මෙට්ෆෝමින්(Metformin) බොන්න බයද?

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,154
    549
    113
    Dubai
    මෙට්ෆෝමින්(Metformin) බොන්න බයද?

    මෙට්ෆෝමින්(Metformin),නම ඇසූ පමණින්ම හැමෝම දන්නා බෙහෙතක්.එය ඒ තරමට ජනප්‍රිය ඖෂධයක්. ඔබ අප කවුරුත් දන්නා දියවැඩියාව( Diabetes ) පාලනය සඳහා බහුලවම යොදගන්නා ඖෂධයක් තමයි මේ මෙට්ෆොර්මින් කියන්නේ.මෙය වර්ගීකරණයේදී බ්යිගුවනිඩ් (Biguanide) නම් කාන්ඩයට අයත් වෙනවා.

    🔈එතකොට සෑම දියවැඩියා රෝගියකු සඳහාම මෙට්ෆෝමින් (Metformin) දෙනවාද ?
    දියවැඩියාව ප්‍රධාන කාන්ඩ දෙකකට බෙදෙනවා.එනම් පලමු කාන්ඩය සහ දෙවන කාන්ඩය ලෙස.(මීට අමතරව ගර්භණී කාලය තුල ඇතිවන දියවැඩියාව - gestational diabetics නම් තවත් වර්ගයක් තිබෙනවා. සාමාන්‍යයෙන් මෙට්ෆෝමින් (Metformin) ඇතුලුව අනිකුත් දියවැඩියාව සඳහා දෙනුලබන ගිලින පෙති වර්ග ලබා දෙනුයේ දෙවන කාන්ඩයේ ( Type two) දියවැඩියා රෝගීන්ටයි.පලමු කාන්ඩයේ (Type one) රෝගීන් සඳහා ඉන්සියුලින් (Insulin) අනිවාර්ය වෙනවා. නමුත් දෙවන කාන්ඩයේ රෝගියෙකුට වුවත් රෝගියාගේ රුධිරගත සීනි මට්ටම පාලනය වන රටාව අනුව ගිලින පෙති වර්ග වලට අමතරව ඉන්සියුලින්ද නිර්දේශ කරනුලබන අවස්ථා තිබෙනවා. ගිලින පෙති වර්ග නිර්දේශ කරන අවස්ථාවල බොහෝවිට මුලින්ම නිර්දේශ කරනු ලබන්නේද මෙම ඖෂධයයි.එසේවුවත් සමහර රෝගින්ට මුලින්ම මෙම ඖෂධය නිර්දේශ නොකර වෙනත් ඖෂධ නිර්දේශ කරන අවස්ථා තිබෙනවා.එයට හේතුවන්නේ වකුගඩු හා අක්මාවේ ක්‍රියාකාරිත්වය ප්‍රශස්ත මට්ටමේ නොතිබීම සහ වෙනත් හෙතූන් නිසාය.
    🔈මෙට්ෆෝමින් (Metformin) අපට ලැබෙන්නේ කුමන ආකාර වලටද ?
    බහුලවම භාවිතා වන්නේ මෙට්ෆෝමින්(Metformin) 500mg පෙත්තයි.ඊට අමතරව 850mg සමහර රෝගීන් සඳහා භාවිතා වෙනවා.මීට අමතරව ඖෂධය භාවිතා කරන වාරගනන අඩුකිරිම,අතුරු අබාධ අඩුකිරීම අදී කරුණු සලකා නිර්මාණය කල Metformin SR 500mg පෙත්තද භාවිතයේ තිබෙනවා.රජයේ රෝහල්වල ඖෂධීය නාමය (Generic name ) භාවිතා වුවද පුද්ගලික රෝහල් , වෛද්‍ය මධ්‍යස්ථාන ආදියේ විවිධ වෙලද නාමයන් (Brand Name) යටතේ භාවිතා වෙනවා.මෙහිදී සාමාන්‍ය මෙට්ෆෝමින්(Metformin) 500mg පෙත්ත භාවිතා කරන රෝගියෙකුට තමන්ගේ අභිමතය පරිදි මෙට්ෆෝමින්(Metformin) 850mg, හෝ Metformin SR 500mg භාවිතාකල නොහැක.ඒවා වෛද්‍යවරයෙකු විසින් අනිවාර්යයෙන් නිර්දේශ කලයුතුවෙනවා.එසේම SR,MR,XR ආදී අක්ශර දෙකක්ද සමඟ එන මෙට්ෆෝමින්(Metformin) පෙති වර්ග කැඩීමෙන් , කුඩුකිරීමෙන් , දියකිරීමෙන් වැලකිය යුතුවේ.එසේ කලහොත් එහි ක්‍රියකාරිත්වය නිසි පරිදි සිදුවන්නේ නැත.
    🔈මෙට්ෆෝමින් (Metformin) ශරීරය තුල ක්‍රියකරන්නේ කෙසේද?
    රුධිරගත සීනි මට්ටම අඩුකිරීම ලෙස සරලව දැක්විය හැකි වුවත්,එය ආකාර කීපයකින් ශරීරය තුල ක්‍රියාත්මක වෙනවා.නිරෝගි පුද්ගලයකුගේ ශරීරය තුල සීනි මට්ටම පාලනය කිරීමට අග්න්‍යාසය තුල නිපදවෙන ඉන්සියුලින් (Insulin) නම් හෝමෝනය වැදගත් වෙනවා.නමුත් සමහර රෝගීන්ගේ ශරීරය තුල මෙම හෝමෝනය ප්‍රශස්ත මට්ටමේ තිබුනද එය ක්‍රියාකිරීමට ශරීරය තුලින්ම ප්‍රතිරෝධීතවයක් (Resistant)තිබෙනවා. මෙට්ෆෝමින් මගින් එය අඩුකරනු ලබනවා.එවිට ඉන්සියුලින් වඩා හොදින් ක්‍රියකාරීවී සීනි මට්ටම අඩුකරනවා.එසේම, අක්මාව තුලදී අලුතින් ග්ලූකෝස් නිපදවීම (Gluconeogenesis) අඩුකරනවා.තවද,ශරීර පර්‍යන්තයේ ග්ලූකෝස් භාවිතාවීම (Peripheral utilization ) වැඩිකරනවා.ඒ අතරම කුඩා අන්ත්‍රය තුල ග්ලූකෝස් අවශෝශනය වීම අඩු කිරීමද සිදුකරනු ලබනවා.
    🔈මෙට්ෆෝමින් (Metformin) භාවිතා කරන්නේ සීනි මට්ටම අඩුකිරීමට පමනක්ද?
    නැත.සමහර කාන්තවන්ට ඇතිවන පොලිසිස්ටික් ඔවරිඅන් සින්ඩ්‍රෝම්(polycystic ovarian syndrome) නම් තත්වයේදී ඩිම්බ මෝචනය (ovulation) උත්තේජනය කිරීමටත් අධික දේහබර සහිත පුද්ගලයන්ගේ දේහ බර අඩු කිරීමටත් මෙය භාවිතා කරනවා.ඔබ මතක තබා ගතයුතු වැදගත්ම කරුණ නම්,මෙම අවස්ථාවන් සදහා මෙම ඖෂධය භාවිතා කිරීමටනම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගතයුතු බවයි.
    🔈මෙට්ෆෝමින් (Metformin) අනිකුත් දියවැඩියා පාලන ඖෂධ වලට වඩා විශේෂ වන්නේ ඇයි ?
    සාමාන්‍යයෙන් බොහොමයක් දියවැඩියා පාලන ඖෂධ වලින් රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය අගයටත් වඩා පහලට වැටීම(Hypoglycemia) සිදුවියහැකිය.නමුත් මෙට්ෆෝමින් භාවිතයේදී එවන් තත්වයක් හටගන්නේ නැහැ. එසේම මෙය ස්ථූල(Obese) රෝගීන් සඳහාද හොදින් ප්‍රතිචාර දක්වනවා.එනිසයි එය අනිකුත් ඖෂධ වලට වඩා විශේෂ වන්නේ.එසේ වුවත් ඉතාමත් කලාතුරකින් Metformin භාවිතා කරන රෝගියෙකුට වුවත් සීනි මට්ටම සාමාන්‍ය අගයටත් වඩා පහලට වැටීම(Hypoglycemia) සිදුවියහැකිය.බොහෝවිට එසේ වන්නෙ රෝගියා නිසි වේලවට ආහාර ලබා නොගැනීම, ආහාර වේල් මගහරීම,ඖෂධය ගත් පසුව ආහාර නොගෙන ව්‍යායාම කිරීම හෝ අධික වෙහෙසකර කාර්‍යක නිරතවීම ආදිය විය හැකිය.
    🔈මෙම ඖෂධයේ අතුරු ආබාධ පවතිනවාද ? ඒවා අවම කරගතහැකිද ?
    ඔව්. අනිකුත් සෑම ඖෂධයකටම වාගෙ මෙම
    ඖෂධයටත් අතුරු ආබාධ තිබෙනවා.එනම් බඩ දැවිල්ල,ඔක්කාරය,බඩ පිපීම වැනි තත්වයන් බහුලව දැකියහැකිය.සමහර අයට බඩ එලියේ යාම (diarrhea) ඇතිවියහැක. කලාතුරකින් කෙනෙකුට ලැක්ටික් අසිඩෝසිස් (Lactic acidosis) ඇතිවිය හැක.එහි ලක්ශන වන්නේ අසාමාන්‍ය මාංශ පේශි වල වේදනාව,උන ගතියක් දැනීම,ශ්වසන අපහසුතා,හෘද ස්පන්දනය අක්‍රමවත්වීම ආදිය වේ.ආහාර මාර්ගය ආශ්‍රිත අතුරුආබාධ ,(gastric irritation)ඔබ ආහාර ගන්නා අතරතුර(with meals) ඖෂධය ලබාගැනීමෙන් බොහෝදුරට අඩුකරගත හැකිය.
    🔖🔖🔖එතකොට මෙට්ෆෝමින් (Metformin) භාවිතා කරන අයට වකුගඩු ආබාධ ඇතිවෙනවා කියන්නෙ ඇත්තද ?
    කිසිසේත්ම නැත.මෙය සම්පූර්ණ වැරදි මතයකි.අප භාවිතා කරන බොහොමයක් ඖෂධ එහි ක්‍රියාකාරිත්වය ලබාදීමෙන් අනතුරුව යම්කිසි කාලයකට පසුව ශරීරයෙන් ඉවත්වෙනවා.එසේ නොමැතිවුවහොත් එම ඖෂධ සාන්ද්‍රණය ශරීරය තුල වැඩිවී විශවීම සිදුවියහැක. මෙට්ෆෝමින්(Metformin) වලටත් මෙය පොදුයි.නියමිත ප්‍රතිඵල ලබාදීමෙන් පසුව වකුගඩු හරහා එවා ශරීරයෙන් ඉවත්වෙනවා.වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩු රෝගියෙකුට තව දුරටත් මෙට්ෆෝමින්(Metformin) ලබාදුනහොත් එවා ශරීරය තුල එකතුවී ලැක්ටික් ඇසිඩෝසිස් (Lactic acidosis) ඇතිවියහැකි අතර මෙය අනතුරුදායක තත්වයකි.ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරියට අනුව(US Food and Drugs Authority – US FDA) රුධිරයේ ඉහල ක්‍රියැටිනින් අගයක් (High Serum Creatinine level) සහ eGFR අගය 30 ට වඩා අඩු රෝගීන්ට මෙම ඖෂධය නවත්වනවා.මේ අවස්ථාවේදී රෝගීන් මෙන්ම සාමාන්‍ය ජනතාවද සිතන්නේ මෙට්ෆෝමින්(Metformin) නම් ඖෂධය නිසා වකුගඩු වලට හානිවීමෙන් වෛද්‍යවරු එම ඖෂධය නවතාදැමූ බවයි.ඔවුන් සිතන්නේ මෙට්ෆෝමින් නිසා එය සිදුවූ බවයි.නමුත් සත්‍ය එය නොවේ.වකුගඩු වලට එම ඉරණම අත්ව තිබෙන්නේ බොහෝවිට ඔබගේ නොසැලකිලිමත්කම නිසාවෙනි.එනම් නිවැරදිව දියවැඩියා පාලන ඖෂධ නොගැනීම , වෙනස් කිරීම,නොගෙන සිටීම,රෝගී තත්ත්වය ගනන් නොගැනීම නිවැරදි ආහාර රටාවක් පවත්වා නොගැනීම ආදිය නිසා අධික රුධිර පීඩනය( high blood pressure) අධික රුධිරගත සීනි මට්ටමක් කාලයක් තිස්සේ පැවතීම (Diabetes) නිසා බොහෝවිට වකුගඩු වලට හානි පැමිණීම සිදුවෙනවා.මීට අමතරව වකුගඩුවලට හානි පැමිනෙන තවත් හේතු ගනනාවක්ම තිබෙනවා.වකුගඩුවලට හානිවූ තත්වයක් තුල මෙට්ෆෝමින් භාවිතා කලහොත් භයානක ප්‍රතිඵල ඇතිවියහැකි නිසායි වෛද්‍යවරුන් මෙම ඖෂධය නවත්වන්නේ.
    මෙම හේතුව නිසා බොහෝවිට වෛද්‍යවරුන් මෙම ඖෂධය ආරම්භ කිරීමට ප්‍රථම serum creatinine හා eGFR යන පරීක්ෂණ සිදුකර වකුගඩුවල ක්‍රියාකාරිත්වය මැන බලනවා.
    🔈මාත්‍රාවක් අතපසුවුවහොත් කුමක් සිදුවේද ?
    ඖෂධයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නම් එය රුධිරයේ අපේක්ෂිත සාන්ද්‍රනයෙන් පැවතීම ඉතාම වැදගත්වේ.මෙය සාක්ශාත් කරගැනීමටයි ඖෂධ මාත්‍රව දිනකට නියමිත වාර ගනනක් ගතයුතු බව සදහන් කර තිබෙන්නේ.මේනිසා ඔබ එක් මාත්‍රවක් හෝ මගහැරීම, නොගෙන සිටීම මගින් ඉහත කී පාලනය හරියාකාරව සිදුවන්නේ නැහැ.එවිට රෝගී තත්ත්වය උත්සන්න වියහැකිය.මේ නිසා එක වේලක් මගහැරුනහොත් මතක්වූ විගසම එය ගන්න.ඒත් ඔබට එය මතක්වුනේ ඊලඟ වේලට ආසන්නව නම් ඒ අමතක වූ වේල නොගෙන ඊලඟ නියමිත වේල පමනක් ගන්න.කිසිම විටක වේල් දෙකක් එකවර ගන්න එපා.
    🔈ඖෂධය අධි මාත්‍රාවක් ශරීරගත වුවහොත් කුමක් සිදුවේද ?
    Hypoglycemia (රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය අගයටත් වඩා පහල බැසීම ) , Lactic Acidosis ( ලක්ටික් අම්ලය අධිකව එකතුවවීම නිසා ඇතිවන හානිකර තත්වයක් ) ඇතිවිය හැක.
    🔈මෙම ඖෂධය භාවිතා කරන අතරතුර නොගතයුතු දේවල් මොනවාද ?
    මෙම ඖෂධය භාවිත කරන අතරතුර මධ්‍යසාර භාවිතයෙන් (Alcohol) වැලකිය යුතු වේ. මධ්‍යසාර මගින් තවදුරටත් සීනි මට්ටම පහත හෙලන අතර ලැක්ටික් ඇසිඩෝසිස් අවදානම වැඩිකිරීමටද එය හේතුවේ.
    🔈මෙම ඖෂධය ලබනොදෙන්නේ කුමන රෝගීන්ටද ?
    📌️මෙම ඖෂධයට අසාත්මිකතවයක් දක්වන රෝගීන්ට
    📌️වකුගඩු රෝගිතත්වයන් ඇති රෝගින්ට , අක්මා රෝග ඇති අයට
    📌️metabolic acidosis හෝ diabetic keto acidosis යන තත්වයන් ඇතිවිට*
    🔖🔖🔖ඔබ කිසියම් ශල්‍යකර්මයකට භාජනය වීමට සිටීනම් හෝ ඩයි වර්ගයක් යවා ලබාගන්නා එක්ස් කිරන පරීක්ශාවකට(X – Ray) හෝ සීටී ස්කෑන් (CT Scan) පරීක්ශනයකට යොමු වීමට සිටීනම් මෙම ඖෂධය තාවකාලිකව නතර කරනු ලබනවා.🔖🔖🔖
    🔈ඔබ වෛද්‍යවරයාව දැනුවත් කලයුතු අවස්ථා මොනවාද ?
    -📌️ඔබ මත්පැන් පානය කරන්නෙකුනම්
    -📌️ඔබ ගර්භණී නම්
    -📌️වයස අවුරුදු 65 හෝ ඊට වැඩි නම්
    📌️ඔබ ඉන්සියුලින් හෝ වෙනත් දියවැඩියා පාලන ඖෂධ ලබාගන්නා කෙනෙකුනම්
    📌️ඔබ හදවත් රෝගියකු නම්
    මෙට්ෆොර්මින් නම්වූ මෙම ඖෂධය පිලිබඳව කරුනු කාරනා රැසක් ඔබට මෙම ලිපියෙන් දැනගැනීමට ලැබුනා.යම් හෙයකින් මෙම ඖෂධය භාවිතයෙන් ඉවත් වුවහොත් මෙම වටිනා ඖෂධයට සමාන ගුන සහිත ඖෂධයක් මේවනතුරු සොයාගෙන නැහැ.
    එච්.එම්.අමිල කාංචන හීන්කෙන්ද
    B.Pharm (Hons)
    ඖෂධවේදී
    බාහිරරෝගී අංශය,
    ශ්‍රීලංකා ජාතික රෝහල, කොළඹ.

    (බුකියේ තිබුනේ. හොඳ ඉතාම වැදගත් ලිපියක් නිසා ශෙයා කරේ. මෙහි සම්පූර්ණ ගෞරවය පලමු අයිතිකරුට හිමිවිය යුතුය)
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    heart එකට හොද නැ .
    Ammo oka sarayak beela Lung muscle eka block wela husma hira welath hitiya :/
    උබටත් වෙනවද බන්. මට digene දවස් 5ක් 6ක් බිව්වොත් හැදෙනවා කියහන්කෝ ඕක. බයවෙලා මැරෙන්නේ .
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    heart එකට හොද නැ .

    උබටත් වෙනවද බන්. මට digene දවස් 5ක් 6ක් බිව්වොත් හැදෙනවා කියහන්කෝ ඕක. බයවෙලා මැරෙන්නේ .

    Ubala diabetic d bn 😳
    Hodata wathura bipan මාසෙකට පාරක් කටු අනොදා කාපන් kidney clear wenawa
    නිවිති කාපන්
    සුදුලූණු බික් 10k මාසෙකට සැරයක් තම්බා කන්ඩ
    ගොඩක් දියවැඩියාව සහ අතුරු ආබාධ control වෙනවා
    බිත්තර සුදු මද 👌
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    Ubala diabetic d bn 😳
    Hodata wathura bipan මාසෙකට පාරක් කටු අනොදා කාපන් kidney clear wenawa
    නිවිති කාපන්
    සුදුලූණු බික් 10k මාසෙකට සැරයක් තම්බා කන්ඩ
    ගොඩක් දියවැඩියාව සහ අතුරු ආබාධ control වෙනවා
    බිත්තර සුදු මද 👌
    නැ මචෝ. ගැස් තමයි පොඩ්ඩක් තියෙන්නේ. මන් කිව්වේ එකට digine බිව්වම අරු කියල තියෙනවා වගේ muscle හිරවෙලා හුස්ම ගන්න අමාරු සීන් එක එනවා.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    නැ මචෝ. ගැස් තමයි පොඩ්ඩක් තියෙන්නේ. මන් කිව්වේ එකට digine බිව්වම අරු කියල තියෙනවා වගේ muscle හිරවෙලා හුස්ම ගන්න අමාරු සීන් එක එනවා.

    endoscopy 1k krala blapn
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මෙට්ෆෝමින් බිව්වම කිසිම අවුලක් නැත්තං ඩයට් කර කර, එක්සසයිස් කර කර නැහෙන්ඩ ඕනෙ නැහැනෙ බං.
    හිතේ හැටියට කාල බීල දියවැඩියාව හැදුනම මෙට්ෆෝමින් බිව්වම ඉවරයිනෙ? :oo:
     
    • Wow
    Reactions: Jeewana rajapakshe

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,847
    1,263
    113
    Mars
    heart එකට හොද නැ .

    උබටත් වෙනවද බන්. මට digene දවස් 5ක් 6ක් බිව්වොත් හැදෙනවා කියහන්කෝ ඕක. බයවෙලා මැරෙන්නේ .
    Ow ban danne nane itin
     

    Thushi_Perera

    Junior member
  • May 3, 2019
    31
    44
    18
    Colombo
    www.thepinkish.com
    වටින පෝස්ට් එකක්... හැදුන නැති කෙනෙක් ට නම් හෝ රෙසිස්ටන්ස් එක වැඩි කරන්න කුරුදු / කලුදුරු / ඇපල් සය්ඩර් විනිගාර් වගේ දේවල් හොදය්... මම නම් හැබැය් හර්බ්ල්ස් වලින් ම ගොඩ දාගන්න තමය් කැමති.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    img_20230705_183203-jpg.209290

    මේකෙන් ලැක්ටික්-Acidosis හැදෙන්න පුලුවන් කියනවා, ව්‍යායාම් කරන අය පරිස්සම් වෙන්න ඕනේ .🥵