඳුමක් මහන්න අවශ්‍ය සියලූම දේවල් පිටරටින් ගෙන්නුව. අවශ්‍ය රෙද්ද, නූල්, බොත්තම්, පැකින් කරන ද්‍රව්‍ය සියල්ලම පිටරටින් ගෙන්නුව. නමුත් අද බොහෝ දේවල් අපේ රටේ නිෂ්පාදනය කරනව. මේ කර්මාන්ත පටන් ගන්නකොට රටේ එකතුකළ වටිනාකම 25%ට 30%ට තිබුණෙ. එදා වැඩි කොටසක් ලැබුණෙ ශ‍්‍රමයට. ඒ 25%ක පමණ ප‍්‍රමාණයක්. 75%ක් පිටරටින් ගෙන්නලයි නිෂ්පාදනය කෙරුවෙ. අද 70%ක් පමණ අපේ රට තුළට ම ලැබෙනව.

    ඇඳුම් පැටන් ඩිසයින් කරනනෙ අපි. ඒ සඳහා පාඨමාලාවල් පවා ඇතිවෙලා තියෙනව. මොරටුව විශ්ව විiාලයෙ ඩිසයිනින් පිළිබඳ උපාධියක් තියෙනව. අද මැටිරියල් හදනවා. අලව්වෙ තියෙන කර්මාන්ත ශාලාවේ එයින් පූම්ඛස්ථානයක් ගන්නව. (ඉස්සර තුල්හිරිය රෙදි කම්හල තිබුණ තැන* අද පුද්ගලික අංශයේ විශාල රෙදි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් තියෙනව. මේ වනවිට ගොඩක් දේවල් අපේ රටේම නිෂ්පාදනය වෙනව. ඒ අනුව මේ කර්මාන්තයෙන් නිෂ්පාදන වලින් එකතු කළ නිෂ්පාදනවලින් 70% ක් එකතු කළ වටිනාක් ආර්ථිකයට එකතු වෙනව. 1977 දි ඒ වෙනස කළේ නැතනම් අද බොහෝ තරුණ තරුණියන්ට රැුකියාවල් නැහැ. 1977 කටුණායකින් ඇති කරපු කර්මාන්ත අද බොහෝ ගම් දනව් කරා ගිහිල්ල තියෙනව. අද ඒක රටේ ප‍්‍රදාන ආදායම් මාර්ගයක් බවට පත්වෙලා තියෙනව. ඒකෙන් අපිට අවාසියක් සිදුවුනේ නෑ වාසියක් ලැබුණ මිසක්.

    අදායම් වැඩි වෙනකොට වැඩි වැඩියෙන් බැංකු අවශ්‍ය වෙනව. එතකොට බැංකු කර්මාන්තය දියුණු වෙනව. එතකොට මේ ආයතන වල සේවය කරන අයට නවාතැන් අවශ්‍ය වෙනව. පිරිසක් ඒව සපයනව. පිරිසක් කෑම බිම සපයනව. ඔවුන් මිලදී ගන්න එදිනෙදා පාරිභෝගික ද්‍රව්‍ය වලින් ඒ ඒ ප‍්‍රදේශවල කඩසාප්පු දියුණු වෙනව. ඒවායේ ආදායම වැඩි වෙනව. ඒවට වැඩිපුර සේවකයන් අවශ්‍ය වෙනව. එදා විදේශ ප‍්‍රාග්ධනය ගෙනල්ල, මේ රටේ ශ‍්‍රමය, භූමිය පාවිච්චි කරල කර්මාන්ත ඇති කෙරුව.

    අද තත්ත්වය වෙනස්. අද ශ‍්‍රමයේ මිල තරමක් වැඩියි. අද ගාමන්ට් ෆැක්ටරි ඇති කරන පිරිස බංගලාදේශයේ තමන්ගෙ කර්මාන්ත ඇති කරන්න බලනව. බංගලාදේශයේ ශ‍්‍රමය තරමක් මිල අඩුයි. අපි මේ වන විට සාකච්ඡුා කරමින් සිටින ගිවිසුම මේ සියලූම දේවල් ආවරණය කරන එකක්. අපි ඉන්දියාව එක්ක වෙළඳාම ගත්තොත් අපිට වෙළඳාමෙන් අවාසියක් වෙනව. ඩොලර් මිලියන 2.6 ක් පමණ අපි ඉන්දියාවෙන් ආනයනය කරනකොට අපි ඊට අඩු ප‍්‍රමාණයක් අපනයනය කරන්නෙ. අපි ඉන්දියාවෙන් මේ රටේ කරන වෙනත් ආයෝජන ගැන බලන්න අවශ්‍යයි. අද අපේ රටේ හැදෙන හෝටල් ඉන්දියානු ආයෝජන. ඉන්දියාවට වැඩිය අපේ රටට සංචාරකයන් ගෙන්වා ගන්න අපේ රටේ සංචාරක කර්මාන්තයට ආයෝජන අවශ්‍යයි. මේ ගිවිසුම තවමත් සාකච්ඡුා මට්ටමේ තියෙන්නෙ. සමහරු ඉන්දියානු වෘතිකයන් ලංකාවට පැමිණීම ගැන විරුද්ධත්වය පළකරනව. ගිවිසුම පිළිබඳව තවම අවසන් තීරණයකට ඇවිත් නැහැ. යම් යම් දේවල් සුපරික්‍ෂාකාරීව රජයක් විදිහට කළ යුතු වෙනව.

    කොහොම වුනත් මේ කලාපයේ තියෙන මූල්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් අපේ රට පරිවර්තනය කරගන්න අපි උපායශීලී වෙන්න අවශ්‍යයි. අද ඩුබායි, සිංගප්පූරුව, හොංකොං මූල්‍ය කලාප බවට පත්කරගෙන තියෙනව. ඒවා බැංකු මධ්‍යස්ථාන. ප‍්‍රාග්ධන වෙළෙඳ පොළවල්. අද අපේ රට හොඳ විදේශ සම්බන්ධතාවයන් ඇති කරගෙන තියෙනව. මේ කලාපයේ ඉන්දියාව, පකිස්ථානය, භූතානය අපේ රට සමග ගොඩක් සුහදයි. අපිට හොඳ අවස්ථාවක් තියෙනව මේ රට මූල්‍ය මධ්‍යස්ථානයක් කරන්න. අපේ රටේ තියෙන මූල්‍ය වෙළඳපොල දැනුමෙන් විතරක් මේක කරන්න බැහැ. අන්තර් ජාතික මූල්‍ය දැනුමත් අප රටට පැමිණිය යුතුයි. ඒ අය එන්න නම් රටවල් අතරෙ ගිවිසුම් මගින් එක`ගතාවක් ඇති විය යුතුයි. ඒ අනුව තමයි මූල්‍ය තාක්‍ෂණය ඇවිල්ල, මූල්‍ය සංස්ථාවන් ඇවිල්ලා, මේ රටේ රැුකියාවන් වැඩිවෙලා. වැඩි වැටුපකට වැඩකරන්න අවස්ථාව ලැබිල රට දියුණුවට පත්වෙන්නෙ.

    - http://yukthiya.lk/අදත්-අපේ-ආර්ථිකය-රඳා-පවති/

    ඉතිං සුද්දියන්ට ජංගි මහන්න ආර්ථිකයක් තමා ජේ ආර් උන්නැහෙ හැදුවෙ.

    මේ රටවලුත් අද ඉන්න තැනට එන්න කලින් "ජංගි මහල" විකුණලා තියනවා. එහෙම සරල දේවලින් තමයි පටන් ගන්නේ. ඊට පස්සේ හිටපු ලංකාවේ පාලකයන්ට එතනින් දියුණු වෙන්න බැරි උණා .

    South Korea
    southkorea1971.jpg

    southkorea2015.jpg

    China
    china1993.jpg

    china2015.jpg

    Hong Kong
    hongkong1964.jpg

    hongkong2015.jpg

    Japan
    japan1962.jpg

    japan2015.jpg

    Philippines
    philippines1992.jpg

    philippines2015.jpg

    Vietnam
    vietnam1998.jpg

    vietnam2015.jpg

    Singapore
    singapore1973.jpg

    singapore2015.jpg

    - http://atlas.media.mit.edu/en/visualize/tree_map/hs92/export/lka/all/show/2015/